පණ පිටින් වැළ­ලු­වත් ජීවත් වන්න වරම් ලද රත්න­පුර කහං­ගම වාසනාවන්තිය | සිළුමිණ

පණ පිටින් වැළ­ලු­වත් ජීවත් වන්න වරම් ලද රත්න­පුර කහං­ගම වාසනාවන්තිය

 

‘ගලේ ගැහු­වත් මරන්න බෑ’ යනු­වෙන් අපේ සමා­ජයේ කිය­ම­නක් ඇත. එසේ පව­සන්නේ අසීරු තත්ත්ව­ය­න්ගෙන් බේරි ජීවත් වන්නට වරම් ලද්දන් ගැනය. වැලේ ගෙඩි වැලට බර නැතිවා සේම වැදූ මවට දරු­වන් බර නැතැයි කීවද උපන් හැටි­යේම පණ­පි­ටින් පස් යට වැළලූ මේ බිලි­ඳිය ගැන කුමක් කිය­න්නද?

 

දරු­වකු ලැබීම බොහෝ විට කිසි­ව­කු­ගෙන් වසන් කළ නොහැ­කිය. මන්ද ගැබිනි කාන්තා­ව­කගේ ශරී­රයේ වෙන­ස්කම් බොහෝ විට සමා­ජ­යට පෙනෙන බැවිනි. එමෙන්ම දරු­වකු ප්‍රසූත කිරී­මද අහල-පහළ සිටි­න්න­වු­න්ගෙන් සැඟ­විය නොහැකි දෙයකි. ඒ වේද­නාව කිසි­ව­කු­ගෙන් සැඟ­විය නොහැකි බැවිනි. එන­මුදු මේ සියල්ල අභි­ර­හ­සක්ව තිබි­යදී පස් යට සඟවා තිබූ අලුත උපන් බිලි­ඳි­ය­කගේ කතාව පසු­ගි­යදා කාගෙ කාගෙත් ඇසට කඳු­ළක් එක් කළේය. අරු­මය නම් පස් යට සඟවා සිටි­යද ඒ බිලි­ඳය තව­දු­ර­ටත් ජීවත් වීමට තරම් වාස­නා­වන්ත වීමය.

රත්න­පුර කහං­ගම කොස්ගල වත්ත පිහිටා ඇත්⁣තේ රත්න­පුර - පාණ­දුර මාර්ගයේ කිලෝ­මී­ටර් හත-අටක් දුරිනි. රබර් වතු බහු­ලව ඇති මේ ප්‍රදේ­ශයේ මැණික් කර්මා­න්ත­යද සිදු කෙරේ. මේ නිසා වළ­වල් හෑරූ අලුත් පස්ගො­ඩ­වල් ඇසට එත­රම් නුහුරු දසු­නක් නොවේ.

 

අමුතු පස්ගොඩ

 

කෙසේ වුවත් ඉකුත්දා පාණ­දුර මාර්ගයේ කොස්ගල හන්දි­යෙන් කර­පිංච හරහා හිදැ­ල්ලන දෙසට යන පාරේ ටික දුරක් යද්දී අලු­තින් තැනූ නිවෙ­සක් අසල තිබූ අලුත් පස් ගොඩක් දෙස මහ­මඟ ගිය අයෙකු අව­ධා­න­යෙන් බැලුවේ පස්ගො­ඩට යටව තිබූ රෝස පැහැ බෝනි­ක්ක­කුගේ කකු­ලක් වැනි යමක් දුටු බැවිනි.

එය සෙල්ලම් බෝනි­ක්ක­කුගේ කකු­ලක්ද නැත හොත් බිලිඳු කකු­ලක්ද යන්න සැක හැර දැන­ගැ­නීම සඳහා පස්ගොඩ අවුස්සා බැලූ ඔහු දුටුවේ පස්ගො­ඩට යට කර සිටින කිරි සප්ප­යෙකි. අන්ද මන්ද වූ ඔහු අව­ටට ඇසෙන ලෙස ඒ හිමි­දි­රි­යේම කෑගැ­සු­වේය. අහල-පහළ කවු­රු­නුත් එතැ­නට පැමි­ණියේ සිදුව ඇත්තේ කුම­ක්දැයි බැලී­ම­ටය. පණ­පි­ටින් වළ දමා සිටින බිලි­ඳිය දුටු කාගෙත් දෙනෙත් විසල් විය. ඔවුහු වහා මේ සිද්ධිය පිළි­බඳ පොලී­සිය දැනු­වත් ක,ර බිලි­ඳිය රෝහ­ල්ගත කිරී­මට කට­යුතු කළහ. බිලි­ඳිය කාගේ කවු­රු­න්දැයි කිය­න්නට ඒ මොහොත වන විට කිසි­ව­කුත් දැන සිටියේ නැත.

