කෝටි ගණ­නක ආදා­යම දුම්රි­යට අත්හැ­රුණේ කාගේ වර­දින්ද? | Page 2 | සිළුමිණ

කෝටි ගණ­නක ආදා­යම දුම්රි­යට අත්හැ­රුණේ කාගේ වර­දින්ද?

 “අඟුරු කකා, වතුර බිබී

කොළඹ දුවන යකඩ යකා!”

 

මේ පද­පෙළ අප කුඩා කාලයේ සිට අසා ඇත. මින් කිය­වෙන්නේ. මෙරට වාෂ්ප බල­යෙන් දුම්රිය ධාව­නය කළ ඒ අතී­ත­යයි. සුදු මහ­ත්ව­රුන්ගේ කාල­යේදී අප රටේ ආරම්භ කළ දුම්රිය සේවය මඟින් මඟී ගම­නා­ග­ම­න­යට පම­ණක් නොව, භාණ්ඩ ප්‍රවා­හ­න­ය­ටද ඉටු කොට ඇත්තේ සුවි­ශේෂ කාර්ය­භා­ර­යකි. යකඩ යකා මඟින් භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු ආරම්භ කොට මේ 2020 වර්ෂය වන විට වසර 153ක් ගත වී ඇත්තේය. 1867-1934 කාල­ප­රි­ච්ඡේ­ද­යේදී දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ සමස්ත ආදා­ය­මෙන් 57%ක් භාණ්ඩ ප්‍රවා­හ­නය මඟින් උප­යා­ගෙන තිබිණි. අතීත තොර­තු­රු­ව­ලට අනුව කෘෂි­කා­ර්මික භාණ්ඩ කොළ­ඹට ප්‍රවා­හ­නය කොට යුරෝපා හා ලෝක වෙළෙ­ඳ­පො­ළට අලෙවි කිරීමේ අර­මු­ණින් දුම්රිය භාණ්ඩ ප්‍රවා­හන සේවාව ආරම්භ කොට ඇති බව සඳ­හන් වේ.

 

එප­ම­ණක් නොව; තැපැල් ප්‍රවා­හ­නය සඳ­හාද දුම්රිය සේවය මඟින් ඉටු වනුයේ විශාල සේවා­වකි. ජංගම දුම්රිය තැපැල් රථ ධාව­න­යෙන් මෙන්ම තැපල් මලු ප්‍රවා­හ­න­යෙන්ද මේ කාර්ය­යට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­ව­වෙන් විශාල සහ­යෝ­ග­යක් ලැබිණි. මහ­නු­වර හරහා බදු­ල්ලට, යාප­න­යට, තලෛ­ම­න්නා­රම් තොටට, ගාල්ලට ජංගම තැපල් කාර්යාල මැදිරි අමුණා ධාව­නය විය. දිව­යින පුරා නිය­මිත සැලැ­ස්ම­කට අනුව දුම්රි­යෙන් තැපල් මලු ධාව­නය විය.

ඒ කොයි­හැටි වුවද 2017 වර්ෂය වන විට භාණ්ඩ ප්‍රවා­හ­න­යෙන් යකඩ යකා ලැබු ආදා­යම 9.3% දක්වා පහත වැටී තිබිණි. 2017 වර්ෂයේ සමස්ත දුම්රිය ආදා­ය­මින් සමස්ත භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම රු. 600,048,346කි. එමතු නොව; 1968 වර්ෂය වන විට මෙරට භාණ්ඩ ප්‍රවා­හන වෙළෙ­ඳ­පොළ කොට­සින් 38%ක් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විසින් නතු කර­ගෙන තිබු­ණේය. වර්ත­මා­නය වන විට එය 0.3% දක්වා පහත වැටී ඇත. 2018 වර්ෂයේ මහ­බැංකු වාර්තා­වට අනුව ඒ වර්ෂ­යේදී යකඩ යකා විසින් සිදු කොට ඇති භාණ්ඩ ප්‍රවා­හ­නය මෙට්‍රික් ටොන් මිලි­යන 119.8 දක්වා පහත වැටි තිබිණි. ඒ වර්ෂයේ පැවති වෘත්තිය සමිති ක්‍රියා­මාර්ග නිසා දුම්රිය අව­ලංගු කිරීම, භාණ්ඩ ප්‍රවා­හන ක්‍රියා­ව­ලිය සඳහා අවශ්‍ය දුම්රිය එන්ජින් හිඟය නිසා මේ තත්ත්වය ඇති වූ බව මහ­බැංකු වාර්තාවේ සඳ­හන් වේ.

