ගොවි පර­පු­ර රජ කරවන්න අලුත් රජයේ වැඩ මෙන්න | සිළුමිණ

ගොවි පර­පු­ර රජ කරවන්න අලුත් රජයේ වැඩ මෙන්න

ඇමැති චමල් රාජපක්ෂ මහතා වාරි සෞභාග්‍යය වැඩසටහනට එක් වූ අවස්ථාව
ඇමැති චමල් රාජපක්ෂ මහතා වාරි සෞභාග්‍යය වැඩසටහනට එක් වූ අවස්ථාව

පේ ර‍ෙට් තව­මත් ප්‍රධාන ජීවන වෘත්තිය කෘෂි­ක­ර්ම­යයි. ඒ අනුව අපේ රටේ ජන­තාව වැඩි­පු­රම ජීව­ත් වෙන්නේ කෘෂි­ක­ර්මය පශු සම්පත් මිරි­දිය ධීවර කර්මා­න්තය වැනි ක්ෂේත්‍ර­ව­ලට සම්බ­න්ධ­වය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ‘සෞභා­ග්‍යයේ දැක්ම’ ප්‍රති­පත්ති ප්‍රකා­ශය අනුව වත්මන් කෘෂි­කර්ම මහ­වැලි වාරි­මාර්ග, ග්‍රාමීය සංව­ර්ධන, වෙළෙඳ පාරි­භෝ­ගික ඇමැති චමල් රාජ­පක්ෂ මහතා මෙරට කෘෂි­කර්ම ක්ෂේත්‍රය නගාසිටු­වී­මට ව්‍යාපෘති ගණ­නා­වක් ආරම්භ කර තිබේ.

ඒ අනුව ක්‍රියා­ත්මක කර ඇති ප්‍රමුඛ ව්‍යාපෘ­තිය වන්නේ මෙරට වැව් හා වාරි ක්‍ෂේත්‍රය පූර්ණ ඵල­දා­යි­ත්වය ඇති කරන ‘වාරි සෞභා­ග්‍යය’ වැඩ­ස­ට­හ­නයි. ඒ අනුව වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව කෘෂි­කර්ම දෙපා­ර්ත­මේන්තු ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුව මහ­වැලි අධි­කා­රිය ආදී ආය­තන සතු සියලු යන්ත්‍ර සූත්‍ර උප­ක­රණ එක් දිස්ත්‍රි­ක්ක­යක් කරා ගෙන­විත් එම දිස්ත්‍රි­ක්කයේ ගොවි ජන­තා­වගේ අද­හස් අනුව ඒ දිස්ත්‍රි­ක්කයේ සියලු වාරි ප්‍රති­සං­ස්ක­ර­ණයට කට­යුතු කරනු ලැබේ.

ඇමැති චමල් රාජ­පක්ෂ මහතා පව­සන පරිදි මේ වැඩ­පි­ළි­වෙළ පසු­ගිය දින­වල හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කය පුරා ආරම්භ කළේ ය.

ඒ යටතේ පසු­ගි­යදා යන්ත්‍ර සූත්‍ර 200ක් හා වාරි ඉංජි­නේ­රු­ව­රුන් හා ගොවි ජන­තාව එක්ව හම්බ­න්තොට ‘වාරි සෞභා­ග්‍යය’ වැඩ­ස­ට­හන පූර්ණ සාර්ථ­ක­ත්ව­යෙන් සිදු කරන ලදී. රට­පුරා අන් දිස්ත්‍රි­ක්ක­වල ද මේ වැඩ­ස­ට­හන ක්‍රියා­වට නැංවී­මට වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු කරයි.

මේ අනුව ඒ ඒ දිස්ත්‍රි­ක්ක­වල ඇති සියලු වැව් වාරි­මාර්ග කට­යුතු ඇළ වේලි පද්ධති පූර්ණ ලෙස ප්‍රති­සං­ස්ක­ර­ණ­ය­කට ලක් කෙරේ. විශේ­ෂ­යෙන් මෙහිදී ගොවි සංවි­ධා­න­වල අද­හස් පාර­ම්ප­රික ගොවි ජන­තා­වගේ අද­හස් ද පූර්ණ ලෙස සැල­කි­ල්ලට ගැනේ.

