තරුණයන් ඉල්ලන ලෝකය හැදීම | සිළුමිණ

තරුණයන් ඉල්ලන ලෝකය හැදීම

නා­ධි­ප­ති­ව­රණ කාල­සී­මාවේ සිට වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වටා තරුණ පර­පුර විශාල ලෙස රොක්වෙ­මින් සිටී. ඔවුන් සමා­ජය තුළ ධනා­ත්මක පෙර­ළි­යක් ඇති කර­න්නට උත්සුක වන බවක් කාටත් දකි­න්නට ලැබේ. මෙතෙක් කල් නිද්‍රා­ග­තව තම නව අද­හස් සිර­ක­ර­ගෙන සිටි මේ තරුණ පිරිස නැව­තත් ජීව­මය බව­කින් සමාජ යාන්ත්‍ර­ණ­යට තම සහාය ලබා­දෙ­න්නට පෙළ ගැසෙන්නේ කුමන සුවි­ශේ­ෂී­ත්ව­යක් නිසා දැ’යි සොයා බැලීම වඩාත් කාලෝ­චිත වන්නේ ය.

සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන සංස්කෘ­තිය තුළ කල්මැරූ බොහෝ තරුණ පිරිස් ඒ පිළි­බඳ ගොඩ නඟා­ගත් තම ආකල්ප ඉතාම කුසීත බවක් ඉසි­ලීය. පොරොන්දු මත බර­පැන දරන ඡන්දය, වාසි පැත්තට හෝයියා කියන දේශ­පා­ල­න­ඥ­යන් වැඩ අම­ත­කව කටින් බතල කොළ සිටු­වන ඡන්ද කෙළිය, අල්ල­සට හෑල්ලු වන රාජ්‍ය සේවය නිතර නිතර අහන දකින විට රට කෙරෙහි, එහි අනා­ග­තය කෙරෙහි ඇති­වන්නේ එත­රම් යහ­පත් සිතු­වි­ල්ලක් නම් නොවේ. තම පෞද්ග­ලික වුව­මනා මත ක්‍රියා කරන නාය­ක­යන් නිසා රට මුළු­ම­නින් ම අගා­ධ­යට යන බව දැක ඒවා විවේ­ච­නය කර­න්නට තරුණ පිරිස් කට­යුතු කළ ද, ඊට ඇහු­ම්කන් දෙන බවක් ඉහළ නිල­ධා­රී­න්ගෙන් හෝ පාල­ක­ය­න්ගෙන් දැක­ග­න්නට නොහැකි විය. රට කානු පල්ලට වැටෙ­න්නට ඉඩ හැර ගානක් නැතිව, ඔවුන් තම තමන්ගේ වැඩෙහි නිරත වූ‍යේ ඒ බොහෝ­ම­යක් දෙනාට රට ගොඩ­න­ඟ­න්නට අවශ්‍ය ශක්තිය ලබා­දී­මට හැකි­යාව තිබි­යදී ය.