 

භාණ්ඩ සහ තෙල් ප්‍රවා­හ­නය අත්හළ හැටි

 

දුම්රිය මඟින් භාණ්ඩ ප්‍රවා­හ­නය කාර්ය­ක්ෂ­ම­වත්, පල­දා­යි­වත් සිදු නොවීම හේතු­වෙන් ඉන් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ ආදා­ය­මට එල්ල වු බල­පෑම මෙන්ම පාරි­ස­රික, සමාජ හා ආර්ථික බල­පෑම පිළි­බඳ ජාතික විග­ණන කාර්යා­ලය මඟින් විශේෂ විග­ණ­න­යක් සිදු කරනු ලැබීය. ඒ වාර්තා­වට අනුව පළමු පන්තියේ හා දෙවැනි පන්තියේ භාණ්ඩ 80%කින් පමණ අත්හැ­ර­දමා තිබීම, භාණ්ඩ ප්‍රවා­හ­න­යට අදාළ නීති අවශ්‍ය පරිදි සකස් නොවීම, ප්‍රදේ­ශීය අව­ශ්‍යතා අනුව ඉන්ධන ප්‍රවා­හ­නය නොකි­රීම ගැන මෙකී විග­ණන වාර්තාව මඟින් අනා­ව­ර­ණය කොට ඇත. ඉන්ධන ප්‍රවා­හ­නයේ 60%ක වෙළෙ­ඳ­පොළ කොටස අත්හැ­ර­දමා තිබීම, මහා­මාර්ග මඟින් භාණ්ඩ ප්‍රවා­හ­නය හේතු­වෙන් පාරි­ස­රික ගැටලු මෙන්ම මාන­සික හා සමා­ජිය ගැටලු ඇතිව තිබෙන බව මෙකී වාර්තා­වෙන් හදු­නා­ගෙන තිබේ.

දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව මඟින් භාණ්ඩ ප්‍රවා­හ­නය ආරම්භ කොට වසර 66ක් ගත වන තුරු එම­ඟින් ලාභ උප­යනු ලැබීය. 1937න් පසු එය අලාභ ලබන තත්ත්ව­ය­කට පත් විය. ඒ වර්ෂය වන විට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සතුව බඩු ගබඩා 123ක්, පොහොර ගබඩා 25ක් භාවි­ත­යට ගෙන තිබු අතර; භාණ්ඩ පැට­වීම හා බෑම සඳහා දොඹ­කර 57ක් හා පට­වන ලද බඩු ගැල්වල බර­කි­රීම සදහා පාලම් තරාදි 71ක් සඳහා භාවිතා කොට තිබිණි. කෙසේ වුවද භාණ්ඩ ප්‍රවා­හ­නය සදහා උප­යෝගි කර­ගනු ලැබු ගබඩා හා පොහොර ගබඩා 148න් දැනට ප්‍රයෝ­ජ­න­යට ගනු ලබන්නේ ගබඩා 83කි. මේ අනුව කිසිදු ආදා­ය­ම­කින් තොරව වෙනත් ආය­තන විසින් අත්පත් කර­ගෙන ඇති ගබඩා සංඛ්‍යාව 65ක් බව විග­ණන වාර්තාවේ සඳ­හනි. මීට අම­ත­රව දොඹ­කර 57ක් හා පාලම් තරාදි 71ක් භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු හා හැසි­රීමේ කට­යුතු සඳහා භාවිතා නොකර විනාශ වෙමින් ඇති බවද ඒ වාර්තාවේ සඳ­හන් වේ.

දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවා­හ­නය කොට ගබඩා කළ හැකි ප්‍රදේ­ශීය ගබඩා 11ක් ඛනිජ තෙල් සංස්ථාව සතු වේ. ඒ ගබ­ඩා­වල 2017 වර්ෂයේ මාස 10ක ඉන්ධන අව­ශ්‍ය­තාව (ජන­වාරි හා දෙසැ­ම්බර් මාස හැර) ලීටර් 987,402,120කි. එහෙත් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව මඟින් 2017 වර්යෛ් ඒ ගබඩා වෙත ප්‍රවා­හ­නය කොට ඇති ඉන්ධන තොගය ලීටර් 315,435,760ක් බව විග­ණන වාර්තාවේ සඳ­හන් වේ. එමෙන්ම දින­කට තෙල් සංස්ථාව මඟින් දුම්රි­යෙන් ඉන්ධන ප්‍රවා­හ­න­යට අම­ත­රව ඉන්ධන ප්‍රවා­හ­නය සදහා භාවිතා කරණ ඉන්ධන බවු­සර් 500ක් මාර්ග පද්ධ­ති­යට මුදා­හ­රින බැව් විග­ණ­නයේ දි අනා­ව­ර­ණය කර­ගෙන තිබුණි. මේ හේතු­වෙන් දෛනි­කව ඕරු­ගො­ඩ­වත්ත හා බෙස්ල­යින් මාර්ගය අවට විශාල වාහන තද­බ­ද­යක් නිර්මා­ණය වීම කොළඹ හා තදා­සන්න නගර ආශ්‍රිත මාර්ග තද­බ­ද­යට විශාල වශ­යෙන් බලපා ඇති බව විග­ණ­න­යේදී අනා­ව­ර­ණය කර­ගෙන තිබිණි.

 

ආදා­යම වැටීමේ ප්‍රති­ශ­තය 47.7%යි!

 

2017 වර්ෂයේ දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ සමස්ත ආදා­යම රු. බිලි­යන 6.49කි. ඉන් භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම 9.3%කි. භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම පහළ වැටීමේ ප්‍රති­ශ­තය 47.7%ක් බවද විග­ණන වාර්තාවේ සඳ­හන් වේ. එප­ම­ණක් නොව; සිමෙන්ති ප්‍රවා­හ­නය කිරි­මේදී දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට වසර 5ක ලැබුණු ආදා­යම සමා­ලෝ­ච­නය කිරී­මේදී 2013 වර්ෂ­යට සාපෙ­ක්ෂව 2017දී ආදා­යම පහත වැටීමේ ප්‍රති­ශ­තය 60%ක් වු අතර, එය ප්‍රමා­ණා­ත්ම­කව රු. 13,216,875ක් බව විග­ණන වාර්තාවේ දැක්වේ. සිමෙන්ති ගබඩා කිරීම සදහා අවශ ගබඩා පහ­සු­කම් හා ප්‍රවා­හ­නය සදහා ප්‍රමා­ණ­වත් දුම්රිය හා වැගන් සපයා නොතිබු බව ද නිරී­ක්ෂ­ණය වී ඇත. එමෙන්ම විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ සිමේන්ති නිෂ්පා­ද­ක­යන් හා සිමෙන්ති අලෙ­වි­ක­රු­වන් දුම්රි­යෙන් සිමෙන්ති ප්‍රවා­හ­නය සදහා පෙල­ඹ­වී­මක් සිදු නොකි­රීම, පාරි­ස­රික ගැටලු ඇති වන බවට විවිධ හේතු දක්ව­මින් දෙපා­ර්ත­මේ­ව­න්තුව විසින් දුම්රි­යෙන් සිමෙන්ති ප්‍රවා­හ­න­යට අධෛ­ර්ය­වත් කොට ඇති බවද විග­ණන පරි­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වී ඇත. සිමෙන්ති ප්‍රවා­හන ආදා­යම අඛ­ණ්ඩව අඩු වී තිබිණි. එහෙත් එය ආරක්ෂා කර ආදා­යම වැඩි කර­ගැ­නී­මට විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­වට නංවා නොතිබු බවද විග­ණන වාර්තාවේ දැක්වේ.

