පිළිකා රෝගයට තිත තබන ප්‍රතිකාර ක්‍රමයක් මිනිස් සිරුරේ | සිළුමිණ

පිළිකා රෝගයට තිත තබන ප්‍රතිකාර ක්‍රමයක් මිනිස් සිරුරේ

මිනිස් සිරූරේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසකින් දරුණු ගණයේ පිළිකා රෝගයන් සුව කිරීමේ හැකියාවක් පවතින බවට විද්‍යාඥයින් අනාවරණය කර ගෙන තිබේ.

පුරස්ථ ග්‍රන්ථි, පෙනහළු, පියයුරු ඇතුළු අනෙක් පිළිකා රෝගයන් සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍යාගාර පරීක්ෂණ ඔස්සේ සාර්ථක ප්‍රතිපල අත් කර ගැනීමට කාඩිෆ් සරසවියේ විද්‍යාඥයින් කණ්ඩායමක් සමත්ව ඇත.

නවතම ප්‍රතිකාරය මේ දක්වා පිළිකා රෝගයට වැළදුණු රෝගීන් හට ලබාදී නොමැති බවත් මේ දක්වා සිදුකළ රසායනාගාර පරීක්ෂණ මගින් එහි සාර්ථකත්වය සම්බන්ධයෙන් සුභවාදී බලාපොරොත්තු තබා ගත හැකි බවයි එම වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ.

මිනිසෙකුගේ ශරිරය තුල තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය සොභාවිකව අපගේ ශරිරය තුල ඇතිවන ආසාධන වලට එරෙහි ක්‍රියාකිරිම සිදුකරනු ලබයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති "T-සෛලය" මගින් මිනිස් සිරුරේ ඇති පිලික රෝගී තත්ත්වයන් සොයා ගොස් ඒවා විනාශ කිරීමට හැකියාවක් දක්වන බවට කාඩිෆ් සරසවියේ විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

"T-සෛලය" මගින් මිනිස් සිරුරේ හට ගන්නා පිළිකා රෝග රැසකට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් ඇති බවයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණයේ යෙදුණු මහාචාර්ය Andrew Sewell ප්‍රකාශ කලේ.

කාඩිෆ් කණ්ඩායම විසින් සිදුකළ වෛද්‍යාගාර පරික්ෂණ වලදී හෙලිවී ඇත්තේ පෙනහළු, සම, රුධිරය, බඩවැල්, පියයුරු, අස්ථි, පුරස්ථි ග්‍රන්ථිය, ඩිම්බකෝෂ, වකුගඩු හා ගැබ්ගෙල පිළිකා සෛල ඇතුළු පුළුල් පරාසයක පිළිකා සෛල සොයාගෙන විනාශ කළ හැකි T-සෛලයක් සහ එහි ප්‍රතිග්‍රාහකයක් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති බවයි.

මෙම T-සෛලය සහ එහි ප්‍රතිග්‍රාහකය මිනිස් සිරූරේ ඇති සාමාන්‍ය පටක වලට කිසිදු හානියක් නොකරන බවට විද්‍යාඥයින් හෙළි කර ගෙන ඇත.

මෙම ප්‍රතිකාර ක්‍රමය නුදුරේදීම පිළිකා රෝගීන්ට සිදු කිරීමට හැකිවනු ඇති බවයි විද්‍යාඥයින් විශ්වාසය පළ කරන්නේ.

Comments