මධු­ෂං­කට දැන් තනි නෑ | සිළුමිණ

මධු­ෂං­කට දැන් තනි නෑ

 

හා හා පුරා කියා ඉස්කෝලේ යන පොඩි­ත්තන් ඉන්න පවු­ල්ව­ලට පහු­ගිය කාලෙම ඉස්පා­සු­වක් නොති­බුණ හැඩයි. ඒ ඉකුත් දාසය වැනිදා නව පන්ති ආර­ම්භය සිදු වු නිසා. දරු­වෙකු පාස­ල­කට ඇතු­ළත් කරන්න අම්මලා තාත්තලා පිඹු­රු­පත් සකස් කරන්නේ දරුවා උප­දි­න්නත් පෙර ඉඳලා. ඒ නග­රයේ හොඳම පාස­ලට දරුවා ඇතු­ළත් කරන්න. නමුත් ළඟම පාසල හොදම පාසල වුණත් ඒ පාස­ල­ටත් තම දරු­වන් නොය­වන මවු­පි­යන් ඕනෑ තරම් ඉන්නවා. මේ නිසා අද වන විට පාසල් සිසුන් නැති­ක­මින් ගමේ පුංචි පාසල් වැසී­ගෙන යෑමේ ඛේද­වා­ච­ක­ය­කුත් අපට තියෙ­නවා. මෙය ගම පම­ණක් නොව නග­ර­බ­දව ද ඇතැම් පාස­ල්ව­ලට මුහුණ දීමට සිදු වී ඇති ගැට­ලු­වක්. කොහොම වුණත් මේ කිය­න්නට යන්නේ දරු­වන් නැති­කම නිසා වැසෙ­න්නට ගිය පාස­ල­කට අලුත් මාව­තක් විවෘත වූ කතා­වයි.

වසර කීප­යක් තිස්සේ එක ශිෂ්‍ය­යෙකු වෙනු­වෙන් පව­ත්වා­ගෙන ගිය පාස­ලක් ගැනය.

සාමා­න්‍ය­යෙන් නම් රජ­මැ­ති­ව­රුන් පැමි­ණෙන්නේ ජන­ප්‍රිය පාසල් වල­ටය; එහෙ­මත් නැත්නම් කැපි පෙනෙන පාස­ල්ව­ල­ටය. නමුදු මේ මතය පුස්සක් කර­මින් පසු­ගි­යදා අධ්‍යා­පන, ක්‍රීඩා හා තරුණ කට­යුතු අමාත්‍ය ඩලස් අල­හ­ප්පෙ­රුම මහතා මෙතෙක් කිසි­වෙ­කුගේ අව­ධා­නය නොලද මධ්‍යම පළාතේ ගලේ­වෙල අධ්‍යා­පන කලා­ප­යට අයත් නාල­න්දාවේ දෙම­ද­ඔය ප්‍රාථ­මික විද්‍යා­ල­යට පැමි­ණියේ කිසි­වෙකු ඔහු බලා­පො­රොත්තු නොවු මොහො­ත­කය.

1961 වසරේ සිට පව­ත්වා­ගෙන යනු ලබන දෙම­ද­ඔය පාසල මුලින්ම ආරම්භ කර ඇත්තේ 1958 දී පමණ යැයි ගම්මු පව­සති. මාතලේ සිට දඹුල්ල දෙසට යන විට නාලන්දා ගෙඩි­ගෙය පසු කර හුංගං­වෙල හන්දි­යෙන් වමට හැරී තවත් කිලෝ­මී­ටර් දෙකක් පමණ ගිය තැනදී එම ප්‍රාථ­මික පාසල හමුවේ. මෙය ඓති­හා­සික පුර­ව­ර­යකි. අප එසේ කියන්නේ ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල සාදන ලද්දේ එම පාස­ලට ආස­න්නව ඇති නාලන්දා ජලා­ශයේ වන නිසාය.

වසර ගණ­නා­වක් තිස්සේ අවශ්‍ය තරම් ගුරු­ව­රුන් නොසි­ටිය දරු­වන්ගේ හිඟ­යක් පැවැති පාසලේ තමන් දන්නා අතී­තය පිළි­බඳ අපට පැවැ­සුවේ වසර ගණ­නා­වක් තිස්සේ පාසලේ සේවය කරන ගුරු­ව­රි­යක වන කේ. එච්. එම් ලීලා­වති මහ­ත්මි­යයි.