එමෙන්ම දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට සිමෙන්ති ප්‍රවා­හ­න­යේදී ඇති වන පාරි­ස­රික හානි වැළැ­ක්වීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නොමැති බව අනා­ව­ර­ණය වි තිබිණි. යටි­තල පහ­සු­කම් සපයා නොති­බීම හේතු­වෙන් දුම්රි­යෙන් සිමෙන්ති ප්‍රවා­හ­නය කළ සමා­ගම් එම කාර්යෙන් ඉවත්ව ඇති බවද විග­ණන වාර්තාවේ සඳ­හන් වේ.

දුම්රිය කාල­ස­ට­හ­නට අනුව 1937දී දෛනි­කව දුම්රිය 362ක් ධාව­නය විය. ඉන් 64ක් භාණ්ඩ ප්‍රවා­හ­නය කරන දුම්රි­යය. මිශ්‍ර දුම්රිය 136ක් විය. ඒ අනුව දුම්රිය 362න් 200ක් භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු සදහා යොදා­ගනු ලැබිණි. ප්‍රති­ශ­ත­යක් ලෙස ගත් විට එය 55%කි. 2017 වර්ෂයේ දත්ත­ව­ලට අනුව දෛනි­කව ධාව­නය සඳහා යොදවා ඇති දුම්රිය ගණන381කි. ඉන් 23ක් භාණ්ඩ ප්‍රවා­හ­නය කරන දුම්රිය වූ අතර, 28ක් මිශ්‍ර දුම්රිය විය. ඒ අනුව ධාව­න­යට යොදවා තිබු දුම්රිය 381න් භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා යොදවා තිබුණේ දුම්රිය 51කි. ප්‍රති­ශ­ත­යක් ලෙස ගත හොත් එය 13%කි. මින් පැහැ­දිලි වන්නේද දුම්රිය මඟින් කරන භාණ්ඩ ප්‍රවා­හ­නයේ පහත වැටී­මයි.

ඒ පම­ණක් නොව; දුම්රිය ආඥා­ප­නතේ බී උප­ලේ­ඛ­නයේ සද­හන් දෙවැනි පන්ති­යට අයත් භාණ්ඩ ප්‍රවා­හ­නය මුළු­ම­නින්ම අත්හැ­ර­දමා තිබිණි. පළමු පන්තියේ භාණ්ඩ ප්‍රවා­හ­නය සිය­යට අසු­වක් පමණ අත්හැ­ර­දමා තිබිණි. එකී භාණ්ඩ ප්‍රවා­හ­න­යෙන් දුම්රිය දේපා­ර්ත­මේ­න්තු­වට උප­යා­ගත හැකිව තිබු භාණ්ඩ ප්‍රවා­හ­නය අහිමි වී ඇති බව නිරී­ක්ෂ­ණය වූ බවද විග­ණන වාර්තාවේ දැක්වේ. මහා භාණ්ඩා­ගා­රය මඟින් 2017 වර්ෂය සඳහා වැය කොට ඇති සමස්ත පුන­රා­ව­ර්තන විය­දම රු. බිලි­යන 7.59ක් බව නිරී­ක්ෂ­ණය විය. වරාය අධි­කා­රිය මඟින් වාර්ෂි­කව මුදා­හ­රින බහ­ලුම් සංඛ්‍යාව 232,000කි. මෙකී බහ­ලුම් සහ අනෙ­කුත් භාණ්ඩ ඔරු­ගො­ඩ­වත්ත බහ­ලුම් අංග­ණය වෙත ප්‍රවා­හ­නය කිරී­මෙන් රු. 114,840,000ක ආදා­ය­මක් උප­යා­ගත හැකිය. එහෙත් එකී ආදා­යම උප­යා­ගැ­නීම පිළි­බඳ අව­ධා­නය යොමුකර භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම වැඩි කර­ගැ­නී­මට කට­යුතු කර නොතිබු බවද විග­ණ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත. මෙකී බහ­ලුම් ප්‍රවා­හක මඟින් ප්‍රවා­හ­නය කිරීම නිසා දහ­නය වන අම­තර ඉන්ධන ප්‍රමා­ණය ලීටර් 696,000කි. ඒ විත­රක් නොව මේ හේතු­වෙන් පරි­ස­ර­යට මුදා­හ­රින වායු හා කාබ­නික ද්‍රව්‍ය සමාන්‍ය ප්‍රමා­ණ­යට වඩා තුන් ගුණ­යක් බව නිරී­ක්ෂ­ණය වී තිබේ. ඒ අනුව දුම්රිය මඟින් බහ­ල­ලුම් ප්‍රවා­හ­නය කරන්නේ නම් පරි­ස­ර­යට මුදා­හ­රින අහි­ත­කර දහන වායු හා කාබ­නික ද්‍රව්‍ය පාල­නය කිරීමේ හැකි­යා­වක් ඇති බව නිරී­ක්ෂ­ණය වු බවද විග­ණන වාර්තාවේ සඳ­හන් කොට ඇත.