හැකි­යාව ඇත්ත­වුන් එලෙ­සින් මන්ද­ගාමී පිළි­වෙ­තක් තම රට කෙරෙහි අනු­ග­ම­නය කරන විට; එය නොඉ­ව­සන, ජව­ස­ම්පන්න තරු­ණ­යන් තුළ නැ‍ඟෙන ප්‍රකෝ­ප­කාරී ආවේ­ගය තව­දු­ර­ටත් අසා­ධා­රණ නොවනු ඇත. එහෙත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා දේශ­පා­ලන කර­ළි­යට පැමිණි මත්තෙන් ම තරුණ මන­සෙහි පැළ­ප­දි­යම්ව තිබූ දේශ­පා­ලන සංස්කෘ­තිය පිළි­බඳ වූ අප්‍ර­සන්න ආක­ල්පය වෙනස් වී පරි­ව­ර්ත­න­යක් වීමක් සිදු විය. පොරොන්දු මත නොව ප්‍රති­පත්ති මත ගොඩ­නැ­ඟෙන දේශ­පා­ල­නික ක්‍රියා­ව­ලි­යක් ඇති­වී­මත්, පරි­ස­රය විනාශ කර­මින් ගජ­රා­මෙට ගෙන යන ඡන්ද ව්‍යාපාර වෙනු­වට පොලි­තින් භාවි­තය බැහැර කළ ප්‍රචා­රක සංස්කෘ­ති­යක් ඇති වීමත් ඒ සඳහා වන සාධ­කයි. ක්‍රම ක්‍රම­යෙන් වෙනස් කරන දේශ­පා­ලන සම්ප්‍ර­දා­යන් සාධ­නීය බවක් දරත් ම තරු­ණයෝ ද දේශ­පා­ල­නය දෙස බැලූ සුපු­රුදු කාචය ඉවත් කර­න්නට නම්‍ය­ශීලී වූහ. එමෙන් මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාගේ පාලන සම­යේදී ඊළාම් ත්‍රස්ත­වා­දය නිමා කර­වී­මට මෙහෙය වූ නාය­ක­ත්වය දෙස බලද්දී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා රට ගොඩ­නැං­වී­මෙ­හිලා වැඩක් කර පෙන්වූ අයෙකු යන විශ්වා­සය අනා­ග­තයේ වැඩ කර­න්නට බලා­පො­රොත්තු දෙන්නන්ට වඩා, සත්‍ය­වාදී වෙයි. එම හේතු­වෙන් තරු­ණයෝ ජරා­ජීර්ණ වූ දේශ­පා­ලන සංස්කෘ­තිය වෙනස් කර­න්නට හැකි­යාව පව­තින නාය­ක­ත්වය ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පෙර­මුණු කර­ගැ­නී­මත්, තම ආක­ල්ප­වල නව පිබි­දීම සනි­ටු­හන් කිරී­මත් උද්‍යෝ­ග­යෙන් යුතුව සිදු කරති.

රට ගොඩ නඟ­න්නට නම් රට ගැන ඇල්මක් මෙන් ම රටේ දියු­ණු­වක් දැකීමේ උන­න්දු­වත් ක්‍රියා­කාරී ජන­තාව තුළ තිබීම අත්‍ය­ව­ශ්‍යය. රට අන­තු­රට පත් වන විට ඊට එරෙහි වන්නේත්, රට රැක­ගැ­නීමේ වුව­ම­නාව මුදු­න්පත් වන්නේත් රට කෙරෙහි ආද­ර­යක්, ඇල්මක් ජන­තා­වට පැව­ති­ය­හොත් පමණි. එහෙත් රට කර­වන ඇත්තෝ මෙම දේශ­මා­ම­ක­ත්වය නිර්වි­න්ද­නය කර­මින් කාල­යක් තිස්සේ තම අභි­ප්‍රා­යන් ඉටු කර­ග­න්නට මාන බැලූහ. එහි අනිසි ප්‍රති­ඵ­ල­යක් ලෙස රට තුළ බෝම්බ ව්‍යසන නැවත ඇති වන්න­ටත්, විදේශ බල­වේ­ග­යන්ගේ අත පෙවීම බල­වත් වන්න­ටත් මුල පිරීය. රටට හිතෛ­ෂීන් නොවීම නිසා රට විනාශ මුඛය කරා යන අයුරු තරු­ණ­යන්ට බලා හිඳි­න්නට සිදු විය. ඔවුන්ට රට වෙනු­වෙන් නැඟී සිටී­මට අවශ්‍ය ශක්තිය ලබා­දෙ­න්නට හෝ ඒ සඳහා පෙල­ඹ­වී­මක් ඇති කර­න්නට හෝ නාය­ක­යෙ­කුගේ අව­ශ්‍ය­තාව පැව­තුණි. එම හිඩැස පුර­වා­ල­මින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා රට, දැය, සමය සුර­කි­න්නට ප්‍රතිඥා දීමත්, සංඝ­ර­ත්නය ඇතුළු සිය­ලුම ආග­මික නාය­ක­යන්ගේ ආශි­ර්වා­දය ඒ සඳහා එතු­මාට නොඅ­ඩුව හිමි­වී­මත් නිසා රට නැව­තත් සුර­ක්ෂිත වීමේ පෙර­නි­මිති පහළ විය. මවු­බිමේ අගය දැනෙ­න්නට දැනෙ­න්නට, මවු­බිම අපේය යන හැඟීම කුළු­ගැ­න්වෙ­න්නට කුළු­ගැ­න්වෙ­න්නට, අප­ටත් රටක් තිබේය යන විශ්වා­සය තර­ව­න්නට තර­ව­න්නට රටක් වශ­යෙන් නැඟී සිටි­න්නට තරු­ණ­යන්ට තවත් නම් පෙල­ඹ­වී­මක් අවශ්‍ය නොවෙනු නිය­තය. අප රට ගොඩ­නැ­ඟිය යුතු ය. ඊට උර­දිය යුතුය යන සිතු­විලි මැඬ­ලිය නොහැකි වනු ඇත. තරු­ණ­යින් අනා­ගත අභි­වෘ­ද්ධිය කරා පද­වා­ගෙන යා යුතු නොවේ. හුදෙක් කළ යුතුව තිබුණේ පැද­ගෙන යාමට ඇන්ජිම ක්‍රියා­ත්මක කර­වීමේ අව­ශ්‍ය­තාව පම­ණකි.

