ශ්‍රී ලාංකික ජනතාවට නිසි සනීපාරක්ෂාවේ පණිවුඩය ගෙනයන හාර්පික් සුවජන මෙහෙයුම යටතේ පාසල්වල සනීපාරක්ෂක පහසුකම් නංවාලීම සහ පාසල් දරුදැරියන්ගේ ආකල්ප සංවර්ධනය ඉලක්ක කරගත් විශේෂ ව්‍යාපෘතියක් බස්නාහිර පළාතේ තෝරාගත් පාසල් ගණනාවක ඉතා සාර්ථකව ක්‍රියාත්මක වී ඇත.
බස්නාහිර පළාත් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක විමල් ගුණරත්න මහතාගේ සංකල්පයක් මත හාර්පික් සහයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ‘සුවජන මෙහෙයුම ඔබේ පාසලට’ ලෙසින් නම් කෙරී තිබුණු අතර බස්නාහිර පළාතේ අවම පහසුකම් සහිත පාසල් ගණනාවක් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කෙරිණි.