ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගතිය ඉහළට | සිළුමිණ

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රගතිය ඉහළට

ආර්ථික බුද්ධි ඒකකය (EIU) විසින් වාර්ෂිකව ගණනය කරන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ප්‍රගතියක් ලබාගෙන තිබේ.

ලෝකයේ රටවල් 167ක දත්ත පදනම් කරගනිමින් මෙම දර්ශකය ගණනය කර තිබේ.

2018 වසරේදී ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ 71 වැනි ස්ථානයේ පසුවූ අතර 2017දී 62 වැනි ස්ථානයේ පසුවිය.

2018 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් පහළ හෙළීමට එය ගණනය කරන ආර්ථික බුද්ධි ඒකකය කටයුතු කළේය.

2019 වසර සමස්තයක් ලෙස ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයට නරක වසරක් බව ආර්ථික බුද්ධි ඒකකය පෙන්වා දෙයි.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 10 (01 නෝර්වේ, 02 අයිසලන්තය, 03 ස්වීඩනය, 04 නවසීලන්තය, 05 ෆින්ලන්තය, 06 අයර්ලන්තය, 07 ඩෙන්මාර්ර්කය, 08 කැනඩාව, 09 ඔස්ට්‍රේලියාව, 10 ස්විට්සර්ලන්තය)

ප්‍රජාතන්ත්‍රවාදයෙන් දුර්වලම රටවල් 10 (167 උතුරු කොරියාව, 166 කොංගෝ, 165 මධ්‍යම අප්‍රිකා ජනරජය, 164 සිරියාව, 163 චැඩ්, 162 ටර්කිමෙනිස්තානය, 161 ගිනියාව, 160 තජිකිස්තානය, 159 සෞදි අරාබිය, 158 යෙමනය)

Comments