සුපිරි කාර් වෙනු­වට සරල කාර් හදා­ගන්නා මියැ­න්මා­රයේ මිනිස්සු | සිළුමිණ

සුපිරි කාර් වෙනු­වට සරල කාර් හදා­ගන්නා මියැ­න්මා­රයේ මිනිස්සු

 

දා බුරු­මය ලෙස හැඳින්වූ රට අද හඳු­න්වන්නේ මියැ­න්මා­රය ලෙසිනි. ලෝකයේ රට­වල් අතර බෞද්ධ ධර්මය ගෞර­වා­න්විත ලෙසින් අද­හන රටක් ලෙස මිය­න්මා­රය හඳුන්වා දිය හැකිය. සිය­යට 88ක් පමණ බෞද්ධ­යන් වෙසෙන මිය­න්මා­රය ලෝකයේ කුල භේදය නොස­ල­කන එකම බෞද්ධ රට ලෙසින්ද හැඳින්වේ.

 

දිළි­ඳු­කමේ අන්ධ­කා­රය තව­මත් මියැ­න්මා­රය වෙළා­ගෙන සිටී. එසේ කියා ඔවුන්ට දිළිඳු බවේ ළිං පතු­ලේම සිටිය නොහැ­කිය. වේග­යෙන් දුවන ලොකය සමඟ ගැටිය යුතු­යත. එසේ නැති වුවත් ජීවි­තය වෙනු­වේන අඹු දරු­වන් වෙනු­වෙන් ජීවන සටනේ නිරත විය යුතුය. ඔවුන් එහිදී සරල ලෙස ඔවුන් සතුව පව­තින තාක්ෂ­ණය තමන්ගේ ජීවන රටා­වට ගැල­පෙන සේ සකස් කර ගෙන ඇති ආකා­රය සිත් ගන්නා සුළුය. පසු­ගි­යදා මිය­න්මා­රයේ සංචා­ර­යක යෙදුණ මාගේ දුටු සිත් ගත් එවැනි අත්දැ­කී­මක් වූයේ ඔවුන් ප්‍රවා­හ­නය සම්බ­න්ධ­යන් සිදු කර­ගෙන තිබෙන තාක්ෂ­ණික අනු­ව­ර්ත­න­යන්ය. යැන්ගුන් වැනි නගර සහ ඒ ආශ්‍රි­තව සුපිරි පන්නයේ නවීන මෝටර් රථ සුල­බය. එහෙත් රට ඇතු­ළට වන්න්ට වන්නට එවැනි මෝටර් රථ වෙනු­වට දැකිය හැක්කේ පැරණි වාහ­නය. ඔවුන් තම වානිජ කට­යුතු සඳහා ඉතා පැරණි වාහන භාවිත කරනු දැකිය හැකිය. ඒවා මේ වන­විට නිෂ්පා­ද­කයා සතු­ව­වත් නැති තරම් පැරණි ඒවාය. මේ වාහන ගැන විශේෂාංග බට­හිර මාධ්‍ය­ව­ලද කිහිප වරක්ම පළ විය.

මිය­න්මා­රයේ ශ්‍රී ලංකා තානා­පති නන්දි­මිත්‍ර ඒක­නා­යක මහතා පව­සන්නේ දුප්ප­ත්කමේ රේඛා­වෙන් පහ­ළට වන්නට මිය­න්මාර ජන­තා­ව­ගෙන් 25.6%ක් සිටින බවයි. එය ශ්‍රී ලංකාවේ වාර්තා වන්නේ 6%ක් පමණ ලෙසිනි. එයින් මිය­න්මා­රයේ ග්‍රාමීය ජන­තා­වගේ දියු­ණුව සිතා ගැන්මට හැකිය. තව­මත් සරම සහ කමි­සය ඇඳ පැළඳ පාරට බසින මිය­න්මාර පිරිමි ජනයා මෙන්ම බුදු හිමිගේ දහ­මට අනුව අංග සම්පූ­ර්ණ­යෙන්ම සිරුරේ වසා ගත යුතු ස්ථාන 5ම වසා ගෙන එළි­යට බසින මිය­න්මාර කාන්තා­වන්ද ලැජ්ජාව බිය ඇතිව ජීවත් වන්නෝ වෙති.

මියැ­න්මාර වැසි­ය­න්ගේද ප්‍රධාන ජීව­නෝ­පාය කෘෂි­ක­ර්ම­යයි. මිය­න්මාර ජන­තාව පාර­ම්ප­රික තම ජීවන රටාව හා බද්ධ කර­ගෙන ඇත්තේ නූතන තාක්ෂ­ණ­යයි. එය ඔවුන්ගේ විශේ­ෂි­තම නැඟී ඒමක් බව පෙන්වා දිය යුතුය.

