මේ මැතිවරණ ක්‍රමය තිබෙනවා නම් විධායක ජනාධිපති ක්‍රමයත් ඕනෑ | සිළුමිණ

මේ මැතිවරණ ක්‍රමය තිබෙනවා නම් විධායක ජනාධිපති ක්‍රමයත් ඕනෑ

 

පව­තින මැති­ව­රණ ක්‍රමය සංශෝ­ධ­නය විය යුතුයි; එය මේ රටේ අස්ථා­වර ආණ්ඩු නිර්මා­ණය කර­නවා යන්න කල­යක් තිස්සේ පව­තින සංවා­ද­යක්. මේ කාර­ණය සම්බ­න්ධ­යෙන් ඔබේ ස්ථාව­රය කුමක්ද?

 

මේ මැති­ව­රණ ක්‍රමය අපට මුල්ව­රට හඳුන්වා දෙන්නේ 1978 ව්‍යව­ස්ථා­වෙන්. නමුත් ඒ 78 ව්‍යව­ස්ථා­වෙන් යෝජනා කළ විදියේ මැති­ව­රණ ක්‍රම­යක් නෙමෙයි 89 සිට මේ රටේ ක්‍රියා­ත්මක වෙන්නේ. එහෙම වෙන්න බල­පාපු පළ­වෙනි හේතුව 78 හඳුන්වා දුන් මැති­ව­රණ ක්‍රමය අනුව අවම ඡන්ද ප්‍රමා­ණය 12.5% ක් විය යුතු වුණා. නමුත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය සඳහා 1988 දී ගෙනා 15 වෙනි සංශෝ­ධ­න­යෙන් මෙය 12.5% සිට 5% දක්වා අඩු වුණා. මේ හේතුව නිසා 89 සිට අද දක්වා පැවැත්වූ පාර්ලි­මේන්තු මැති­ව­රණ සියල්ල අර­ගෙන බැලු­වොත් 89යේ සහ 2010යේ හැරෙ­න්නට කිසිම අව­ස්ථා­ව­කදී 113 සහිත සරල බහු­ත­ර­ය­කින් යුතු ආණ්ඩු­වක් නිර්මා­ණය කර ගන්න අපට නොහැකි වී තිබෙ­නවා. 12.5% සිට 5% දක්වා අඩු කිරීම නිසා මූලි­ක­වම වෙච්ච ගැට­ලුව තමයි; සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විදි­යට අලුත් පක්ෂ දෙකක් නිර්මා­ණය වෙලා; ඔවු­නුත් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට තනිව තරග කර ලබා­ගන්නා ඡන්ද ප්‍රති­ශ­තය මත ආසන ප්‍රමා­ණ­යක් දිනා ගැනීම. සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය අනු­ග­ම­නය කරන හැම රටක ම මේ අර්බු­දය තිබෙ­නවා. ඉතාම කලා­තු­ර­කින් තමයි ස්ථාවර ආණ්ඩු නිර්මා­ණය වෙන්නේ. සමා­නු­පා­තික මැති­ව­රණ ක්‍රමය දිගට ම පව­ත්වා­ගෙන යනව නම් මගේ ස්ථාව­රය වෙන්නේ විධා­යක ජනා­ධි­පති ක්‍රමය මේ රටේ තියෙන්න ඕන කියන එකයි.

 

නමුත්, වඩා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාල­න­යක් ඇති කර ගන්න මෙවැනි සංශෝ­ධන ගෙනා බවයි බොහෝ දේශ­පා­ලන විශා­ර­ද­යන්ගේ මතය වෙන්නේ?

 