කෙසේ වෙතත් පරි­ස­ර­යට මුදා­හ­රිනු ලබන අහි­ත­කර වායු හා බැර­ලෝහ ආඝ්‍රා­ණය මඟින් ඇති වන රෝග­ව­ලින් නීරෝගි ජන ජීවි­ත­යට වන හානිය අවම කිරී­මට හැකි­යාව ඇති බැවින් ඒ ගැන අව­ධා­නය යොමු කර නොති­බිණි.

එමෙන්ම ප්‍රදේ­ශීය අව­ශ්‍යා­තා­ව­ලට අදා­ළව ප්‍රවා­හ­නය නොකළ ඉන්ධන තොගය ලීටර් 671,966,360කි. ප්‍රවා­හ­නය නොකළ මේ ඉන්ධන තොගය ඩීස­ල්ව­ලින් ප්‍රවා­හ­නය කළේ නම් (BGT) දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට අය කර­ගත හැකිව තිබු ආදා­යම රු. 449,389,421ක් බව විග­ණ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත. එමෙන්ම ඒ ප්‍රමා­ණය ප්‍රෙට­ල්ව­ලින් ප්‍රවා­හ­නය කළේ නම් අය කර­ගත හැකිව තිබු ආදා­යම රු. 360,435,330ක් බව නිරී­ක්ෂ­ණය වු බවද විග­ණන වාර්තාවේ සඳ­හන් වේ. ඉන්ධන ප්‍රවා­හ­න­යෙන් 68%ක විශාල වෙළෙ­ඳ­පොළ කොට­සක් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විසින් අත්හැ­ර­දමා ඇති බවද නිරී­ක්ෂ­ණය වී ඇත.

 

වාණිජ්‍ය අධි­කාරි කාර්යා­ලයේ වග­කීම

 

ඉන්ධන ප්‍රවා­හ­නය සදහා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව හා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව එකා­බද්ධ යන්ත්‍ර­ණ­යක් ක්‍රියා­වට නංවා නොති­බිණි. මේ නිසා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ හා ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ සේවක මණ්ඩල අනෝන්‍ය අව­බෝ­ධ­යෙන් යුතුව කට­යුතු නොක­රන බව නිරී­ක්ෂය වු බවද විග­ණ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත. ගල් අඟුරු ප්‍රවා­හ­නය සඳහා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව වෙත ප්‍රමා­ණ­වත් දුම්රිය හා දුම්රිය වැගන් කලට වේලා­වට සැප­යී­මට නොහැකි වීමෙන් හොල්සිම් සමා­ගම විසින් එක­පා­ර්ශ්වි­කව ගිවි­සුම කඩ කරනු ලැබීය. මේ නිසා 2018 වර්ෂයේ අප්‍රේල් සිට දෙපා­ර්ත­මේ­න්තු­වට ලැබිය යුතු ආදා­ය­මක් අහිව ගොස් ඇති බව නිරී­ක්ෂ­ණය වී තිබේ.

