සුපිරි බල­ව­තාගේ සළු­පට ගැලවූ වෝටර්ගේට් හඬ­පට සිද්ධිය | Page 2 | සිළුමිණ

සුපිරි බල­ව­තාගේ සළු­පට ගැලවූ වෝටර්ගේට් හඬ­පට සිද්ධිය

1972 ජුනි 17 වැනි දා උදෑ­සන ය. වෙනදා මෙන්ම හිරුගේ අරු­ණා­ලෝ­කය අමෙ­රි­කාවේ වොෂිං­ටන් ඩීසී හි අහ­සට දෙසට නැගී සිටි අක්කර 10ක් පුරා විසිර තිබූ සුඛෝ­ප­භෝගී ගොඩ­නැ­ගිලි සංකී­ර්ණයේ කවුළු අත­රින් ද වැටී තිබුණි. වෝට­ර්ගේට් ගොඩ­නැ­ගිලි සංකී­ර්ණයේ කාර්යාල ගොඩ­නැ­ගි­ල්ලෙහි 6 වැනි මහලේ පිහිටි තම ප්‍රධාන කාර්යා­ල­යට එදින සුපු­රුදු රාජ­කාරි කට­යුතු සඳහා ආවේ රටේ බහු­තර බලය පතු­රු­වා­ගෙන සිටි ප්‍රජා­තා­න්ත්‍රික ජාතික කමි­ටුවේ (Democratic National Committee (DNC)) සාමා­ජි­කයෝ ය. එකි­නෙ­කාට සුබ දව­සක් පත­මින් ඔවුන් සිය දෛනික රාජ­කාරි ඇර­ඹීය. ගත­වූයේ සුළු වේලා­වකි. ඒ වෙත කඩා වැදුණේ ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් රොත්තකි. විනාඩි කිහි­ප­යක් ගත­වී­මට පෙර එහි සිටි ගෙවල් බිදින සොරුන් කිහිප දෙනකු වහ වහා අත්අ­ඩං­ගු­වට ගත්තේය. ඒ ආර­ම්භ­යක් පම­ණකි. අමෙ­රි­කානු දේශ­පා­ල­නය උඩු යටි­කුරු කළ 'වෝට­ර්ගේට් පාවා­දීම' නම්වූ අමෙ­රි­කානු ඉති­හා­ස­යට දැවැන්ත කළු පැල්ල­මක් එක්කල මහා වංචාව හෙළි­වීමේ ඇර­ඹු­මය.

වෝට­ර්ගේට් ගොඩ­නැ­ගිලි සංකී­ර්ණය පිළි­බද නොවූව ද එව­කට දේශ­පා­ලන බල­කො­ටු­වක් වූ ඩීඑන්සී ප්‍රධාන කාර්යා­ලය එහි පැව­තී­මත් පළමු අත්අ­ඩං­ගු­වට ගැනීම් එහි සිට ඇර­ඹී­මත් නිසා මෙම විම­ර්ශන ගොනුව ද නම් කෙරුණේ 'වෝට­ර්ගේට් පාවා­දීම' ලෙසයි. අමෙ­රි­කානු ඉති­හා­ස­ය­ටම කළු පැල්ල­මක් එක් කළ එම පාවා­දීම පිළි­බද සියල්ල ඇ‌රඹෙන්නේ 'රහ­සි­ග­තව පටි­ගත කරන ලද සංවාද හඩ­පට' විශාල ප්‍රමා­ණ­යක එක­තු­ව­කිනි. ඒ සිය­ල්ලෙහි ප්‍රති­ඵල වූයේ එව­කට අමෙ­රි­කාවේ ඉහ­ළම පුටු­වල තන­තුරු දැරූ නීති­පති, බුද්ධි අංශ ප්‍රධානි ආදි රටේම ආර­ක්ෂාව, නීතිය, දේශ­පා­ල­නය අත­දරා සිටි­ය­වුන්ගේ ඉර­ණම සිර කද­වුරු තුළ ගෙවිය යුතු බවට තීර­ණය වීමය. අව­සාන ප්‍රති­ඵ­ලය ‌වූයේ පළමු වතා­වට ඇමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ ඉල්ලා අස්වීම ඉති­හා­ස­යට එක් කර­මින් 1974 අගෝස්තු 9 වැනිදා රිචඩ් නික්සන් තමන් විසින් පටි­ගත කළ සංවාද දහස් ගණ­නක හඩ­පටි නීතිය හමු­වට දී ජන­පති පුටුව හැර­දමා යාමය.