නූතන තාක්ෂ­ණය උප­යෝගී කර­ගෙන ඔවුන් විසින් සිදු කරනු ලබන මේ නව ජීවන රටාව හා ගමන් කිරී­මට එරට රජ­යේද සහාය ලැබී ඇත.

විශේ­ෂ­යෙන්ම ආන­ය­නික වාහන පවා තම අව­ශ්‍යා­වන්ට ගැළ­පෙන ලෙසින් යොදා ගැන්මට ඔවුහු කට­යුතු කරති. ඒ සඳහා රජයේ අනු­මැ­තිය ද හිමි ව තිබෙන අතර එම වාහන ලියා­ප­දිං­චි­යට පවා අව­සර ලැබෙයි. මේ වන විට මිය­න්මා­රයේ ජන­තා­ව­ගෙන් මෝටර් රථ­යක් ඇත්තේ 0.008%කට පමණ ආසන්න සංඛ්‍යා­ව­කය. ඒ නිසාම රජ­ය මේ වන­විට පාවිච්චි කරන ලද වාහන පවා ඉතා අඩු බදු අය­කි­රීම් යටතේ ගෙන්වී­මට එම රටේ ජන­තා­වට අව­ස්ථාව සලසා ඇත. භාවිත කරන ලද මෝටර් රථ එර­ටට ආන­ය­නය සඳහා සැල­කිය යුතු බදු මුද­ලක් අඩු කර ඇත.

වාහන මිල මෙසේ අඩු කර තිබි­යදී වුවද මිය­න්මාර ජන­තා­ව­ගෙන් ගම්බද ජන­තාව තම අව­ශ්‍යතා සඳහා වැඩි වශ­යෙන් යොදා ගන්නේ ඔවුන්ගේ තාක්ෂණ­යෙන් වැඩි දියුණු කරන ලද සරල වාහ­නයි. ඔවුන් දුප්ප­තාගේ වාහ­නය ලෙසින් සැල­කෙන පා පැදිය පවා ඉතා සූක්ෂ්ම ලෙස පවුලේ වාහ­න­යක් ලෙසට පරි­ව­ර්ත­නය කර ගැනී­මට සම­ත්තුය.

ඒ අනුව පාපැ­දිය පවුලේ වාහ­න­යක් ලෙසින් ඔවුන් එය සකස් කර ඇත්තේ අම­තර පා පැදි රෝද­යක් සවි­කර පවු­ල­ටම ගමන් කළ හැකි ලෙසින් වැඩි දියුණු කිරී­මෙනි. මෙවැනි ට්‍රයි­සි­කල් මිය­න්මා­රයේ ගෘහස්ථ වාහ­න­යකි. ඔවුන් තමන්ගේ ගොවි බිම්වල අව­ශ්‍යතා සපුරා ගැනීමේ හැකි­යාව ඇති භාණ්ඩ ප්‍රවා­හන ස්වරූ­ප­ය­ටද මෙම ට්‍රයි­සි­කල් අනු­ව­ර්ත­නය කර­ගෙන ඇත. මෙම ට්‍රයි­සි­කල් තිර­සාර ප්‍රවා­හන මාධ්‍ය­ය­නක් ලෙස නූතන ප්‍රවා­හන විශ්ලේ­ෂ­කයෝ ද දකිති. ඒවාට ඉන්ධන විය­ද­මක් නැත. අම­තර කොටස් සඳහා විශාල විය­ද­මක් නැත. වායු­ගෝ­ල­යට අහි­ත­කර විෂ වායු පිට කර­න්නේද නැත. අනෙක එයින් ව්‍යායා­මක්ද ලැබෙන බැවින් ධාව­ක­යාගේ ශරීර සෞඛ්‍ය­ය­ටද එය හිත­ක­රය. කලක් ශ්‍රි ලංකා­වේද රාජ්‍ය නොවන සංවි­ධා­න­යක තිර­සාර ප්‍රවා­හන මාධ්‍ය­යක් ලෙස මෙම ප්‍රවා­හන ක්‍රමය ජන­තා­වට හඳුන්වා දුන්නද ත්‍රිෙරා්ද රථ සහ යතුරු පැදි ආය­ත­න­වල දැවැන්ත වෙළෙඳ ප්‍රචා­රය හමුවේ ඒවා අපේ රටේ ස්ථාප­නය වූයේ නැත. ව්‍යායා­ම­යක්ද එම­ඟින් ජන­තා­වට ලැබේ. ආර්ථික අතින් විශාල ආදා­ය­මක් හිමි කර ගන්නට එම­ඟින් මිය­න්මාර ජන­තා­වට ලැබී ඇත.

