අප­රාධ මඬින්න පොලී­සි­යට එස්ටී­එෆ් හා හමුදා සහාය | සිළුමිණ

අප­රාධ මඬින්න පොලී­සි­යට එස්ටී­එෆ් හා හමුදා සහාය

 

ටේ සාමය පව­ත්වා­ගැ­නීම පිණිස පොලී­සි­යට සහාය දීම සඳහා විශේෂ කාර්ය බළ­කායේ හා ත්‍රිවිධ හමු­දාවේ සහාය ලබා දීමට කට­යුතු කිරී­මට සූදා­නම් බව ආර­ක්ෂක ලේකම් මේජර් ජන­රාල් (විශ්‍රා­මික) කමල් ගුණ­රත්න මහතා පව­සයි.

විශේ­ෂ­යෙන්ම රට පුරා සිදු වන සංවි­ධා­නා­ත්මක අප­රාධ මැඬ­පැ­වැ­ත්වීම සඳහා විශේෂ උපාය මාර්ග දියත් කිරීමේ වැද­ග­ත්කම ඒ මහතා පෙන්වා දෙයි.

ඒ යටතේ පොලී­සි­යට ඇතැම් විට අප­හ­සුතා මතු වන නීති­වි­රෝධි ලෙස අන­ව­ස­ර­යෙන් ඉඩම් අල්ලා­ගැ­නීම, වගුරු බිම් පිර­වීම, කප්පම් ගැනීම, සංවි­ධා­නා­ත්මක කණ්ඩා­යම් විසින් පෞද්ග­ලික ඉඩම් බල­හ­ත්කා­ර­යෙන් අත්පත් කර­ගැ­නීම, නීති විරෝධි වැලි ප්‍රවා­හ­නය සම්බ­න්ධව දැඩි ක්‍රියා­මාර්ග ගත යුතු බවද ලේක­ම්ව­රයා පව­සයි. ඒ සඳහා අති­රේක සහාය ලබා දීම සඳහා විශේෂ කාර්ය බළ­කාය සහ ත්‍රිවිධ හමු­දාව යෙද­විය හැකි බවද ඒ මහතා වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රීන්ට උප­දෙස් දී ඇත.

Comments