පාරිසර ප්‍රශ්න රැසක් ඇති කල මැණික් පතල | Page 3 | සිළුමිණ

පාරිසර ප්‍රශ්න රැසක් ඇති කල මැණික් පතල

පස්සර පල්ලේගම කනහෙළ වෙල්යායේ පවත්වාගෙන ගිය මහා පරිමාණ මැණික් පතල් කර්මාන්තයක් අතර මග නැවති තිබිම නිසා පාරිසර ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ගොවීන් කියති.

කනහෙල වෙල්යාය අක්කර තිහකින් පමණ සමන්විත වන අතර මෙයට වසර පහකට පමණ පෙර මහා පරිමාණයෙන් බැකෝයන්ත්‍ර යොදාගනිමින් ආරම්භ කලේය.

පතල් කර්මාන්තය අතර මග නැවතී වසර ගණනාවක් ගත වුවත් එම පතල් වලවල් වසා නොතැබීම නිසා ගොවින් ඇතුලු ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයට පත්ව සිටන බව සදහන්.

වෙල්යායේ අක්කර පහළවක පමණ භුමි ප්‍රදේශයක විශාල වළවල් තිබීම නිසා පුරන් කඹුරු බවට පත්ව තිබේ.

වෙල්යායේ පතල් කැපීමට ගෙනා බව කියන බැකෝ යන්ත්‍ර ඇතුලු යන්ත්‍ර වසර ගණනාවක් තිස්සේ කැළයට දිරාපත් වෙමින් පවතී.

ඩබ්ලිව්.එම් කරුණාදාස ගෙවි මහතා මෙසේ පැවසීය.....

අක්කර තිහක් පමණ වු වෙල්යායේ පතල් කපා නැවත වසා නෙතිබීම නිසා වී වග කරන්න තියෙන්නේ අක්කර දහයක පමණ භුම් ප්‍රදේශයක්, අක්කර ගණනාවක් කැලයෙන් වැසී තිබෙන වෙල්යායේ මොනරුන් ඇතුලු වගා හානි කරන සතුන් ඉන්න නිසා වගා කළත් වැඩක් නෑ. වළවල්වල මැසි මදුරුවන් බෝවෙමින් තිබෙනවා.

එම්.එන්.ඩී අමරසිංහ ගොවි මහතා.....

වෙල්යායේ බකෝයන්ත්‍ර වලින් පතල් කැපීම නිසා මයිලවත්ත ප්‍රදේශයේ නිවාස පහක බිත්ති පුපුරලා හානි සිදවුනා සමහරුන්ට පතල් හිමිකරුවන් මුදල් දුන් බව කියනවා.

පතල් කැප්වාට කමක් නෑ වළවල් වහන්න මේ පතල් නිසා ගමටම පරිසර හාන් සිදුවනවා යැයි පැවසීය.

පස්සර ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරී ඩී.ඩී.ඒ ප්‍රියංකා කුමාරි මහත්මියගෙන් විමසුවිට මෙසේ පැවසීය.

වෙල්යායේ පතල් කපන්නේ නීතියානුකුලව බලපත්‍ර ඇරගෙනයි තියෙන්නේ.

වසරින් වසර බලපත්‍ර අලුත් කරනවා නිතීයානුකුලව ප්‍රශ්නයක් නැහැ. ඇය කීවාය.

නමුත් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ නිතියානුකුලව කපන පතල් වුවත් පරිසරයට හානියක් නොවන අයුරින් පවත්වාගෙන යා යුතු බවයි.

ප්‍රදේශයට සිදුවන පරිසර හානිය පිළිබදව බළධාරීන් මෙයට වඩා විමසිලිමත් විය යුතු බවද ප්‍රදේශයේ ජනතාව අවධාරණය කරයි.

(ඌව පළාත් සමූහ - ප්‍රසන්න පත්මසිරි)

Comments