රස්නෙට වැස්සට ප්‍රධාන හේතුව වාහන දුමෙන් පිට වන ජලයයි | Page 2 | සිළුමිණ

රස්නෙට වැස්සට ප්‍රධාන හේතුව වාහන දුමෙන් පිට වන ජලයයි

 

සු­ගිය වසරේ අව­සන් මාස 4 පුරාම අපේ රටේ සියලු ප්‍රදේ­ශ­ව­ලට වැසි ලැබුණි. ඒ වැස්ස නිසා අපේ කෘෂි­කා­ර්මික කට­යු­තු­ව­ලට ඉතා අහි­ත­කර ලෙස බල­පෑ­වේය. එළ­වළු අස්වැන්න අඩු­විය. ගොයම් පැළ ද කුණුවී ගියේ ය. දැන් ඉදි­රි­යට ජල හිඟ­යක් ඇති­වෙන පරිදි උෂ්ණ දේශ­ගු­ණ­යක් පවතී. පිට­ර­ට­ව­ලත් දේශ­ගු­ණය වෙනස්වී ඇත. ඔස්ට්‍රේ­ලි­යාවේ ළැව් ගිනිය. ඩුබාහි ගංව­තු­රය. මෙහෙම අපේත් ලොවේත් දේශ­ගු­ණය වෙනස් වූයේ ඇයි? අපි මේ පිළි­බ­ඳව දේශ­ගුණ විප­ර්යාස පිළි­බඳ මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පර්යේ­ෂ­ක­යකු වන චන්ද්‍ර­ලාල් සෝම­රත්න මහතා හමු වී සාකච්ඡා කළෙමු.

මේ පිළි­බ­ඳව කරුණු දැක්වූ චන්ද්‍ර­ලාල් මහතා පැව­සුවේ පසු­ගිය වසර හතර ඇතු­ළත අපේ දේශ­ගුණ විප­ර්යා­ස­වල අනිසි ප්‍රති­ඵල අපට ලැබෙන්නේ අප කරන වායු දූෂණ තත්ත්ව­වල ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් බවයි.

ජර්ම­නියේ ප්‍රති­ර­ක්ෂණ සමා­ග­මක් වන Munich.rc සමා­ගම විසින් වසර ගණ­නා­වක් තිස්සේ ලොව දේශ­ගුණ විප­ර්යාස නිසා ලොව විවිධ රට­ව­ල්ව­ලට සිදු­වන ආපදාවලට ලක් වී­මට ඇති ප්‍රව­ණ­තාව පිළි­බ­ඳව සමී­ක්ෂ­ණය කරනු ලබයි. ඒ අනුව 1998 සිට 2015 දක්වා අප සිටියේ 98 වැනි ස්ථාන­යේය. නමුත් 2016හි අපේ රට ලොව දේශ­ගුණ විප­ර්යාස නිසා ආප­දා­ව­ලට භාජ­න­වීමේ ප්‍රව­ණ­තාව ඇති රට­වල් අත­රින් 4 වැනි ස්ථාන­යට පත් විය. පසුව 2018 දී අප රට ආප­දා­වට ලක්වී­මට ප්‍රව­ණ­තා­වක් ඇති රට‍වල් අතු­රින් දෙවැනි තැනට පත්විය. මේ අනුව ආප­දා­වට ලක්වීමේ ප්‍රව­ණ­තා­වක් ඇති රට­වල් අත­රින් ප්‍රථම ස්ථානය ලබා ඇත්තේ මුහු­දෙන් සේදී යන රටක් වන පොටො­රිකා දූප­තය.

ඒ සමී­ක්ෂ­ණය අනුව අපි දෙවැනි තත්ත්ව­යට ගෙනැ­විත් ඇත්තේ ජල­ගැ­ලීම් හා වර්ෂා­ප­ත­නය අනු­වයි. නිය­ග­යන් අනුව නෙවෙයි ජලය ආශ්‍රිත අන­තු­රු­වල ප්‍රව­ණතා නිසයි.

