වැරැදුණු තැන් හදාගෙන යන දුප්පත්කම නැති කිරීමේ අලුත් මාවත | සිළුමිණ

වැරැදුණු තැන් හදාගෙන යන දුප්පත්කම නැති කිරීමේ අලුත් මාවත

 

 

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රති­පත්ති රාමුව ලෙස පිළි­ගෙන ඇති, ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතාගේ රට හදන සෞභා­ග්‍යයේ දැක්මෙහි දිළි­ඳු­කම තුරන් කිරී­මට හිමි වන්නේ වැද­ගත් ස්ථාන­යකි.

 

එක්සත් ජාතීන්ගේ තිර­සර සංව­ර්ධන අර­මු­ණු­වල පළ­මු­වැන්න වන්නේද දිළිඳු බවින් තොර වීමයි. සෞභා­ග්‍යයේ දැක්මෙහි මේ අර­මුණ සඳහා සුවි‍ශේෂ අව­ධා­න­යක් යොමු කර ඇත. දිළි­ඳු­බ­වින් තොර වීම සෞභා­ග්‍යයේ ප්‍රධාන දර්ශ­ක­යක් වන අතර, ඒ සඳහා දිළි­ඳු­බව තුරන් කිරීමේ ජාතික වැඩ­ස­ට­හ­නක අව­ශ්‍ය­තාව හා බහු­විධ ක්ෂේත්‍ර­ව­ලින් සම­න්විත සාකල්‍ය ප්‍රවේ­ශ­යක් (Holistic Approach) අනු­ග­ම­නය කිරීමේ අව­ශ්‍ය­තාව පිළි­බඳ ජනා­ධි­ප­තිවරයාගේ අව­ධා­නය යොමුව ඇති බව පෙනී­යයි. දිළි­ඳු­බව පිටු දැකී­මට අදා­ළව සාකල්‍ය ප්‍රවේ­ශ­යක් යනු ඊට බල­පාන එක් එක් ගැටලු වෙන් වශ­යෙන් ගෙන විස­ඳුම් සෙවීම හා ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරීම වෙනු­වට සියලු ක්ෂේත්‍ර එක්ව සලකා බල­මින් එකි­නෙක හා අන්තර්-සම්බ­න්ධ­තා­වක් සහි­තව විස­ඳුම් දීමට කට­යුතු කිරී­මයි. මේ සඳහා වන වි‍ශේෂ හා උපා­ය­මා­ර්ගික වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර­ණය මේ වන විට සැල­සුම් වෙමින් පව­තින බව ජන­තා­වගේ විශ්වා­ස­යයි.

දිළිඳු බව යනු සර­ලව අර්ථ නිරූ­ප­ණය කළ නොහැකි සංකීර්ණ තත්ත්ව සමූ­හ­යක එක­තු­වකි. මේ පිළි­බඳ සමාජ ආර්ථික දේශ­පා­ල­නික ආදි විවිධ අර්ථ නිරූ­පණ ඉදි­රි­පත්ව ඇතත් මෙහිදී ඒ පිළි­බඳ දීර්ඝ සාක­ච්ඡා­වක් සිදු කරනු නොලැබේ. එසේ වුවද, බහු­ල­වම මෙය හඳු­නා­ගනු ලබන්නේ ආර්ථික කරු­ණක් වශ­යෙනි. සර­ල­වම සලකා බලන විට දිළිඳු බව යනු සමා­ජයේ උසස් ජීවන තත්ත්ව­යක් සහි­තව තෘප්ති­මත් ලෙස ජීවත් වීම සඳහා බාධා පැව­තී­මයි. මේ තත්ත්වය විහී­න­තාව (Deprivation) වශ­යෙන් හඳු­නා­ගත හැකිය. මේ විහී­නතා ස්වාභා­වික සම්පත්, මානව කුස­ලතා, භෞතික වශ­යෙන් නීරෝගි හා යහ­පත් ශාරී­රික හා සෞඛ්‍ය තත්ත්යක් නොපැ­ව­තීම, සමා­ජීය වශ­යෙන් බැහැර කර තැබීම, යැපුම් මාන­සි­ක­ත්වය, බල රහිත බව, හුදෙ­කලා බව, සම්පත් හිඟ­කම, අධ්‍යා­පන පහ­සු­කම් හිඟ වීම, ලෙඩ-රෝග, නඩු-හබ, පාරි­ස­රික ආපදා, ස්ත්‍රී-පුරුෂ පද­නම මත ඇති වන අස­මතා ආදි සියලු කරුණු හා බැඳුණු විහී­නතා ලෙස හැඳි­න්විය හැකිය.

