ඉන්දියාව මුහුදු පතුලේ සිට මිසයිලයක් අත්හදා බලයි | සිළුමිණ

ඉන්දියාව මුහුදු පතුලේ සිට මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව මුහුදු පතුලේ සිට න්‍යෂ්ටික හැකියාවෙන් යුත් මිසයිලයක් අත්හදා බැලුවේය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, K4 නැමති මෙම බැලිස්ටික් මිසයිලය, සබ්මැරීනයක් යොදාගනිමින් අත්හදා බැලූ අතර ඊට කිලෝ මීටර 3500 ක් එපිටින් පිහිටි ඉලක්කයක් වෙත පහරදිය හැකි බව ය .

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ සාගර පතුලේ සිට මෙම අත්හදා බැලීම සාර්ථකව සිදුකළ බව සඳහන් වේ.

K4 මිසයිලය මීට පෙරද කිහිප වරක්ම අත්හදා බලා ඇති නමුත් කිලෝමීටර 2,200ක දුරක් දක්වා එය අත්හදා බැලූ ප්‍රථම අවස්ථාව මෙයයි .

K4 මිසයිලවලට පසුව K5 සහ K6 මිසයිල ද හඳුන්වාදීමට නියමිත අතර මෙම මිසයිල කිලෝමීටර 5000 ත් 6000 ත් අතර ඉලක්කයන් වෙත පහරදීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ඉන්දියාව මේ වනවිට අයි එන් එස් අරිහාන්ත් සහ අයි එන් එස් චක්‍රා ආදී න්‍යෂ්ටික බලගැන්වූ සබ්මැරීන භාවිත කරන නමුත් එම සබ්මැරීන සතුව න්‍යෂ්ටික යුද ශීර්ෂ සහිත මිසයිල නොමැත.

 

Comments