මේ පර්යේ­ෂණ අනුව හෙළිවූ අපේ රටට ඉතාම වැද­ගත් කරුණ වන්නේ මේ අපේ රටට මෙලෙස වර්ෂා­ප­ත­නය වැඩි­වී­මට මෙරට පුච්චන ‍පෙට්‍රල් හා ඩීසල් ප්‍රමා­ණය හේතු­වන බවයි. 2014 දී අපේ රටට ඛනිජ තෙල් සංස්ථාව විකුණා ඇති ඛනිජ තෙල් ප්‍රමා­ණය මෙට්‍රික් ටොන් 767000කි. ඒ ප්‍රමා­ණය 2018 දී මෙට්‍රික් ටොන් 1179000 දක්වා වැඩි වී තිබේ. ඒ අනුව වසර 4 ඇතු­ළත මෙරට ඛනිජ තෙල් පරි­භෝ­ජ­නය සිය­යට 40කින් පමණ වැඩි­වෙ­මින් පවතී. මේ පිට­වෙන ඛනිජ තෙල්වල හයි­ඩ්‍ර­ජන් වායුව අන්තර්ගත වේ. ඊට පසු ඒ හයි­ඩ්‍ර­ජන් වාතයේ ඇති කාබන් සමඟ මිශ්‍ර වී CH2 අනු සාදනු ලැබේ.

මේ හැම පෙට්‍රල් ලීට­ර­යක් දහනය වන විට වායු ගෝල­යට ජල වාෂ්ප ලීටරයකට ආසන්න ප්‍රමාණයක් එක් වෙයි. මේ ජල වාෂ්ප ස්වභාව ධර්ම පද්ධ­තියේ තිබුණු ඒවා නොවේ. මේවා අලුත් ජලය ප්‍රමා­ණ­යකි. නමුත් මේ ජලයේ සංයු­තිය සාමාන්‍ය ජල­යට සමා­නය. පසු­ගිය දින­වල අපේ රටේ ඇතිවූ වැස්සට හේතුව අපි දැඩි ලෙස මේ පෙට්‍රල් පිලි­ස්සීම් බව පැහැ­දිලි ය.

ඒ අනුව අපට කිව හැක්කේ අපේ රටේ ඇති දේශ­ගුණ විප­ර්යා­ස­ව­ලට හේතුව වාහ­න­වල දුම බවයි‍.

දවල්ට පොළොවේ ඇති ජලය වාෂ්ප වී ඉහ­ළම යයි. පසුව රාත්‍රි­යට පහ­ළට වැටෙයි. එහිදී එම ජලය වායු­ගෝ­ල­යට යන්නේ කාබන් ඩයො­ක්ස­යිඩ් සමඟ නොවේ. එහි අන්ත­ර්ග­තය ජල වාෂ්ප පමණි. නමුත් වාහ­න­ව­ලින් පිට­වන දුමේ ඇති ජල වාෂ්ප ඉහ­ළට යන්නේ කාබන් ඩයො­ක්ස­යිඩ් සම­ඟය. මේ දෙකම එකට ඉහ­ළට යන නිසා මේ ජල­වාෂ්ප මගින් එක්වරම අපට වැස්ස ලෙස ලැබෙන්නේ නැත.‍ වැසි ලැබීමට මාස 4ක් වුව ද තිබිය හැකි ය. මෙම වායු පද්ධ­ති­යට හරි­තා­ගාර වායු­වක් ලෙස ලොව උණු­සුම වැඩි කිරී­මට හැකි­යාව තිබේ.

ඒ අනුව මේ වාහන දුම සමඟ ඉහළට යන ජල­වාෂ්ප සමඟ එක්වුණු කාබ­න් ඩ­යො­ක්ස­යිඩ් පෘථි­විය උණු­සුම් කිරී­මට දීර්ඝ කාලී­නව බල­පානු ලැබේ‍. කාබන් ඩයො­ක්ස­යිඩ්වලින් පම­ණක් ‍සිදු වන පෘථි­විය උණු­සු­ම්වී­මට වඩා දෙගු­ණ­යකින් එය සිදු වේ‍. ඒ අනුව කාබන් ඩයො­ක්ස­යිඩ්වලින් පෘථි­විය උණු­සු­ම්වීම 10ක් කරයි නම් ජල­වාෂ්ප සමඟ යන කාබන් ඩයො­ක්ස­යිඩ්වලට පෘථි­විය උණු­සුම් කිරීම විසි ගුණ­යක් කරනු ලැබේ.