මෙම වැඩ­පි­ළි­වෙළේ ප්‍රධාන අර­මුණ වන්නේ ඒ ඒ දිස්ත්‍රි­ක්ක­වල වාරි පුන­රු­ත්ථා­පන කට­යුතු සිදු කර­මින් ඒ ඒ දිස්ත්‍රි­ක්ක­වල ඇති පානීය හා වාරි­මාර්ග ජල අව­ශ්‍යතා නොඅ­ඩුව ලබා­දී­මයි.

බොහෝ දිස්ත්‍රි­ක්ක­වල ගොවි ජන­තාව පව­සන්නේ අපට රස්සා අවශ්‍ය නෑ අපට ඕන ජල­යයි. ඒ ජලය ටික හරි­යට මාස 12 පුරා ලබා­දෙන්න යනු­වෙනි‍. ඒ අනුව වත්මන් ජනා­ධි­ප­ති­තුමා පත් කිරී­මට ඉහ­ළින් ම දායක වූ හම්බ­න්තොට ජන­තා­වට ස්තුතිය පළ කිරී­මට මුලින්ම වැව් සෞභා­ග්‍යය වැඩ­ස­ට­හන නම් හම්බ­න්තො­ටදී ආරම්භ විය. ඉදිරි මාස 3 ඇතු­ළත රටේ තවත් දිස්ත්‍රික් ගණ­නා­ව­කට මෙම වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කර ඒ දිස්ත්‍රි­ක්ක­වල සියලු වාරි ගැටලු විස­ඳී­මට අපේක්ෂා කරන බව ඇමැති චමල් රාජ­පක්ෂ මහතා පව­සයි.

ඒ සම­ඟම ර‍ෙට් සියලු පුරන් කුඹුරු අස්වැ­ද්දී­මට රජය දැන් නව වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර ඇත. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගේත් අග­මැති මහින්ද රාජ­පක්ෂ මහ­තා­ගේත් උප­දෙස් පරිදි ක්‍රියා­ත්මක මේ වැඩ­පි­ළි­වෙළ යටතේ යල කන්න­යට පුරන් කුඹුරු අස්වැ­ද්දීමේ ප්‍රධාන උත්ස­වය මේ මස 30 වැනිදා කෑග­ල්ලේදී පැවැ­ත්වී­මට කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය කට­යුතු යොදා තිබේ. එහි පළ­වෙනි අදි­යර යටතේ කෑගල්ලේ කුඹුරු හෙක්ට­යාර 250 ක් අස්වැ­ද්දීම සිදු­කෙ­රෙන බව කෘෂි­කර්ම අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීර­කෝන් මහතා පව­සයි. මේ යටතේ පුරන් කුඹුරු අස්ව­ද්දන තරුණ පිරිස සමඟ එකතු වී ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුව ද කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව මේ වැඩ­පි­ළි­වෙළ රට ­පුරා ක්‍රියා­ත්මක කරයි.

ඊට අම­ත­රව යුද හමු­දාව ද දැන­ට­මත් පුරන් කුඹුරු අස්වැ­ද්දීම අරඹා ඇත. මුල් වැඩ­ස­ට­හන පසු­ගි­යදා බත්ත­ර­මුල්ල අකු­ර­ගො­ඩදී යුද හමු­දා­ප­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

ඊට අම­ත­රව රජය ගත් තීරණ අනුව රටේ කුඹුරු ලෙස අස්වැ­ද්දිය නොහැකි කුඹුරු ඉඩ­ම්වල ස්ථිර බෝග හැර අනෙක් එළ­වළු හා අල බෝග වගා කිරී­මට අව­සර දෙනු ලැබේ. ඒ අනුව කෙසෙල්, කුරුඳු, ධාන්‍ය හා පල­තුරු වැවී­මට අව­සර දෙනු ලැබේ. මේ යටතේ මෙතෙක් කල් ජල හිඟ­ක­මින් ආයෝ­ජ­න­යට නොගෙන ඇති අක්කර දහස් ගණ­නක ගොවි බිම් අස්ව­ද්දන බව ද කෘෂි­කර්ම අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා පව­සයි.

