විහඟ ලොවේ සොඳුරු පියා: අළු කෑඳැත්තා | Page 3 | සිළුමිණ

විහඟ ලොවේ සොඳුරු පියා: අළු කෑඳැත්තා

 

නය නියෝ­ජ­නය කරන සත්ත්ව සහ ශාක ප්‍රජා චර්යා රටා දෙස සාව­ධා­නව ඇස් කන් යොමු කරන විටදී සුවි­ශේෂ කරුණු රැසක් ඉගැ­නීමේ අව­ස්ථාව නිසැ­ක­යෙන්ම උදා කර­ගත හැකිය. එහිදී පසක් වන මූලි­කම කරුණ වන්නේ මිනි­සුන් වෙතින් ගිලි­හෙ­මින් යන නමුදු සත්ත්ව­යන් අතරේ රැකෙ­මින් ඇති උතුම් ගුණ දම් වඩ වඩාත් ඉස්ම­තුව නිරී­ක්ෂ­ණය කළ හැකි බවයි. මෙකී කරුණ සනාථ කර­ගත හැකි සත්ත්ව­යන් අතරේ විහඟ සමා­ජ­යට හිමි වන්නේ වැද­ගත් තැනකි. අද දවසේ එකී නිහඬ කතාව පරි­සර පිටු­වට එක් කරන්නේ අළු කෑඳැ­ත්තාය.

 

ඉංග්‍රීසී නාමය ව්‍යව­හා­රයේ Sri Lanka Grey Horn-bill ලෙසත්, විද්‍යා­ත්මක නාම ගැන්වු­මේදී Ocyceros gingalensis ලෙසත් අළු කෑඳැත්තා හඳු­න්වනු ලැබේ. දිගින් සෙ.මී. 56 - සෙ.මී. 59 අතර මැදි ප්‍රමා­ණ­යට අළු කෑඳැ­ත්තාගේ සිරුර වැඩේ. දේහ ප්‍රමා­ණය කළු කපුටා තරම් වන නමුදු පෙඳය සිරු­රට සාපේ­ක්ෂව දිගින් වැඩිය. පැහැ­දිලි ලෙස අළු කෑඳැ­ත්තාගේ ගැහැනු සහ පිරිමි පක්ෂීන් වෙන් කර හඳු­නා­ගත හැකිය. පිරිමි අළු කෑඳැ­ත්තාගේ උඩු හනුවේ නාසය ආස­න්න­යට වන්නට දෙප­සම කළු පාට පැල්ලම් වැටී ඇත. එහෙත් කෑඳත්තයින්ගේ ඇත්තේ ළා කහ පාටැති පැල්ලම්ය. වඩාත්ම ප්‍රිය කර­නුයේ වනා­න්තර ඉහළ වියනේ හැසි­රී­ම­ටය. ඇතැ­ම්විට හුදෙ­ක­ලා­වත් බොහෝ විටදි යුවළ වශ­යෙ­නුත් දැක­ගත හැකිය. තවද මොවුන් වාසය කරන වනා­න්තර මායිමේ පිහිටා ඇති ගම්මාන ආශ්‍රි­තව ඉඳ­හි­ටදී දැක­ගත හැකිය. සර්ව­භ­ක්ෂක ආහාර රටා­වක් ඇති පක්ෂි­යෙකි. ඒ අනුව ප්‍රධාන වශ­යෙන්ම පල ආහා­ර­යට ගන්නා අතර කෘමී වර්ග, ගස් ගෙම්බන්, කටු­ස්සන් පරි­භෝ­ජ­න­යද රුචි කරයි. එකී සියලු ආහාර වර්ග වක් වුණු දිගු හොට අගින් ගෙන ඉහ­ළට විසි කර මුව අයා මුව තුළට රුවා­ගැ­නීමේ පුරු­ද්දක්ද ඇත.