මේ අනුව අපේ රටේ ඍතු වෙන­ස්වීම් කන්න වෙන­ස්වීම වැස්ස වැඩි­වීම නියග වැඩි­වීම යන කරු­ණු­ව­ලට මේ වාහන දුමේ ඇති ජල­වාෂ්ප හේතු­වන බව කිව යුතුයි. ඒ පිළි­බ­ඳව වස­රක් දෙකක් නොව වසර 8ක සෑම දින­කම පැය 8– 10ක් කළ පර්යේ­ෂණ අනුව මම මේ අද­හස් පළ­ක­රමි. මේ කියන දේවල් පිළි­බ­ඳව පූර්ණ වග­කීම මම දරමි.

අපේ රටේ දැනට පාවිච්චි කරන ඉතාම හොඳට ‘ටියුන්’ කළ වාහ­න­යක පවා කාර්ය­ක්ෂ­ම­තාව සිය­යට 18ක් පමණි. ඒ අනුව මූල්‍ය­මය හානියක් හා ඉන්ධන හානි­යක් එම වාහන නිසා බහු­ලව සිදුවේ. අප ඉන්ධන ලීටර් 10ක් වාහ­න­ය­කට දැම්මොත් ඉන් වාහ‍නයේ ධාව­න­යට උප­යෝගි කර­ගන්නේ ලීටර් 1.8ක් පමණි. ඉතිරි ඛනිජ තෙල් සියලු ප්‍රමා­ණය ජල වාෂ්ප ලෙස වායු­ගෝ­ල­යට මුදා හරිනු ලැබේ.

මේ අනුව අපේ රටේ තිබෙන අලුත් ම අලුත් වාහ­න­යක වුවත් පූර්ණ කාර්ය­ක්ෂ­ම­තාව වන්නේ සිය­යට 18ක් පමණි. මේ අනුව 2017 අපේ රටේ වාහ­න­ව­ලින් අපතේ යවන ලද බල­ශ­ක්තියේ වටි­නා­කම රුපි­යල් බිලි­යන 200 කි.

අපේ රටේ වාහ­න­ව­ලින් පිට­වන ජල වාෂ්ප ප්‍රමා­ණය අපේ රටේ වායු ගෝලය පුරා පැතිර යයි. ඒ අනුව අප පිට­ක­රන ජල­වා­ෂ්ප­ව­ලින් ලැබෙන වැඩි­පුර වැස්ස ඇති­වීම සිදු­වෙන්නේ අපේ රට ඇතු­ළ­ට­මය. මේ අනුව අප වාහන පාවිච්චි වැය­ක­රන විට අපේ මේ දේශ­ගුණ විප­ර්යාස අනි­වා­ර්ය­යෙන් ම වැඩි­වෙන බව අව­ධා­ර­ණය කළ හැකි ය.

අප විසින් කළ අලුත් පර්යේ­ෂණ හා ලොව පිළි­ගත් මූල­ධර්ම අනුව අපේ රටේ වාහ­න­ව­ලින් පිට­වන ජල­වාෂ්ප ද කාබන් ඩයො­ක්ස­යිඩ් අන්ත­ර්ගත වායුව වැඩි­පුර සංච­ර­ණය වන්නේ අපේ රට තුළ පමණි. ඉන් සුළු කොට­සක් දකුණු ඉන්දි­යාවේ දිල්ලිය දක්වා පම­ණක් ගමන් කර ආපසු ලංකා­වට එයි. මේ නිසා අප කරන වායු දූෂ­ණ­යෙන් වඩා විදින්නේ අප රටේ ජන­තා­වම බව රට­ටම පෙන්වා දීමට සිදුව තිබේ.

ඉදි­රි­යට එන පෙබ­ර­වාරි හා අප්‍රේල් කාල පරා­සය ඇතු­ළත වැඩි­පුර වනා­න්තර වර්ධ­නය සිදු­ව­න්නකි. මේ කාබන් ඩයො­ක්ස­යිඩ් වායුව ඒ වනා­න්තර වර්ධ­නය සඳහා උරා­ගනු ලැබේ.