තරු­ණ­යන් ලෝකය දකින්නේ හණ­මිටි අද­හ­ස්ව­ලින් නොව නව අද­හ­ස්ව­ලින් පිරුණු නැවුම් මන­ස­කිනි. ලෝක­යා­ගෙන් ප්‍රති­ක්ෂේප වන ඇතැම් දෙයින් පවා ඔවුන් නව නිර්මාණ බිහි කරන්නේ එනිසා විය යුතු ය. එහෙත් බොහෝ පිරිස් ඒ දෙස බලන්නේ වපර ඇස­කිනි. වැඩි­හි­ටි­යන්ගේ හා තරු­ණ­යන්ගේ මත අතර ගැටුම එදා සිට ම බොහෝ අව­ස්ථා­වල දකි­න්නට ලැබුණ ද, එය යහ­පත් අත­කට පෙර­ළ­න්නට උත්සාහ ගන්නා කවු­රුන් හෝ නොවීය. බොහෝ විට සිදු වන්නේ තරු­ණ­යන්ගේ අද­හස් වැඩි­හි­ටි­යන් අතින් ප්‍රති­ක්ෂේප වී නිෂ්ප්‍රභා වීමයි. තරුණ අද­හස් අභි­ප්‍රේ­ර­ණය කර­න්න­ටත්, ඔවුන්ගේ අද­හස් පැසුණු මන­සක මඟ පෙන්වීම යටතේ ක්‍රියා­ත්මක කර­න්න­ටත් හැකි­යාව ඇත. ආණ්ඩුවේ කැබි­නට් සභි­ක­යන් අත­රට තරුණ මහ­ජන නියෝ­ජි­ත­යන් ඇතු­ළත් කිරීම ඒ සඳහා ගත්තා වූ යහ­පත් පිය­ව­රකි. මාර්ග දෙපස ඇති තාප්ප, බිත්ති සහ පොදු ස්ථාන­වල දැන්වීම් ඇල­වීම වැළැ­ක්වීම සඳහා ගත් කදිම විස­ඳු­මක් ලෙස තරු­ණ­යන් සිතු­ව­මින් ඒවා අලං­කාර කිරීම ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඇතුළු පිරි­සගේ ඇගැ­යී­මට ලක්වී­මත් ප්‍රශං­ස­නීය වේ. තරුණ මන­සින් සිතා ඔවුන් රටට, සමා­ජ­යට වැඩ­දායි වන ලෙස නිර්මා­ණය කරන නව නිමැ­වු­ම්ව­ලට අත­හිත දීම ද අවශ්‍ය වන්නකි. ඒ සඳහා අවශ්‍ය ආයෝ­ජ­ක­යන් සැප­යීම, අර­මු­දල් පිහි­ටු­වීම, සහන ලබා­දීම ආදිය මඟින් තරු­ණ­යන්ට ලැබෙන්නේ ශක්ති­යකි. ඔවුහු එම බලා­පො­රොත්තු පෙර­දැ­රිව තරු­ණ­යන් අග­යන නාය­ක­ත්වය වටා එකතු වන්නෝ ය.