හුනු­ගල් ප්‍රවා­හ­නය සඳහා වසර පහෙන් පහට ගාස්තු ගැළ­පුම් කොට තිබු නමුත් වැඩි වන බර ප්‍රමා­ණය කොප­ම­ණ­නද යන්න නිශ්චය කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක් දෙපා­ර්ත­මේ­න්තුව සතුව නොතිබු බව විග­ණන වාර්තාවේ දැක්වේ. පෙර වර්ෂ හා සැස­ඳී­මේදී පාර්සල් ප්‍රවා­හන ආදා­යම පහත වැටී තිබිණි. භාණ්ඩ පාර්සල් එකතු කිරීමේ හා බෙදා­හැ­රීමේ සේවය 1971 සිට අත්හැ­ර­දමා තිබිණි. භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම පහළ යෑමට එය විශාල වශ­යෙන් බලපා ඇති බවද නිරී­ක්ෂ­ණය වි ඇත. පංශු සම්පත් ප්‍රවා­හ­නය සඳහා භාවිත කොට ඇති දුම්රිය වැගන් දුම්රිය අංග­ණ­වල දිරා­පත් වෙමින් පව­තින බවද විග­ණ­න­යේදී අනා­ව­ර­ණය වී තිබේ.

කුරු­ණෑ­ගල පිහිටි ඛනිජ තෙල් නීති­ගත සංස්ථාවේ ගබ­ඩාව වෙත දුම්රිය මඟින් තෙල් ප්‍රවා­හ­නය කිරීම සම්පු­ර්ණ­යෙන්ම අත්හි­ටුවා ඇත. මේ නිසා කුරු­ණෑ­ග­ලට තෙල් ප්‍රවා­හ­නය කරනු ලබන්නේ බවු­සර් මඟිනි. මේ නිසා කුරු­ණෑ­ගල නගර ආශ්‍රිත විශාල වශ­යෙන් මාර්ග තද­බ­ද­යක් නිර්මා­ණය වී තිබේ. මේ නිසා නාග­රික සීමාව මග­හැ­ර­ග­මන් කිරී­මට සකස් කොට තිබු විකල්ප මාර්ග­යද මේ හේතු­වෙන් මුළු­ම­නින්ම අව­හිර වී ඇත. මාර්ගය අවට වාහන තද­බ­දය උත්සන්න වී ඇති අතර මෙය විශාල පාරි­ස­රික ප්‍රශ්න­යක් බවට පත්ව ඇති බවද විග­ණන වාර්තාවේ සඳ­හන් කොට ඇත.

ඒ විත­රක් නොව නාවික භාණ්ඩ වරා­යට රැගෙන එන හා වර­යෙන් පිට­තට රැගෙන යන දුම්රිය මාර්ග පද්ධති නිසි නඩ­ත්තු­වක් නැති අතර වසර දහ­යක පමණ කාල­යක සිට එය භාවිත කොට නොතිබු බවද විග­ණ­න­යේදී අනා­ව­ර­ණය කර­ගෙන ඇත. මේ නිසා මාර්ගය දෙපස ඇති භුමි­භා­ගය අන­ව­සර පදිං­චි­ක­රු­වන් විසින් අත්පත් කර­ගෙන ඇති බවද නිරී­ක්ෂ­ණය වී ඇත. කොළො­න්නාව දුම්රිය ස්ථානයේ ඇත්තේ දුම්රිය ධාවන මං දෙකක් පමණි. මේ හේතු­වෙන් ඉන්ධන පට­වන ලද ටැංකි වැගන් සහිත දුම්රි­යක් ෂන්ටින් කර රඳවා තැබී­මට දුම්රිය මාර්ග­යක් නැත (විශේ­ෂ­යෙන් කටු­නා­ය­කට ඉන්ධන ප්‍රවා­හ­නය සඳ­හාය). මේ හේතු­වෙන් ඒ දුම්රිය පිටත් වන තෙක් අලු­තින් දුම්රි­යක් ඇතුළු කිරීමේ ඉඩ­කඩ සීමා වී තිබේ. එබැ­වින් යම් අව­ස්ථා­වල දුම්රිය අව­ලංගු කිරී­මට පවා සිදු වු අවස්ථා නිරී­ක්ෂ­ණය වු බව විග­ණන වාර්තාවේ දැක්වේ.