පවුල පිටින්ම ගමන් බිමන් යන්නට පාස­ලට ගොස් දරු­වන් පාස­ලට යොමු කර කුඹු­රට ගොස් ගොවි­තැන් බත් කර­න්නට ඔවුන් යොදා ගන්නේ මේ පාපැදි වාහ­න­යයි. ග්‍රාමීය ජන­තාව වැඩි වශ­යෙන් මේ පාපැදි වාහ­න­යට හුරු වී ඇත්තේ එහෙ­යිනි. ආර්ථි­කයේ අඩුම මට්ටමේ සිටිනා අය වුවද මේ පාපැදි වාහ­න­යක් ලබා ගැනී­මට වෙර දරන්නේ ඒ හරහා තම කාර්ය­යන් කඩි­නම් කර ගත හැකි හෙයිනි.

පා පැදි වාහ­න­යට සමාන වන ආකා­ර­යෙන් යතුරු පැදි­යද ඔවුන් තම පවුලේ වාහ­න­යක් ලෙසින් වැඩි දියුණු කර­ගෙන ඇත. මේ යතුරු පැදි වාහ­නය ද වර්ග දෙකකි. එකක් යතුරු පැදියේ පසු කොටස සම­ඟම ඊට එක් කළ කුඩා ට්‍රේල­ර­යක් සහි­තව සකස් කිරී­මය. අනෙක අධි බලැති යතුරු පැදි එන්ජි­මක් යොදා නිෂ්පා­ද­නය කරන ලද කුඩා වාහ­න­යයි. එම වාහ­න­යට රේඩි­යේ­ට­ර­යක් සමඟ සිසි­ලන පද්ධ­ති­යක්ද සවි කර ඇත. මෙහි පළ­මුව අප සඳහන් කළ යතුරු පැදි වාහ­නය සාමාන්‍ය යතුරු පැදි­යක පසු­පස රෝදය ඉවත් කර ඒ වෙනු­වට ආදේශ කරන ලද සැහැල්ලු පසු­පස ට්‍රේල­ර­ය­කින් සම­න්වි­තය. එහි යතුරු පැදියේ මෙන් පසු­පස ආස­න­යේද ගමන් කළ හැකි අතර පසු­පස රෝදය වෙනු­වට එතැ­නින් ඍජු­වම පසු පසින් සැහැල්ලු ට්‍රේල­ර­යක් අමුණා ඇත. එවිට සමස්ත යතුරු පැදි රෝද 3කින් මේ වාහ­නය සම­න්වි­තය. පවුලේ වැඩි­හිටි 7/8 දෙන­කුට වුවද මේ වාහ­නයේ ගමන් කළ හැකිය.

එමෙන්ම අධි­බල යතුරු පැදි එන්ජි­මක් සහිත ව පසු­ප­සින් ට්‍රේල­ර­යක් අමුණා ඔවුහු තමන්ගේ වානිජ කට­යුතු සඳහා භාවිත කරති. එය මෙරට අත් ට්‍රැක්ට­රයේ ට්‍රේල­රය හා සමාන ලෙසින් නිෂ්පා­ද­නය කර ඇත. එයද පවුලේ මෙන්ම ඇතැම් විට පවුල් කිහි­ප­යක වාහ­න­යක් ලෙස භාවිත කෙරේ. ගම­කට එවැනි වාහන කිහි­ප­යක් ඇත. මේ වාහ­නද එකම වේලා­ව­කදී බොහෝ විට නිව­සින් පිටත්ව පාස­ලට, ඇතැම් විට රෝහ­ලට යන්නේ හිමි­ක­රු­ගේද අව­ශ්‍යතා ඉටු කර ගැනීම උදෙ­සාය.

රෝද 3කින් සම­න්විත මේ යතුරු පැදි වාහ­නයේ මෙරට ත්‍රිරෝද රථ­යක පරි­ණාම අව­ස්ථා­වක් ලෙසින් පෙන්වා දිය හැකිය. කඳු සහිත මාර්ග­ය­කදී පවා මේ යතුරු පැදි වාහ­න­යෙන් පහ­සු­වෙන් ගමන් කළ හැකි අතර ඒ සඳහා යතුරු පැදි­ය­කට සමාන ලෙසින් ඉන්ධන වැය වීමක් වන හෙයින් එයද ජන­තා­වට වාසි­යකි. සුළු විය­ද­ම­කින් නඩත්තු කර ගත හැකි නිසා මිය­න්මාර ග්‍රාමීය වැසි­යන්ට මේ වාහ­න­යද ඉතා වැද­ගත් වන්නේ එය ඔවුන්ගේ ආර්ථි­ක­යට සරි­ලන සේ නිෂ්පා­ද­නය කර­ගෙන ඇති නිසාය.