‘සෞභා­ග්‍යයේ දැක්ම’ යටතේ රටේ නව කෘෂි­කා­ර්මික නවෝ­ද­යක් ඇති කරන ‘පොකුරු ගම්මාන’ වැඩ­ස­ට­හන වත්මන් රජය දැන­ට­මත් ආරම්භ කර ඇත. ඒ යටතේ මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ ආර­ම්භක පොකුරු ගම්මා­නය ආරම්භ කළ අතර ඊළඟ වැඩ­ස­ට­හන අගු­ණ­කො­ළ­පැ­ලැස්ස ආශ්‍රි­තව බිම් මල් ගම්මා­න­යක් ඉදි­ක­ර­මින් තව­දු­ර­ටත් ව්‍යාප්ත කරන බව ද කෘෂි­කර්ම අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය වීර­කෝන් පව­සයි.

‘පොකුරු’ ගම්මාන වැඩ­ස­ට­හන යටතේ සිදු කරන්නේ විවිධ වගා කට­යුතු පශු සම්පත් කට­යුතු සඳහා ප්‍රසි­ද්ධි­යක් හා හැකි­යා­වක් දක්වන ප්‍රදේ­ශ­වල ඇති ගම්මා­න­යක් තෝරා­ගෙන ඒ ගමේ ගොවි ජන­තා­වගේ අද­හස් අනුව ගමේ වගා­වන් නව තාක්ෂ­ණය අනුව ඉහළ ඵල­දා­යි­ත්ව­යක් ඇතිව සිදු කිරී­මට කට­යුතු කිරී­මයි. පසුව ඔවුන්ගේ නිපැ­යුම් ඉහළ මිල­කට වෙළෙඳ පොළට යැවී­මට ද පහ­සු­කම් හා උප­දෙස් ලබා­දෙනු ලැබේ. මේ යටතේ මේ ගම්මා­න­වල ගොවීන්ට වගා­වට අවශ්‍ය බීජ හා පැළ හා පොහොර ලබා­දෙන අතර වගාව නව තාක්ෂ­ණය අනුව සිදු කිරීම හෝ පශු සම්පත් සංව­ර්ධ­න­යට නව කෘෂි විද්‍යාඥ උප­දෙස් දෙනු ලැබේ.

මේ යටතේ ඉදිරි මාස දෙක ඇතු­ළත පොකුරු ගම්මාන 20ක් රටේ විවිධ ප්‍රදේ­ශ­වල ඉදි­ක­රන බවත් ඉදිරි වසර 2 – 3 ඇතු­ළත පොකුරු ගම්මාන 160ක් ඉදි­කි­රී­මට යෝජිත බවත් අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා පව­සයි.

මේ යටතේ පිහි­ටු­වන බිම්මල් ගම්මා­නය අගු­ණ­කොළ පැලැ­ස්සේදී ආරම්භ කෙරේ. ඒ අනුව ඒ ගම්මා­නයේ ගොවි පවු­ල්ව­ලත් අවශ්‍ය බීජ බිම්මල් අඩු මුද­ලට ලබා­දෙන අතර අස්වැන්න විකි­ණී­මට රටේ සියලු සුපිරි වෙළෙඳ සංකීර්ණ හා ආය­තන සම්බන්ධ කර දීමද සිදු­ක­රන ලැබේ. සුදුසු බිම්වල පස් පරීක්ෂා කිරී­මට කට­යුතු කරන අතර නව තාක්ෂ­ණය අනුව වැඩි අස්වැ­න්නක් ලබා­දී­මට ද කෘෂි විද්‍යා­ඥ­යන් උප­දෙස් ලබා­දෙනු ඇත.

