Lenovo ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක් ප්‍රථම වරට ලංකා­වේදී | සිළුමිණ

Lenovo ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක් ප්‍රථම වරට ලංකා­වේදී

2020 ජන­වාරි 14, කොළඹ: ලොව තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැ­න්ත­යෙකු වන Lenovo සමා­ගම ප්‍රථම වරට ශ්‍රී ලංකා­වේදී ප්‍රද­ර්ශ­නා­ගා­ර­යක් විවෘත කරන බව පසු­ගිය දෙසැ­ම්බර් මාස­යේදී නිවේ­ද­නය කළේ ය. ඒ අනුව Lenovo නිෂ්පා­දන අලෙවි කරන Ktronix අලෙ­වි­සැ­ලක් කොළඹ 4 Unity Plaza හි බිම් මහලේ විවෘත කර තිබේ.

Lenovo නිෂ්පා­දන පම­ණක් අලෙවි කෙරෙන මෙම ප්‍රද­ර්ශ­නා­ගා­ර­යේදී ඉලෙ­ක්ට්‍රො­නික උපාංග, පරි­ග­ණක දෘඪාංග ඇතුළු බොහෝ දේ අලෙවි කෙරෙන අතර එම නිෂ්පා­දන අත­රට Lenovo හි ජන­ප්‍රියම නිෂ්පා­දන අත­රට එක්වී ඇති ThinkPad සහ Legion Series වැනි නිෂ්පා­දන ඇතු­ළත් වේ. පාරි­භෝ­ගි­ක­යන්ට නවෝ­ත්පා­ද­න­යන්ගේ මහි­මය සමීප කර­මින් තම ආව­රණ පරා­සය පුළුල් කිරී­මට උත්සාහ කරන Lenovo 2020/2021 මූල්‍ය වර්ෂය තුළ තව තවත් නව ප්‍රද­ර්ශ­නා­ගාර විවෘත කිරී­මට සැල­සුම් කර ඇත. Unity Plaza හි ප්‍රද­ර්ශ­නා­ගා­රය පසු­ගිය දෙසැ­ම්බර් 16 වන දින නවීන් කෙජ්රි­වාල් (සාමා­න්‍යා­ධි­කාරී - පෙර­දිග සහ SLBD),ශේඛර් කාම්කර් (කලා­පීය විකු­ණුම් කළ­ම­නා­කරු- SLBD)සහ සිරාජ් ජබීර් (මෙරට ව්‍යාපාර ප්‍රධානී) යන මහ­ත්ව­රුන්ගේ ප‍්‍රධා­න­ත්ව­යෙන් විවෘත කෙරුණු අතර නව­තම Lenovo නිෂ්පා­දන දැන් එම ප්‍රද­ර්ශ­නා­ගා­ර­යෙන් මිල­දී­ගත හැකි වේ.

Comments