රහ­සි­ගත සංවාද

එව­කට අමෙ­රි­කාව පාල­නය කළේ 37 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දෙවන වර­ටත් පත්වූ රිප­බ්ලි­කන් පක්ෂ­යෙන් ආ රිචඩ් නික්සන් ය. එකල විය­ට්නාම යුද්ධ­ය­කට මැදි­වීම නිසාත් අම­රි­කාව තිබුණේ බෙදීම්, ආර­වුල් අත­රින් ඉතා බර­ප­තළ අඩි­යක ය. රිප­බ්ලි­කන් අපේ­ක්ෂ­ක­ය­කුව සිටි නික්සන්ගේ මැති­ව­රණ ව්‍යාපා­රය වෙනු­වෙන් වෝට­ර්ගේට්හි පිහිටි ඩීඑන්සී සංවාද සිය­ල්ලෙහි හඩ, ලිය­කි­ය­විලි පිට­පත් නික්සන් වෙත රහ­සි­ග­තව ලැබී තිබූ නිසා නික්සන්ගේ මැති­ව­රණ ජය තහ­වුරු විය. ඒ වෙනු­වෙන් නික්සන් ඉතාම ජුගු­ප්සා­ජ­නක පිය­වර පවා ගෙන තිබූ බවට පසුව හෙළි­විය. නික්සන් එව­කට සිටියේ බල උද්ධා­මයේ උච්ඡ­තම අව­ධි­යේය. ඒ තමාගේ දේශ­පා­ලන ස්ථාව­ර­ත්වය කිසි­සේත් බිදිය නොහැ­කිය යන චේත­නාවේ ය. එහෙත් වෝට­ර්ගේට් මහා පාවා­දීම ආව­ර­ණය කිරීම හේතු­වෙන් නික්සන් වර­ද­ක­රු­වකු විය.

දෙවන වර­ටත් පත්වීම වෙනු­වෙන් නොඉ­ව­සි­ල්ලෙන් සිටි රිචඩ් නික්සන්ගේ මැති­ව­රණ ව්‍යාපාර උප­දේ­ශ­ක­යන් අව­ධා­ර­ණය කර තිබුණේ 1972 ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් වඩාත් බල­පෑ­ම්ස­හ­ගත ව්‍යාපා­ර­යක් අවශ්‍ය බවය. ඒ වෙනු­වෙන් ඔවුන් තෝරා­ගත්තේ නීති­වි­රෝධී, ආක්‍ර­ම­ණ­ශීලී, රහස් ඔත්තු බැලීමේ අය­හ­පත් උප­ක්‍රම කිහි­ප­යකි. ඒ සඳහා වෝට­ර්ගේට් කාර්යාල සංකී­ර්ණයේ පිහිටා තිබූ ප්‍රති­වාදී ඩීඑන්සී කාර්යා­ලය තුළ සිදු­වන සංවාද රහ­සින් අස­න්නට, ඇම­තුම් පටි­ගත කර­න්නට, එහි ලිය­කි­ය­විලි පිට­පත් රහසේ ගෙන්වා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නික්සන් ඇතුළු සග­යින් විසින් ක්‍රියා­ත්මක කළේය. ප්‍රති­වා­දීන්ට අප­හාස කිරීම, එම නිල­ධා­රීන්ට හිංසා කිරීම ආදී ඉතා අපි­රි­සිදු උප­ක්‍රම පවා මෙම ව්‍යාපා­රය තුළ සිදු­කි­රී­මට නික්සන් නොපැ­කි­ළව කට­යුතු කර තිබුණි. වෝට­ර්ගේට් ඩීඑන්සී කාර්යා­ලයේ රහ­සි­ග­තව සගවා තිබූ පටි­ගත කිරීමේ යන්ත්‍ර අව­හිර වීම නිසා ජුනි 17 වැනිදා නික්සන්ගේ පාර්ශ්ව­යෙන් ‌ගෙවල් බිදි­න්නන් 5 දෙනෙක් එම කාර්යා­ල­යට යැවීය. සැල­සුම වී තිබුණේ කාර්යා­ලයේ දොර අගුල් කිහි­ප­ය­කට හා ඇතු­ළත ස්ථාන කිහි­ප­යක රහ­සි­ග­තව අලුත් මයි­ක්‍ර­ෆෝන් සවි­කි­රී­ම­ටය.

