රොබෝ ස්වයං­ක්‍රී­ය­ක­ර­ණය හඳුන්වා දුන් ප්‍රථම ජීවිත රක්‍ෂණ සමා­ගම AIA | සිළුමිණ

රොබෝ ස්වයං­ක්‍රී­ය­ක­ර­ණය හඳුන්වා දුන් ප්‍රථම ජීවිත රක්‍ෂණ සමා­ගම AIA

ශ්‍රී ලංකාවේ විශ්‍රාම විස­ඳුම්, සෞඛ්‍ය සහ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමු­ඛ­යෙකු වන AIA රක්ෂණ සමා­ගම, පොටෙන්සා (පෞද්ග­ලික) සමා­ගම සමඟ සහ­යෝ­ගී­තා­ව­ය­කට එලබී ඇත. පොටෙන්සා සමා­ගම රොබෝ ක්‍රියා­වලි ස්වයං­ක්‍රී­ය­ක­ර­ණය (Robotic Process Automation - RPA) ඔස්සේ ව්‍යාපාර ක්‍රියා­ව­ලීන් ස්වයං­ක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම ව්‍යාපා­රික තාක්ෂණ හා රොබෝ ක්‍රියා­වලි ස්වයං­ක්‍රී­ය­ක­රණ සමා­ගම වේ. ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රථම වතා­වට සමා­ග­මක් තම ක්‍රියා­වලි ස්වයං­ක්‍රී­ය­ක­ර­ණය කල මෙම ව්‍යාපෘ­තිය ලොව ප්‍රමු­ඛ­තම ඍජ්ු ස්වයං­ක්‍රී­ය­ක­රණ ක්‍රම­වේ­ද­යක් භාවිතා කර ක්‍රියා­ත්මක කරන ලදී.

සමස්ත ආය­ත­නය පුරා ඵල­දා­යි­තාව ඉහළ නැංවීමේ පර­මා­ර්ථය ඇතිව, තම මෙහෙ­යුම් අංශයේ කාලය වැය වන ක්‍රියා­ව­ලීන් බොහො­ම­යක් ස්වයං­ක්‍රී­ය­ක­ර­ණය කිරීම සඳහා RPA තාක්‍ෂ­ණය යොදා ගැනී­මට AIA මෙම පිය­වර ගෙන තිබේ.

Comments