ආර්ථික කට­යුතු මෙහෙයුමට ළඟදීම නව පන­තක් | සිළුමිණ

ආර්ථික කට­යුතු මෙහෙයුමට ළඟදීම නව පන­තක්

ශ්‍රී ලංකාවේ ආර්ථික කට­යුතු පහ­සු­වෙන් හැසි­ර­වීම පිණිස බැංකු සඳහා වන නව පන­තක් ලබන වර්ෂ­යේදී බලා­ත්මක කිරී­මට බලා­පො­රොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති මහා­චාර්ය ඩබ්ලිව්.ඒ.ඩී. ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කළේය. මේ වන විටත් පනත කෙටු­ම්පත් කිරීම ආරම්භ කර තිබෙන බවද ඔහු කියා සිටි­යේය.

යෝජිත පනතේ ප්‍රධාන අංග අත­රට බල­ප­ත්‍ර­ලාභි වාණිජ බැංකු සහ බල­ප­ත්‍ර­ලාභි විශේ­ෂිත බැංකු සඳහා එකම ආකා­රයේ බැංකු බල­ප­ත්‍ර­යක් හඳුන්වා දීමත්, බැංකු­වල විශා­ල­ත්වය හා ඒවා­යෙහි මෙහෙ­යු­ම්වල ස්වභා­වය යනා­දි­යට අනු­කූ­ලව බැංකු නියා­ම­න­යන්හි සමා­නු­පා­ති­ක­ත්වය ඇති කිරී­මත් අන්ත­ර්ග­තය.

එමෙන්ම විදේ­ශීය බැංකු ශාඛා ශ්‍රී ලංකාව තුළ උප­ස­මා­ගම් ලෙස ලියා­ප­දිංචි කිරී­මත්, ඒවාට බාහිර බල­පෑ­ම්ව­ලින් සිදු වන බල­පෑ­මෙන් මුදා­ගැ­නී­මත් සිදු කෙරෙනු ඇත. එසේම බැංකු ශාඛා සහ ‍අනෙකුත් බැංකු ඒකක පිහි­ටු­වීම සඳහා අනු­මැ­තිය ලබා­ගැ­නීමේ ක්‍රියා­ප­ටි­පා­ටිය විධි­මත් කිරී­මත් පාරි­භෝ­ගික තැන්පත් ආර­ක්ෂාව, තැන්පතු රක්ෂ­ණය හා බැංකු­වල යහ­පා­ල­නය ශක්ති­මත් කිරී­මත් මේ නව පන­තින් ශක්ති­මත් කෙරෙන බව මහා­චා­ර්ය­ව­රයා පෙන්වා දුන්නේය.

Comments