මේ වැඩ­ස­ට­හ­නට අනු­බ­ද්ධව රටේ සියලු හෙළ බොජුන් හල් ආශ්‍රි­තව ප්‍රදේ­ශයේ ගොවීන්ගේ නිපැ­යුම් අලෙවි කර ගැනීමේ අව­ස්ථාව ලබා­දෙන අතර ඉදිරි මාස 3 ඇතු­ළත තවත් නව හෙළ බොජුන් හල් රැසක් ද ඉදි­ක­රනු ලැබේ.

ඊට අම­ත­රව මෙම හෙළ බොජුන් හල් ආශ්‍රි­තව රටේ ගොවි ජන­තා­වට තම වගා කට­යුතු සඳහා අත්‍ය­වශ්‍ය වන යන්ත්‍රෝ­ප­ක­රණ, බිංදු ජල තාක්ෂ­ණික උප­ක­රණ, වතුර මෝටර්, ජල නළ ආදිය පහසු මිලට කුලි­යට දීම ක්‍රියා­ත්මක කරනු ලැබේ. බිම් සැක­සී­මට අවශ්‍ය උප­ක­රණ, හරි­තා­ගාර ඉදි­කි­රී­මට අවශ්‍ය දෑ ආදිය ද මෙහි අන්ත­ර්ග­තවේ‍.

ඒ සම­ඟම මෙරට ප්‍රථම වරට ගොවි සංවි­ධාන මඟින් ඉදි­කළ ප්‍රථම හාල් මෝල වී අලෙවි මණ්ඩ­ල­යට පවරා දීම ද ඉදිරි සති­ව­ලදී සිදු කිරී­මට නිය­මිත ය.

ඒ සම­ඟම කෘෂි­කර්ම වාරි­මාර්ග මහ­වැලි හා ග්‍රාමීය කර්මාන්ත අමා­ත්‍යාං­ශ­යට අනු­බ­ද්ධව දැන් ර‍ෙට් ගොවි පර­පු­රට සහන රැසක් දෙන දේශ­ගුණ සුහුරු වාරි කෘෂි­කා­ර්මික ව්‍යාපෘ­තිය (CSIAP) නමින් නව ව්‍යාපෘ­ති­යක් ක්‍රියා­වට නංවා ඇත.

රුපි­යල් කෝටි 2520ක විය­ද­මින් ක්‍රියා­ත්මක මෙම ව්‍යාපෘ­තියේ ප්‍රධාන අර­මුණ වන්නේ නිය­ග­යට ජල ගැලී­ම්ව­ලට නිර­න්ත­ර­යෙන් ගොදු­රු­වන කුඩා හා සුළු පරි­මා­ණයේ ගොවි ජන­තා­වගේ ජීවන තත්ත්වය නගා සිටු­වී­මට කට­යුතු කිරී­මයි.

අනු­රා­ධ­පු­රය, පොලො­න්න­රුව, කුරු­ණෑ­ගල, පුත්ත­ලම, මුල­තිව්, කිලි­නො­ච්චිය, මඩ­ක­ල­පුව, අම්පාර, ත්‍රිකු­ණා­ම­ලය, මොන­රා­ගල, හම්බ­න්තොට යන දිස්ත්‍රික්ක 11ක ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථාන 47කට අධික වැව් 1215ක් එල්ලංගා පද්ධති 129ක් ප්‍රති­සං­ස්ක­ර­ණය හා නවී­ක­ර­ණය මෙම වැඩ­ස­ට­හනේ ප්‍රධාන ක්‍රියා­ත්මක වැඩ­ස­ට­හන් අතර ප්‍රමුඛ වේ. ඒ අනුව යාන්ඔය, මී ඔය, මැණික්, කිරි­ඳි­ඔය සහ මුන්දෙණි ආරු යන ගංගා­ධා­ර­වල ප්‍රයෝ­ජන ලබන ප්‍රති­ලා­භීන් 62417 කට මෙම ව්‍යාපෘ­ති­යෙන් වාසි රැසක් ලැබේ.

