නව බුද්ධි පන­තින් සැල­සෙන ජාතික ආර­ක්ෂාව | Page 2 | සිළුමිණ

නව බුද්ධි පන­තින් සැල­සෙන ජාතික ආර­ක්ෂාව

අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා ත්‍රිකු­ණා­ම­ලයේ පැවැති පියා­සර නිල­ධා­රීන්ගේ විසිර යෑමේ උලෙ­ළේදී ආචාර පෙළ­පාළි­යට සහ­භා­ගි ­වෙ­මින්
අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා ත්‍රිකු­ණා­ම­ලයේ පැවැති පියා­සර නිල­ධා­රීන්ගේ විසිර යෑමේ උලෙ­ළේදී ආචාර පෙළ­පාළි­යට සහ­භා­ගි ­වෙ­මින්

ප මේ පව­සන්නේ එල්ටී­ටීඊ ත්‍රස්ත­වාදී තර්ජන කොළඹ ඇතුළු ප්‍රධාන නග­ර­ව­ලට දැඩිව එල්ල වූ කාල­යක වූ සිදු­වී­මක් ගැනය. අදින් දශක දෙක­කට අධික කාල­ය­කදී වූ මේ සිදු­වීම අපට කිය­න්නට ඇති දේ බොහෝය.

එව­කට යුද හමුදා රෝහල පිහි­ටියේ යුද හමුදා මූල­ස්ථා­නය පිහිටා තිබූ (දැන් ෂැංග්‍රිලා භූමිය) භූමි­යේ­මය. යුද හමුදා රෝහ­ලට යෑමට සාමාන්‍ය ඇඳු­මින් සැරසුණු කාන්තා­වක් ආවාය. බැලූ බැල්මට ඇය සොල්දා­දු­ව­කගේ බිරි­යක හෝ සොහො­යු­රි­යක මෙන් පෙනිණි. ත්‍රස්ත­වාදී තර්ජන තිබූ හෙයින් හමුදා මූල­ස්ථා­න­යට ඇතුළු වන සියලු දෙනා පුළුල් පරී­ක්ෂා­ව­කට භාජන කෙරිණි. අනෙ­කක් තබා සපත්තු පවා ගලවා පරීක්ෂා කරනු ලැබීය. කාන්තා­වද පරීක්ෂා කිරී­ම්ව­ලින් පසුව හමුදා මූල­ස්ථා­න­යට ඇතුළු වූවාය.

මඳ වේලා­ව­කට පසුව හමුදා මූල­ස්ථා­නය භාර නිල­ධා­රි­යාට හා ආර­ක්ෂාව බාරව සිටි අනෙක් නිල­ධා­රීන්ට හා සෙබ­ළුන්ට ඉහළ හමුදා නිල­ධා­රී­න්ගෙන් කැඳ­වී­මක් ලැබුණි. කාන්තා­වක තම තන පට අස්සේ අඹ ගෙඩි දෙකක් රැගෙන ආ බව ඔවුන් දන්නේ එවි­ටය. යුද හමුදා මූල­ස්ථා­නයේ ආර­ක්ෂාව මෙසේ නම් අනෙක් තැන්ව­ලට යුද හමු­දාව ආර­ක්ෂාව සල­සන්නේ කෙසේද යන ප්‍රශ්නය පැන නැඟිණි. අඹ­ගෙඩි සඟ­වා­ගෙන ආවේ හමුදා බුද්ධි අංශ නිල­ධා­රි­නි­යකි. බුද්ධි අංශ ආර­ක්ෂක කට­යු­තු­වල යෙදුණේ ඒ තරම් සූක්ෂ්ම ලෙසිනි.”

රටක ජාතික ආර­ක්ෂාව නිසි පරිදි පව­ත්වා­ගෙන යෑමට නම් ඒ රටෙහි බුද්ධි අංශ නිසි පරිදි ශක්ති­මත් කළ යුතු බවට ඇම­රි­කාව විසින් ප්‍රසි­ද්ධියේ ප්‍රකා­ශ­යට පත් කරන ලද්දේ පෙන්ට­ග­න­යට එල්ල වූ ප්‍රහා­ර­යත් සම­ඟය. කරුණු එසේ වුවත් පසු­ගිය සම­යේදී ජාතික ආර­ක්ෂාව යන්න මෙන්ම බුද්ධි අංශ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගැනීම් කිසිදු වග විභා­ග­ය­කින් තොරව සිදු කිරීම නිසා ජාතික ආර­ක්ෂා­වට බල­වත් තර්ජ­න­යක් එල්ල විය. එහි වක්‍ර ප්‍රති­ඵ­ල­යක් ලෙසින් පාස්කු ප්‍රහා­ර­යද එල්ල විය.