ඉතා සුළු සාක්ෂි­යක්

එහෙත් වෝට­ර්ගේට් කාර්යා­ලය ආර­ක්ෂ­කයා එදා උදෑ­ස­නම කාර්යා­ලය තුළ සැරි­ස­ර­මින් සිටි­යදී දොර­වල් කිහි­ප­යක අගු­ලු­වල ටේප් අලවා තිබෙනු දැක තිබුණි. වහා පොලී­සි­යට ඇමතූ ඔහු නිල­ධා­රීන් ගෙන්වා ගත්තේය. පටි­ගත කිරීමේ යන්ත්‍ර සවි­කි­රී­මට ආ නික්සන්ගේ ගෙවල් බිදි­න්නන් අත්අ­ඩං­ගු­වට ගැනුණි.

මෙම ගෙවල් බිදි­න්නන් අත්අ­ඩං­ගු­වට ගැනුණ ද මෙත­රම් වංචා­වක් හෙළි­වී­මට පට­න්ගත්තේ ඉතාම සුළු සාක්ෂි­යක් මතු­වීම නිසයි. ඒ සැක­ක­රු­වන්ට අයත්ව තිබූ භාණ්ඩ කිහි­ප­යක් ආර­ක්ෂක අංශ භාර­යට ගත් අතර ඔවුන් සතුව ධවල මන්දි­රයේ දුර­ක­තන අංක හා මැති­ව­රණ යළි තෝරා­ගැ­නීමේ කමි­ටු­වට අදාළ ලිය­කි­ය­වි­ලි­වල පිට­පත් කිහි­ප­යක් හමු­වී­මෙනි. අගෝ­ස්තු­වේම ජන­තාව අම­ත­මින් ජන­පති නික්සන් කීවේ ඩීඑන්සී කාර්යා­ලය බිදී­මට තම ධවල මන්දිර සේව­ක­යන්ගේ සම්බ­න්ධ­යක් නොමැති බවයි. ඡන්දෙන් යළිත් මහ ඉහ­ළින් ජය­ගත් ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කතාව ජන­තාව ද පිළි­ගත්තේ ය. එතැ­නින් නොනැ­වතී එම සැක­ක­රු­වන්ට ඩොලර් දහස් ගණ­නින් ලබාදී ඔවුන් නිහඩ කිරීමේ වැයමේ ද ජන­පති නික්සන් යෙදී සිටියේ සිය­ල්ලන්ට රහ­සේය. නික්සන් අමෙ­රි­කානු මධ්‍යම බුද්ධි ඒජ­න්සිය හෙවත් සී.අයි.ඒ වෙත අණ දුන්නේ එෆ්.බී.අයි විසින් මේ පිළි­බද කරන විම­ර්ශ­න­ව­ලට බාධා කරන ලෙසයි. එය ප්‍රති­වාදී වෝට­ර්ගේට් කාර්යා­ලය බිද­දැ­මී­මට වඩා බර­ප­තළ වංචා­වක් විය. එහිදී වෝට­ර්ගේට් සම්බන්ධ සිද්ධි­යට අදා­ළව කුම­න්ත්‍ර­ණ­ක­රු­වන් හත් දෙනෙ­කුට එරෙ­හිව නඩු පවරා තිබේ. නික්සන්ගේ සහා­ය­ක­යින්ගේ ඉල්ලීම පරිදි, පස්දෙ­නෙක් නඩු විභා­ග­යෙන් වැළකී පෙර­දීම වරද පිළි­ගත්හ. අනෙක් දෙදෙනා 1973 ජන­වාරි මාස­යේදී වර­ද­ක­රු­වන් බවට පත්විය.