අප රටේ ඇති වායු සංච­රණ රටා මේ අනුව උතුරු නැගෙ­න­හිර හා දකුණු පළාත් අතර වේග­යෙන් වායූන් සංච­ර­ණය වීම සිදු වේ. එහෙත් බස්නා­හිර හා නැගෙ­න­හිර පළාත් අතර ඒ වායු සංච­ර­ණය සිදු­වන්නේ ම නැත. මේ අනුව අප පිට කරන වාහන දුමේ ඵල විපාක වැඩි­පු­රම ලබන්නේ අපේ රටේ ජන­තාව විසින් ම බව කිව යුතු ය.

අප රට ඇතු­ළත ඉහත ආකා­ර­යෙන් වැඩි­පුර පිට කරන වාහන දුම ඇතුළු කාබන් ‍ඩයොක්ස­යි­ඩ්වල ද බල­ප‍ෑ­මෙන් සිදු­වන දේශ­ගුණ විප­ර්යාස නිසා ලොව වැඩි­යෙන් ම බල­පෑ­ම්ව­ලට ලක්වීම‍ට ඇති රට­වල් අතර දෙවැනි තැන 2018 දී අපට ලැබිණි. එසේ වුවත් ඒ මහා ව්‍යස­න­යට මුහුණ දීමට, ඊට අනු­හුරු වීමට ඒවා වළක්වා ගැනී­මට පසු­ගිය රජය කිසිම පිය­ව­රක් ගෙන තිබුණේ නැත.

මම මේ පිළි­බ­ඳව මීට විවිධ ඉංග්‍රීසි පුව­ත්පත් මගින් කිහිප වරක් ම වග­කි­ව­යු­ත්තන්ට පෙන්වා දුන්නෙමි. නමුත් පසු­ගිය රජයේ කිසිම නිල­ධා­රි­යෙකු බල­ධා­රි­යෙකු ඒ ගැන ඇහැක් කනක් ඇර බැලුවේ නැත. එකල පරි­සර ඇමැති ලෙස කට­යුතු කළේ හිටපු ජනා­ධි­පති තුමා ය. නමුත් පරි­සර අමා­ත්‍යාං­ශයේ කාල­ගුණ හා ආපදා දෙපා­ර්ත­මේ­න්තු­වල නිල­ධා­රීන් මේ පිළි­බ­ඳව එතුමා සමඟ සාකච්ඡා කොට කිසිම පිය­ව­රක් ගත්තේ නැත. එය ඉතාම කන­ගා­ටු­දා­ය­කය. මේ පිළි­බ­ඳව ලෝක බැංකුවේ වාර්තා­වක් ද ඇත. අපේ ර‍ටේ බොහෝ නිල­ධා­රීන් කරන්නේ ආපදා වූ පසු ආධාර ලබා ගැනීම පමණි. ඒ ආපදා වැළැ­ක්වී­මට හානි අවම කිරී­මට හෝ ඊට අනු­හු­රු­වී­මට සැල­සුම් සකස් කරන්නේ නැත.

මේ අතර තාර හා කාපට් ‍යොදා මහා­මාර්ග වැඩි වැඩි­යෙන් ඉදි­කි­රීම් නිසා ද අපේ රටේ වායු­ගෝ­ලය රත් වීම ද බහු­ලව සිදු වේ.

අපේ රට නිර­ක්ෂය ආසන්න රටක් නිසා අපේ රටට ඉතා තදින් පැය 12 පුරා හිරු එළිය වැටේ.

අප පාර­වල් ඉදි කරන විට ගහ­කොළ ඉවත් කෙරේ. නමුත් ගහ කොළ සිය­යට 20ක් හිරු එළිය පරා­ව­ර්ත­නය කරයි. සිය­යට 30ක් හිරු එළිය උරා­ගනී.