ඒක ඇත්ත. බහු පක්ෂ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිළි­ගැ­නීම සමා­නු­පා­තික ජන්ද ක්‍රමයේ පව­තින එක මූලික ලක්ෂ­ණ­යක්. ඕනෑම පක්ෂ­යක් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙලා කිසි­යම් ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා ගත්තම එ්ක අවම සීමා­වට වඩා වැඩි නම් ඔවුන්ගේ ඡන්ද­යට වටිනා කමක් ලැබෙ­නවා. කේවල ඡන්ද ක්‍රමය කියන්නේ මහා බ්‍රිතාන්‍ය විසින් හඳුන්වා දී ඔවුන් විසින් ක්‍රියා­වට නංවන ඡන්ද ක්‍රම­යක්. මෙහිදී කුඩා මැති­ව­රණ කොට්ඨාස හදල ඒ කොට්ඨාස සඳහා පම­ණක් මන්ත්‍රී­ව­රුන් තෝරා පත් කර ගැනෙ­නවා. මේ ක්‍රමය අනුව පළ­මුව දිනුම් කණුව පසු කරන්නා ජය­ග්‍ර­හ­කයා බවට පත්වෙ­නවා. එත­නදි කුඩා ඡන්ද කොට්ඨා­ස­යක් වෙලා පක්ෂ ගොඩක් තරඟ වැදු­නම අවා­සි­යක් සිදු­වන නිසා අවම සීමාව 12.5% වගේ ඉහළ ප්‍රති­ශ­ත­යක් පව­ත්වා­ගෙන යනවා. එත­නදි 12.5%ට අඩු නම් ඇප රාජ සන්තක වෙනවා. මෙහිදී ඉතාම තියුණු තර­ග­ය­කින් අනර්ඝ විදි­යට පරා­ජ­යට පත් වුණත් ඊට වටිනා කමක් ලැබෙන්නේ නැහැ. 78 මහ මැති­ව­ර­ණ­යෙන් පසුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙර­මුණ සමස්ත ඡන්ද ප්‍රමා­ණ­යෙන් 5% ලබා­ගෙන අසන 13ක් හිමි කර ගද්දී ; 33% හිමි­ක­ර­ගත් ශ්‍රී.ල.නි.ප ලැබුණේ ආසන 8ක් පම­ණයි. එ.ජා.ප මේ මැති­ව­ර­ණ­යේදී 140 වැඩි ආසන සංඛ්‍යා­වක් දිනා ගත්තා. මෙත­නදි තමයි ජේ.ආර් ජය­ව­ර්ධන මහතා දේශ­පා­ල­න­ඥ­ය­කුට එහා ගිය දේශ­පා­ලන විශා­ර­ද­යකු ලෙස මතු­වන්නේ. අපි හැමෝම ජේ.ආර් ජය­ව­ර්ධ­නට බැන්නට ඔහු මේ ප්‍රති­ඵ­ලය දිහා බලල තමයි සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය නිර්මා­ණය කරන්න ඇත්තේ. මේ ක්‍රමය යෝජනා කළාට පස්සේ දකුණේ පරා­ජ­යට පත්වන පක්ෂ­යට හැර කිසි දිනක උතුරු නැගෙ­න­හිර ද්‍රවිඩ පක්ෂ­ය­කට විපක්ෂ නාය­ක­කම නොලැ­බෙන බව ඔහු දැන සිටියා. දමිළ පක්ෂ කොයි­ත­රම් ඡන්ද සංඛ්‍යා­වක් හිමි කර ගත්තත් ඒ ඡන්ද සංඛ්‍යාව දකුණේ පරා­ජය වන ප්‍රධාන පක්ෂය අබි­බවා යන්නේ නැහැ. නමුත් මේ 19 වන සංශෝ­ධ­නය කියන ඉතාම අදූර දර්ශී සංශෝ­ධ­නය නිසා 5% ක් ලබා­ගත් පක්ෂ­ය­කට වුණත් විරුද්ධ පක්ෂයේ නාය­කයා වෙන්න පුළු­වන්. ඒක අපි පසු ගිය ආණ්ඩුව කාලේ දැක්කා.

 

19 වන සංශෝ­ධ­නය මඟින් මේ තත්ත්වය නිර්මා­ණය වන ආකා­රය ගැන කෙටි පැහැ­දිලි කිරී­මක් කළොත්?

 

19 වෙනි සංශෝ­ධ­නය හරහා ඔවුන් ජාතික ආණ්ඩු හදන්න පුළු­වන් හැකි­යාව ඇති කළා. ඒක ඇති කරන ආකාර එහි සඳ­හන් වෙන්නේ ඉහළ ම ඡන්ද සංඛ්‍යාව ගන්නා පක්ෂය හා අනෙක් පක්ෂ එකට එකතු වී ජාතික ආණ්ඩු­වක් හැදිය හැකි බවයි. ඒ අනුව 2015 අගෝස්තු 17 වෙනි­දා­යින් පසුව රනිල් වික්‍ර­ම­සිංහ මහතා හා මෛත්‍රී­පාල සිරි­සේන මහතා එකට එකතු වී ඉතාම වැරදි අර්ථ­ක­ථ­න­යක් දීලා ජාතික ආණ්ඩුව යන්න නිර්ව­ච­නය කළා. එ.ජ.නි.ස ඇතුළෙ තිබුණු ශ්‍රී.ල.නි.ප තරග කළේ නැහැ. නමුත් එ.ජ.නි.ස මන්ත්‍රී­වරු පිරි­සක් එකට එකතු කර­ගෙන එක්සත් ජාතික පෙර­මුණ නමින් තරග කරල මේ දෙගොල්ලෝ එකට එක­තු­වෙලා ජාතික ආණ්ඩු­වක් හැදුවා. ඔවුන් එහෙම කළාට එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියා­වක්. කිසි කෙනෙක් මීට විරුද්ධව ඒ මොහොතේ උසාවි නොගියේ ඇයි? කියල මට අදත් තේරෙන්නේ නැහැ.