දීර්ඝ­කා­ලීන ප්‍රෞඪ ඉති­හා­ස­ය­කට අරු­ම­කම් කියන ශ්‍රී ලංකාව රාජ්‍ය­ත්වය මත පද­නම්ව පැවති පාලන තන්ත්‍ර­යක සිට බට­හිර අධි­රා­ජ්‍ය­වාදි පාල­න­ය­කට යටත්ව සිටි රටකි. ශ්‍රී ලාංකික සමා­ජයේ දුප්ප­ත්කම පිළි­බඳ තේමාව යට­ත්වි­ජිත පාල­න­යෙන් භෞතික වශ­යෙන් නිද­හස ලැබී­මෙන් පසු සමයේ බහු­ලව සමා­ජ­ගත වූවකි. පෘතු­ගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගේ ආධි­ප­ත්‍ය­යට යටත්ව පැවති යුගයේ, එතෙක් මෙහි පැවති ස්ව­ය­ංපෝ­ෂිත සමාජ ආර්ථික රටාව බිඳ­වැ­ටුණු බවත්, ගොවි­බිම් තේ, රබර් ආදි ව්‍යාපා­රික භෝග වගා සඳහා යොදා­ගත් බවත්, එකල තම වගා­බි­ම්වල අභි­මා­න­යෙන් වගා කළ ගොවීන්, වාණිජ වගා­බි­ම්වල කුලි­යට ශ්‍රමය වැය කරන කම්ක­රු­වන් බවට පත් වූ බවත් ඉති­හා­සය අපට පෙන්වා දෙයි. මෙසේ කට­යුතු කර­මින් සිට යට­ත්වි­ජි­ත­වාදි පාල­න­යෙන් නිද­හස ලබන අව­ධිය වන විට මේ ජන කොටස් ආහා­ර­පාන ආදිය සඳහා පවා රජයේ සහ­නා­ධාර ලැබිය යුතු තත්ත්ව­යට පත්ව සිටි­යහ. මේ හේතුව නිසා ආහාර සහන ලබා දීම එකල පැවති රජ­යන් විසින් සිදු කර ඇත. එසේම මේ ජන­තාව යැපුම් මාන­සි­ක­ත්ව­යක් සහිත පිරි­සක් බවට පත්ව සිටි බවට කරුණු අනා­ව­ර­ණය වේ. නිද­හ­සින් පසු ගත වූ වසර 70ක පමණ කාලය සමා­ලෝ­ච­නය කිරී­මේදී පෙනී යන්නේ සර්ව­ජන ඡන්ද බලය හිමි වීමත් සමඟ ඇරඹි දේශ­පා­ලන ව්‍යාපා­ර­යේදී දුප්ප­ත්ක­මට පිළි­යම් යෙදීමේ තේමාව තීර­ණා­ත්මක සාධ­ක­යක් බවට පත්ව ඇති බවයි. එතැන් පටන් බිහි වූ හැම රජ­යක් විසින්ම අඩු-වැඩි වශ­යෙන් දුප්පත් ජන­තා­වට සහන සල­සීම සිදු කර ඇති අතර සහ­නා­ධාර ලැබීම තම අයි­ති­වා­සි­ක­මක් ලෙසත්, දිළිඳු බවට පිළි­යම් යෙදීම හා සහ­නා­ධාර සැප­යීම රජ­යක වග­කී­මක් ලෙසත් ජන­තාව තුළ අද­හ­සක් මතුව ඇත.