ඒ තත්ත්වය එසේ වුවද යුද අත්දැ­කීම් මැන­වින් ඇති නාය­ක­යකු ලබා දෙන නාය­ක­ත්වය අනුව යමින් මේ වන විට ජාතික ආර­ක්ෂාව උදෙසා සමස්ත බුද්ධි අංශ නියා­ම­නය හා බල­ගැ­න්වීම සඳහා ‘ජාතික බුද්ධි පනත’ (NIA) කෙටු­ම්පත් කිරීම සදහා කැබි­නට් අනු­මැ­තිය පසු­ගිය දා හිමි විය.

පනත ඉදි­රි­පත් කරන ලද්දේ ආර­ක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජ­පක්ෂ මහතා විසිනි.

සයි­බර් ආර­ක්ෂණ පනත කෙටු­ම්පත ඇතුළු කට­යුතු සම්බ­න්ධ­යෙන් ආර­ක්ෂක ලේක­ම්
මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා කරුණු දැක්වූ අව­ස්ථාව

එහි ප්‍රධාන අර­මුණ වන්නේ මෙරට බුද්ධි අංශ ශක්ති­මත් කර­මින් අනා­ගත ආර­ක්ෂක තර්ජන වැළැ­ක්වීම බව පසු­ගි­යදා එම පනත ගැන අද­හස් දක්ව­මින් සම කැබි­නට් ප්‍රකා­ශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා පැව­සු­වේය. ඒ අනුව නීති කෙටු­ම්පත් සම්පා­ද­ක­යන් වෙත ජාතික බුද්ධි පනත් කෙටු­ම්පත සකස් කරන ලෙස උප­දෙස් ලබා දෙන බව ද ඔහු කීය.

අනු­මැ­තිය සඳහා ඉදි­රි­පත් කරන ලද කැබි­නට් පත්‍රි­කා­වෙන් පෙන්නුම් කරනු ලැබුවේ බුද්ධි අංශ ක්‍රියා­කා­ර­කම් නියා­ම­නය සඳහා ප්‍රමා­ණ­වත් නීති­මය විධි­වි­ධාන නොමැ­ති­කම හේතු­වෙන් ඇතැම් බුද්ධි ක්‍රියා­කා­ර­කම් සීමා වී ඇති බවකි.

නව පනත මගින් අවශ්‍ය ප්‍රති­චාර, මාර්ගෝ­ප­දේශ හා නිර්දේශ ලබා දීමෙන් සහ රටේ ආර­ක්ෂක තත්ත්වය නිරී­ක්ෂ­ණය කිරී­මෙන් ජාතික ආර­ක්ෂාව කළ­ම­නා­ක­ර­ණය කිරී­මට බුද්ධි අංශ­ව­ලට අවශ්‍ය බලය ලබා දෙන බව ද මෙහිදී අමාත්‍ය ගුණ­ව­ර්ධන මහතා පැව­සීය. විශේ­ෂ­යෙන්ම මේ පනත හරහා බුද්ධි අංශ බලා­ත්මක කෙරෙනු ඇත. එම පනත කෙටු­ම්පත් කිරී­මට නීති­ප­ති­ව­ර­යාට යොමු­කි­රී­ම­ටත් කැබි­නට් අනු­මැ­තිය හිමි විය.

ඒ අනුව බුද්ධි අංශ නිල­ධා­රීන්ට රාජ­කාරී වග­කීම් පැව­රීම, ඔවුන්ට මුක්තිය ලබා­දීම, බුද්ධි අංශ වෙත නෛතික අව­කාශ නිර්මාණ කිරීම ආදී අර­මුණු ඇතිව මෙම පනත කෙටු­ම්පත් කෙරේ. මේ අනුව නිශ්චිත බල­තල අනුව බුද්ධි අංශ ක්‍රියා­ත්මක කිරී­මට නිය­මිත අතර බුද්ධි අංශ නියා­ම­නය කිරී­ම­ටද නිය­මි­තය.

අපේ රටට ජාතික බුද්ධි පන­තක් අවශ්‍ය වූයේ ඇයි?