 

මේ ක්‍රියා­මා­ර්ගය නීති විර­රෝධී වෙන්නේ කොහො­මද?

 

ශ්‍රී.ල.නි.ප කියන එක ඒ මොහොතේ පක්ෂ­යක් විදි­යට ක්‍රියා­ත්මක වුණේ නැහැ. ඔවුන් හිටියේ එ.ජ.නි.ස ඇතු­ළෙයි. එහෙම නම් එ.ජා.ප යි එ.ජ.නි.ස යි එකට එකතු වෙලා තමයි ජාතික ආණ්ඩුව නිර්මා­ණය කළ යුතුව තිබුණේ. මෙවැනි තත්ත්ව­යක් තිබි­යදී වර්ත­මාන කතා­නා­ය­ක­තුමා එ.ජා.නි.ස යෙන් ඉතිරි වූ පිරිස ඒකා­බද්ධ විප­ක්ෂය ලෙස පෙනී සිටි­යදී ඔවුන් වෙනම කණ්ඩා­ය­මක් ලෙස හඳුනා නොගෙන ක්‍රියා කර­මින් විශාල වර­දක් සිදු කළා. එහෙම පිළි නො ගන්නව නම් කථා­නා­යක වර­යාට තිබුණා; එ.ජ.පෙ යි; ශ්‍රී.ල.නි.ප යි එකට එකතු වෙලා ජාතික ආණ්ඩු­වක් හැදුව වෙලාවේ; එ.ජ.නි.ස ඇතුළේ තිබුණු අනෙ­කුත් පක්ෂ විශේ­ෂ­යෙන්ම ජා.නි.පෙ, ම.එ.පෙ, පි.හෙ.උ, ශ්‍රී.කො.ප,.. ආදී පක්ෂ­වල නාය­ක­යින් පක්ෂ නායක රැස්වී­ම්ව­ලට කැඳ­වන්න. නමුත් ඔහු එහෙම කළෙත් නැහැ. කථා­නා­ය­ක­තු­මාට මා පෞග­ලි­කව ගෞරව කළත් එදා ඔහු දේශ­පා­ල­නික වශ­යෙන් මේ වැරැද්ද සිදු කළා.

 

මැති­ව­රණ ක්‍රමය සම්බ­න්ධ­යෙන් දිනේෂ් ගුණ­ව­ර්ධන අමා­ත්‍ය­ව­රයා යෝජ­නා­වක් ගෙනාවා නේද?

 