නිද­හ­සින් පසු බිහි වූ සැම රජ­යක් විසින්ම දිළිඳු ජන­තාව වෙනු­වෙන් විවිධ ශුභ­සා­ධන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර ඇත. ආහාර සලාක ක්‍රමය, ආහාර මුද්දර ක්‍රමය මේ අතර ප්‍රධාන වේ. මීට අම­ත­රව ප්‍රදේ­ශීය සංව­ර්ධ­නය ඉලක්ක කර­ගත් වැඩ­ස­ට­හන් හා කෘෂි කර්ම සංව­ර්ධන වැඩ­ස­ට­හන්ද දිළිඳු බව තුරන් කිරීම සඳහා වක්‍ර ආකා­ර­යෙන් දායක වූ වැඩ­ස­ට­හන්ය. ජන­ස­විය හා සමෘද්ධි වැඩ­ස­ට­හන මේ අතර විශේෂ අව­ධා­න­ය­කට ලක්ව ඇති අතර, දිළිඳු බව තුරන් කිරීම සඳහා ආය­ත­නික ව්‍යුහ­යක් තුළ මහා පරි­මාණ වශ­යෙන් ක්‍රියා­ත්මක වූ වැඩ­ස­ට­හන වන්නේ සමෘද්ධි ව්‍යාපා­ර­යයි.

සමෘද්ධි ව්‍යාපා­රය 1995 සිට වසර 25ක පමණ කලක් තිස්සේ ක්‍රියා­ත්මක වෙමින් ඇත. 25,000ක පමණ සේවක පිරි­සක් සහිත මේ දිළි­ඳු­කම තුරන් කිරීමේ වැඩ­ස­ට­හන තුළ, මෙම නිල­ධා­රීන්ගේ මාසික වැටුප සඳහා පම­ණක් රජය විසින් ජනතා බදු මුද­ලින් පම­ණක් මිලි­යන 1036ක් පමණ වේ. ලක්ෂ 18ට ආසන්න සමෘද්ධි සහ­නා­ධා­ර­ලා­භීන් සඳහා වාර්ෂික අය­වැ­යෙන් විශාල මුද­ලක් සහ­නා­ධාර ලෙසද වෙනත් ව්‍යාපෘති සඳ­හාද වැය කරනු ලබයි. මෙවන් තත්ත්ව­යක් පැව­ති­යද වසර 25ක් පුරා තව­දු­ර­ටත් දිළිඳු බව පිළි­බඳ දැඩි අව­ධා­න­යක් යොමු කළ යුතු තත්ත්ව­යක් පවතී. එම­ඟින් පැහැ­දිලි වන්නේ මේ කාර්ය­යන් ක්‍රියා­ත්මක වීමේදී කුමන ආකා­ර­යක හෝ දුර්ව­ල­තා­වක් පව­තින බවයි. නව වැඩ­ස­ට­හන් සැල­සුම් කිරී­මේදී මේ පසු­බැ­සීම් නිවැ­ර­දිව සමා­ලෝ­ච­නය කිරීම හා එම­ඟින් උගත හැකි පාඩම් අනුව කට­යුතු කිරී­මෙන් වඩාත් සාර්ථක වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කළ හැකි වන බැවින් ඒ පිළි­බඳ තර­මක් දුරට හෝ කතා­බහ කිරීම සුදු­සුය.

සමෘද්ධි වැඩ­ස­ට­හන සැල­සුම් කිරී­මේදී ප්‍රධාන ප්‍රවේශ තුනක් අනුව එය ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර තිබිණි.

ඉහත ප්‍රවේශ අතු­රින් පළ­මු­වැන්න වූ ශුභ­සා­ධ­නය යටතේ අන්ත දිළිඳු පවු­ල්ව­ලට සහ­නා­ධාර සැල­සීමේ වැඩ­ස­ට­හ­නක් පැව­තිණි. පසු­කා­ලී­නව එය අර­මු­ණින් බැහැ­රව නුසු­දුසු පුද්ග­ල­යන් සහා­නා­ධාර ලබන තත්ත්ව­යට පත් වූ අතර, එයට ඇතැම් දේශ­පා­ල­නික ප්‍රති­ප­ත්තිද බලපා ඇති බව සමා­ජයේ බොහෝ දෙනා පිළි­ගන්නා අද­හ­සයි.