අළු කෑඳැත්තා සිය කැදැල්ල තනන්නේ, සුවි­සල් ගසක පොළො­වට බොහෝ සේ ඉහ­ළට වන්නට පිහිටා ඇති බෙන­ය­කය. වසරේ අප්‍රේල් මස සිට අගෝස්තු දක්වා වන ඒ සම­යේදී කැදැලි තැනීම, බිත්තර දැමීම ආදි අභි­ජ­නන කට­යුතු වෙනු­වෙන් කෑඳැති දිවියේ ප්‍රමු­ඛ­ත්වය ලැබේ. පවත්නා යහ­පත් පාරි­ස­රික හේතු මත අළු කෑඳැ­ත්තන්ගේ අභි­ජ­නන සම­යන් මාර්තු මාසයේ පටන් ගෙන අගෝස්තු දක්වාද ව්‍යාප්ත වීමට හැකිය.

වර­කට සුදු වර්ණ­යෙන් යුක්ත දිදු­ලන මතු පිටක් සහිත බිත්තර එකේ සිට තුන දක්වා වන සංඛ්‍යා­වක් අළු කෑඳැ­ත්තිය විසින් දමනු ලබ­න්නීය. එහෙත් මෙකී බිත්තර පැහැ­දි­ලිව සුදු වර්ණ­යෙන් ඔප­වත් වුවත් එම බිත්තර දමා කෑඳැ­ත්තිය ගත කරන සිර­ග­තව බිත්තර රැකීමේ පුරුද්ද හේතු­වෙන් බෙනය තුළම එකතු වන අප­ද්‍රව්‍ය නිසා ඒවා අව­පැහැ වීමේ වැඩි ඉඩක් පවතී. බිත්ත­ර­යක් සෙ.මී. 04–03ත් වන අතර ගෝලා­කා­රය.

කිරිල්ල බිජු රකින සමය පුරා සිර­ගත කාල සීමා­වක් ගත කරයි. බිත්තර දැමී­මට සූදා­නම් වන ඇය බෙනයේ දොර­ටුව තමන් ඒ ඇතු­ළත සිටි­ය­දීම බෙනය තුළ එකතු වූ අප­ද්‍රව්‍ය සහ තමන්ගේ සිරු­රින් පිට වන බහි­ස්ස්‍රා­වීය ද්‍රව්‍ය මිශ්‍ර කර­මින් අනා­ගත් තල­ප­යක් උප­කා­ර­යෙන් වසා­ග­න්නීය. තමා විසින්ම තනා­ගත් සිර මැදි­රිය තුළට වී මාස 01– 03ත් අතර වන බීජෞෂ්ණ සමය හුදෙ­ක­ලාව ගත කරයි. එකී කාලය තුළ ඇයට අවශ්‍ය ආහා­ර­පා­නා­දිය සප­යනු ලබන්නේ කුරුල්ලා විසින්ය. බෙනය ආව­ර­ණය කිරී­මේදී ඉතිරි කළ කුඩා සිදු­රට හොට තබා එකී අව­ශ්‍යතා ඈ සපු­රා­ග­නියි.

සැබැ­වින්ම කිරි­ල්ලගේ බිත්තර රැකීමේ කාල­යට සම­ගා­මිව කෑඳැ­ත්ති­යන් සිර­ගත වන්නේ මන්ද? ස්වභාව ධර්මය විසින් ඇයව පිල්හ­රණ ක්‍රියා­ව­ලි­ය­කට භාජ­නය කරනු ලැබීම ඊට හේතු­වයි. එනම් කිරි­ල්ලගේ පරණ පිහාටු හැලී යෑම සහ නව පිහාටු වර්ධ­නය බිත්තර රකින කාලය තුළදී සිදු වීම නිසා ඇය පත් වන අස­රණ තත්ත්වය සම­නය කරනු වස් සොබා­හ­දම විසින් ඇය සිර­ගත කුටි­යක් තුළ සිර කිරීමේ චර්යා රටා­ව­කට හුරු කර ඇත. ඒ අනුව මෙකී පිල්හ­රණ ක්‍රියා­ව­ලිය බිත්තර රකින කාල­යට සම­ගා­මීව සිදු වීම හේතු­වෙන් ඇයට අවශ්‍ය ආර­ක්ෂාව නිස­ග­යෙන් ලැබේ. සිර­ගත සමය තුළදී පිල් හර­ණ­යට නතු වූ අළු කෑඳැ­ත්ති­යක දිස් වනුයේ පිහාටු රහිත මස් ගුළි­යක් හා සම­වය.