දේශ­පා­ල­නයේ ඇතැ­මුන් තම බූද­ල­යක් යැයි සිතා මහ­ජ­න­යාගේ මුදල් අව­භා­විත කරන අයුරු නොයෙක් වාර­ය­න්ව­ලදී අපට දකි­න්නට, අස­න්නට ලැබී ඇත. සංව­ර්ධ­නය වෙමින් පව­තින රටක් ලෙස රටේ පාල­ක­යන් අන­වශ්‍ය විය­දම් හෝ අවම වශ­යෙන් නවතා දැමී­මම ක්‍රියා­මාර්ග ගැනී­මෙන් සංව­ර්ධන ඉනිමේ තවත් එක් දශ­ම­යක් හෝ ශ්‍රී ලංකාව ඉහ­ළට ඔසවා තබ­න්නට අව­ස්ථාව එළ­ඹෙනු ඇත. සැබැ­වින් ම ඒ සඳහා කළ යුත්තේ සිතන පතන ආකා­රය වෙනස් කිරී­මට අවශ්‍ය ශක්‍ය­තාව ස්ථාප­නය කිරීම පම­ණකි. රාජ්‍ය අංශයේ නාස්තිය අවම කිරීම, පරි­ස­රය පිරි­සුදු ව සහ අලං­කා­ර­වත්ව තබා­ගැ­නීම, ඍජු තීරණ ගන්නට නොබි­යව කට­යුතු කිරීම, සාධා­ර­ණ­ත්වය, විනි­විද භාවය සුරැ­කීම යනාදී තරුණ මනස අග­යන දැක්ම ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාගේ නාය­ක­ත්වය අනු­ග­ම­නය කර­න්නට පෙල­ඹෙයි.

බදු බරින් මිනි­සුන් පීඩා­වට පත් කර­නවා වෙනු­වට බදු නොවන ආදා­යම් වන ලාභ, ලාභාංශ, පොලී ආදා­යම්, ගාස්තු සහ අය කිරීම් ආදිය ඉහළ දැමී­මෙන් රජයේ ආදා­යම් ඉහළ නැංවී­මත් ඉතාම වැද­ගත් තීර­ණ­යක් වෙයි. එම­ඟින් රටේ තරු­ණ­යන් ඇතුළු ක්‍රියා­කාරී ජන­තාව රට කෙරෙහි පැහැ­දී­මත්, රට වෙනු­වෙන් සිදු කරන තම දාය­ක­ත්වය තවත් වැඩි කිරී­ම­ටත් හේතු වෙයි. බොහෝ විට තකන්නේ ජාති හිතෛෂී ආත්මා­ර්ථය පසෙ­කලා පරා­ර්ථ­කා­මී­ත්ව­යයි. තමන්ට පම­ණකැ’යි සිතා සැම දෙයක් ම ගොඩ ගසා­ගෙන තම අභි­මත සපුරා ගැනී­මට නොව සැමට අත්වි­ඳිය හැකි සාමූ­හික ප්‍රති­ලාභ දිනා ගැනී­ම­ටයි. එබැ­වින් තරු­ණ­යන් අග­යන එම දැක්ම පාලන පක්ෂ­යෙන් ද පිළි­බිඹු වන­වාය යන්නෙන් හැඟන්නේ හුදෙක් රටේ පාල­නය තාරුණ්‍ය අත්පත් කර ගන්නා බවත් ය.

වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වටා තරුණ පර­පුර ගැව­සෙ­මින් එතු­මාට ලබා­දෙන්නේ ඉතා ම සුවි­ශේෂී වර­මකි. තරු­ණ­යන්ගේ එම සක්‍රීය දාය­ක­ත්වය අදට මෙන් ම හෙට­ටත් රැක­ගැ­නීම මුළු­ම­නින් ම පාල­ක­යන් සතු කර්ත­ව්‍ය­යකි. මන්ද යත් තව­දු­ර­ටත් තරුණ තරු­ණි­යන් යනු ඇස් කන් වසා­ගෙන සිටි­න්නන් හෝ අව­සි­හි­යෙන් කට­යුතු කර­න්නන් හෝ නොවන නිසාය. ඔවුන් සැබැ­වින් ම දැනු­වත් සේ ම රැව­ටී­ම්ව­ලට හසු වන මුග්ධ­යන් නොවෙනු ඇත. එබැ­වින් මෙරට නාය­ක­ත්වය බල­යට හෝ වර­ප්‍ර­සා­ද­ව­ලට නොනැමී සබු­ද්ධි­කව තම පාලන තන්ත්‍රය ක්‍රියා­ත්මක කළ ලෙසින් ම පව­ත්වා­ගෙන යෑමත් වඩාත් වැද­ගත් වෙයි.

Comments