DHARMA VOICES ඇසු­ණාද ඔබ­ටත්? | Page 2 | සිළුමිණ

DHARMA VOICES ඇසු­ණාද ඔබ­ටත්?

තුන් වෙනු­වෙන් දහම් හඬ හෙවත් (DHARMA VOICES FOR ANIMALS) සතුන්ගේ අයි­ති­වා­සි­කම් මෙන්ම සතු­නට දයාව කරු­ණාව, අවි­හිං­සාව ලබා­දීම වෙනු­වෙන් කට­යුතු කරන ස්වේච්ඡා සංවි­ධා­න­යකි. 2010 වසරේ දී අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යෙහි ඇරැඹි සංවි­ධා­නය මේ වන­විට ලොව පුරා ව්‍යාප්තවී ඇති සතුන් වෙනු­වෙන් පෙනී සිටින සංවි­ධාන අතර ප්‍රමු­ඛ­තම සංවි­ධා­නය බවට පත්වී තිබේ.

පසු­ගිය දා සතුන් සඳහා දහම් හඬ ආය­ත­නය පිළි­බ­ඳත් එහි ඉදිරි ව්‍යාපෘ­තීන් පිළි­බ­ඳත් දැනු­වත් කිරීමේ මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවති අතර, එම සංවි­ධා­නය විසින් ශ්‍රී ලංකාවේ මෙන්ම ආසි­යා­තික බෞද්ධ රට­වල ක්‍රියා­ත්මක කිරී­මට අපේක්ෂා කරන සත්ව හිමි­කම් සුරැ­කීම අර­මුණු කොට­ගත් වැඩ­ස­ට­හන් මෙන්ම සතුන් කෙරෙහි වන දයාව අනු­ක­ම්පාව මෙන්ම ආද­රය වර්ධ­නය කිරීමේ වැඩ­ස­ට­හන් පිළි­බ­ඳත් මෙහිදී කරුණු අනා­ව­ර­ණය විය.

සතුන් සඳහා දහම් හඬ ගොඩ­නැඟී ඇත්තේ බුදුන් වහ­න්සේගේ ධර්මය පද­නම් කොට­ගෙන බැව් එහි සභා­පති අමෙ­රි­කානු ජාතික බොබ් අයි­සැ­ක්සන් පව­සයි. ‘බුදු දහම අනුව සියලු සත්ව­යන් කෙරෙහි කරු­ණාව පැති­ර­විය හැකි බව අපි විශ්වාස කර­නවා. ඒ සඳහා අපගේ ආකල්ප සංව­ර්ධ­නය විය යුතු අතර, චර්යා­වන්ගේ ශික්ෂ­ණ­යක් තිබිය යුතුයි. ඒ සඳහා ධර්ම­යෙහි සඳ­හන් අවි­හිංසා සංකල්ප පිළි­බඳ අව­ධා­නය යොමු කිරීම වඩාත් වැද­ගත් වෙනවා. බුදු­ර­ජා­නන් වහන්සේ ඉගැන් වූ පළමු ශික්ෂා පදය සත්ව හිංස­න­යෙන් වැළ­කී­මයි.‘ මාධ්‍ය අම­ත­මින් බොබ් අසි­සැ­ක්ෂන් පැවැ­සුවේ බෞද්ධ­යකු ලෙස තව­දු­ර­ටත් සත්ව හිංස­න­යට සහාය දෙමින් කට­යුතු කිරීම කෙත­රම් සාධා­ර­ණද යන්න පිළි­බ­ඳයි.

