‘ද වෙඩින් ෂෝ’ - 2020 BMICH හිදී | සිළුමිණ

‘ද වෙඩින් ෂෝ’ - 2020 BMICH හිදී

 ශ්‍රී ලංකාවේ වඩාත් කීර්ති­මත් මනා­ලි­යන් ප්‍රද­ර්ශ­නය වන වෙඩින් ෂෝ 2020 පෙබ­ර­වාරි 14 සිට 16 දක්වා පුරා දින තුනක් BMICH හි සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ප්‍රද­ර්ශන මධ්‍ය­ස්ථා­න­යේදී පැවැත්වේ.

Asia Exhibition & Conventions (Pvt)Ltd විසින් සංවි­ධා­නය කරන ලද මෙම ප්‍රද­ර්ශ­නය 13 වතා­ව­ටත් පෙර නොවූ විරූ පරි­ණ­ත­භා­ව­යක් සහ පිළි­ගැ­නී­මක් කරා ළඟා වී ඇති අතර, වාර්ෂි­කව දහස් සංඛ්‍යාත පිරි­සක් ප්‍රද­ර්ශන නැරැ­ඹී­මට පැමි­ණෙනු ඇති අතර, විවාහ මංගල කර්මා­න්තයේ ප්‍රමුඛ පෙළේ සැප­යු­ම්ක­රු­වන්ගේ විශාල නියෝ­ජ­න­යක් සමඟ සම්බ­න්ධවේ.

2020 දී තෝරා­ගත් යුව­ළක් සඳහා ප්‍රද­ර්ශ­න­යේදී නොමිලේ විවාහ මංග­ල්‍ය­යක් ලබා­දීම සඳහා මෙම උත්සය ‘සුභා­සිරි’ සමඟ බැඳී ඇත‍. මෙම අද­හස 2019 ජූලි මාසයේ පැවැති ප්‍රද­ර්ශ­න­යේදී Asia Exhibition & Conventions (Pvt)Ltd කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ‍ටිරෝන් චන්ද්‍ර­සේ­කර මහතා සහ එම්ටීවී/ එම්බීසී හි ප්‍රධාන විධා­යක නිල­ධාරි සුසාරා දිනාල් මහතා විසින් ආරම්භ කරන ලදී. ජන­වාරි 09 වැනි දින හිල්ටන් කොළඹ රෙසි­ඩන්ට් හිදී නොමිලේ විවාහ මංග­ල්‍ය­යක් ලබා­දෙනු ඇති අතර, ප්‍රද­ර්ශ­නය හා බැඳී හිඳින විශ්වා­ස­වන්ත අනු­ග්‍රා­හ­ක­යන් රැසක් ඒ සඳහා දායක වීමට එකඟ වී ඇත.

Comments