ලෝක උරුමයක් වූ දිය ඇල්ලට අත්වූ ඉරණම | Page 2 | සිළුමිණ

ලෝක උරුමයක් වූ දිය ඇල්ලට අත්වූ ඉරණම

ලෝකයේ ජනප්‍රියම දියඇලි අතර වඩා විශාල සංචාරක ආකර්ෂණයක් හිමිවූ දිය ඇල්ලක් වූ වික්ටෝරියා දිය ඇල්ල පිළිබඳව කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තාකරන්නේ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති මෙම දිය ඇල්ල මේ වනවිට සිඳී යාමේ තර්ජනයකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇත්තේ වාර්ෂිකව එම දිය ඇල්ල ආශ්‍රිත ප්‍රදේශවලට වැසි රතිත කාලගුණික තත්වයක් පවතින කාලයන්හි එහි ජලය අඩුවන මුත් මෙවර එය දැඩිලෙස සිඳී යාම දැඩි තර්ජනයක් බවයි.

සිම්බාබ්වේ සහ සැම්බියාව අතර පිහිටි මෙම වික්ටෝරියා දිය ඇල්ල ගිගුරුම් දෙන දුම යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වයි.

වර්ෂ 1855දී ඩේවිඩ් ලිවින්ස්ටන් නමැති ස්කොට්ලන්ත ජාතික වෛද්‍යයවරයෙකු විසින් මෙම දිය ඇල්ල පිළිබඳව ලොවට මුල්ම අනාවරණය කර තිබේ.

අඩි 355 ක් උසැති මෙම දිය ඇල්ලේ විශාලත්වය මීටර් 1708ක් වේ.

 

 

Comments