වංච­නික ක්‍රියා

නික්සන් වැරදි වසා ගැනී­මට දිගින් දිග­ටම වංච­නික ක්‍රියා­වල නිරත විය. විම­ර්ශන, ජන­තාව, රජය පවා නික්සන්ගේ ගැට­ව­ලට හසු­වෙ­මින් නික්සන් නිවැ­ර­දි­ක­රු­වකු බවට හඹා­ය­මින් සිටින අව­ධි­යක ජන­පති නික්සන් සියල්ල පටි­ගත කොට තම වැරදි වසා ගැනීමේ සැල­සුම සිදු­කළ ආකා­රය අනා­ව­ර­ණය කර­ගැ­නීම උදෙසා මූලික වූයේ මාධ්‍ය­වේ­දීන් දෙදෙ­නෙකි. ඒ වොෂිං­ටන් පෝස්ට්හි බොබ් වූඩ්වර්ඩ් හා කාල් බර්න්ස්ටෙ­යින් ය. ඔවුන්ට නාදු­නන හෙළි­ද­ර­ව්ක­ර­න්නකු විසින් තොර­තුරු ලබා­දෙ­න්නට විය. එම හෙළි­ද­රව් කරන්නා තමා හදුන්වා ගත්තේ “Deep Throat” නමිනි. ඔහු විසින් ලබා­දුන් තොර­තුරු ඔස්සේ ගිය බොබ් සහ කාල් සිය­ල්ලෙහි මූලික රහස් හෙළි­ද­රව් කර­ග­න්නට පටන් ගත්තේ ය.

ධවල මන්දිර උප­දේ­ශක ජෝන් ඩීන් ඇතුළු නික්සන්ගේ සහා­ය­ක­යින් අත­ළො­ස්සක් ජනා­ධි­ප­තිගේ අප­රාධ සම්බන්ධ ජූරි සභා­වක් ඉදි­රියේ සාක්ෂි දුන්හ. ධවල මන්දි­රයේ ඕවල් කාර්යා­ලයේ සිදු වූ සෑම සංවා­ද­යක්ම ජන­පති නික්සන් රහ­සි­ග­තව පටි­ගත කර ඇති බව ඔවුහු සාක්ෂි දුන්හ. නඩු පව­ර­න්නන්ට එම හඩ­පටි ලබා­ගත හැකි නම්, ජනා­ධි­ප­ති­ව­ර­යාගේ වරද පිළි­බඳ සාක්ෂි ඔවුන් සතු වනු ඇති බව ඔවු­න්ගෙන් අනා­ව­ර­ණය විය. ඔවු­න්ගෙන් හෙළිවූ පරිදි නික්සන්ගේ 'සංවාද පටි­ගත කිරීමේ සිද්ධි මාලාව' ඇර­ඹෙන්නේ කලක සිටය.

සෝනි ටීසී-800බී යන්ත්‍ර

1969 දී නික්සන් තම කාර්ය මණ්ඩ­ලය ප්‍රධා­නි­යා­ගෙන් දැන­ගත්තේ ධවල මන්දි­රයේ සාකච්ඡා හා දුර­ක­තන සංවාද පටි­ගත කළ ලින්ඩන් ජොන්සන් ගැනය. නික්සන් හොඳින් කල්පනා කර බලා පෙර පැවැති පටි­ගත කිරීමේ යන්ත්‍ර සියල්ල ඉවත් කිරී­මට අණ දුන්නේය. ඒ වෙනු­වට 1971 දී අමෙ­රි­කානු ධවල මන්දි­රයේ අස්සක් මුල්ලක් නෑර සිය­ලුම දුර­ක­තන, ඕවල් කාර්යා­ලයේ, ජන­පති කාර්යාල මේසයේ, කාම­ර­වල පවා රහ­සි­ගත ලෙස මයි­ක්‍ර­ෆෝන් සවි කොට පටි­ගත කිරීමේ සැල­සු­මක් ක්‍රියා­ත්මක කිරී­මට අණ දෙන්නේ ජන­පති රිචඩ් ඩික්සන්ම ය. ඒ අනුව ඔහුගේ දුර­ක­තන සංවාද පම­ණක් නොව, ධවල මන්දි­රය තුළ සිදු­වන සිය­ලුම සාකච්ඡා, සංවාද, පවුලේ සංවාද සියල්ල රහ­සි­ග­තව පටි­ගත කෙරිණි. සෝනි ටීසී-800බී යන්ත්‍ර­ව­ලින් මේවා පටි­ගත කෙරුණි. ඒවා පටි­ගත කිරීම නැව­තෙන්නේ 1973 ජුලි 18 වැනිදා ය. ඒ වෝට­ර්ගේට් සිද්ධිය ප්‍රසිද්ධ වී ඒ සම්බ­න්ධ­යෙන් විභාග කිරී­මට සෙනෙට් කමි­ටු­වක් පත්ක­ළා­යින් පසු­වය. පැය 3500ක් පුරා දිවූ සංවාද ගොන්නක් එහිදී අනා­ව­ර­ණය වූ අතර වෝට­ර්ගේට් සිද්ධි­යට අදා­ළව පැව­තියේ පැය 200ක් පම­ණක් වූ අතර මහ­ජන ප්‍රසි­ද්ධි­යට හා පිට­පත් බවට පත්වූයේ ඉන් 5%ක් පම­ණකි. සෙසු ‌සියලු සංවාද විදේශ ප්‍රති­ප­ත්ති­ව­ලට අදාළ සංවාද බවට හෙළි­විය. ඉහත කමි­ටුව විසින් හඩ­පටි අනා­ව­ර­ණය කර­ගැ­නීම අත­ර­තු­රදී නික්සන්ගේ ලේක­ම්ව­රි­යගේ අත්වැ­ර­දී­ම­කින් හෙළිවූ මකා දමන ලද හඩ­පටි කොටස් සෙවී­මට කමිටු පත්කර තිබුණේ ද ජන­ප­ති­ව­රයා විසිනි. පසුව තහ­වුරු වූයේ ඒවා මකා­දැ­මුයේ ද ජන­ප­ති­ව­රයා විසින්ම බවය.