දෙව­නුව: ඉහත ප්‍රවේශ අතු­රින් ක්ෂුද්‍ර­මූල්‍ය බැංකු ව්‍යාපා­රය පුළුල් වශ­යෙන් ව්‍යාප්තව පැව­තිද, එම­ඟින් අපේ­ක­ෂිත පරිදි ප්‍රති­ලා­භීන් සාර්ථක ලෙස ව්‍යාපාර ගැන්වීම සිදුව නැත. සමෘද්ධි බැංකු සතුව විශාල අර­මු­දක් පැව­ති­යද මේ වන විටත් ශ්‍රී ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යා­වෙන් විශාල ප්‍රති­ශ­ත­යක් තව­මත් සහ­නා­ධාර ලබ­මින් ඇත. බැංකු සතු අර­මු­ද­ලින් 80%ක් දක්වා ප්‍රමා­ණ­යක් ණය වශ­යෙන් අදාළ තැන්ප­ත්ක­රු­වන්ගේ ආදා­යම් උත්පා­දන මාර්ග සඳහා මූල්‍ය ප්‍රාග්ධ­නය ලෙස නැවත සංස­ර­ණය විය යුතු වුවත්, මේ වන විට එසේ සැප­යෙන ප්‍රමා­ණය අවම අග­යක පවතී. එසේ 10% ම්ට්ටමට පව­ත්වා­ගත යුතු ආයෝ­ජන අනු­පා­තය ඉතා ඉහළ අග­යක් ගනී. මෙසේ ආ‍යෝජ­නය කිරී­මෙන් අදාළ මූල්‍ය ආය­තන ලාභ­දායි වන බවත්, ඉන් සැල­කිය යුතු කොට­සක් පොලිය වශ­යෙන් සමෘද්ධි බැංකු­ව­ලට ලැබෙන බවත් සත්‍ය­යකි. එසේ වුවද දිළිඳු බව තුරන් කිරීම සඳහා ක්ෂුද්‍ර­මූල්‍ය බැංකු ප්‍රවේ­ශය මඟින් ඉටු කර­ගැ­නී­මට බලා­පො­රොත්තු වූ අර­මුණ අපේ­ක්ෂිත අයු­රින් ඉටු වන්නේ නැත. ‍ මක් නිසාද යත්:, ඉහත කී පරිදි මේ බැංකු ආරම්භ කරන ලද්දේ දිළිඳු ජන­තා­වට තම ආර්ථික කට­යුතු සාර්ථ­කව පව­ත්වා­ගෙන යෑම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධන ගැට­ලු­වට විස­ඳු­මක් පිණිස මිස ලාභ­දායී ක්ෂුදු­මූල්‍ය ආය­ත­න­යක් පව­ත්වා­ගෙන යෑමේ අර­මු­ණින් පම­ණක් නොවන බැවිනි.

