සියක් දහ­සක කාර්ය­සා­ධක බළ­කා­යක් | සිළුමිණ

සියක් දහ­සක කාර්ය­සා­ධක බළ­කා­යක්

ද මොන දේ කරන්න ගියද ඉදි­රි­යට එන කාර­ණ­යක් ඇත. ඒ මිනිස් ශ්‍රම­යයි. මිනි­සුන් සිටි­යත් ඕනෑ දේ ඕනෑ ආකා­ර­යට ඕනෑ වේලා­වට කර­වා­ගන්න කෙනෙක් නැත. එයින් පැහැ­දිලි වන්නේ ඒ අපේ ශ්‍රම බළ­කායේ පව­තින විවි­ධ­ත්වය සහ විස­ම­ත්ව­යයි. අවශ්‍ය දේ කර­ගන්න අවශ්‍ය දැනුම, සුදු­සු­කම් සහ හැකියා සහිත පුද්ග­ල­යන් සිටි­යද සොයා­ගැ­නීම අප­හ­සුය. මෙය අද මේ රටේ ව්‍යාපා­රික ලෝකය පම­ණක් නොව රාජ්‍ය අංශ­යද නොඅ­ඩුව අත්වි­ඳින තත්ත්ව­යකි. රැකි­යා­වට අදාළ සුදු­සු­කම නැති­කම, සුදු­සු­ක­ම්ව­ලට අදාළ රැකියා වෘත්තීන් නැති වීම යන කරුණු මූලික වශ­යෙන් ශ්‍රම වෙළෙ­ඳ­පොළේ මේ අර්බු­දය කෙරෙහි බෙහෙ­වින් බල­පායි.

රටේ රැකියා නැති­ක­මට වඩා බලපා ඇත්තේ මේ වියවුල් සහ­ගත පසු­බි­මය. මේ විය­වුල මැද ­ජ­න­තාව රැකියා ඉල්ලන්නේ ආණ්ඩු­වෙනි. නූත­න­යේදී පවා මෙරට රජයේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් පිට වන උපා­ධි­ධ­ර­යාගේ සිට අවම අධ්‍යා­පන සුදු­සු­කම ලැබූ­වන් දක්වා සැම කොට­ස­කම පුද්ග­ල­යන් ආණ්ඩුවේ රැකි­යා­වක්ම බලා­පො­රොත්තු වන්නේ අන් කව­රක් නිසා වත් නොව, එයින් ලැබෙන සමා­ජීය රැක­ව­ර­ණය හේතු කර­ගෙ­නය. පෞද්ග­ලික අංශයේ රැකි­යා­වක යෙදී­මෙන් හෝ තමන් පුරුදු-පුහුණු කළ වෘත්ති­යක් හෝ ශිල්ප­යක් තම ජීවි­කාව කර­ගැ­න්මෙන් සාපේ­ක්ෂව වැඩි ආදා­ය­මක් ලද හැකි වුවද ඔවුන් රජයේ රැකි­යා­වම බලා­පො­රොත්තු වන්නේ විශ්‍රාම වැටුපක්, සාපේක්ෂ මාන­සික නිද­හ­සක් වෙනු­වෙනි.