කළු සෙන­සු­රාදා

නික්සන් විසින් හැම සංවා­ද­යක්ම රහ­සි­ග­තව පටි­ගත කළ හඩ­පටි ගොන්න තව­දු­ර­ටත් පරි­ස්ස­මින් තබා­ගැ­නීමේ අර්බු­ද­ය­කට නික්සන් මුහු­ණ­පෑ­වේය. ඔහුගේ නීති­ඥ­යන් තර්ක කළේ ඒවා හෙළි­නො­කර සිටීමේ නික්සන්ගේ තීර­ණය ජනා­ධි­ප­ති­ව­ර­යාගේ විධා­යක බල­ත­ල­ව­ලට අනු­මත දෙයක් බවයි. නමුත් විනි­සුරු සිරිකා, ආර්කි­බෝල් කොක්ස් සහ සෙනෙට් කමි­ටුව ඒක­ම­තික තීර­ණ­යක් ගත්තේ කෙසේ හෝ හඩ­පට ලබා­ගැ­නී­ම­ටය. ජන­පති නික්සන් විසින් කොක්ස්‌ ­සේ­ව­යෙන් පහ කළේය. ඒ 1973 ඔක්තෝ­බර් 20 වැනි­දාය. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ ඇතැම් නිල­ධා­රීන් ඉල්ලා අස්විය. එම දිනය හැදි­න්වෙන්නේ 'කළු සෙන­සු­රාදා සංහා­රය' ලෙසයි. අව­සා­නයේ ජන­පති හඩ­පටි කිහි­ප­යක් පම­ණක් දීමට කැමති විය. නමුත් පසුව මතුවූ තත්ත්වය සමග ජන­පති නික්සන්ට එරෙහි දෝශා­භි­යෝ­ග­යක් වෙනු­වෙන් පාර්ලි­මේන්තු අධි­ක­රණ කමි­ටුව අත්සන් තැබීය. ඒ ජනා­ධි­ප­ති­ව­රයා විසින් අධි­ක­රණ කට­යු­තු­ව­ලට බාධා කිරීම, බලය අනිසි ලෙස යෙද­වීම හා අප­රාධ වසා ගැනීම ඇතුළු අප­රාධ කිහි­ප­ය­කට චෝදනා කර­මිනි.

