ආහාර නාස්තිය පිටුදකිමු | සිළුමිණ

ආහාර නාස්තිය පිටුදකිමු

පසු­ගිය දින­වල පැවති එළ­වළු මිල­ග­ණන් පිළි­බ­ඳව බොහෝ දෙනෙකු‍ම කතා කළේ මැසි­විලි ස්වරූ­ප­යෙනි. වෙනත් රට­වල් හා සස­ඳන විට අපේ රටේ එළ­වළු පල­තුරු ඇතුළු ආහාර පාන අවශ්‍ය පම­ණ­ටත් වඩා ඇති බව පැව­සු­වොත් බොහෝ දෙනෙක් එය පිළි­නො­ගනී.

මේ දේවල් නිසි කළ­ම­නා­ක­ර­ණ­යක් යටතේ බෙදා­හැ­රී­මක් හා පරි­භෝ­ජ­න­යක් සිදු නොක­රන නිසා විශාල ප්‍රමා­ණ­යක් අපතේ යන බව නම් කිව­හැක. බත් නාස්තිය අතින් නග­ර­බ­දට වඩා ඉදි­රි­යෙන් සිටින්නේ ගම්බද ප්‍රදේ­ශ­යන්ය. ගම්බද ප්‍රදේ­ශ­වල උදේට උයන බත් මුට්ටිය එසේම ඉති­රිව තියෙද්දී නැව­තත් දවල්ට තව බත් මුට්ටි­යක් ද‍ මේ දෙකම ඉතිරි වෙද්දි රාත්‍රි­යට ද බත් මුට්ටි­යක් ළිප තැබීම සාමාන්‍ය සිරි­තය. දින­කට මෙසේ බත් නාස්ති වෙද්දි සති­ය­කට, මාස­ය­කට, අවු­රු­ද්ද­කට වශ­යෙන් කොත­රම් බත් ප්‍රමා­ණ­යක් නාස්ති වෙයිද?

ජපා­නය වගේ රට‍ක ජීවත් වන ජන­තාව බත් ඇට­ය­ක්වත් නාස්ති නොක­ර­න්නට කට­යුතු කරති. හෝට­ල­ය­කදී ඔවුන් බත් ඇණ­වුම් කරන්නේ එක් අයෙ­කුට සෑහෙන පරි­ද්දෙනි. අපේ රටේ අය තැන­කට ගොස් ආහාර ඇණ­වුම් කරන හැටි ගැන කවර කතාද? ඒ වගේම ජපන් ජාති­ක­යන් කෑමට පෙර බත් පිඟා­නට වැඳ නම­ස්කර කරන්නේ එම බත්පත සඳහා දායක වූ සියලු දෙනාට ස්තූති කර­මිනි.එළ­වළු පරි­භෝ­ජ­නය කර­න්නට අපේ වැඩි පිරි­ස­කට අව­බෝ­ධ­යක් නැත. කාල­ය­කට එළ­වළු මිල ඉහළ යන්නේ හැම එළ­වළු වර්ග­යක්ම නොවේ.

විශේ­ෂ­යෙන්ම වස විසෙන් තොර දේශීය එළ­වළු වර්ග වල මිල එත­රම් උස්ප­හත් වීමක් නොවේ. මෙහිදී අප කළ යුතු වන්නේ මිල වැඩි රට එළ­වළු වැඩි­පුර නොගෙන මිල අඩු දේශීය එළ­වළු වර්ග මිලට ගැනී­මයි. මේ සඳහා උදා­හ­රණ ලෙස කොළ එළ­වළු, පලා වර්ග, කොස් පොළොස්, කෙසෙ­ල්මුව, අඹ­රැල්ලා, අඹ, වට්ටක්කා, දඹල, අවර, කොස් ඇට වැනි තවත් එළ­වළු හා පලා­වර්ග රාශි­යක් ඇත. අපේ රටේ පලා වර්ග ගණ­නින් 160 කට වැඩි ප්‍රමා­ණ­යක් ඇත. මේවා ශරී­ර­යට මෙන්ම පසු­ම්බි­යට ද ගුණ­දා­ය­කය.

අප රටේ පල­තුරු වලින් හරි අඩ­ක­ටත් වඩා නාස්ති වීමක් සිදු වේ. පල­තුරු විශාල ප්‍රමා­ණ­යක් රට­පුරා මග දිගට ඇති පල­තුරු කඩ වලින් අපතේ යනවා නොවේද? මීළ­ඟට තවත් විශාල ප්‍රමා­ණ­යක් අප නොසි­තන ආකා­ර­යෙන් අපට අහිමි වේ.

ඉතින් මේ විදියේ නාස්තිවලින් පසු අපේ දරු­වන්ට කෑමට පල­තුරු ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රමා­ණ­යකි. අනෙක පල­තුරු කෑමෙන් ලැබෙන ශාරී­රික ප්‍රති­ලාභ පිළි­බඳ අපේ රටේ බහු­ත­ර­යක් දැනු­වත් ද? නැත මේවා ගැන වැඩි­හි­ටි­යන් මෙන්ම දරු­ප­ර­පු­රද දන්නේ නැත. බොහෝ දෙනෙකු සිතන්නේ පල­තුරු හැදෙන්නේ උඩ ඉන්න දෙවි­යන්ගේ පරි­භෝ­ජ­නය සඳහා කියාය. ඒ නිසාම අපේ පල­තුරු ගසක හැදෙන පළමු පල­තුරු තොගය මෙන්ම ඉන්පසු හැම­දාම හැදෙන හොඳම හා ලොකුම පල­තුරු ප්‍රමා­ණය පිළි­ග­න්වන්නේ දෙවි­යන් උදෙ­සා­මය. අපේ රටට මහඟු සම්ප­තක් ලෙස ස්වාභා­වි­ක­වම ලැබෙන පල­තුරු නික­රුණේ නාස්ති වන්නේ මේ අයු­රිනි.

 

රත්නා­යක කුල­ති­ලක

 

Comments