අද අප කරන්නේ ගහ කොළ කපා කළු තාර හෝ කාපට් යොදා මාර්ග ඉදි­කි­රී­මයි. ඒ මාර්ග මගින් සිය­යට 90ක් තාපය උරා­ගනී. ඊට පසුව ඒ තාපය පිට කිරී­මට සිදු කෙරේ. වතු­රට තාපය වැටුණු විට තාපය උරා­ගෙන ඒ තාපය ඈතට ගමන් කරයි. නමුත් මහ පාරට තාපය වැටුණු විට එය අනි­වා­ර්ය­යෙන් ම ඒ තාපය පිට කළ යුතු ය. මේ අනුව රත්වෙන පාරේ තාපය පිට­වීම නිසා වායු­ගෝ­ලය රත්වීම සිදුවේ.

අපේ රට දේශ­ගුණ විප­ර්යා­ස­ව­ලට ලක්වීම නිසා ඇති වූ ආප­දා­ව­ලින් අපේ රටට පසු­ගිය වසර තුන ඇතු­ළත ඩොලර් මිලි­යන 2600කට වඩා හානි සිදුවී ඇත.

මේ සියලු ගැට­ලු­ව­ලට එකම විස­ඳුම අධි­වේගී පාර­වල් උඩ වහ­ලක් ගසා ඒ පාර උඩ සූර්ය­බල පැනල විශාල ගණ­නක් ස්ථාපිත කිරී­මයි. ඒ මගින් පාරට හිරු එළිය වැටෙන්නේ නැති අතර සූර්ය බල කෝෂ මඟින් බල­ශ­ක්තිය උප­ද­වනු ලැබේ‍. මේ සූර්ය බලය ගබඩා කර බැටරි ආරෝ­ප­ණය කර ඒ විදු­ලි­යෙන් වාහන බැටරි ආරෝ­ප­ණය කර වාහන දිවී­මට පුළු­වන.

ලෝකයේ වෙනත් රට­ව­ල්වල ජලාශ උඩ සූර්ය බල පැනල් සවි­කි­රීම ද සිදු කරනු ලැබේ. නමුත් ඒ ජලාශ ඉහළ සූර්ය පැනල සවි කිරීම හා අධි­වේගී මාර්ග­වල සූර්ය පැනල සවි කිරීම අතර වෙන­සක් ඇත. අධි­වේගී මාර්ග­වල නිප­ද­වන සූර්ය බල විදු­ලිය පහ­සු­වෙන් අදාළ ප්‍රයෝ­ජ­නය ගන්නා අයට ලබා­දිය හැකි ය. නමුත් ජලා­ශ­වල සූර්ය පැනල මගින් නිප­ද­වන සූර්ය බල විදු­ලිය ප්‍ර‍යෝජ­නය ගන්නා අය සිටින්නේ ඈතින් නිසා ඒ විදු­ලිය ඈතට වයර් මඟින් ගෙන යන විට එම බලයේ අඩු­වී­මක් සිදුවේ‍.

තාර හා කාපට් දැමූ ප්‍රධාන මාර්ග වැඩි­පුර කැඩෙන්නේ වැස්ස හා හිරු එළිය නිසාය. මේ ක්‍රම­යට සූර්ය බල පැනල පාර උඩ සවි කිරී­මෙන් පසු එහි එක­තු­වන ජලය ද අපිට එකතු කර ගත හැකි ය. ඒ ජලය මගින් විවිධ ප්‍රයෝ­ජන ද ලබා­ගත හැකි ය. එවිට හිරු එළිය පාරට වැටෙන්නේ නැති නිසා ඒ තාපය පිට වී වායු­ගෝ­ලය රත්වීම ද අඩුවේ. ඒ අනුව වැස්ස හා හිරු එළිය කෙළින් ම ඒ පාර­ව­ල්ව­ලට නොවැ­ටීම නිසා එම පාර­වල් ද ආරක්ෂා වේ.

අද ඕස්ට්‍රේ­ලි­යාව ගිනි ගන්නා අතර ඩුබා­යි­වල ගංව­තු­රය‍. ඒ අනුව අද දේශ­ගුණ විප­ර්යාස පිළි­බ­ඳව මුළු ලොව පුරා විද්‍යා­ඥයෝ ලොකු උන­න්දු­වක් දක්වති. අප අද කථා කරන විස­ඳුම වන්නේ උඩට ගිහිල්ලා හිරු එළිය පරා­ව­ර්ත­නය කිරී­මට විශාල දර්පන සවි කිරී­මයි. දැනට මේ දේශ­ගුණ විප­ර්යාස අවම කිරී­මට ලොව ප්‍රසිද්ධ විද්‍යා­ඥ­යන් ඩොලර් බිලි­යන 10 ක් පමණ වැය කිරී­මට සූදා­නම්ව සිටිති. ඊට අම­ත­රව හිරු එළිය පොළො­වට වැටීම වැළැ­ක්වී­මට සල්ෆර් දුමා­ර­යක් යැවී­මට ද සැල­සුම් ඇත.

