මූල්‍ය සහ බදු සහනයෙන් ගොඩනැඟුණු ව්‍යාපාර ලෝකයේ විශ්වාසය | Page 2 | සිළුමිණ

මූල්‍ය සහ බදු සහනයෙන් ගොඩනැඟුණු ව්‍යාපාර ලෝකයේ විශ්වාසය

 

 

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ විශ්වා­ස­නී­ය­ත්වය වේග­වත්ව ඉහළ යමින් පව­තින බව සංව­ර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළි­බඳ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා ප්‍රකාශ කරයි.

 

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපා­රි­ක­යන්ට නව ව්‍යව­සාය ගොඩ­නැ­ඟී­මට හිත­කර පරි­ස­ර­යක් නිර්මා­ණය වෙමින් පව­තින බවත් ඊට හේතු වී ඇත්තේ රජයේ ආර්ථික වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ ඔවුන් තුළ ගොඩ නැඟී ඇති විශ්වා­සය බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කරයි.

එහි දිගු­වක් ලෙස මේ ජන­වාරි 01 වැනිදා සිට තවත් සහන ලබා­දීම සිදු කෙරුණි. ඊට අම­ත­රව පසු­ගිය රජය සමයේ බිඳ­වැ­ටී­ම­කට ලක්වූ කර්මාන්ත හා ව්‍යාපාර නැවත නැංවීම සඳහා රජය බැංකු හා මූල්‍ය ආය­ත­න­ව­ලින් ක්‍රියා­ත්මක කළ යුතු සහන ගණ­නා­වක් යෝජනා කරන ලදී. එම යෝජනා බලා­ත්මක කිරීම පසු­ගිය 13 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු පද්ධ­ති­යට උප­දෙස් ලබා­දෙ­මින් සිදු­ක­ළේය.

බදු ඉහළ නංව­මින් රජය වෙත මුදල් රැස් කර­ගැ­නීම වෙනු­වට බදු සහන ලබා­දෙ­මින් ජන­තාව අතර මුදල් සංස­ර­ණය වීමට අව­ස්ථාව උදා­ක­ර­ලී­මත්, ජන­තා­වට ව්‍යව­සා­ය­කත්ව සඳහා පිවි­සී­මට මංපෙත් විව­ර­ක­ර­ලී­මත්, බදු සහ බැංකු සහන ලබා­දීමේ අපේ­ක්ෂාව වී තිබේ.

එම අපේක්ෂා මුදු­න්ප­ත්ක­ර­ලීම සඳහා ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාත්, අග­මැති හා මුදල් ඇමැති මහින්ද රාජ­පක්ෂ මහ­තාත් නව රජය පිහිට වූ වහාම ලබා­දුන් සහන සම්පූ­ර්ණ­යෙන්ම බලපා තිබේ.

මේ නිසාම ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ විශ්වා­ස­නී­ය­ත්වය වේග­වත්ව ඉහළ යමින් පවතී.

ශ්‍රී ලංකාවේ ව්‍යාපා­ර­යන්හී නිරත වීමේ විශ්වා­ස­නී­ය­ත්වය විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ප්‍රකට ව්‍යාපා­රික සඟ­රා­වක් වන LMD සඟ­රාව අනා­ව­ර­ණය කරයි. ශ්‍රී ලංකාව ව්‍යාපාර සිදු කිරීමේ විශ්වා­ස­නී­ය­ත්වය ඉහළ නංව­මින් 75 වෙනි තැනට පත්වී තිබේ. එහි අගය දර්ශක 186ක වැඩි­වී­මකි. වසර 2015 සැප්තැ­ම්බ­ර්ව­ලින් පසු ලබා­ගත් ඉහ­ළම අගය මෙය බව ද එම සඟ­රාව පෙන්වා දී ඇත.

රජය ලබා­දුන් බදු සහන විශේ­ෂ­යෙන්ම වැට් බද්ද 8% දක්වා අඩු කිරීම, ජාතිය ගොඩ­නැ­ඟීමේ බද්ද මුළු­ම­නින්ම අහෝසි කිරීම, රජයේ අත්‍ය­වශ්‍ය නොවන විය­දම් කප්පා­දුව හා තවත් කරුණු ගණ­නා­වක් ව්‍යාපා­රික ප්‍රජා­වගේ සේම පාරි­භෝ­ගික ජන­තා­ව­ගේද විශ්වා­සය ඉහළ නැංවී­මට හේතු වී තිබේ.