මේ ගැන තොර­තුරු සෙවී­මේදී පොලී­සි­යට දැන­ගන්න ලැබී ඇත්තේ ඒ අසල නිවෙ­සක ගැබිනි මවක් සිටි බවය. බිලි­ඳිය වළ දමා සිටි තැන සිට අඩි දහ­යක්-පහ­ළො­වක් නුදු­රින් පිහිටි නිවෙසේ දරු­වකු ලැබී­මට නිය­මි­තව සිටි කාන්තාව මේ බිලි­ඳිය බිහි කරන්න ඇති බව පොලී­සියේ මූලික නිග­ම­නය විය. කෙසේ හෝ පොලී­සිය සිදු කළ මූලික පරී­ක්ෂ­ණ­ව­ලදී බිලි­ඳි­යගේ මව යැයි සිතිය හැකි, වයස අවු­රුදු දහ­අ­ටක් තරම් වන අවි­වා­හක කාන්තා­වක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. පැය කිහි­ප­යක් තිස්සේ තද සීතලේ පස් යට වැළලී සිටි බිලි­ඳිය යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් රත්න­පුර රෝහලේ නොමේරූ ළදරු ඒක­කයේ ප්‍රති­කාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පව­සයි. පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි­ද­රවු වූ කරුණු අනුව අලුත උපන් බිලි­ඳි­යගේ පෙක­නි­වැල කපා ඇත්තේ පිහි­ය­කිනි.

 

තාත්තා මවගේ බාප්පාද?

 

මාස දහ­යක් ගෙවෙන තුරු කාන්තා­වගේ පවුලේ සාමා­ජි­කයෝ ඇය සිටින තත්ත්වය පිළි­බඳ දැනු­වත්ව නොසි­ටි­යෝද? දරුවා බිහි වන මොහොතේ ඇය නිවෙසේ සිටියේ තනි­වම ද? දරුවා ප්‍රසූත කිරී­මට ඇය විලි­රු­දා­වෙන් දඟ­ලන හඬ ඒ අව­ස්ථාවේ නිවෙසේ සිටි පිරි­සට නෑඇ­සු­ණේද? බිලි­ඳිය වැළ­ලීම කළේ එකී ළාබාල කාන්තා­ව­මද? පාසල් යන පිරිමි ළමයා දරු­වාගේ පියා බවට ඇගේ ප්‍රකා­ශය පිළි­ගත හැකිද? ආදි ප්‍රශ්න ගණ­නා­වක් මේ සිදු­වීම පසු­පස පව­තින අතර, පිරිමි ළම­යාගේ සහ බිලි­ඳි­යගේ ඩීඑන්ඒ පරී­ක්ෂණ අරඹා ඇති බව පොලී­සිය පව­සයි. බන්ධ­නා­ගාර නිල­ධා­රීන්ගේ රැක­ව­ර­ණය යටතේ සිද්ධි­යට සම්බන්ධ කාන්තාව මුල්ලේ­රි­යාව රෝහ­ලට ඇතු­ළත් කර ඇත.

කෙසේ වෙතත් බිලි­ඳි­යගේ පියා කවු­රුන්ද යන්න තව­මත් ගැට­ලු­වක් බව පොලී­සිය පව­සයි. දරුවා ප්‍රසූත කළ කාන්තාව පවසා ඇත්තේ දරු­වාගේ පියා ඒ නිවෙස අසල නිවෙ­සක පහ­ළොස් වියැති අයකු බවයි. පොලී­සිය ඇය කී දෑ කෙරෙහි අව­ධා­නය යොමු කර තිබු­ණද මේ කාන්තාව යහ­පත් මාන­සික මට්ට­මක පසු නොවන බවට රත්න­පුර මහ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා වාර්තා කොට ඇතැයි පොලී­සිය පව­සයි. ඒ හේතුව මත 16 දා රත්න­පුර මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යේදී නඩුව විභා­ග­යට ගත් අව­ස්ථාවේ මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේ සිද්ධි­යට සම්බන්ධ කාන්තාව මුල්ලේ­රි­යාව රෝහ­ලට ඇතු­ළත් කර මාන­සික රෝග­ය­කින් පෙළෙ­න්නේද යන්න ගැන තහ­වුරු කර­ගන්නා ලෙසය.

මේ වන විට සිද්ධිය සම්බ­න්ධ­යෙන් තවත් කට­ක­තා­වක් ප්‍රදේ­ශය පුරා පැති­රෙ­මින් තිබේ. එනම් කාත්තා­වගේ බාප්පා මෙයට සම්බන්ධ බවයි. කෙසේ වුවත් සිද්ධිය වූ දා සිට එකී පුද්ග­ලයා අතු­රු­දන්ව ඇති බවද පොලි­සී­යට දැන­ග­න්නට ලැබී ඇත.

පහ­ළොස් හැවි­රිදි පිරිමි ළමයා පොලී­සිය විසින් රැගෙන ගොස් ප්‍රශ්න කර තිබේ. ඒ අව­ස්ථාවේ තරු­ණි­යගේ පාර්ශ්වය හා පිරිමි ළම­යාගේ පාර්ශ්වය අතර ඇති වන්න ගිය විශාල ආර­වු­ලක් පොලී­සියේ බුද්ධි­මත් හැසි­රීම නිසා වැළකී ගිය බව ගම්වා­සීහු පව­සති.

රත්න­පුර මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රොහාන් ඕලු­ගල මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්, අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක සමන් පාලිත, පොලිස් කාන්තා කාර්යං­ශයේ ස්ථානා­ධි­පති කාන්තා උප පොලිස් පරී­ක්ෂක තක්ෂිලා ඇතුළු පිරි­සක් වැඩි පරී­ක්ෂණ මෙහෙ­ය­වති.

 

Comments