බිත්තර බිඳ කෑඳැති පැට­වුන් උපත ලැබූ පසුව කිරිල්ල තම සිර මැදි­රියේ බිත්තිය බිඳ එළි­යට පැමිණ යළිත් තිබුණු ආකා­ර­ය­ටම පෙර පරි­දිම බෙනයේ දොර­ටුව ආව­ර­ණය වන සේ බිත්ති­යක් බැඳ එහි මැදි කර තැනූ කුඩා සිදු­රින් කුරුල්ලා හා සමඟ එක්ව පැට­වුන් පෝෂ­ණය කරයි. මේ ආකා­ර­යට බෙන­යෙන් එළි­යට ආ විගස කිරි­ල්ලන් දිස් වනුයේ තර­බාරු සිරු­රැ­ත්ති­යන් හා සම­වය. මන්ද යත්: ඇය සිර­ග­තව ගත කරන සම­යේදී කුරුල්ලා විසින් සපයා දෙනු ලබන ආහාර මත යැපීම සහ ව්‍යායා­ම­යක් නැතිව යෑම මුල් කර­ගෙන ඇය තර­බාරු සිරු­ර­කට හිමි­කම් කියයි. මේ සමයේ ඇයට සාපේ­ක්ෂව කුරුල්ලා කෙසඟ වූ සිරු­රක් දරන්නේ ඇය පෝෂ­ණය කිරී­මට ගත් මහ­න්සිය නිසාය. පක්ෂි නිරී­ක්ෂණ වාර්තා­ව­ලට අනුව දින 175කට ආසන්න කාල­යක් සිර­ග­තව බිත්තර රැකි කෑඳැ­ත්ති­යන් පිළි­බ­ඳ­වත්, ඒ සමය පුරා ඇයගේ ආහාර අව­ශ්‍ය­තාව සපිරූ කෑඳැ­ත්තන් පිළි­බ­ඳ­වත් තොර­තුරු පවතී.

නිරා­හා­රව පසු­වී­මෙන් සිරුර දුර්ව­ලව ඇද­වැටී මිය ගිය කෑඳැති ස්වාමි­පු­රු­ෂ­යන් පිළි­බඳ කන­ගා­ටු­දා­යක අව­ස්ථාද වාර්තා වේ.

ස්වාමි­යකු, පියකු, ආර­ක්ෂ­ක­යකු යන සියලු භූමිකා තම ජීවිත කාලය අත­ර­තුර කිහිප අව­ස්ථා­ව­ක­දීම නිරූ­ප­ණ­යට ඔහු සමත් වෙයි. කිරි­ල්ලක බිජු රකින අව­ධිය යනු කුරුල්ලා කෙසඟ සිරු­ර­කට හිමි­කම් කියන සම­යක් වශ­යෙන්ද හැඳි­න්විය හැකිය. මන්ද යත්: තමන්ගේ පෝෂ­ණය පසෙ­කලා තම බිරිය සහ දරු­වන්ගේ පෝෂ­ණය පිළි­බඳ ඔහු වෙහෙසේ. ඉදින් ‘විහඟ ලොවේ සොඳුරු පියා’ යන විරු­දා­ව­ලිය ලබා දීමට අළු කෑඳැත්තා සුදු­සු­කම් සපුරා ඇතැයි ඔබද පිළි­ගනු නිය­තය. සේයාරූ - නුවන් චතු­රංග

Comments