බැංකු ණය ගෙවා­ගැ­නී­මට අප­හසු වී කඩා­වැටී ඇති ව්‍යාපාර සහ සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර යළි ශක්ති­මත්ව නඟා­සි­ටු­වී­මට ක්‍රියා­ත්මක කෙරෙන බැංකු ණය සහන පැකේ­ජය බලා­ත්මක කිරී­මට අදාළ වන නියෝග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට බැංකු පද්ධ­ති­යට ලබා­දුන්නේ පසු­ගිය 13 දාය.

ඒ අනුව දැනට ණය තොර­තුරු කාර්යාං­ශයේ අසාදු ලේඛ­න­ග­තව සිටින සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපා­රි­ක­යන්ට යළිත් ණය මුද­ලක් ලබා­ගැ­නී­මට ඉඩ­කඩ සැලසේ. ඊට අම­ත­රව බිඳ­වැටී ඇති ව්‍යාපා­රය නැවත පණ­ගැ­න්වීම සඳහා රුපි­යල් මිලි­යන 300කට නොඅඩු අලුත් ණය මුද­ලක් ලබා­ගැ­නීමේ අව­ස්ථාව ව්‍යාපා­රි­ක­යන්ට ලබා දී තිබේ. මෙහිදී දැනට ලබා­ගෙන ඇති ණය මුද­ලට අදාළ වාරි­කය හා පොලී මුදල ගෙවීම වෙනු­වට වස­රක් යන තුරු පොලී මුදල පම­ණක් ගෙවී­මට ද පහ­සු­කම් සපයා ඇත.

ඊට අම­ත­රව අක්‍රීය තත්ත්වයේ පව­තින සුළු හා මධ්‍ය පරි­මාණ ණය අය කර­ගැ­නීම සඳහා කරනු ලබන සිය­ලුම නීති­මය කට­යුතු අත්හි­ටු­වීම සිදු කරනු ඇත. ලබා දී ඇති ණය වෙනු­වෙන් තබා ඇති සුරැ­කුම් වන දේපළ හා උප­ක­රණ වෙන්දේසි කිරීම ද අත්හි­ටු­වනු ලැබේ. මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් එස්. ආර්. ආටි­ගල මහතා කියා සිටියේ, තම ව්‍යාපාර නැවත ආරම්භ කිරී­ම­ටත්, දැඩි මූල්‍ය දුෂ්ක­රතා සහි­තව ව්‍යාපාර පව­ත්වා­ගෙන යන ව්‍යව­සා­ය­ක­යන්ට තම ව්‍යාපාර තව­දු­ර­ටත් පුළුල් කර­ගැ­නී­ම­ටත් වැඩ­පි­ළි­වෙ­ළක් සම්පා­ද­නය කළ බවය. ඒ යටතේ ණය ගැනු­ම්ක­රු­වෙකු විසින් ලිඛි­තව බැංකු ආය­තන වෙත කරනු ලබන ඉල්ලීම පද­නම් කොට බැංකුව විසින් ලබා දී ඇති කාලීන ණය­වල මුල් මුදල ගෙවීම සඳහා වස­රක සහන කාල­යක් ලබා දේ. ණය ආපසු ගෙවීම කල්දැ­මීමේ වස­රක කාල­ප­රි­ච්ඡේ­දය තුළදී කිසිදු දඩ පොලි­යක් ‍ නැතිව ගිවි­සු­ම්ගත පොලිය පම­ණක් ගෙවා­දැ­මී­මට ව්‍යව­සා­ය­ක­යන්ට සහන සලසා ඇත.

මේ අන්ද­මට තමන්ට විශ්වා­ස­නීය ලෙස ව්‍යාපාර සැලැ­ස්මක් ගනු­දෙ­නු­ක­රු­වෙකු ඉදි­රි­පත් කරන්නේ නම් බල­ප­ත්‍ර­ලාභී බැංකුව විසින් රුපි­යල් මිලි­යන තුන්සීය නොඉ­ක්ම­වන නව ණය පහ­සු­ක­මක් සහන කොන්දේසි යටතේ ලබා­දී­මට ද කට­යුතු කරනු ඇත. එම කොන්දේසි අතර ව්‍යාපාර කට­යතු පුළුල් කිරීම සඳහා වසර පහ­කින් ආපසු ගෙවී යන පරිදි සාමාන්‍ය බර තැබූ ප්‍රමුඛ ණය පොලී අනු­පා­ත­යට සමාන පොලී අනු­පා­ත­ය­කට ණය පහ­සු­කම් ලබා­දීම සිදු­කෙරේ. එවැනි ණය මුදල් ආපසු ගෙවී­මේදී වස­රක සහන කාල­යක් ලබා­දී­ම­ටද නිය­මි­තය.

