ජෝන් කීල්ස් පද­න­මෙන් නව ප්‍රජා මධ්‍ය­ස්ථා­න­යක් | සිළුමිණ

ජෝන් කීල්ස් පද­න­මෙන් නව ප්‍රජා මධ්‍ය­ස්ථා­න­යක්

කොළඹ මහ නගර සභාව, ජෝන් කීල්ස් පද­නම සහ ජෝන් කීල්ස් ප්‍රොප­ටීස් සම­ඟින් එක්ව කොළඹ 02 හි මෙල් පාර්ක් ප්‍රජා මධ්‍ය­ස්ථා­නය විවෘත කරන ලදී.

කොළඹ මහ නගර සභාව සහ කොළඹ නග­රා­ධි­පති රෝසි සේනා­නා­යක මහ­ත්මිය විසින් ආරම්භ කරන ලද එම ව්‍යාපෘ­තිය සඳහා ජෝන් කීල්ස් සමූ­හයේ සමාජ සත්කා­රක අංශය වන ජෝන් කීල්ස් පද­නම අර­මු­දල් සප­යන ලද අතර ජෝන් කීල්ස් ප්‍රොප­ටීස් ආය­ත­නයේ සමාජ වග­කී­මක් ලෙස මෙය ඉදි කරන ලදී. එම ව්‍යාපෘ­තිය, ජෝන් කීල්ස් පද­නමේ ප්‍රජා සවි­බල ගැන්වීමේ වැඩ­ස­ට­හන වන ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩ­ස­ට­හන සම­ඟින් පෙළ­ගැසී ඇත. ඒ ඔස්සේ ජෝන් කීල්ස් සමූ­හයේ ව්‍යාපා­රික ස්ථාන­වල ප්‍රජා­වන් සමඟ දිගු­කා­ලීන සහ තිර­සාර සමාජ බල­ගැ­න්වීමේ ව්‍යාපෘති කෙරෙණු ලැබේ.

ගොඩ­නැ­ගිල්ල සැල­සුම් කිරීමේ සිට මෙම ප්‍රජා මධ්‍ය­ස්ථා­නය සම්බන්ධ සම්පා­දන කට­යුතු, කළ­ම­නා­ක­රණ කට­යුතු සහ භාණ්ඩ සැප­යීම සිදු කර­නු­ලැ­බුණේ කොළඹ මහ නගර සභාව පූර්ණ සහ­යෝ­ගය මත ය.

 

Comments