එසේම ප්‍රති­ලා­භීන්ට ණය ලබා දීමෙන් ලැබෙන පොලී ප්‍රති­ලා­භය ආයෝ­ජ­නය කිරී­මෙන් ලැබෙන ප්‍රමා­ණ­යට වඩා ඉතා ඉහළ අග­යකි. එහෙත් මේ සඳහා මෙම කට­යුත්ත වෙනු­වෙන් පත් කර සිටින රජ­යෙන් වැටුප් ලබන නිල­ධා­රීන් වෙත විශාල වග­කී­මක් හා කාර්ය­භා­ර­යක් ඉටු කිරී­මට සිදු වේ. මෙම ප්‍රති­ලා­භීන් සඳහා සුදුසු ව්‍යාපෘති හඳු­නා­ගැ­නී­මට සහාය වීම, එම ව්‍යාපෘති සඳහා සුදුසු ව්‍යාපෘති වාර්තා සකස් කිරීම, පිරි­වැය ප්‍රති­ලාභ නිසි පරිදි විශ්ලේ­ෂ­ණය කර ව්‍යාපෘති ශක්‍යතා අධ්‍ය­යන සිදු කිරීම, බැංකු ණය ලබා දීම සඳහා කුඩා කණ්ඩා­යම් හා සමෘද්ධි සමිති යෝග්‍ය මට්ට­මින් පව­ත්වා­ගෙන යෑම, ණය ලබා දීමට මැදි­හත් වීම, ණය පසු විප­රම හා ව්‍යාපෘති අධි­ක්ෂ­ණය, අවශ්‍ය තාක්ෂ­ණික පහ­සු­කම්, සම්බ­න්ධී­ක­රණ, අලෙවි සහ­සු­කම් ලබා දීම ආදිය ඒ අතර වේ. රට පුරා ව්‍යාප්ත අති­වි­ශාල ‍සේවක පිරිස මේ වග­කීම් හා කාර්ය­භා­රය නිසි පරිදි ඉටු­කි­රී­මෙන් පම­ණක් මේ මූල්‍ය ප්‍රාග්ධන සම්පා­දන ක්‍රම­වේ­දය සාර්ථක කර­ගත හැකි වේ. මේ කාර්යය නිසි පරිදි ඉටු නොවන විට මෙම මුදල් රාජ්‍ය බැංකු­වල ආයෝ­ජ­නය කිරි­මට කළ­ම­නා­ක­රු­වන් පෙල­ඹෙන්නේ මෙම මුදල් ගිණු­ම්වල රඳවා තබා­ගැ­නී­මෙන් වැලකී සිටීම තම රාජ­කාරි වග­කී­මක් ඒ බැවිනි. මේ තත්ත්වය දිළි­ඳු­කම තුරන් කිරීම සඳහා වන උත්සා­හය සාර්ථක කර­ගැ­නී­මට බාධ­කව පව­තින බර­ප­තළ අභි­යෝ­ග­යකි. මෙවන් අභි­යෝග කළ­ම­නා­ක­ර­ණය වන ආකා­ර­යට මනා අධී­ක්ෂ­ණ­යක් හා නිසි කාර්ය­සා­ධන කළ­ම­නා­ක­ර­ණ­යක් යටතේ ඉදිරි වැඩ­ස­ට­හන් සැල­සුම් වීම අනි­වාර්ය අව­ශ්‍ය­තා­වක් වශ­යෙන් සැල­කිය යුතුය.

දිළිඳු බව තුරන් කිරීමේ වැඩ­ස­ට­හන් අන්ත­ර්ග­තයේ ඉහත කී දිළිඳු බවට බල­පාන සාධක අව­ධා­ර­ණය කර තිබීම හා ක්‍රියා­ත්මක කළ හැකි ආකා­රයේ විස­ඳුම් හා උපාය මාර්ග යොජනා කර තිබීම ආදි සාධ­නීය ලක්ෂණ කිහි­ප­යක්ම අන්ත­ර්ගත වන බව පෙනී යයි. ඒ අනුව නව වැඩ­ස­ට­හනේ අව­ධා­න­යට යොමුව ඇති ප්‍රවේශ කිහි­ප­යක් පව­තින බව නිරී­ක්ෂ­ණය වේ. ඒ අතර:

* සමාජ ආර­ක්ෂණ හා සුභ­සා­ධ­නය ප්‍රවේ­ශය

* ග්‍රාමීය යටි­තල පහ­සු­කම් සංව­ර්ධන ප්‍රවේ­ශය

* නිපු­ණතා හා විභ­වතා සංව­ර්ධන ප්‍රවේ­ශය

* ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ප්‍රවේ­ශය

* සම්පත් හිඟ­යට පිළි­යම් යෙදීමේ ප්‍රවේ­ශය

දිළි­ඳු­ප­වු­ල්වල ආහාර සුර­ක්ෂි­ත­තාව තහ­වුරු කිරීම සඳහා අඩු මිලට අත්‍ය­වශ්‍ය ආහාර සැප­යීම:

ආහාර සුර­ක්ෂි­ත­තාව දිළි­ඳු­බ­වින් තොර ජීවන රටා­වක් සඳහා වන මූලික අව­ශ්‍ය­තා­වකි. අන්ත දිළිඳු පවුල්, ආබා­ධිත තත්ත්වයේ පුර­වැ­සි­යන් හා වය­ස්ගත හා දුබල පිරිස් රැක­බ­ලා­ගැ­නීම රජ­යක හා සමා­ජ­යක වග­කී­මක් ලෙස සලකා කට­යුතු කර ඇති බවක් මේ තීර­ණය අනුව පැහැ­දිලි වේ. මේ වැඩ­ස­ට­හන් අනුව මෙම පවු­ල්වල සාමා­ජි­ක­යන්ට රජයේ හා රජයේ අනු­මත වෙළෙ­ඳ­සල් වෙතින් අත්‍ය­වශ්‍ය ආහාර නිශ්චිත ප්‍රමා­ණ­යක් මිලට ගත හැකි වනු ඇත. මේ භාණ්ඩ මිල දී ගැනීම සඳහා ආහාර සුරක්ෂා ඉලෙ­ක්‍‍ට්‍රො­නික කාඩ් පතක් ලබා දීමට සැල­සුම් කර ඇති බව වාර්තා වේ. මෙය නව තාක්ෂ­ණය සමඟ මුසු කර­මින් නව ලොවට ගැළ­පෙන පරිදි වඩාත් කාර්ය­ක්ෂ­මව හා ගෞර­ව­නීය අයු­රින් අත්‍ය­වශ්‍ය භාණ්ඩ මිල දී ගැනී­මට අඩු ආදා­ය­ම්ලාභී පවු­ල්ව­ලට පළ­මු­ව­රට හිමි වන අව­ස්ථා­වකි.

ග්‍රාමීය මාර්ග ප්‍රදේ­ශ­වල කෘෂි මාර්ග පද්ධ­තිය කිලෝ­මී­ටර් 10,000ක් සංව­ර්ධන කිරීම මඟින් ගමේ කාර්මික හා කෘෂි­කා­ර්මික නිෂ්පා­දන වඩාත් කාර්ය­ක්ෂ­මව වෙළෙ­ඳ­පොළ වෙත ප්‍රවා­හ­නය කිරී­මට අව­ස්ථාව උදා වන අතර, එම­ඟින් ගැමි­දි­විය වඩාත් ඵල­දායි වේ.

කුඩා පරි­මාණ ව්‍යපා­රි­ක­යන් හා නිෂ්පා­ද­ක­යන් නඟා­සි­ටු­වීම, කාන්තා ව්‍යව­සා­ය­ක­යන් දිරි­ගැ­න්වීම හා දිළිඳු පවුල් සඳහා කෘෂි­කර්ම ව්‍යාපාර සංව­ර්ධන සහ නිවාස ව්‍යාපෘති සඳහා ඉඩම් කැබලි 1,00,000ක් ලබා දීම,අධ්‍යා­ප­නය ආය­ත­න­ව­ලට ප්‍රවේශ වීමේ පහ­සු­කම් වැඩි­දි­යුණු කිරීම, ලෙඩ රෝග වැළැ­ක්වී­මට පිය­වර ගැනීම ආදි ප්‍රධාන වැඩ­ස­ට­හන් මේ අතර වේ.

වන­ස­තුන් හා වන­වැස්ම ආරක්ෂා කිරීම, කාන්තා­වන් සඳහා වි‍ශේෂ ආදා­යම් උත්පා­දන වැඩ­ස­ට­හන් මෙන්ම අන්ත දිළිඳු පවුල් සඳහා සහන ආදි ක්‍රමෝ­පා­යික ඒකා­බද්ධ වැඩ­ස­ට­හන් ගණ­නා­වක්ද මේ හා බැඳී පවතී.

ඉහත වැඩ­ස­ට­හන් එකි­නෙක අන්තර්-සම්බ­න්ධ­තා­ව­කින් යුතුව ක්‍රියා­ත්මක කිරීම, නිසි අධී­ක්ෂ­ණය හා කාර්ය­සා­ධන කළ­ම­නා­ක­ර­ණ­ය­කින් පම­ණක් මේ වැඩ­ස­ට­හන් මඟින් අපේ­ක්ෂිත අර­මුණු ළගා කර­ගත හැකි වනු ඇත. සාම්ප්‍ර­දා­යික රාජ්‍ය සේවා ව්‍යූහය තුළ මෙය තවත් වැඩ­ස­ට­හ­නක් පම­ණක් වීමෙන් වළ­ක්වා­ගත හැකි වන්නේ එසේ කට­යුතු කිරී­මෙන් පමණි.

Comments