මේ වසරේ මාර්තු 31 වනදා දක්වා කාලය තුළදී කල්පි­රීම, සමා­ලෝ­ච­න­යට පැමි­ණීම සහ පිය­වි­ය­යුතු වීම යන කරුණු මත අය­විය යුතු නිත්‍ය අයිරා පහ­සු­කම් මේ වසරේ ජූනි 30 දක්වා දීර්ඝ කර ඇත. එමෙන්ම මේ වසරේ මාර්තු 31 වන දින දක්වා කාල සීමාව තුළදී කල්පි­රීම, සමා­ලෝ­ච­න­යට පැමි­ණීම, පිය­විය යුතු වීම යන කරුණු මත අය විය යුතු ලෙස සැල­කෙන ආන­යන මූල්‍ය පහ­සු­කම් දින 30කින් දීර්ඝ කරනු ඇත.

ඊට අම­ත­රව සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර විසින් ලබා­ගෙන එකඟ වූ පරිදි ගෙවී­මට නොහැකි වූ නිසා අක්‍රීය තත්ත්වයේ පව­තින ණය සඳහා ද සහන පිරි­න­මනු ඇත.

‍ඒවා අතර ගනු­දෙ­නු­ක­රු­වෙකු ලබා­ගෙන ඇති ණය මුද­ලින් 50%ක් හෝ ඊට වැඩි­මු­ද­ලක් ගෙවා ඇත්නම් සමු­ච්චිත පොලි­යෙන් 50%ක් රඳවා ගන්නා අතර ණය ගැනු­ම්කරු විසින් ඉතිරි ණය මුදල හා පොලිය ගෙවී­මෙන් පසු එම රඳවා තැබූ මුදල නැවත ගෙවනු ලැබේ.

ණය ගැනු­ම්කරු විසින් මූලික ණය මුද­ලින් 50%ට අඩු මුද­ලක් ගෙවා ඇත්නම් සමු­ච්චිත පොලි­යෙන් 25%ක් රඳවා තබා ගන්නා අතර ණය ගැනුම් කරු විසින් ඉතිරි මූලික ණය මුදල හා පොලිය ගෙවී­මෙන් පසු එම රදවා තැබූ මුදල නැවත ගෙවනු ලැබේ.

ණය ගෙවී­මට නොහැ­කි­වීම නිසා කඩා­වැටී ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා පහත කොන්දේ­සි­ව­ලට යටත්ව අලු­තින් කාරක ප්‍රාග්ධන ණය මුද­ලක් ලබා­දීම. මාස 03ක කාරක ප්‍රාග්ධන අව­ශ්‍ය­තාව උප­රිම මාස 06 කින් ගෙවීම සඳහා ලබා­දීම. ඒ සඳහා මාස 03ක ණය පමා සහන කාල­යක් ලබා දීම. එම කාරක ප්‍රාග්ධන ණය මුදල සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ප්‍රති ඇප­ක­ර­යක් ලබා­දීම. ඒ සඳහා 1% වාර්ෂික දායක මුද­ලක් අදාළ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේ­ශීය සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගෙවිය යුතුය.

ශ්‍රී ලංකාවේ බදු ගෙව­න්නන් මුහු­ණ­දෙන ප්‍රධාන ප්‍රශ්න­යක් වන්නේ සෘජු බදු හා වක්‍ර බදු අතර පව­තින ඉහළ ප්‍රති­ශ­තා­ත්මක ගෙවීම් වේ. 20% - 80% පව­තින එම පර­ත­ර­යන් 40% - 60% දක්වා අඩු කිරීම රජයේ උත්සා­හ­යයි. ඒ අනුව මෙරට බදු ක්‍රමය සරල කොට, ජන­තා­වට සහන සැල­සී­මට රජය යෝජනා කොට ඇත. මෙහිදී බදු ඇතැම් බදු අහෝසි කිරීම, බදු ප්‍රති­ශත අඩු කිරී­මෙන් මෙතෙක් බදු ගෙවූ පුද්ග­ල­යන්ට දේශීය ආදා­යම් දෙපා­ර්ත­මේ­න්තු­වට සම්පූර්ණ කර එවිය යුතු තොර­තුරු සහිත ලිපි ප්‍රමා­ණය අඩු වී ඇත.