අව­සා­නයේ ජන­පති නික්සන් සියලු හඩ­පට 1974 අගෝස්තු 5 වැනිදා අනා­ව­ර­ණය කළේය. එම­ගින් දෝශා­භි­යෝ­ගයේ සියලු චෝදනා සම්මත වීමට තරම් සාක්ෂි තිබුණි. එබැ­වින් 8 වැනිදා ඔහු ඉල්ලා අස්විය. සති 6කට පසුව උප ජනා­ධි­පති ජෙරල්ඩ් ෆෝර්ඩ් ජනා­ධි­ප­ති­ව­රයා ලෙස දිවු­රුම් දුන්නේය. ඔහු විසින් නික්සන් ධුර­කා­ලයේ සිටි­යදී කළ සිය­ලුම වැරදි සඳහා සමාව දී තිබුණි. නමුත් නික්සන්ගේ සහා­ය­ක­යන්ට තත්ත්වය එත­රම් යහ­පත් නොවීය. ඔවුන් බර­ප­තළ අප­රාධ චෝදනා ඇතිව සිර­ගත විණි. නික්සන් පාලන සමයේ අමෙ­රි­කාවේ නීති­ප­ති­ව­රයා වූ ජෝන් මිචෙල් 19 මාස­ය­කට සිර­ගත කෙරිණි. වෝට­ර්ගේට් මහ මොළ­කරු ලෙස සැළ­කෙන නික්සන්ගේ එෆ්බී­අයි නියෝ­ජිත ගෝර්ඩන් ලිඩී වසර 4 හමා­ර­කට සිර­ගත විය. නික්සන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධා­නියා වන එච්ආර් හාඩ්මන් 19 මාස­යක් සිර­ගත කෙරිණි. ජන­පති උප­දේ­ශක ජෝන් ආර්ලි­ක්මන් මාස 18කට සිර­ගත වූයේ වෝට­ර්ගේට් කාර්යා­ලය බිදීමේ සිද්ධිය වසා­දැ­මී­මට උත්සහ කිරී­මට ය. නික්සන් කිසිදු සාප­රාධී වර­දක් කිසි­වි­ටෙ­කත් පිළි­ගත්තේ නැත. තමන් දුර්වල විනි­ශ්චය නිසා වැරදි තීන්දු ගත් බව පම­ණක් පිළි­ගෙන තිබුණි. දිවි නොතකා වෝට­ර්ගේට් පාවා­දීම හෙළි­කළ මාධ්‍ය­වේ­දීන් දෙදෙනා විසින් ලියන ලද, පසු­කා­ලී­නව අලෙවි වාර්තා තැබූ කෘති­යක් වන “All the President’s Men” කෘතිය පුලි­ට්සර් සම්මා­න­යෙන් පිදුම් ලැබීය. මේ සියල්ල මාධ්‍ය­වේ­දීන්ට හෙළි­කළ නාදු­නන හෙළි­ද­රව් කරන්නා වූ “Deep Throat” නමැ­ත්තාගේ සැබෑ අන­න්‍ය­තාව 2005 ව‌සරේ­දීය හෙළි­විය. ඔහු එෆ්බී­අයි රහස් ඔත්තු සේවයේ හිටපු සම-අධ්‍යක්ෂ මාර්ක් ෆෙල්ට් ය.

රිචඩ් නික්සන් සිය ජනා­ධි­පති බලය අයුතු ලෙස පරි­හ­ර­ණය කිරීම නිසා ඇම­රි­කානු දේශ­පා­ලන ජීවි­ත­යට එය දිගු­කා­ලීන බල­පෑ­මක් ඇති කළේය. බොහෝ ඇම­රි­කා­නු­වන් විය­ට්නාම් යුද්ධයේ ප්‍රති­ඵල ගැන දැඩි ලෙස කල­කි­රී­මට පත්ව සිටි අතර රොබට් එෆ්. කෙනඩි, මාටින් ලූතර් කිං සහ අනෙ­කුත් නාය­ක­යින්ගේ ඝාතන ගැන කණ­ගා­ටු­වට පත්ව සිටි­යද, වෝට­ර්ගේට් පාවා­දීම හේතු­වෙන් එරට ජාතික වශ­යෙන් පැවැති අර්බු­ද­කාරී වාතා­ව­ර­ණ­යට අත­ර­තුර ඊට පෙර දශ­කය පිළි­බද බර­ප­තළ කම්ප­න­යක් ඇති කර­න්නක් විය. එප­ම­ණක් නොව, අමෙ­රි­කානු විධා­ය­කය, අධි­ක­ර­ණය, ආර­ක්ෂක අංශ මෙන්ම මුළු­ම­හත් රටේ පරි­පා­ලන පද්ධ­ති­යම දෙද­ර­ව­මින් නරු­ම­වා­දයේ හා අවි­ශ්වා­සයේ වාතා­ව­ර­ණ­යක් නිර්මා­ණය කළේය. එ පම­ණක් නොව ලෝකය හමුවේ අමෙ­රි­කාව කළු පැහැ­යෙන් ඉති­හා­ස­ගත කෙරිණි. වත්මන් ලෝක දේශ­පා­ලන මඩ­ගො­හො­රුව තුළ, ජන­තාව ගිල්වා බල කෑද­ර­කමේ ගිජු ලිහි­ණින් ගොදුරු සොය­මින් අද­ටත් අහසේ පියා­සර කිරී­මට එදා අමෙ­රි­කාවේ සිදුවූ වෝට­ර්ගේට් පාවා­දීම මග කීවේ­දැයි අනි­යත බියක් නූප­දින්නේ ද?

Comments