සේවා පනත ඇන හිටී

ලෝකයේ සෙසු බොහෝ රට­වල බුද්ධි නිල­ධා­රීන් හා බුද්ධි මෙහෙ­යු­ම්වල රහ­ස්‍ය­භා­වය රැකෙන්නේ රහස්‍ය සේවා පනත් මඟිනි. එහෙත් අපේ රටේ එවැනි පනක් නැත. ‘සේවා පනත‘ නමින් බුද්ධි නිල­ධා­රීන් හා බුද්ධි මෙහෙ­යුම් ආරක්ෂා කර­න්නට පන­තක් ගෙන එන්නට වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කරද්දී උත්සාහ කළද 2015 ආණ්ඩු පෙර­ළි­යත් සමඟ එය ඇණ හිටි­යේය. එය ඉදි­රි­යට ගෙන­ය­න්නට යහ­පා­ලන ආණ්ඩුව කට­යුතු කෙළේ නැත.

ඒ වෙනු­වෙන් සිදු වූයේ බුද්ධි අංශ නිල­ධා­රීන් අත්අ­ඩං­ගු­වට ගැනී­මය. එයට හේතුව වන්නට ඇත්තේ බුද්ධි අංශ කාර්ය ගැන ආණ්ඩුවේ ඇති නොදැ­නු­ව­ත්භා­වය යැයිද වරෙක සමාජ විචා­ර­ක­යින්ගේ මතය විය.

80 දශ­කය ආර­ම්භ­යට පෙර මෙරට ජාතික ආර­ක්ෂාව පිණිස ස්ථාපිත කර තිබුණේ ජාතික බුද්ධි කාර්යාං­ශය හෙවත් NIB ආය­ත­න­යයි. රටේ ආර­ක්ෂාව පිණිස හේතු වන කාර්ය­යන් මෙන්ම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට අවශ්‍ය සහාය දෙමින් හා ප්‍රභූ ආර­ක්ෂාව හා අනෙ­කුත් ආර­ක්ෂක ජාල­යන් උදෙසා කට­යුතු කර­න්නට එම කාර්යාං­ශ­යට හැකි විය.

හමුදා බුද්ධි අංශ ආර­ම්භය

එහෙත් එල්ටී­ටීඊ ත්‍රස්ත­වා­දීන්ගේ බෙදු­ම්වාදී යුද්ධය ඇරැ­ඹී­මත් සම­ඟම එම බුද්ධි ඒක­කය ප්‍රමා­ණ­වත් නොවීය. එම නිසා ජාතික බුද්ධි ප්‍රධා­නි­යකු මෙන්ම රාජ්‍ය බුද්ධි සේව­යක්ද ආරම්භ කරන ලද අතර, ජාතික ඔත්තු සේවා­වන් ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය යට­තට පත් කරන ලදි. ජාතික ඔත්තු සේවා­වන් පොලිස් දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ඉවත් කළද එහි සේවය කළේ පොලිස් නිල­ධා­රී­න්මය. ඒ සම­ඟම යුද, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදා බුද්ධි අංශද ආරම්භ කරන ලදි.

එය වෙනම ඒක­ක­යක් යටතේ ස්ථාපිත කරන ලදී. මේ බුද්ධි සේවා ඔස්සේ රටේ සමස්ත ආර­ක්ෂාව සැල­සු­ණාක් මෙන්ම එය ත්‍රස්ත­වා­දය මුලි­නු­පුටා දැමී­මට අව­ශ්‍යම සාධ­ක­යක් විය. විශේ­ෂ­යෙන්ම යුද හමු­දාවේ බුද්ධි අංශය මෙරට ස්ථාපිත වූ ප්‍රබ­ලම බුද්ධි අංශ­යක් විය. ඒ අනුව තිස් වස­ර­කට ආසන්න කාල­යක් මෙරට ආර­ක්ෂාවේ කේන්ද්‍ර­ස්ථා­නය වූයේ යුද හමුදා බුද්ධි අංශ­යැයි පැව­සු­වද වර­දක් නැත. යුද හමුදා බුද්ධි අංශ කොත­රම් සූක්ෂ්ම ලෙස කට­යුතු කළේද යන්න අපි පළ­මුව දුන් උදා­හ­ර­ණය හොඳ­ටම ප්‍රමා­ණ­වත්ය.