මේ දින­වල ඕස්ට්‍රේ­ලි­යාවේ ළැව් ගිනි ඇති වූයේ දේශ­ගුණ විප­ර්යාස නිසා ය. මුලින් ම ඔවුන්ට සිදු­වූයේ ඔවුන්ගේ ප්‍රධාන අධි­වේගී මාර්ග ප්‍රබල ලෙස රත්වී­මයි. ඒ අධි­වේගී මාර්ග­වල ඉහළ සූර්ය බල පැනල සවි­කර තිබුණා නම් ඒ වායු­ගෝ­ලය එත­රම් රත් නොවී­මට ඉඩ තිබුණි.

අපේ රටේ අධි­වේගී මාර්ග­වල හා තාර පාරවල ඉහ­ළින් සූර්ය පැනල සවි‍කළ හොත් ඉන් නිප­ද­වන සූර්ය බලය මඟින් රථ­වා­හන ධාව­න­යට විදු­ලිය ලබා­දිය හැකි විය.

රටට අවශ්‍ය විදු­ලිය නිප­ද­වීම ඉන්ධන මඟින් තව­දු­ර­ටත් කළ හැකිය. විදු­ලිය නිප­ද­වී­මට ඉන්ධන පාවිච්චි කරන විට එය සිය­යට 50 ක කාර්ය­ක්ෂ­ම­තා­වක් ඇතිවී සිදු­කළ හැකි ය. ඒ නිසා ඒ කට­යුත්ත සූර්ය බල­යට වඩා ඉන්ධ­න­ව­ලින් කිරීම් සුදුසු ය.

මීට අම­ත­රව මේ සූර්ය බල විදුලි නිප­ද­වීම මඟින් අධි­වේගී මාර්ග ඉදි­කි­රී­මට ගන්නා විශාල ණය මුදල් ද පියවා ගත හැකිවේ.

මේ සියලු කරුණු පිළි­බ­ඳව හා පසු­ගිය පර්යේ­ෂණ තොර­තුරු අනුව කිව හැක්කේ අපේ රටේ ප්‍රති­පත්ති සම්පා­ද­ක­යන් පර්යේ­ෂණ විද්‍යා­ඥ­යන් පරි­සර, ආපදා, කෘෂි­කර්ම හා කාල­ගුණ අංශ දේශ­ගුණ විප­ර්යාස පිළි­බ­ඳව‍. මීට වඩා වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතු බවයි.

එමෙන් ම අප පෙන්වා දෙන අයු­රින් අපේ රටේ දේශ­ගුණ විප­ර්යා­ස­ව­ලට ප්‍රධාන හේතු­වක් වූ වාහන ඉන්ධන දුම අවම කිරී­මට කට­යුතු කිරී­මත් සූර්ය බලය වැනි පුන­ර්ජ­න­නය බල­ශක්ති වැඩි­යෙන් නිප­ද­වී­මට හා පාවිච්චි කිරී­මට ජන­තාව යොමු කිරී­මත් අද කාලීන අව­ශ්‍ය­තා­වකි. එමෙන් ම සූර්ය­බල පැන­ල­ව­ලට මූල්‍ය සහන ද අවශ්‍ය වී ඇත.

එප­ම­ණක් නොව දේශ­ගුණ විප­ර්යාස වැළැ­ක්වී­මට හා ඒවාට අනු­හු­රු­වී­මට රජයේ වග­කි­ව­යුතු අංශ එක්වී කාර්ය­ක්ෂම වැඩ­පි­ළි­වෙ­ළක් ද වහාම සකස් කළ යුතුව ඇත.

 

සේයාරූ - සමන්ත වීර­සිරි

Comments