එ් යෝජ­නාව සම්බ­න්ධ­යෙන් ප්‍රධාන සම්පත් දාය­ක­යෙක් විදි­යට මා අවස්ථා හැත්තෑ­ව­කදී පමණ පාර්ලි­මේ­න්තුව තුළ ඔවුන් මුණ ගැසී සාකච්ඡා කර තිබෙ­නවා. හැකි­තාක් දුර­කට අපට තිබුණු ගැටලු විසඳ ගන්න ඒ නව මැති­ව­රණ ක්‍රමය හඳු­න්වා­දී­මේදී අපි උත්සාහ කළා. ඒක ඉතාම හොඳ මිශ්‍ර මැති­ව­රණ ක්‍රම­යක්. මන්ත්‍රී­වරු 225 දෙනා තුළම ජාතික ලැයි­ස්තු­වේන් 15 දෙනෙ­කුට සීමා කරන්න. දැනට තිබෙන මන්ත්‍රී කොට්ඨාස 160 අපට තියා­ගන්න අමා­රුයි; මොකද 1976 සීමා නිර්ණ­ය­කි­රීමේ කොමි­සන් සභාව තමයි මේ 160 හැදුවේ. නමුත් මේ සම­හර ඒවා එකට එකතු කරන්න පුළු­වන් කියල අපි දැක්කා. ඒ අනුව මැති­ව­රණ කොට්ඨාස 140 හදන්න අපි යෝජනා කළා. කේවල ක්‍රම­යෙන් මන්ත්‍රී­වරු තේරී පත් වෙන­කොට; පරා­ජ­යට පත්වන මන්ත්‍රී­ව­රුන් ලබා­ගන්නා ඡන්ද ප්‍රති­ශ­ත­යට යම් කිසි වටිනා කමක් නොලැබී යනවා. ඒ සඳහා මැති­ව­රණ කොට්ඨාශ 140න් සමස්ථ ඡන්ද සංඛ්‍යා­වෙන් ලබා තිබෙන ඡන්ද ප්‍රමා­ණය දිහා බලල පරා­ජ­යට පත් වූ මන්ත්‍රී­ව­රුන්ගේ ඡන්ද­ව­ලට මන්ත්‍රී­වරු 70ක් තෝරන්න කියලා අපි යෝජනා කළා. මේ ක්‍රමය අනුව අපි 1977 ප්‍රති­ඵ­ලය ගණ­නය කළොත්; එ.ජා.ප යට හම්බ­වෙන්නේ මන්ත්‍රී ආසන 140යි. ශ්‍රී.ල.නි.ප ආසන 08 තිබ්බ එක 48 දක්වා වැඩි වෙනවා. වාමා­ශික කණ්ඩා­ය­මට මන්ත්‍රී­වරු 11යි; ද්‍ර.එ.වි.පෙ මන්ත්‍රී­වරු ලැබුණු මන්ත්‍රී අසන 13 සිට 15 දක්වා වැඩි වුණා. ඒ අනුව කොට්ඨාස හරහා 210 තෝර­නවා; ඉතිරි ආසන 15 ව ලැයි­ස්තු­වෙන් ගන්නවා. මෙහෙම බැලු­වම ඒකෙන් කිසිම පක්ෂ­ය­කට අසා­ධා­ර­ණ­යක් වෙන්නේ නැහැ. එහෙම වුණා නම් මෙහෙම විකෘ­ති­යක් ඇති වෙන්නේ නැහැ.

 

එහෙත් ඒ ක්‍රමය පසු­ගිය පළාත් පාලන මැති­ව­ර­ණ­යට යොදා­ගෙන විශාල අවු­ලක් වුණා නේද?

 

නැහැ, ඒ කතාව වැර­දියි. එව­කට පාර්ලි­මේතු මැති­ව­ර­ණ­යක් නොති­බුණු නිසා අප යෝජනා කළා දිනේෂ් ගුණ­ව­ර්ධන වාර්තාව මත ඉඳ­ගෙන පළාත් පාලන ආය­ත­න­ව­ලට නියෝ­ජි­ත­යන් පත් කරන්න මේ ක්‍රමය යොදා­ගන්න කියලා. පසු­ගිය අණ්ඩුව මොකද කළේ? ඒ පනතේ පරා­ජි­ත­යන්ට තියෙන වටි­නා­කම තිබුණේ 140 -70 යි; ඒ කියන්නේ 66% -34% යි. ඒක ප්‍රති­ශ­තය ඔවුන් පරා­ජි­ත­යන් සඳහා එක­ව­රම නැග්ගුවා. මේ නිසා පළාත් පාලන ඡන්ද ක්‍රමය සම­පූර්ණ විකෘ­ති­යක් වෙලා මේක හදපු සියලු දෙනාට බැනුම් අහන්න වුණා. මැති­ව­රණ ක්‍රම හදන්න දේශ­පා­ල­න­ඥ­ය­කුට දැනු­මක් නැහැ; ඒ වගේම ව්‍යවස්ථා සංශෝ­ධ­නය කර­න්නත් දේශ­පා­ල­ඥ­යන්ට දැනු­මක් නැහැ. කවු­රුන් හෝ හදා දෙන දෙයක් දිහා බලල ඒකේ තියෙන වාසි අවාසි කතා­ක­රන්න විත­රයි දේශ­පා­ල­ඥ­යාට පුළු­වන් වෙන්නේ. 2016 පළා­ත්පා­ලන මැති­ව­රණ ක්‍රමය ඇදුවේ දේශ­පා­ල­ඥන් හතර පස්දෙ­නෙක් එකට එකතු වෙලා. ඒ අය බැලුවේ තමන්ගේ වාසිය පම­ණියි; රට ගැන කවු­රු­වත් බැලුවේ නැහැ. ඒ නිසා තමයි ඒක විනාශ වුණේ.

 

මේ වන විට විජේ­දාස රාජ­පක්ෂ මහතා 21වැනි සංශෝධ­නය ගෙන එන බවත් පැව­සෙ­නවා. අපි මේ ගැට­ලු­වෙන් එළි­යට එන්න නම් මොන­වගේ පිය­ව­රක් ද ගත­ යුතු වන්නේ?