රටක භෞමික හා භෞතික ආර­ක්ෂාවේ සිට දේශ­පා­ලන, ආර්ථික, පාරි­ස­රික, ස්වභා­වික හා බල­ශක්ති සම්පත්, යටි­තල පහ­සු­කම් දක්වා යන සියල්ල රඳා පව­තින්නේ බුද්ධි අංශ විසින් ලබා දෙන තොර­තුරු අනු­වය. ඊට අලු­තින්ම එකතු වූ අංශ දෙක ලෙස හඳුන්වා දිය හැක්කේ පරි­ග­ණක හා සයි­බර් ආර­ක්ෂා­වය. ඒ සියල්ල ජාතික ආර­ක්ෂා­වට අදා­ළය. ඊට මූලික හේතුව ත්‍රස්ත­වා­දීන් තම ශක්තිය හා බලය ප්‍රද­ර්ශ­නය කිරී­මේදී රට­කට එරෙ­හිව ඒ ඕනෑම ක්ෂේත්‍ර­ය­කට හානි සිදු කළ හැකි වීමයි. එය මෙරට මෙන්ම විදේ­ශී­ය­න්හිදී පවා අප්‍ර­මාණ උදා­හ­රණ සප­ය­න්නට පුළු­වන් සත්‍ය­යකි. විෂ­යෙන්ම පරි­ග­ණක හා සයි­බර් ක්ෂේත්‍රන්ට එල්ල විය හැකි බල­පෑ­මද, එම තාක්ෂ­ණය අනුව ඔවුන් තම ත්‍රස්ත ක්‍රියා සිදු කර­න්නට ඉඩ තිබී­මද මෙහිලා විශේෂ අව­ධා­නය යොමු කළ යුතුය.

2001 වසරේ සැප්තැ­ම්බර් 11 වන දින නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍ය­ස්ථා­න­යට හා පෙන්ට­ග­න­යට එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් පසු “අන්තර්ජාතික ජූරි කොමි­සම” (ICJ) විසින් 2005 දී ගෝලීය කලාප සිය­ල්ලම මෙන් නියෝ­ජන වන පරිදි 8 දෙනෙ­කු­ගෙන් යුත් ලොව විද්වත් විශි­ෂ්ට­යින්ගේ කොමි­ස­මක් පත් කරන ලදී.

ඒ වෙනු­වෙන් ඔවුහු ශ්‍රී ලංකා­වද ඇතුළු රට­වල් 40 ට වැඩි සංඛ්‍යා­වක සංචා­රය කර­මින් දේශ­පා­ලන නාය­ක­යින්, රාජ්‍යා­ර­ක්ෂක අංශ හා බුද්ධි අංශ නිල­ධා­රීන්, පොලිස් නිල­ධා­රීන්, පරි­පා­ල­කයන්, නීති­ඥයන්, වින්දි­තයන්, ජන සමා­ජයේ ක්‍රියා­කා­රීන් ඇතුළු විවිධ පාර්ශ­ව­ක­රු­වන් හමු වූහ. වසර 3 ක දීර්ඝ සමී­ක්ෂ­ණ­ය­කින් පසුව 2009 වස­රේදී ඔවුන්ගේ ඉතා සවි­ස්ත­රා­ත්මක වාර්තාව ජිනී­වා­හිදී ප්‍රසිද්ධ කළහ. එහිදී ශ්‍රී ලංකාව බුද්ධි අංශ හරහා සිදු කර ඇති මෙහෙය ඔවුහු අගය කළහ. ශ්‍රී ලංකාවේ ආර­ක්ෂාව රඳා පැව­තියේ බුද්ධි අංශ නිසා බව ඔවුහු පෙන්වා දුන්හ. යුද්ධය අව­සන් කර­න්නට බුද්ධි අංශ­යන්ගේ ලැබුණු සහා­යද ඔවුන්ගේ ඒ වාර්තාව අනුව පැහැ­දිලි විය.

ඒ අනුව රටක බුද්ධි අංශ යන්න ජාතික ආර­ක්ෂාවේ කොඳු නාර­ටිය ලෙස හඳුන්වා දිය හැකිය. පසු­ගිය වක­වා­නුවේ මෙරට බුද්ධි අංශ ගැන නිතර නිතර කතා­බ­හට ලක් විය. විශේ­ෂ­යෙන්ම බුද්ධි අංශ පාවා දීම ගැන දැඩි ලෙස එවක ආණ්ඩු­වට දොස් නැ‍ඟෙන්නට විය.

බුද්ධි අංශ මෙහෙ­යුම යනු වෙනම රහස්‍ය ක්‍රියා­දා­ම­යකි. එය සෑම අය­කු­ටම කළ හැක්කක් නොවේ. හමුදා බුද්ධි ක්‍රියා­න්වි­ත­ව­ලදී තොර­තු­රු­ක­රු­වෙකු මෙන්ම බුද්ධි නිල­ධා­රි­යෙ­කුගේ රහ­ස්‍ය­භා­වය රැක­ගැ­නීම බුද්ධි නිල­ධා­රීන්ගේ ක්‍රියා­ව­ලියේ මූලි­කම අර­මුණ වේ. නමුත් පසු­ගිය කාලයේ එය ලංකා­වට වලංගු වූයේද යන්න ගැට­ලු­වකි. ඇම­රි­කාව, චීනය, බ්‍රිතා­න්‍යය වැනි රට­වල ප්‍රබල බුද්ධි සේවා ක්‍රියා­ත්මක වන්නේ රටේ අව­ශ්‍ය­තාව මත නිසා එම බුද්ධි මෙහෙ­යුම් ගැන ආණ්ඩුවේ හෝ විප­ක්ෂයේ හෝ කිසි­වකු ප්‍රශ්න කරන්නේ නැත.

