මොළේ උණ හදන අලුත් මදු­රු­වෙක් | සිළුමිණ

මොළේ උණ හදන අලුත් මදු­රු­වෙක්

ලංකාවේ ජීවත් වන අප මදු­රු­වන් කෙරෙහි බියක් දක්වන්නේ මැලේ­රි­යාව, ඩෙංගු, බරවා වැනි මදු­රු­ව­න්ගෙන් බෝ වන ලෙඩ රෝග­ව­ලින් නිර­න්ත­ර­යෙන් බැට කන නිසාය. එසේ මදු­රු­වන් නිසා පීඩා­වට පත් වන අපට, බිය වැඩි කරන පුව­තක් පසු­ගි­යදා අස­න්නට ලැබිණි.

ඒ, ලංකාවේ මෙතෙක් හමු නොවුණු මදුරු විශේ­ෂ­යක් මීරි­ගම අඹේ­පුස්ස ප්‍රදේ­ශ­යෙන් සහ වේවැ­ල්දෙ­ණිය ප්‍රදේ­ශ­යෙන් සොයා ගැනී­මයි. එම සොයා­ගැ­නීම කර තිබෙන්නේ කොළඹ වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ කීට විද්‍යා­ඥ­යන් පිරි­සකි. එම මදුරු විශේ­ෂය කියු­ලෙක්ස් වර්ග­යට අයත් near infula ලෙස හඳු­නා­ගෙන ඇත.

“මදු­රු­ව­න්ගෙන් බෝවන ලෙඩ­රෝග මර්ද­නය කිරී­මේදී රෝගය මර්ද­නය කළත් ලෙඩ­රෝග ව්‍යාප්තිය පාල­නය කිරී­මට අප­හසු වෙන අවස්ථා තිබෙ­නවා. ඒ නිසා ලෙඩ පාල­නය කරන්න අප­හසු වන්නේ ඇයි කියලා අපි කීට විද්‍යා සමී­ක්ෂණ කර­නවා. ඒ ආකා­ර­යට වැඩි­හිටි මදුරු වර්ග මොන­වාද කියලා මදු­රු­වන් ගැන සමී­ක්ෂ­ණය කරන්න අපට අවශ්‍ය වුණා. ඒ සඳහා මීරි­ගම, අඹේ­පුස්ස සහ වේවැ­ල්දෙ­ණිය ප්‍රදේශ අපි තෝරා ගත්තේ ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ඒ ප්‍රදේ­ශ­වල නිතර ම මදු­රු­ව­න්ගෙන් බෝ වන ලෙඩ රෝග වාර්තා වන නිසයි. 2019 ඔක්තෝ­බර් මාසයේ තමයි අපි එම සමී­ක්ෂ­ණය පටන් ගත්තේ. ඉන්ප­සු­වයි අපට අලුත්ම මදුරු විශේ­ෂ­යක් වන කියු­ලෙක්ස් නියර් ඉන් ෆූලා සොයා­ගැ­නී­මට හැකි වුණේ.” යනු­වෙන් සඳ­හන් කළේ බොරැල්ල වෛද්‍ය පර්යේ­ෂණ ආය­ත­නයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානි - විශේ­ෂඥ වෛද්‍ය සාග­රිකා සම­ර­සිං­හය.

කියු­ලෙක්ස් ඉන්ෆූලා යනු­වෙන් මදුරු විශේ­ෂ­යක් ලංකාවේ සිටින අතර ජැප­නීස් එන්සෙ­ප­ල­යි­ටිස් හෙවත් මොළේ උණ බෝ කරනු ලබන්නේ එම මදුරු විශේ­ෂය විසිනි. කියු­ලෙක්ස් ඉන්ෆූලා මදුරු විශේ­ෂ­යට සමා­න­ක­මක් දක්වන culex near infula මදුරු විශේ­ෂය මඟින් ද ජැප­නීස් එන්සෙ­ප­ල­යි­ටිස් රෝගය බෝවීමේ අව­දා­න­මක් ඇත.

“දැන් ජැප­නීස් එන්සෙ­ප­ල­යි­ටීස් රෝග­යට බිය වීමට අවශ්‍ය නැහැ. එය පාල­නය කර තිබෙන්නේ. ඒ වගේ­ම‍ ­මෙම රෝගය වැළැ­ක්වී­මට දැන් එන්නත් පවා ලබා දෙනවා. ඒ නිසා අලුත් මදුරු වර්ග­යක් හොයා ගත්තා කියලා අන­වශ්‍ය බියක් ඇති කර ගත යුතු නැහැ. ජැප­නීස් එන්සෙ­ප­ල­යි­ටීස් රෝග­යට භය වෙන්න වුව­ම­නා­ව­කුත් නැහැ.” යනු­වෙන් කීට විද්‍යා අංශයේ ප්‍රධානි, විශේ­ෂඥ වෛද්‍ය සාග­රිකා සම­ර­සිංහ පැව­සුවේ මදු­රු­ව­න්ගෙන් බැට කා හෙම්බත් වූ අයට මද අස්වැ­සි­ල්ලක් සල­ස­මිනි.

මදු­රු­ව­න්ගෙන් බෝවන ලෙඩ රෝග කොත­රම් මර්ද­නය කළත් විදේශ රට­කින් රෝගය මෙර­ටට පැමිණි විට එය පැති­රෙන්නේ රෝග වාහක මදු­රු­වන් මෙරට සිටින නිසාය. මදුරු කීට­යන් මර්ද­නය කිරීම සඳහා සෞඛ්‍ය අංශය නිර­තු­රු­වම කට­යුතු කරන්නේ එබැ­විනි.

මේ වන විට ලංකාව තුළ මදුරු විශේෂ 153ක් සිටිති. මෙම 153 අතර රෝග වාහක මදු­රු­වන්, රෝග වාහක නොවන මදු­රු­වන්, මිනි­සුන්ට දෂ්ට නොක­රන මදු­රු­වන්, මල් පැණි බොන මදු­රු­වන් වැනි මදුරු වර්ග රාශි­යක් සිටිති. මීරි­ගම අඹේ­පුස්ස ප්‍රදේ­ශ­යෙන් සොයා ගත් මදුරු විශේ­ෂය සමඟ ලංකාවේ සිටින මදුරු විශේෂ 154 දක්වා ඉහළ ගොස් තිබේ. එහෙත් රෝග වාහ­ක­යකු වන culex near infula යන අලුත් මදුරු වි‍ශේෂ­යට බිය විය යුතු නැති බවට විශේ­ෂඥ වෛද්‍ය සාග­රිකා සම­ර­සිංහ අව­ධා­ර­ණය කර සිටියි.

 

Comments