අවශ්‍ය වේලා­වන්ට ලොරි­යක බඩු භාණ්ඩ පවා පට­වා­ගෙන යා හැකි මේ යතුරු පැදි වාහ­න­යෙන් බොහෝ කාර්ය­යන් කළ හැකිය. මෙහි ත්‍රිරෝද රථ­ය­කට වඩා තර­මක් ලොකු ඒ සඳ­හාම නිෂ්පා­ද­නය කරන ලද රෝද සවි කර ඇත.මේ වාහ­නය මිය­න්මා­ර­යට විශේ­ෂි­තය. එම නිසා එම වාහ­න­යද මේ තාක්ෂ­ණයේ නව ප්‍රභේ­ද­යක් ලෙස ඔවුහු සල­කති. එය කම්ප­න­යන්ට ඔරොත්තු දෙන ආකා­ර­යෙන් නිප­දවා තිබී­මත් වැඩි පිරි­ස­කට ගමන් කළ හැකි­වී­මත් නිසා බොහෝ දෙනා අතර ජන­ප්‍රි­යය. එහෙත් තර­මක මිල­කින් ඉහළ මට්ට­මක තිබෙන හෙයින් අත මිට සරු අයට පම­ණක් මේ වාහ­නය මිලදී ගැනීමේ හැකි­යා­වක් තිබීම විශේ­ෂ­ත්ව­යයි.

මුලින්ම අත් ට්‍රැක්ට­රය ලොක්යට එලි දකින්නේ ශ්‍රි ලාංකි­ක­යකු අතිනි. එහි නිමැ­වු­ම්ක­රුවා ආචාර්ය රේ. විජ­ය­ව­ර්ධ­නය. ලංකා­වෙන් උපන් අත් ට්‍රැක්ට­ර­යද බුරු­ම­යට උරුම තාක්ෂ­ණ­යට අනුව අනු­ව­ර්ත­නය කර­ගෙන ඇත. මෙය කලක් ආප් රටේ හැඳි­න්වූයේ යකඩ මී හරකා ලෙසිනි. මේ යකඩ මී හරකා ඔවුන්ට අවශ්‍ය ආකා­ර­යට හසු­රුවා ගන්නට මියැ­න්මාර වැසි­යන් සමත් වී ඇත. ඔවුන් එයට දී ඇත්තේ නව පෙනු­මකි. එමෙන්ම නව නිර්මාණ කිහි­ප­යක්ද එක් කර­මින් ඔවුන් එය ඔවුන්ගේ අව­ශ්‍ය­තා­වන්ට ගැල­පෙන ලෙස සක­සා­ගෙන ඇත. එය ගමේත් නග­ර­යේත් දැකිය හැකි තර­මට සුල­බය. විශේ­ෂ­යෙන් වානිජ කට­යුතු, ඉදි­කි­රීම් කට­යුතු වැනි එදි­නෙදා ප්‍රවා­හන අව­ශ්‍ය­තා­වන්හි දී මේ “මියැ­න්මා­ර­ක­ර­ණය“ වූ අත් ට්‍රැ­ක්ටර් භාවිත කෙරෙයි. අඩු ඉන්ධන පරි­භෝ­ජ­නය මෙන්ම අඩු පිරි­වැය අඩු නඩ­ත්තුව යන කරුණු කෙරෙහි මිය­න්මාර ජන­තාව වැඩි අව­ධා­න­යක් යොමු කර ඇති බව මේ අනුව ඉතාම පැහැ­දි­ලිය. එය එක්තරා අත­කින් ඔවුන් සිටිනා දරි­ද්‍ර­තා­ව­යෙන් ගොඩ එන්නට දරන වෑය­මක් වන්නට පුළු­වන.

ඔවුන්ට පොදු ප්‍රවා­හන සේවා පහ­සු­කම්ද අඩුය. මියැ­න්මාර ග්‍රාමී­ය ජන­තාව අපේ රටේ මෙන් බස් එක එන­තුරු බලා හිඳින්නේ නැත. ඔවුන් තම තමන්ගේ ගමන් බිම­න්ව­ලට මේ සරල වාහන භාවිත කර­ග­න්නෝය.