“මම මේ පාස­ලට ආවේ 2010 වස­රේදී. කාලෙන් කාලෙට මේ පාස­ලට ගුරු­ව­රුන් ආවා. ඒත් ඒ අයගේ දුෂ්කර සේවා පත් වීම් කාලය අව­සන් වූ ගමන් ඒ අය වෙනත් පාස­ල්ව­ලට මාරු වී ගියා. ඔවුන් මේ පළා­ත්වල දුෂ්කර සේවයේ ඉන්නට කැමති නෑ. අවු­රු­ද්ද­කට වැඩි කාල­යක් මම මේ පාසලේ තනි­වම සේවය කළා. විදු­හ­ල්පති තන­තුරේ වැඩ බැලු­වෙත් මම. මම එන විට පාසලේ දරු­වන් 18ක් හිටියා. 2011 දී දරු­වන් දාහ­තක් හිටියා. ක්‍රම­යෙන් ළමයි අලු­තෙන් ඇතු­ළත් වෙන එක අඩු වුණා. මම ඉන්නේ මේ පාස­ලට කිලෝ­මී­ටර එක­හ­මා­රක් විතර එහා­යින්. මේ පාස­ලට අලු­තෙන් දරු­වන් ඇතු­ළත් නොවන්න හේතු කීප­යක්ම තියෙ­නවා. මේ පාසල හැරුණ විට තවත් පාසල් කීප­යක් තියෙ­නවා. මවු­පි­යන් ඒ පාස­ල්ව­ලට තමයි දරු­වන් ඇතු­ළත් කරන්නේ. නමුත් මේ පාසල දියුණු වෙනවා නම් පහ­සු­කම් ඇති කර­නවා නම් අලු­තෙන් දරුවෝ ඇතු­ළත් කරාවි.” ලීලා­වති මහ­ත්මිය පව­සයි.

එක ළම­යෙකු, එක ගුරු­ව­රි­යක පම­ණක් සිටි නිසා වැසෙ­න්නට ගිය පාසල යළිත් ගොඩ­න­ඟ­න්නට පෙර­මුණ ගත්තෝ කිහි­ප­දෙ­නෙකි. ඉන් එක් අයෙකු වන්නේ අලු­තින් පත් වී ආ විදු­හ­ල්පති ධුරයේ වැඩ බලන ජානක බණ්ඩාර මහ­තාය.

“මම මේ පාස­ලට පත් වෙලා ඇවිල්ලා මාස­යක් විතර ඇති. කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­තු­මිය තමයි මට ආරා­ධ­න­යක් කළේ මේ පාස­ලට යන්න කියලා. එතු­මිය කිව්වේ පාසල වහන්න නොදී දියුණු කරමු කියලා. ගිය අවු­රුද්දේ පාස­ලෙන් ශිෂ්‍ය­ත්වය ලිව්ව දිය­ණි­යක් ලකුණු 126ක් ලබා­ගෙන තිබුණා. මේ පාසලේ එක වසරේ සිට පහේ පන්ති­යට පම­ණයි පන්ති තියෙන්නේ. ඒ ශිෂ්‍යා­වගේ මල්ලි තමයි දැන් ඉන්නේ. කෙසේ හෝ අපි උනන්දු වෙලා මවු­පි­යන් සමඟ කතා බහ කරලා 2020 වස­රට පළමු ශ්‍රේණි­යට දරු­වන් තිදෙ­නෙකු ඇතු­ළත් කිරී­මට කට­යුතු කළා. මට හිතෙ­නවා අපි උනන්දු වුණොත් පාසල දියුණු කර­න්නට පුළු­වන් කියලා. හේතුව තමයි ගම්මු කැමති නැහැ මේ පාසල වැහෙ­න­වාට. ඔවුන් කැම­තියි මේ පාසල දියුණු වෙන­වාට. පාස­ල­ටම තියෙන්නේ එකම ගොඩ­නැ­ගි­ල්ලයි.

මේ කොහොම වුණත් අධ්‍යා­පන ඇම­ති­තුමා අපේ පාස­ලට පැමි­ණීම අපට විශාල ගෞර­ව­යක් ශක්ති­යක්. එතුමා පැමිණි පසු ගම්මුන් පාස­ලට ආවා. ඇම­ති­තුමා අපට පැවැ­සුවේ මේ පාසල දියුණු කර­න්නට පුළු­වන් හැම පහ­සු­ක­මක් ම දෙන බවයි. මේ වන විට අපේ පාස­ලට ඉංග්‍රීසි ගුරු­ව­රි­යක සිටි­නවා. අපි එකම අධි­ෂ්ඨා­න­යක ඉන්නේ පාසල දියුණු කර­නවා කියලා. ඒ වගේම අපේ පාසලේ දරු­වන්ගේ අධ්‍යා­ප­නය, දැනුම, හැකියා ඔප­ම­ට්ටම් කර­නවා කියලා.”

ජනක බණ්ඩාර මහතා පව­සයි.

රුපි­යල් දහස් ගණ­නින් විය­දම් කර­මින් ළමයි භාර ගැනීමේ උත්සව රට­පුරා දියුණු පාස­ල්වල ජය­ටම ගනිද්දී ඉතාම චාම්ව පැවැති අලුත් පාසල් වාරයේ පළමු ශ්‍රේණියේ ආර­ම්භක දින­යට නොසිතු මොහො­තක ඇම­ති­ව­ර­යාගේ පැමි­ණිම ඔවුන්ට විශේෂ ආශි­ර්වා­ද­යක් විය. කලක් තිස්සේ තනිව ම පාසලේ දුව පැන නට­මින් අකුරු කළ ඉන්දික මධු­ෂංක ශිෂ්‍යාට දැන් ඇත්තේ සතු­ටකි. ඒ පාස­ලට තවත් ශිෂ්‍ය­යන් දෙදෙ­නෙකු පැමිණි නිසාය.

ඡායා­රූප- අධ්‍යා­පන අමා­ත්‍යාංශ

මාධ්‍ය ඒක­කය

Comments