මෙතෙක් කලක් පත් වූ ආණ්ඩු කළේ මේ රැකියා අපේ­ක්ෂ­ක­යන්ගේ මන­දොළ සපි­රීම වෙනු­වෙන් රාජ්‍ය භාණ්ඩා­ගා­රයේ සුවි­සල් මහ­ජන මුද­ලක් මසක වැටු­ප්ව­ලට යට කර රජයේ රැකියා ලබා­දී­මය. පසු­ගිය රජය පවා උපා­ධි­ධා­රීන් 16,800කට මේ අයු­රින් රැකියා ලබා­දෙ­න්නට පිය­වර ගත්තේ කිසිදු ඵල­දායි ක්‍රමෝ­පා­ය­ය­කින් තොරව ඔවුන් රාජ්‍ය සේව­යට ග්‍රහ­ණය කර­ගැ­නී­මෙනි. ඔවුන් වෙනු­වෙන් මස­කට රු. 20,000 බැගින් ලබා­දී­මට පම­ණක් රුපි­යල් තිස්තුන් කෝටි­යක් පමණ වැය වන අතර, මේ මුදල වස­රක් ගෙවුණු තැන දෙගු­ණ­ය­කට ආසන්න වනු ඇත. මේ රැකියා බොහෝ විට ලැබුණේ අධ්‍යා­පන සුදු­සු­කම් මතය. එවැනි සුදු­සු­කම් ඇති අයට තම ඉලක්ක කරා යා හැකි වුවද මේ රටේ දිළිඳු, එමෙන්ම ප්‍රමා­ණ­වත් අධ්‍යා­ප­නික සුදු­සු­කම් සපුරා නැති බොහෝ දෙන­කුට රජයේ කම්කරු රැකි­යා­වක් ලබා­ගැ­නීම පවා සිහි­න­යක් විය. මේ තත්ත්වය අනුව ඔවුන් තම ආර්ථි­කය වෙනු­වෙන් සමාජ සම්මත හෝ අස­ම්මත ක්‍රියා­දාම මඟින් මුදල් හොයා­ගන්නා තැනට පත් වූයේ තම ආත්ම ගරු­ත්වය පවා පසෙ­කට ලමිනි.

මෙසේ වර­ප්‍ර­සද අහිමි වූ රටේ දිළිඳු පවුල් එකී දිළි­ඳු­බ­වින් මුදා­ගැ­නීමේ නව්‍ය ක්‍රමෝ­පා­ය­ය­යක් පිළි­බඳ රටේ ජන­තාව අතර අපේ­ක්ෂා­වක් ඇති කළේ නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාය. ඔහු තම අමාත්‍ය මණ්ඩ­ලය දිවු­රුම් දුන් දිනයේ අමා­ත්‍ය­ව­රුන් හමුවේ ප්‍රකාශ කළේ අවම නිපු­ණතා සහිත රැකියා ලබා දීමේදී තම ප්‍රදේ­ශයේ සිටින දිළිඳු, ආර්ථික ශක්‍ය­තා­වෙන් අඩු පවු­ල්වල සාමා­ජි­ක­යන් කෙරෙහි අව­ධා­නය යොමු කරන ලෙසය. ඔහු එයින් අද­හස් කළ දේ මේ වන විට අප හමු­වට පැමිණ ඇත්තේ කැබි­නට් මණ්ඩ­ල­යේද අනු­මැ­තිය සහි­ත­වය.