නමුත් පසු­ගිය කාලයේ ලංකාවේ ආණ්ඩු මාරු­වෙන් පසුව ගනු ලැබූ තීන්දු තීරණ නිසා බුද්ධි අංශ අමු අමුවේ පාවා දුන්නේය.

බුද්ධි නිල­ධා­රි­යකු වෙනම ක්‍රම­වේ­ද­යක් යටතේ පුහුණු කෙරේ. එම පුහු­ණුව ආරම්භ කළ මොහොතේ සිට එම සාමා­ජි­කයා හඳු­න්වන්නේ සංකේ­ත­ය­කිනි. බුද්ධි නිල­ධා­රියා සතුව අභ්‍ය­න්තර මෙන්ම බාහි­රද ඔත්තු­ක­රුවෝ සිටිති. ඔවුන් හඳු­න්වන්නේ වෙනත් නම්ව­ලිනි. තොර­තු­රු­ක­රු­වන්ට මෙන්ම බුද්ධි නිල­ධා­රී­න්ටත් ව්‍යාජ හැඳු­නු­ම්පත් රහස් බැංකු ගිණුම් ඇතුළු යටි­තල පහ­සු­කම් ලබාදී රහ­ස්‍ය­භා­වය උප­රි­ම­යෙන් රැක­ගැ­නීම සිදුවේ. එසේ ව්‍යාජ බැංකු ගිණුම් ව්‍යාජ හැඳු­නු­ම්පත් සකස් කර ගැනී­මට අව­සර ඇත්තේ ඔවුන්ට පමණි. ඇත්තෙන්ම ඒවා සකස් කර දීමද සිදු කෙරේ. ඔවුන්ට අවශ්‍ය දීමනා ලබා දෙන්නේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ රහස්‍ය සේවා අර­මු­ද­ල­කිනි. එම ගිණුම් කිසිම විටක විග­ණ­න­යට ලක් නොකෙරේ. එහෙත් පසු­ගිය පාලන සමයේ එම ගිණුම් විග­ණ­න­යට ලක්ක­ර­න්නට උත්සාහ කිරීම එක් අත­කින් කන­ගා­ටු­දා­යක වන අතර බුද්ධි අංශ කල­කි­රී­ම­ටත් ඊටත් වඩා බුද්ධි අංශ පව­ත්වා­ගෙන යන්න­ටත් දැඩි අප­හ­සු­වක් විය.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළ­කාය රහස්‍ය අර­මු­දල බුද්ධි අධ්‍ය­ක්ෂ­ව­රයා යටතේ ඇති අතර එයින් කිසි­වි­ටෙ­කත් තොර­තු­රු­ක­රු­වන්ට ගෙවූ ආකා­රය හෙළි­ක­රන්නේ නැත. නමුත් පාස්කු ඉරිදා ප්‍රහා­ර­යෙන් පසුව ඇමැ­ති­ව­රුන් බුද්ධි අංශ විසින් තොර­තු­රු­ක­රු­වන්ට මුදල් ගෙවූ ආකා­රය ගැන වාර්තා හෙළි­ක­ර­න්න­ටද සූදා­නම් වීම බුද්ධි අංශ ගැන නොදැ­නී­ම­ටත් වඩා රට අන­තු­ර­කට හෙළි කිරී­මකි.

ජාතික ආර­ක්ෂාව ගැන නොතැකූ ඔවුහු රහස් පොලි­සිය ලවා ගිරි­තලේ බුද්ධි අංශ කඳ­වු­රට සීල් තැබූහ. එහිදී රහස්‍ය ලිපි­ලේ­ඛන රහස් පොලි­සිය විසින් ලබා ගන්නා ලදී. අව­සා­නයේ හිටපු බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙන­රාල් අමල් කරු­ණා­සේ­කර ඇතුළු නිල­ධා­රීන් විසි­එ­ක­කට විලංගු වැටු‍ණේය. එසේම මේජර් ඩික්සන් රාජ­මන්ත්‍රී ඇතුළු බුද්ධි නිල­ධා­රීන්ට ත්‍රස්ත­වා­දීන් මරා දැමූ චෝද­නා­වට මර­ණීය දණ්ඩ­නය නියම කෙරිණි.