ව්‍යාපෘ­තියේ මූලික පර­මා­ර්ථය වන්නේ දේශ­ගුණ විප­ර්යා­ස­යන්ට එනම් නිය­ග­යට ජල ගැලී­ම්ව­ලට නිර­න්ත­ර­යෙන් ගොදුරු වන කුඩා හා සුළු පරි­මාණ ගොවි ජන­තා­වගේ ජීවන තත්ත්වය නගා සිටු­වී­මට දායක වීමයි.

මෙම ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ ඉංජි­නේරු එන්. සිව­ලි­න්ගම් මහතා පව­සන පරිදි දැනට මේ ව්‍යාපෘ­තියේ මූලික වැඩ­ක­ට­යුතු ලෙස අරඹා ඇත. ප්‍රති­ලාභ ජන­තා­වගේ අද­හස් ලබා­ගැ­නීම ව්‍යාපෘ­තිය පිළි­බ­ඳව ප්‍රති­ලාභී ජන­තාව දැනු­ම්වත් කිරීම, ව්‍යාපෘති සැල­සුම් සකස් කිරීම හා රටේම ජන­තා­වට ව්‍යාප‍ෘ­තිය පිළි­බ­ඳව මනා දැනු­මක් ලබා­දීම සිදු කර­මින් පවතී.

ඊට අම­ත­රව මෙම ව්‍යාපෘ­තිය යටතේ මෙහි ප්‍රති­ලාභ අදාළ දිස්ත්‍රික්ක 11 ජන­තා­වට දේශ­ගු­ණික විප­ර්යා­ස­ව­ලට ඔරොත්තු දිය හැකි කෘෂි හා ජල තාක්ෂ­ණය හඳුන්වා දීමට කට­යුතු කරනු ලැබේ. ප්‍රති­ලා­භීන්ගේ ආර්ථික හා කෘෂි ඵල­දා­යි­තාව ඉහළ නැංවීම හා අවශ්‍ය අලෙවි පහ­සු­කම් සැප­යී­මත් අර­මුණු කර­ගෙන මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­වට නැංවේ.

මෙම ව්‍යාපෘ­තියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීර­සිංහ මහතා පව­සන පරිදි මේ ව්‍යාපෘ­තිය යටතේ කෘෂි­ක­ර්මය සඳහා වූ ජල කළ­ම­නා­ක­ර­ණය ඩොලර් මිලි­යන 92ක් වෙන්කර තිබිණි. ඒ යටතේ වාරි­මාර්ග පද්ධති පුන­රු­ත්ථා­ප­නය හා නවී­ක­ර­ණය, වාරි­මාර්ග පද්ධ­තිය මෙහෙ­යුම් හා කළ­ම­නා­ක­ර­ණය ආදිය ප්‍රමුඛ වේ.

ඊට අම­ත­රව දේශ­ගු­ණික සුහුරු කෘෂි­ක­ර්මය හා ජල තාක්ෂ­ණය සඳ­හාත් අලෙවි කට­යුතු සඳ­හාත් මේ නව ව්‍යාපෘ­තිය යටතේ ඇමෙ­රි­කන් ඩොලර් මිලි­යන 42ක් වෙන්කර තිබෙන බව ව්‍යාපෘ­තියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීර­සිංහ මහතා පව­සයි. මෙම ව්‍යාපෘ­තියේ විශේ­ෂ­ත්වය වන්නේ ග්‍රාමීය ගොවි ජන­තා­වගේ අද­හස් අනුව ගම් මට්ටමේ සිට ව්‍යාපෘ­තියේ ක්‍රියා­වට නැංවී­මයි.

ව්‍යාපෘ­තියේ ප්‍රධාන ක්‍රියා­කා­ර­කම් අතර ප්‍රමු­ඛ­ත්වය ගන්නේ ජල කළ­ම­නා­ක­රණ සැලැස්ම සකස් කිරී­මයි. එම සැලැස්ම සියලු පාර්ශ්ව­ක­රු­වන්ගේ සහ­භා­ගි­ත්ව­යෙන් ග්‍රාම නිල­ධාරි වසම් හා ප්‍රාදේ­ශීය හා දිස්ත්‍රික්ක මට්ට­මට ක්‍රියා­ත්මක වන බව ද ආචාර්ය ප්‍රියන්ත වීර­සිංහ පව­සයි.

