නන්දිමිත්‍ර සමග ගැටී අවසන් දළයත් අහිමි වූ ගැමුණු | සිළුමිණ

නන්දිමිත්‍ර සමග ගැටී අවසන් දළයත් අහිමි වූ ගැමුණු

යාල ජාතික වනෝද්‍යානයේ සැරිසරන සුප්‍රකට “ගැමුණු හස්තියාගේ” ඉතිරිව තිබු එකම දළය ද අහිමිව ගොස් ඇති බව වාර්තා වේ.

යාල ජාතික වනෝද්‍යානයේ පාලන අංශය සඳහන් කලේ ගැමුණු හස්තියා සිතුල්පව්ව ආශ්‍රිත කැලෑවේ වෙසෙන “නන්දමිත්‍ර” නමින් හඳුන්වනු ලබන හස්තියා සමග ඇති කර ගත් ගැටුමකින් ඔහුගේ ඉතිරිව තිබු දළය අහිමි කර ගෙන ඇති බවයි.

සංචාරකයින් රැගෙන යන සෆාරි ජීප් රථ රියදුරෙක් විසින් යාල වනෝද්‍යානයේ පිහිටි මහසිලාව බංගලාව අසලදී සිය දළය අහිමි කර ගත් ගැමුණු හස්තියා පළමුව දැක ඇත.

ගැමුණු හස්තියාගෙ ගිලිහුණු දළ කොටස ඊයේ දිනයේදී යාල වනෝද්‍යාන සේවකයින් විසින් සොයා ගැනීමට සමත්ව තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයේදී මැණික් ගඟ ගලා බසින යාල වනෝද්‍යානයේ සඳුන් ඔරුව ප්‍රදේශයේදී තවත් හස්ති රාජයින් දෙදෙනෙක් සමග ඇතිවූ ගැටුමකදී ගැමුණුගේ පළමු දළය අහිමිවූ බවයි වනෝද්‍යාන සේවකයින් සඳහන් කර සිටියේ.

 

 

Comments