SDB බැංකුව ගෞරව සම්මාන කිහි­ප­ය­කින්ම පිදුම් ලබයි | සිළුමිණ

SDB බැංකුව ගෞරව සම්මාන කිහි­ප­ය­කින්ම පිදුම් ලබයි

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩ­ලය (NCCSL) විසින් වාර්ෂි­කව සංවි­ධාන කරනු ලබන 2010 ජාතික ව්‍යාපාර විශි­ෂ්ටතා සම්මාන උලෙළ අති උත්ක­ර්ෂ­වත් අන්ද­මින් පසු­ගිය දින පැවැත් විණි. මෙම සම්මාන උලෙ­ළේදී SDB බැංකුව සමස්ත බැංකු ක්ෂේත්‍රය නියෝ­ජ­නය කර­මින් කුස­ලතා සම්මා­න­යක් හිමි කර­ගත් අතර මෙහි ප්‍රධාන ආරා­ධි­තයා ලෙස ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රි­කානු මහ­කො­ම­සා­රිස් ගරු රොබිනා පී. මාර්ක්ස් මහ­ත්මිය මෙන්ම තවත් පිළි­ගත් ආරා­ධි­ත­යින් කිහිප දෙනෙක්ද සහ­භාගී වී සිටි­යහ.

2019 වර්ෂය SDB බැංකුව සඳහා වැද­ගත් වර්ෂ­යක් ලෙස හැඳි­න්විය හැකි වන්නේ ග්‍රාමීය නාග­රික මෙන්ම වාණි­ජය මට්ටමේ පාරි­භෝ­ගි­ක­යන්ට වඩාත් ගම්‍ය­ශීලි සේවා­වක් සැප­යීම වෙනු­වෙන් ඩිජි­ටල් තාක්ෂ­ණයේ හඳුන්වා දීමත් සම­ඟයි. මේ වන විට SDB බැංකුව මගින් ආය­ත­නික පාරි­භෝ­ගි­ක­යන් සඳහා වන අන්ත­ර්ජාල බැංකු­ක­රණ පහ­සු­කම් SDB ජංගම මෘදු­කාං­ගය, ජංගම දුර­ක­ථන සඳහා භාවිත කළ හැකි වෙබ් අඩ­විය නැවත දියත් කිරීම සහ Verlical visa ඩෙබිට් කාඩ්පත් සේවාව යනා­දිය හඳුන්වා දීම සම­ඟින් මේ වන විට බැංකු­ක­රණ ක්‍රියා­ව­ලිය පූර්ණ ඩිජි­ටල් ක්‍රම­වේ­ද­යක් ඔස්සේ ක්‍රියා­ත්මක වේ.

 

Comments