මේ වැඩ­පි­ළි­වෙළ බහු­කාර්ය සංව­ර්ධන කාර්ය­සා­ධක බළ­කා­යක් පිහි­ටු­වීමේ යෝජ­නා­වයි. මේ යෝජ­නා­වට අනුව ‘බහු­කාර්ය කාර්ය­සා­ධක බළකා දෙපා­ර්ත­මේ­න්තුව‘ නමින් නව දෙපා­ර්ත­මේ­න්තු­වක් ආරම්භ කිරී­මට නිය­මි­තය. මේ දෙපා­ර්ත­මේ­න්තුව යටතේ බඳ­වා­ගනු ලබන ලක්ෂ­ය­කට ආසන්න පුද්ග­ල­යන් විවිධ නිපු­ණ­තා­ව­ලට අදාළ පුහු­ණු­වක් ලබාදීමට නිය­මි­තය. එය එක්තරා ආකා­ර­යක වෘත්තීය පුහු­ණු­ව­කට සමා­නය. ඔවුන්ගේ දැනුම, කුස­ලතා සහ ශ්‍රමය අවශ්‍ය ස්ථාන­ව­ලට ලබා දීමට අදාළ වැඩ­පි­ළි­වෙ­ළක් මේ අනුව නිර්මා­ණය වී ඇත. විශේ­ෂ­යෙන් රාජ්‍ය ආය­ත­න­වල එදි­නෙදා කට­යු­තු­ව­ලදී අති­රේක කාර්ය­සා­ධක බළ­කා­යක් අවශ්‍ය වන අවස්ථා අප කොතෙ­කුත් දැක ඇත. එවැනි අව­ස්ථා­වල අදාළ තත්ත්ව­යන්ට මුහුණ දීමේ නිසි අව­බෝ­ධ­යක් හෝ සූදා­න­මක් නැති පුද්ග­ල­යන් නිසා වැඩ අවු­ලෙන් අවු­ලට යන අව­ස්ථාද අප දැක ඇත. අද ලෝක­යම මුහුණ දෙන පොදු අභි­යෝ­ග­යක් වන දේශ­ගු­ණික විප­ර්යාස හමුවේ ශ්‍රී ලංකාව සිටින්නේ වැඩිම අව­දා­න­මක් සහිත මුල් රට­වල් අත­රය. විශේ­ෂ­යෙන් ස්වාභා­වික ආපදා හමුවේ කාර්ය­ක්ෂ­මව කට­යුතු කර ජන ජීවි­තය ස්ථාවර කළ හැකි ආකා­ර­යට සූදා­නම් කිරී­මේදී මෙවැනි කාර්ය­සා­ධක බළ­කා­යක වටි­නා­කම අන් කව­ර­දා­ටත් වඩා දැනෙ­න්නේය. විශේ­ෂ­යෙන් මේ වන විටත් ඉතා විශාල මුද­ලක් ගෙවා පෞද්ග­ලික අංශ­යෙන් කර­වා­ගත යුතු කාර්ය සඳහා මේ සියක් දහ­සක කාර්ය­සා­ධක බළ­කාය සාර්ථක වූත් ප්‍රායෝ­ගික වූත් ආදේ­ශ­ක­යකි.

මේ වැඩ­ස­ට­හන මේ වන විටත් හුදෙක් සංක­ල්පීය රාමු­වෙන් එහා ගොස් ප්‍රායෝ­ගි­ක­ත්ව­යට ළඟා වී ඇත. මේ වන විටත් අදාළ කාර්ය­සා­ධක බළ­කාය සඳහා ලියා­ප­දිංචි වීම් ප්‍රාදේ­ශය මට්ට­මින් සිදු කර­ගෙන යනු ලැබේ.

මෙහිදී අප පෙන්වා දෙන්නේ අදාළ පුද්ග­ල­යන් ඔවුන්ගේ ශක්‍යතා, සහජ දක්ෂතා, සුදු­සු­කම් සහ හැකියා මත නිශ්චිත කාර්ය­යන් වෙත යොමු කර­වීමේ සියුම් කාර්යය වඩාත් පරි­ස්සම් සහ­ගත ලෙස සිදු කළ යුතු බවයි. අද අප අතර ඇති වටි­නාම සම්ප­තක් වන මානව සම්පත උප­රිම කාර්ය­ක්ෂ­ම­තා­ව­කින් යුතුව මේ කාර්ය­සා­ධක බළ­කාය තුළ උප­යෝගි කර­ගත හැක්කේ එවි­ටය. මේ කාර්ය­සා­ධක බළ­කාය වෙනු­වෙන් වෙනම රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තු­වක් නිර්මා­ණය වෙයි. මේ දෙපා­ර්ත­මේ­න්තු­වද නෛති­කව ස්ථාප­නය කිරී­මේදී අද පව­තින යල්පැන ගිය රාමු­වෙන් එහා ගිය නව්‍ය ආකෘ­ති­ය­කට සකස් කිරී­මද මෙහිදී වැද­ගත් බව අපේ අද­හ­සයි. සාම්ප්‍ර­දා­යික රාජ්‍ය සේවයේ කඩුලු පැනිය හැකි මෙවැනි නව්‍ය ආකෘ­ති­යක් ඔස්සේ මෙරට ශ්‍රම බළ­කා­යට එක් වන මේ අලුත් ලක්ෂ­යක පිරි­සෙන් රටේ ලක්ෂ 220ක ජන­තා­වට දැනෙන සේවා­වක් ඉටු වනු දැකීම රටේ කාගේත් අභි­ලා­ශ­යයි.

Comments