පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක් | සිළුමිණ

පළාත් කිහිපයක වැසි තත්ත්වයේ වර්ධනයක්

දිවයිනේ නිරිතදිග කොටසේත්, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, වැසි වාර කිහිපයක් ඇතිවන අතර, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ.

සබරගමුව පළාතෙත්, කළුතර, ගාල්ල , මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි, තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශ සහ දිවයිනට බස්නාහිර දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීමේදී විමසිලිමත් වන්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.

                                                                         කාලගුණ අනාවැකිය

                                                2020 ජනවාරි මස 22 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතරඋතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන විශේෂයෙන්ම ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, ඌව සහ දකුණුපළාත්වලත් කළුතර, මාතලේ සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසිද ඇතිවිය හැක.

වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වලත් ගම්පහ දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.  

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Comments