දිව­යින පුරා විසිරී ඇති වාහන අලෙ­වි­ක­රු­වන්ගේ වරා­යෙන් ගොඩ­බාන වාහන අදාළ නගර වෙත ප්‍රවා­හ­නය කිරීමේ පහ­සුව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සතුව ඇත. එය ප්‍රයෝ­ජ­න­යට ගෙන භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම වැඩි කර­ගැ­නීම සඳහා දුම්රිය වාණිජ්‍ය අධි­කාරි කාර්යා­ලය මඟින් විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­වට නංවා නොතිබු බවද විග­ණන වාර්තාවේ සඳ­හනි. එප­ම­ණක් නොව; භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු සඳහා උප­යෝගි කර­ගනු ලැබු ගබඩා භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු සදහා භාවිත නොකොට දිරා­පත් වෙමින් පව­තින බවද විග­ණ­න­යේදී නිරී­ක්ෂ­ණය වී ඇත.

දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව මඟින් භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම වැඩි කර­ගැ­නීම සඳහා ගත යුතු ක්‍රියා­මාර්ග පිළි­බඳ දුම්රිය ආඥා­ප­නත මඟින් දුම්රිය සාමා­න්‍ය­ධි­කා­රි­ව­රයා වෙත බල­තල පවරා තිබේ. එහෙත් දුම්රිය දෙපා­ර්ත­මෙ­න්තුවේ භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම් රැස් කිරීම සදහා ඍජුව සම්බන්ධ වන දුම්රිය වාණිජ්‍ය අධි­කාරි කාර්යා­ලය මෙයට ඍජුව හා කාර්ය­ක්ෂ­මව මැදි­හත් නොවීම නිසා භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම පහත වැටී පාරි­ස­රික හා සමාජ ගැටලු ඇති වීමට හේතු වී ඇති බව විග­ණන වාර්තාවේ දැක්වේ.

ඒ විත­රක් නොව; 1934න් පසු භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම් ප්‍රති­ශ­ත­යෙහි පහත වැටී­මට හේතු සොයා බලා, ඊට වග­කිව යුතු පාර්ශ්ව සම්බ­න්ධ­යෙන් ක්‍රියා­මාර්ග ගැනීම හා සප­යනු ලබන සේවාවේ ව්‍යුහා­ත්මක වෙන­ස්කම් ඇසු­රෙන් භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම වැඩි කර­ගැ­නීම සඳහා අව­ධා­නය යොමු කර නැති බව නිර්දේශ ලබා දෙමින් විග­ණන වාර්තාවේ සඳ­හන් කොට ඇත. දුම්රිය වාණිජ්‍ය අධි­කාරි කාර්යා­ලයේ පව­තින පරි­පා­ලන හා අලෙ­වි­ක­රණ අකා­ර්ය­ක්ෂ­ම­තාව හා නිල­ධා­රීන් විසින් තාර්කික නොවන ලෙස තීරණ ගැනීම හේතු­වෙන් භාණ්ඩ ප්‍රවා­හන ආදා­යම රජ­යට අහිමි කර ඇති බව නිග­ම­නය කරණ බවද විග­ණන වාර්තාවේ සඳ­හන් කොට ඇත.

භාණ්ඩ ප්‍රවා­හන කට­යුතු මාර්ග පද්ධ­තිය උප­යෝගි කර­ගනු ලබන වරාය අධි­කා­රිය, ඛනි­ජ­තෙල් නීති­ගත සංස්ථාව, සතොස, ආහාර දෙපා­ර්ත­මේ­න්තුව, වී අලෙවි මණ්ඩ­ලය හා දැව සංස්ථාව වැනි රාජ්‍ය ආය­තන එක්ව ආර්ථික, සමා­ජීය, සෞඛ්‍ය හා මානු­ෂික ගැටලු මඟ­හ­රවා ගැනීම සඳහා ඒකා­බද්ධ යන්ත්‍ර­ණ­යක් ක්‍රියා­වට නැංවී­මට කට­යුතු කළ යුතු බව විග­ණන වාර්තාව නිර්දේශ ඉදි­රි­පත් කර­මින් සඳ­හන් කරයි

Comments