 

විජේ­දාස රජ­පක්ෂ මහ­ත්ත­යගෙ යෝජ­නාව ඉතාම කාලීන යෝජ­නා­වක් කියල මා විශ්වාස කර­නවා. පාර්ලි­මේ­න්තුව මේ තියෙන ආකා­ර­යට අස්ථා­ව­රයි ඒ නිසා කුඩා සංශෝ­ධ­යක් කරල කෙටි­කා­ලීන වැඩ­පි­ළි­වෙ­ලක් හරහා අපට හැකි­යා­වක් තියෙ­න­වද? ඊළඟ මැති­ව­ර­ණ­යේ­දි­වත් ස්ථාවර පාර්ලි­මේ­න්තු­වක් නිර්මා­ණය කර­ගන්න කියල එතුමා බල­නවා. ඒ කි­යන්නේ 113 ඉන්න සරල බහු­තර ආණ්ඩු­වක් හදන්න. ඒ නිසා තමයි එතුමා යෝජනා කරන්නේ 78 ව්‍යව­ස්ථා­වෙන් ආපු 12.5% අවම සීමා­වට යන්න ඕන කියලා. ඒක ස්ථාවර පාර්ලි­මේ­න්තු­වක් සෑදීම සඳහා එතුමා කරන විශිෂ්ට යෝජ­නා­වක්.

නමුත් මගේ මතය වෙන්නේ අපි මේ කරන්නේ කෙටි­කා­ලීන සංශෝ­ධ­න­යක් නම්; අපේ ඒකා­යන ප්‍රාර්ථ­නය 113කින් යුතු සරල බහු­තර ස්ථාවර ආණ්ඩු­වක් නම්; එක­පා­ර­ටම මේ 5% හ 12.5% දක්වා වැඩි කිරී­මට යාම ප්‍රායෝ­ගි­කව අමාරු කාර්ය­යක්. ඒ වෙනු­වට 5% සීමාව තියා­ගෙන කිසිදු සුළු ජාතික පක්ෂ­ය­කට හෝ සුළු පක්ෂ­ය­කට අසා­ධා­ර­ණ­යක් නොවන ආකා­ර­යට ජාතික ලැයි­ස්තු­වට මේ 5% සීමාව ගෙන ආ යුතුයි.

එවිට ජාතික ලැයි­ස්තු­වෙන් පත්වන 29 දෙනාට 5% සීමාව ගෙනා­වම; තෝරා­පත් කළ­යුතු සංඛ්‍යාව 20 දක්වා අඩු වෙනවා; මොකද 20x5 තමයි 100. එත­කොට ජාතික ලැයි­ස්තු­වෙන් මන්ත්‍රී­ව­ර­යකු ලැබෙන්න නම් සමස්ථ ඡන්ද සංඛ්‍යා­වෙන් දැනට තියෙන 1% වෙනු­වට 5% ගන්න ඕන කියල සංශෝ­ධ­න­යක් ගෙන ආ යුතුයි. එත­කොට ජාතික ලැයි­සි­තු­වෙන් මන්ත්‍රී­වරු දෙන්නේ 20 දෙනයි. නම­දෙ­නෙක් ඉතිරි වෙනවා.

ඒ නම­දෙනා වැඩි­යෙන් ම මන්ත්‍රී­වරු දිනා ඇති පක්ෂ­යට බෝනස් විදි­යට ලබා දෙනවා. වෙනත් විදි­ය­කට කිව්වොත් වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යා­වක් හිමි­කර ගන්නා පක්ෂ­යට ජාතික ලැයි­ස්තුව ආරම්භ කරන්නෙ බිංදු­වෙන් නෙමෙයි; නව දෙනෙක් ඇතු­ළත් කරලා. ඒ මඟින් අපට පුළු­වන් ස්ථාවර සරල බහු­ත­ර­යක් සහිත ආණ්ඩු­වක් නිර්මා­ණය කර ගන්න. මේක කෙටි කාලීන විස­ඳු­මක්. නමුත් මේ සඳහා ඇති මධ්‍ය­කා­ලීන හා දීර්ඝ කාලීන විස­ඳුම වන්නේ සමස්ත මැති­ව­රණ ක්‍රමය වෙන­ස­කට භාජ­නය කිරී­මයි. මුලින්ම අපේ යෝජ­නා­වට තිබුණු විරෝධ­යක් තමයි මැති­ව­රණ කොට්ඨාස140 මදියි කියන එක; අලුත් පාර්ලි මේන්තුව පත් වුණාට පස්සේ අපට ඒකත් සලකා බලල මිශ්‍ර මැති­ව­රණ ක්‍රම­ය­කට යන්න පුළු­වන්.

Comments