තිර­සාර ප්‍රවා­හ­නය කෙරෙහි මියැ­න්මාර ජන­තාව තල්ලු කලේ ඔවුන්ගේ අර්ථික දිළිඳු බව නිසා වන්නට පුළු­වන. එසේ වුවද ඔවුන් සංක­ල්පීය අතින් පොහො­සත් බව පෙනෙන්නේ ඔවුන් ජල මාර්ග තමන්ගේ ප්‍රවා­හ­න­යට යොදා ගන්නා අකා­රය දෙස බැලී­මේ­දීය. අපේ රටේ පව­තින ජල මාර්ග මඟී හෝ භාන්ඩ ප්‍රවා­හ­න­යට යොදා ගැනීම ගැන කොතෙ­කුත් කතා බහ සිදු වුවද එය ප්‍රායෝගි­කව යථා­ර්ථ­යක් වූයේ නැත.මහත් ප්‍රසි­ද්ධියක් සහි­තව ඇර­ඹුණු බේරේ වැවේ බෝට්ටු සේවය පවා මෙරට ජන­තා­වගේ සිතට ආක­ර්ශ­නය වූයේ නැත. එසේ වුවද මිය­න්මාර ජන­තාව තමන්ට හැකි උප­රි­ම­යෙන් ජල මාර්ග ප්‍රවා­හ­න­යට දායක කර ගන්නා බව පෙනේ.

එරට ප්‍රධාන ගංගා සිය­ල්ලම මෙන් මේ ජල ප්‍රවා­හන සේවා­වට එක් කර­ගෙන ඇත. එසේ බෝට්ටු යොදා ජල ප්‍රවා­හන සේවාව පණ ගන්වා ඇත්තේ සාමුන්‍ය බෝට්ටු එන්ජින් භාවිත කර­මින් නොවේ. මිය­න්මාර ජන­තාව එම බෝට්ටු­ව­ලට සවි කර ඇත්තේ සාමාන්‍ය වතුර පොම්ප ය. මිය­න්මාර වැසි­යන් පව­ස­නනේ මෙම­ඟින් ඔවුන්ට සාම්ප්‍ර­දා­යික බෝට්ටු එන්ජි­න්ව­ලට සාපේ­ක්ෂව සැල­කිය යුතු ඉන්ධන ඉති­රි­යක් කර ගන්නට හැකි බවය.

එප­ම­ණක් නොව ගංගා ඔස්සේ නෞකා ගම­නා­ග­ම­න­ය­ටද ඔවුන් කට­යුතු කර ඇත්තේ දේශී­ය­ත්ව­යට මුල් තැනක් ලබා දෙමින් හා අඩු පිරි­වැ­යක් ලබා දෙමිනි. විශේ­ෂ­යෙන්ම ගංගා­වන්හි යාත්‍රා කරන මෙම නෞකා­වන්ට ගං ඉවුරු ආස­න්න­ය­ටම ළඟා විය හැකි පරිදි එහි දිය යට ඇති කොටස් සකස් කර ඇත. ඒ නෞකාවේ සම­තු­ලි­ත­තා­ව­යට හානි නොවන පරි­දිය.

එමෙන්ම කුඩා එන්ජින් කිහි­ප­ය­කින් සම­න්විත මෙම යාත්‍රා­වල එක­වර හය හත්සී­ය­කට පවා ගමන් කළ හැකිය. අතී­ත­යේදී සිට මිය­න්මා­රයේ ජන­තාව සියලු ගංගා තම ප්‍රවා­හන මාධ්‍ය­යක් ලෙස භාවිත කොට ඇත. ඔවුන්ගේ මේ පුරුද්ද අත්හ­රිනු වෙනු­වට තව­දු­ර­ටත් වැඩි දියුණු කිරීම ගැන එරට මිනිස්සු කල්පනා කරති. එසේම අප පෙර පැවසූ පාපැදි වාහන මෙන්ම යතුරු පැදි වාහ­නද ඔවුන් කාල­යක් තිස්සේ සිදු කරන ලද අත්හ­දා­බැ­ලීම්හි ප්‍රති­ඵ­ල­යන්ය.

එසේම ලෝකයේ ඉන්ධන ක්ෂය­වී­මට හොඳම විස­ඳු­මක් ලබා දීමක් මෙන්ම ලෝකයේ අනෙක් රට­ව­ලට ලබා දෙන්නා වූ ආද­ර්ශ­යකි.

 

Comments