රටක බුද්ධි අංශ, ආර්ථි­කය, විදෙස් සබ­ඳතා, සන්නද්ධ හමුදා යන සිද්ධාන්ත හතර මතම ක්‍රියා­ත්මක වේ. ලෝක­යම පිළි­ගන්නා මේ සිද්ධාන්ත හත­රම දේශ­පා­ල­නී­ක­ර­ණය වූ කල එය ජාතික ආර­ක්ෂාව බිඳ වැටෙ­න්නට හේතු­වනු ඇත.

ශ්‍රී ලංකාවේ පසු­ගිය කාලයේ සිදු­වූ­යේද එවැ­න්නකි. එහෙත් නව පනත මඟින් ඒ සියල්ල ආරක්ෂා කෙරෙනු ඇත. බුද්ධි අංශ යන්න ගැන පළ­මුව දේශ­පා­ල­කයා දැන ගත යුතුය.

නව පන­තින් ආර­ක්ෂාව

ඔහු දැන­ගත යුතු එකම දෙය­ නම් ‘ඒ ගැන මම කිසි­වක් නොද­නිමි‘ යන්න පමණි. එම නිසා දන්නා අයට ඒ කාර්යය කර­න්නට ඉඩ දී නිහඬ විය යුතුය. ජනා­ධි­ප­ති­ව­රයා ඒ ගැන හොදින් දන්නා හිටපු හමුදා නාය­ක­යෙකි. ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාද එසේ­මය. එම නිසා ඔවුහු බුද්ධි අංශ අව­ශ්‍ය­තාව ගැන මැන­වින් දනිති. නව පනත ගෙන එන්නේ ඒ නිසාය. අක­ර්මණ්‍ය වූ බුද්ධි අංශ යළි ගොඩ නැගීම පිණි­සය.

ත්‍රස්ත­වා­දය පිළි­බඳ විශේ­ෂ­ඥ­යකු වන මහා­චාර්ය රොහාන් ගුණ­රත්න වස­ර­කට පමණ පෙර සිළු­මිණ පුව­ත්ප­ත­ටම ප්‍රකාශ කර සිටියේ ආර­ක්ෂක හමුදා බැරැ­ක්ක­ව­ලට සීමා කිරීම බර­ප­තළ වැරැ­ද්දක් බවයි. එමෙන්ම පසු­ගිය රජය මාර්ග­බා­ධක හා පරීක්ෂා කිරීමේ ස්ථාන ඉවත් කිරී­මද ආර­ක්ෂා­වට ගැට­ලු­වක් බවයි.

බුද්ධි අංශ සැම විටම කරන්නේ තමන්ට තොර­තුරු ලබා ගත හැකි මූලා­ශ්‍ර­යන් තමන් වෙත ළං කර ගැනී­මය. එය උප­ක්‍ර­ම­ශී­ලීව සිදු කර­න්නට ඔවුහු සමත් වෙති. ඇතැම් විට කම්ක­රු­වන්ගේ කට­යුතු පවා ඔවු­නට කර­න්නට සිදු වේ. ඒ කාර්ය­යන්ට දේශ­පා­ල­ක­යින් අනිසි ලෙස අත දැමීමේ අනිටු විපාක අප දැක තිබේ.

ප්‍රභා­ක­රන් සමඟ උරණ වූ කරුණා අම්මාන් රජ­යට සහාය දැක්වී­මට ඉදි­රි­පත් වූ අව­ස්ථාවේ කරුණා අම්මාන් ප්‍රභා­ක­ර­න්ගෙන් වෙන් කරන හමුදා බුද්ධි මෙහෙ­යු­මේදී හමුදා බුද්ධි අංශය ක්‍රියා­ත්මක වූයේ රටේ ආර­ක්ෂාව ගැන සිතාය. එව­කට ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා කුමා­ර­තුංග මහ­ත්මිය ඒ බුද්ධි මෙහෙ­යුම් නව­ත්ව­න්නට නියෝග කරද්දී හමු­දා­ප­තිව සිටි ජෙන­රාල් ලය­නල් බල­ගල්ල බුද්ධි අංශ­වල කාර්යය හා දේශ­පා­ලන කාර්යය ගැන ජනා­ධි­ප­ති­නි­යට කරුණු පැහැ­දිලි කර දී, එය අත්‍ය­වශ්‍ය කට­යු­ත්තක් බව වටහා දුන්නේය. ඒ අනුව හමුදා බුද්ධි අංශය විසින් ඒ මෙහෙ­යුම් අඛ­ණ්ඩව ගෙන යමින් කරුණා අම්මාන් ගල්කිස්සේ ආර­ක්ෂිතව නවත්වා දෙව­නුව එංග­ල­න්තය කරා රැගෙන යනු ලැබීය.