සතුන් වෙනු­වෙන් දහම් හඬ

සතුන් සඳහා දහම් හඬ සංවි­ධා­නය ප්‍රධාන වශ­යෙන් අව­ධාන යොමු කරන්නේ මිනිස් ක්‍රියා­කා­ර­කම් හේතු­වෙන් හිංසා­වට මෙන්ම පීඩා­වට පත්වන සතුන්ගේ ජීව­ත්වීමේ හිමි­කම වෙනු­වෙනි. එසේම පාරි­ස­රික සම­තු­ළිත බව බිඳ­වැ­ටී­මට ප්‍රධාන වශ­යෙන්ම සත්ව හිංස­නය හේතු­වන බව සතුන් සඳහා දහම් හඬ අව­ධා­ර­ණය කරයි. මේ සංවි­ධා­න­යෙහි මෙරට සාමා­ජි­ක­යන් අතර චමිත් නානා­ය­ක්කාර ක්‍රියා­කාරී සාමා­ජි­ක­යෙකි. ඔහු පව­සන්නේ ‘සතුන් අත­රින් මිනි­සාට වඩාත් සමී­ප­තම සත්වයා බල්ලා, නමුත් රටක් විදි­හට වසර ගණ­නා­වක් පුරා බලු ගහ­නය පාල­නය කිරීම සඳහා අප තෝරා­ගත් ක්‍රමය වූයේ අයාලේ යන බල්ලන් නැත­හොත් හිමි­ක­රු­වන් නැති බල්ලන් මර­ණ­යට පත් කිරී­මයි. නමුත් එය ඉතා­මත් හිංසා­කාරී තත්ත්ව­යක් බැව් අව­ධා­ර­ණය කිරී­මෙන් අන­තු­රුව බලු ගහ­නය පාල­නය කිරීම සඳහා බැල්ලන් සැත්ක­මට ලක්කි­රීමේ ව්‍යාපෘ­ති­යක් ක්‍රියා­වට නැංවූවා. ඒ සඳහා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ සහාය ලබා ගනි­මින් දියත් කළ වැඩ­ස­ට­හන ඉතා­මත් සාර්ථක වූ ව්‍යාපෘ­ති­යක්.

සතුන්ගේ ජීව­ත්වීමේ අයි­තිය

මේ ව්‍යාපෘ­තිය නිසා වස­ර­කට මර­ණ­යට පත් කළ බල්ලන්ගේ ජීවිත සුර­ක්ෂිත කිරී­මට මෙන්ම ඒ හේතු­වෙන් ඇති වූ සෞඛ්‍ය ගැටලු අවම කිරී­ම­ටත් අපි සම­ත්වුණා. ‘වෛද්‍ය­ව­ර­යකු ලෙස බල්ල­කුගේ කුකු­ළ­කුගේ පපු­වට වෙද­න­ලාව තැබූ­විට නැඟෙන ශබ්ද­ය­මයි මට මිනි­ස­කුගේ හද­ව­තින් ඇසෙ­න්නේත්, රෝගීව අස­රණ වූ බල්ලෙක්, පූසෙක්, හර­ක­කුගේ අස්වල තිබෙන අස­ර­ණ­කම රෝගී මිනි­ස­කුගේ අස්වල සට­හ­න්වෙලා තිබෙන අස­ර­ණ­ක­මට වැඩි වෙන­සක් නැති බව මට බොහෝ­විට හැඟෙන කරු­ණක්, සතුන්ගේ ජීව­ත්වීමේ අයි­තිය පිළි­බඳ අප සිතිය යුත්තේ මේ හේතු නිසායි. ලෝකයේ සම­තු­ළිත බව රැකී­මට සියලු ජීවීන්ගේ පැවැත්ම තහ­වුරු කළ යුතු වෙනවා. ගෝලීය සම­බර බව ස්වභා­වි­කව ආර­ක්ෂා­වී­මට නම් සෑම සත­කු­ගේම ස්වභා­වික පැවැත්ම ඉතා­මත් වැද­ගත් වෙනවා. ඒ වෙනු­වෙන් කට­යුතු කිරීම සතුන් වෙනු­වෙන් පෙනී සිටීම පම­ණක් නොවෙයි. ස්වභාව ධර්මයේ පැවැත්ම වෙනු­වෙන් කට­යුතු කිරී­මක් ලෙස හැඳි­න්විය හැකියි. ගහ කොළ, ඇළ, දොළ, වඳවී යන සත්ව­යන් පම­ණක් නොවෙයි ජීව­යක් සහිත සෑම සත­කු­ගේම ජීව­ත්වී­මට ඇති හිමි­කම පිළි­බ­ඳයි අපි කතා කරන්නේ. බුදු­න්ව­හන්සේ දේශනා කළ කරු­ණාව මෙන්ම මෛත්‍රිය, අවි­හිං­සාව යොමු වුණේ සීමිත තෝරා­ගත් සත්ව­යන් කොට­සක් වෙනු­වෙන් නොවෙයි. සියලු සත්ව­යන් වෙනු­වෙ­නුයි.‘ වෛද්‍ය චමිත් නානා­ය­ක්කාර මහතා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