මෙම නව ව්‍යාපෘ­තිය මගින් ඉහත දිස්ත්‍රි­ක්ක­වල සියලු වැව් පුන­රු­ත්ථා­ප­නය කරනු ලැබේ. ඒ යටතේ ඒවායේ වැව් බැම්ම, පිට­වාන, සොරොව්ව, ප්‍රති­සං­ස්ක­ර­ණය කරනු ලැබේ. ඊට අම­ත­රව නව ඇළ පද්ධති සකස් කිරීම, වැව්වල හා ජලා­ශ­වල රොන්මඩ ඉවත් කිරීම, කෘෂි­කා­ර්මික මාර්ග පුන­රු­ත්ථා­ප­නය මේ ව්‍යාපෘ­තිය යටතේ සිදු කරනු ලැබේ.

ඒ සම­ඟම බීජ තවාන් පිහි­ටු­වීම අලෙවි පොළ­වල් සංව­ර්ධ­නය, ශීත ගබඩා ඉදි­කි­රීම, නැවත වන වගා පිහි­ටු­වීම් ආදිය ද සිදු­කර ගොවීන්ට සහන සල­සනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීර­සිංහ මහතා පව­සයි.

ඉහත දිස්ත්‍රි­ක්ක­වල ගොවි සංවි­ධා­න­වල ධාරි­තා­වය වර්ධ­නය කිරීම, ගොවි­ජන සේවා මධ්‍ය­ස්ථා­න­වල ධාරි­තා­වය වැඩි දියුණු කිරීම ඒකා­බද්ධ සත්ව පාලන හා මිරි­දිය මත්ස්‍ය කර්මා­න්තය ආරම්භ කිරීම සමඟ ගොවීන් දැනු­ම්වත් කිරීමේ චාරිකා ද සංවි­ධා­නය කෙරේ.

ඒ සම­ඟම දේශ­ගුණ සුහුරු වාරි කෘෂි­කා­ර්මික ව්‍යාපෘ­තිය යටතේ ගොවින්ගේ දුක් ගැන­විලි හඳු­නා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කරන අතර පුහුණුකරු­වන්ගේ සංචි­ත­යක් ද පිහි­ට­වනු ලැබේ. මේ සම­ඟම ඒකා­බද්ධ සත්ව පාලන හා මිරි­දිය මත්ස්‍ය කර්මා­න්තය ආරම්භ කිරීම, ග්‍රාමීය හා කොට්ඨාස මට්ටමේ රජයේ නිල­ධා­රීන් පුහුණු කිරීම සමාජ විග­ණන කමිටු පිහි­ටු­වීම සමඟ පුහුණු වැඩ­ස­ට­හන් පැවැ­ත්වීම ද මෙම නව ව්‍යාපෘ­තිය යටතේ සිදු­කෙරේ.

වත්මන් රජය මෙරට කෘෂි­ක­ර්මය දියුණු කිරී­මට පසු­ගිය දින 60 ඇතු­ළත තවත් වැද­ගත් පිය­වර රැසක් ගෙන තිබේ. ඒ අනුව මින් පසුව පිට­ර­ටින් හාල් ගෙන්වන්නේ නැති අතර වීවල සහ­තික මිල වැඩි­කර පොහොර නොමිලේ ලබා­දෙ­මින් රට ස්වයං­පෝ­ෂිත කිරී­මට ඉදි­රි­යේදී පිය­වර ගනු ලැබේ.

වී වගා­වට රසා­ය­නික පොහොර නොමිලේ දෙන අතර කාබ­නික වගා­වට ගොවි ජන­තාව යොමු කර­මින් ද කට­යුතු යොදනු ලැබේ.

මේ සියලු කට­යුතු මගින් අපේ රටේ ගොවි පර­පු­රට ඉදිරි මාස 10 – 15 ඇතු­ළත වත්මන් රජය යටතේ ‘සෞභා­ග්‍යය’ උදා­ වන බව අපට කිව හැකිය.

Comments