චෝගම් සමු­ළුව හා බුද්ධි අංශ

එසේම පොදු­රාජ්‍ය මණ්ඩ­ලීය රාජ්‍ය­නා­යක සමු­ළුව (චෝගම්) කොළඹ පැවැ­ත්වෙද්දී යුද හමු­දාව වෙනම බුද්ධි මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කළේ කිසි­වකු නොදැ­නය. එයට පැමිණි රාජ්‍ය නාය­ක­යන්ගේ ආර­ක්ෂාව පිණිස ආබා­ධිත එහෙත් අත්දැ­කීම් ඇති තුන්සි­ය­යක භට පිරි­සක් බුද්ධි මෙහෙ­යුම් සඳහා වෙනම තෝරා­ගත්තේ අනෙ­කුත් බුද්ධි අංශ­ව­ලට අම­ත­ර­වය. එව­කට සමු­ළුවේ ආර­ක්ෂාව භාරව සිටි මේජර් ජන­රාල් සුමේධ පෙරේරා මාස ගණ­නා­ව­කට පෙර නව ඒක­කය සාදා සමු­ළුව ආරම්භ වීමට කල­කට පෙර ඔවුන් සූප­වේ­දීන්, ආර­ක්ෂ­ක­යන් උද්‍යාන අලං­කාර කර­න්නන්, කාමර පිරි­සුදු කර­න්නන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර­ව­ලට අදා­ළව හෝටල් තුළ සේව­යට යොදවා තිබුණේ ඉතාම රහ­සි­ග­ත­වය. මේ ගැන බොහෝ හමුදා නිල­ධා­රීන් පවා දැන සිටියේ නැත.

බුද්ධි මෙහෙ­යු­ම්වල රහ­ස්‍ය­තාව තබා ගැනීම කෙත­රම් වටි­න්නේ­ද­යත් වරෙක කුම­රන් පත්ම­නා­දන් හෙවත් කේ.පී. මැලේ­සි­යා­වට ගොස් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හා එල්ටී­ටීඊ ත්‍රස්ත­වා­දීගේ අන්ත­ර්ජා­තික ජාල­යට අයත් නෞකා සොයන මෙහෙ­යු­මට හමුදා බුද්ධි ප්‍රධා­නියා මැලේ­සි­යා­වට ගියේ ව්‍යාජ ගමන් බල­ප­ත්‍ර­ය­කිනි. ගමන් බල­ප­ත්‍රය තිබුණේ වෙනත් අය­කුගේ නමකි. එම නිසා හමුදා බුද්ධි ප්‍රධා­නියා මැලේ­සි­යා­වට ගියේ එසේ කිසි­ව­කුට නොදැ­නෙන සේය.

මැලේ­සි­යා­වේදී සියලු තොර­තුරු ඔස්සේ කේ.පී.ගේ නෞකා­වත් සොයා­ගෙන රැගෙන එන­තුරු හමුදා බුද්ධි ප්‍රධා­නියා මැලේ­සි­යා­වට ගිය බව දැන සිටියේ ආර­ක්ෂක ලේක­ම්ව­රයා ඇතුළු ඉතා අත­ළො­ස්සක් පමණි.

එවන් කාර්ය­යන් සිදු කරනු ලබන බුද්ධි අංශ නිල­ධා­රි­යකු පසු කලෙක ව්‍යාජ ගුවන් ගමන් බල­ප­ත්‍ර­ය­කින් විදෙස්ගත වූ පව­ස­මින් සිරගත කළ­හොත් සිදු වන්නෙ කුමක්ද? ඒ ලෙසින් බුද්ධි අංශ නිල­ධා­රීන් අසී­මිත අව­දා­න­මක් ගෙන ජීවි­තය ගැන පවා නොතකා සම්මත ක්‍රම­වේ­ද­ව­ලින් පරි­බා­හි­රව ගොස් මෙවැනි පරි­ත්‍යාග කරන්නේ රටේ ආර­ක්ෂාව වෙනු­වෙනි.

