HDFC බැංකුවේ නව සභා­ප­ති­නිය වැඩ­භා­ර­ගනී | සිළුමිණ

HDFC බැංකුවේ නව සභා­ප­ති­නිය වැඩ­භා­ර­ගනී

 

නීතිඥ වසන්ති මංච­නා­යක මහ­ත්මිය පසු­ගි­යදා (16දා) HDFC බැංකුවේ නව සභා­ප­ති­නිය සහ අධ්‍ය­ක්ෂ­ව­රි­යක ලෙස වැඩ භාර­ග­ත්තාය. 1984 වසරේ සිට තක්සේ­රු­කා­රි­නි­යක ලෙස දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුවේ සේවය කළ ඇය බැංකු­වට සම්බන්ධ වීමට පෙර දේශීය ආදා­යම් කොම­සා­රිස් ජන­රාල් ලෙස කට­යුතු කළාය.

දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තුව ස්වයං­ක්‍රී­ය­ක­රණ වැඩ­පි­ළි­වෙළේ ව්‍යාපෘති අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස ප්‍රධාන කාර්ය භාර­යක් ඉටු කළ ඇය, විදේශ පුහුණු සැසි­වාර රැස­ක­ටම සහ­භාගී වී තිබේ.

වසන්ති මංච­නා­යක ගම්පහ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලයේ ආදි ශිෂ්‍යා­වක වන අතර කර්මාන්ත කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ආර්ථික විද්‍යා ප්‍රථම උපා­ධි­යත්, ශ්‍රී ලංකා නීති විද්‍යා­ලයේ සුදු­සු­ක­මත් ලැබු­වාය.

කොළඹ පිහිටි HDFC බැංකු මූල­ස්ථා­නයේ දී ඇය වැඩ භාර­ගත් අව­ස්ථා­වට නිවාස සංව­ර්ධන මූල්‍ය සංස්ථාවේ සාමා­න්‍යා­ධි­කාරී සහ ප්‍රධාන විධා­යක නිල­ධාරී පාලිත ගමගේ, ප්‍රධාන විධා­යක නිල­ධාරී එම්. නම්බි­යා­රූ­රන්, මංච­නා­යක මහත්මා සහ පවුලේ ඥාතීහු සහ­භාගී වූහ.

 

ඡායා­රූප- ශාන් රඹු­ක්වැල්ල

Comments