සතුන් සඳහා දහම් හඬ සංවි­ධා­න­යෙහි උප­දේ­ශක ආනන්ද මාහිං­කන්ද මහතා මාධ්‍ය අම­ත­මින් පැවැ­සුවේ මස් මාංශ මෙන්ම කිරි වර්ග ප්‍රමුඛ කොට­ගත් සත්ව ආහාර පුරුදු වෙනස් කිරී­මෙන් වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි­යක් ගත කළ හැකි බවයි. විශේ­ෂ­යෙන්ම බෝ නොවන මාරා­න්තික රෝග වළක්වා ගැනී­මට නිර්මාංශ හේතු මූලික සාධ­ක­යක් වන බවයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ වැඩ­ස­ට­හ­නක් සතුන් සඳහා දහම් හඬ සංවි­ධා­නය, ආසි­යාව ප්‍රමුඛ කොට­ගත් වැඩ­ස­ට­හන් රාශි­යක් මේ වන­වි­ටත් අරඹා තිබේ. තායි­ල­න්තය, මිය­න්මා­රය ආදී රට­වල වැඩ­ස­ට­හන් මේ වන­වි­ටත් වඩාත් සක්‍රිය මට්ට­මක පව­තින බවයි සභා­පති බොප් පව­සන්නේ. මේ වැඩ­ස­ට­හ­නෙහි පැවිදි අනු­ශා­සක ලෙස කට­යුතු කරන අමෙ­රි­කාවේ ත්‍රිපල් ජෙම් ඔෆ්ද නෝර්ත් විහා­ර­යෙහි ප්‍රධානි පේරා­දෙ­ණියේ සති­න්ද්‍රිය හිමි පව­සන්නේ පෙර­දි­ගට වඩා වේග­යෙන් බට­හිර ජාති­ක­යන් නිර්මාංශ බව පිළි­බඳ විශ්වා­ස­යෙන් යුතුව කට­යුතු කරන බව අත්දැ­කී­මෙන් හඳු­නා­ගත් බවයි.‘ නිර්මාංශ බව තව­දු­ර­ටත් පෞද්ග­ලික කට­යු­ත්තක් සේ සලකා නිහ­ඬව නොසි­ටිය යුතු අතර, ඒ සඳහා අන් අය තුළද පෙළ­ඹ­වී­මක් ඇති කිරී­මට කාලය එළඹ ඇතැයි උන්ව­හන්සේ පව­සති. බුදු­න්ව­හන්සේ තුළ පැවැති මහා කරු­ණාව පිළි­බඳ යම් පම­ණ­කින් හෝ අව­බෝධ කර­ගැ­නී­මට හැකි­නම් සතුන් ඝාත­නය කිරීම සඳහා සහාය වන්නේ කෙසේද? උන්ව­හන්සේ විම­සති. නිර්මාං­ශ­වී­මෙන් මෛත්‍රිය වඩාත් හොඳින් ප්‍රගුණ කිරී­මට හැකි­යාව ලැබෙන බව උන්ව­හ­න්සේගේ අද­හ­සයි.

සතුන් සඳහා දහම් හඬ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ වැඩ­ස­ට­හන් මේ වන­විට අරඹා ඇති අතර, නිර්මාංශ බව මෙන්ම සත්ව හිමි­කම් සුරැ­කීම සඳහා දැනුම ලබා දෙන මේ වැඩ­ස­ට­හන් දහම් පාසල් ප්‍රමුඛ කොට ගෙන පැවැ­ත්වෙයි. දහම් පාසල් දරු­වන්ට අවශ්‍ය දැනුම මෙන්ම අව­බෝ­ධය ලබා­දී­මෙන් සතු­නට ආදය, කරු­ණාව, මෛත්‍රිය දක්වන අනා­ගත පර­පු­රක් ඇති කිරීම මේ ව්‍යාපෘ­තියේ අර­මුණ වී තිබේ.

Comments