කාර්තු වශ­යෙන් ගෙවිය යුතු මුදල් අඩු වී ඇත. ඒ නිසා ඔවුන් මෙතෙක් තමන්ගේ බදු ලිපි­ගොනු පරි­පා­ල­නය සඳහා විය­දම් කළ මුදල් අඩු වී ඇත. බදු ‍වශයෙන් ගෙවූ මුදල් රජ­යට නොගෙවා සිටීම නිසා ඔවුන්ට තමන්ගේ ආදා­යම් එක් අතෙ­කින් වැඩි වී ඇත. මේ වැඩි වූ ආදා­යම නව ආයෝ­ජ­න­යක් ලෙස සිදු කිරී­මට හෝ පරි­භෝ­ජ­නය කිරීම සඳහා භාණ්ඩ මිලදී ගැනී­මට හෝ ඉතු­රු­මක් ලෙස පව­ත්වා‍ ­ගැ­නී­මට මඟ­පෑදේ. එකතු කළ අගය මත බද්ද 2019 දෙසැ­ම්බර් 31 වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි 15% සිට 8% දක්වා අඩු­ක­රන ලදී. එකතු කළ අගය මත බද්ද අය­කි­රී­මට ලියා­ප­දිංචි විය යුතු පිරි­වැ­ටුම් සීමාව කාර්තු­ව­කට රුපි­යල් මිලි­යන 75 හෝ වස­ර­කට රුපි­යල් මිලි­යන 300 දක්වා වැඩි කරන ලදී. මෙය පැව­තියේ වස­ර­කට රුපි­යල් මිලි­යන 12 ක සීමා­වේය. මෙලෙස බදු නිද­හස් සීමාව රුපි­යල් 300 දක්වා වැඩි­කි­රීම තුළින් පාරි­භෝ­ගික ජන­තා­වට විශාල සහ­න­යක් ලැබිය යුතුය.

මේ වසරේ ජන­වාරි 01 වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි තොර­තුරු තාක්ෂ­ණය හා සඵල සේවා ආදා­යම් බද්දෙන් නිද­හස් කර ඇත. ශ්‍රී ලංකා­වෙන් පිටත තැනැ­ත්තන් වෙත සප­යනු ලබන සේවා­ව­න්ගෙන් ලැබෙන ලාභ සහ ආදා­යම් එවැනි සේවා­වන් සඳහා ගෙවීම් විදේශ ව්‍යව­හාර මුද­ලින් බැංකු­වක් හරහා ලැබෙන්නේ නම් එය ආදා­යම් බද්දෙන් නිද­හස් වනු ඇත.

2020 ජන­වාරි මස 01 වැනිදා සිට බල­පැ­වැ­ත්වෙන පරිදි ඕනෑම පුද්ග­ල­යෙ­කුට මස­කට ගෙවනු ලබන පොලී ආදා­යම රුපි­යල් ලක්ෂ දෙක­හ­මාරේ සිට රඳ­වා­ගැ­නීමේ බද්දෙන් නිද­හස් වේ. එමෙන්ම මෙරට වෙසෙන පුද්ග­ල­යන් ගෙවනු ලබන නිශ්චිත ගාස්තු මත රඳවා ගැනීමේ බද්ද ද ඉවත් කොට ඇත.

මේ වසරේ (2020) අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියා­ත්මක වන පරිදි ද ජන­තා­වට බදු සහන ලබා දී ඇත.

කෘෂි­ක­ර්මා­න්තය, මත්ස්‍ය හා පසු­ස­ම්පත් කර්මා­න්ත­යට ලැබෙන සහන ඒ යටතේ ක්‍රියා­ත්මක වේ. විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යින් විසින් මෙර­ටට මුදල් එවී­මේදී භාවි­ත­යට ගන්නා NRFC සහ RFC ගිණුම් සඳහා ලැබෙන පොලිය මත බදු අය­ක­රන්නේ නැත.

Comments