යුද්ධය පැවැති සමයේ ඕමන්ත මුර­පොළ අසල සිටි බුද්ධි අංශ නිල­ධා­රීන් ලෙස කට­යුතු කළ අය දකුණේ සිට උතු­රට යන ලොරි­වල බඩු බෑම හා පැට­වීම පවා සිදු කරන ලදී. යුද්ධ­යේදී විඳි දහ­දුක් මදි­වාට ලොරි රථ­වල පටවා ගෙන එන ගෝනි බෑම­ටත් පටවා දීම­ටත් ඔවුන්ට සිදු විණි. එහෙත් ඒ ජීවත් වීමට ආදා­ය­මක් ගෙන එන්නට නොවේ. රට ආරක්ෂා කර­න්න­ටය. තමන් දුක් විඳි­මින් මුට්ට කර ගසන ගමන් එහි රියැ­දු­රන්ගේ හා සහා­ය­ක­යින්ගේ කතා බහට හොඳින් ඇහුම් කන් දුන්හ. ඒ අනුව තොර­තුරු සපයා ගැනුණි.

බුද්ධි අංශ ගැට කප­න්නෝ

එසේම බුල­ත්විට අලෙවි කරමින් දුම්රියේ බස් රියේ වඩේ විකු­ණ­මින් ඔවුහු රට රැකී­මට තවත් වෙහෙ­සක් ගනිති. එහි අව­සා­නය දංගෙ­ඩි­යට යාම නොව­න්නට මේ පනත හරහා ප්‍රති­පා­දන සකස් කෙරෙනු ඇත.

ජනා­ධි­ප­ති­ව­රයා ‍මෙන්ම අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාද නිර­තු­රු­වම රටේ රණ­වි­රු­වන් රැක ගැනී­මට කට­යුතු කරන ලදී. පසු­ගිය සති­යේද දහ­සක් කාර්ය­යන් තිබි­යදී අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහතා ත්‍රිකු­ණා­ම­ල­යට ගොස් පියා­සර නිල­ධා­රීන්ගේ විසිර යෑමට සහ­භාගි වූයේද එහෙ­යිනි. බුද්ධි අංශ පණ ගන්වන අත­රම ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් වන, වැඩි වන සයි­බර් අප­රාධ ගැටලු කඩි­න­මින් විස­ඳීම සඳහා ජාතික සයි­බර් ආර­ක්‍ෂණ උපා­ය­මා­ර්ගය යටතේ නව නීති ඉදි­රි­යේදී හඳු­න්වා­දී­ම­ටද මේ වන විට පිය­වර ගෙන ඇත.

ආර­ක්ෂක ලේකම් වරයා විසින් මේ වන විටත් යෝජිත සයි­බර් ආර­ක්ෂණ පනත කෙටු­ම්පත් සකස් කර අව­සන් කරන ලෙස ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර දැක්වීමේ සංස­දයේ (SLCERT) නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබේ. එම­ගින් සයි­බර් ආර­ක්ෂණ තර්ජන හා සිදු­වීම් කාර්ය­ක්ෂම ලෙස වැළැ­ක්වීම සහ කළ­ම­නා­ක­ර­ණය කිරීම මෙන්ම තීර­ණා­ත්මක තොර­තුරු ආරක්ෂා කිරීම සඳහා පුළුල් රාමු­වක් ස්ථාපිත කරනු ඇත. ඒ සම්බන්ධ විශේෂ සාක­ච්ඡා­වක් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා (22) ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යේදී පැවැති අතර ඒ සඳහා තොර­තුරු හා සන්නි­වේ­දන තාක්‍ෂණ අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් වරුණ ධන­පාල, ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර දැක්වීමේ සංස­දය ආය­ත­නයේ (SLCERT) ප්‍රධාන විධා­යක නිල­ධාරී ලාල් ඩයස්, ශ්‍රී ලංකා පරි­ග­ණක හදිසි ප්‍රති­චාර දැක්වීමේ සංස­දය ආය­ත­නයේ (SLCERT) අධ්‍යක්ෂ ප්‍රති­පත්ති ආචාර්ය කණිෂ්ක කරු­ණා­සේන, මෙහෙ­යුම් ප්‍රධානී රෝහණ පල්ලි­ය­ගුරු සහ කමිටු සාමා­ජික මනෝරි උන­ම්බුව යන අය අව­ස්ථා­වට සහ­භාගී වූහ.

බුද්ධි අංශ නිල­ධා­රීන් ආරක්ෂා කර­මින් රට රැකීමේ මේ පනත ක්‍රියා­ත්මක කිරී­මට ගත් වෑයම අගය කළ යුතුය. දේශ­පා­ල­ක­යාට පවා සිටි­න්නට රටක් ඉති­රිව තිබිය යුතු බව අව­බෝධ කර­ගත යුතුය. මේ පනත ඒ දැන ගැනීමේ විශේ­ෂිත පිය­ව­රකි.

Comments