උපාධි සිහි­නය කඳු­ළට දිය වුණු අස­ර්බ­යි­ජාන් ගිය සිසු­වි­යන්ගේ ඛේද­වා­ච­කය | සිළුමිණ

උපාධි සිහි­නය කඳු­ළට දිය වුණු අස­ර්බ­යි­ජාන් ගිය සිසු­වි­යන්ගේ ඛේද­වා­ච­කය

 

ස­ර්බ­යි­ජා­නය, මිහි­පිට පිහිටා තිබෙන දෙසී­ය­කට අධික රාජ්‍ය­යන් අතර මෙරට වැසි­යන්ට නුහුරු රාජ්‍ය­යකි. එහෙත් ගෙවී ගිය සතියේ ආසි­යානු මහ­ද්වී­ප­යට අයත් ඉරා­න­යට යාබද පිහිටි අස­ර්බ­යි­ජා­නය මෙරට බොහෝ දෙනෙ­කුගේ කතා­බ­හට මාතෘ­කා­වක් වූයේය.

ඒ අපේ රටේ තරු­ණි­යන් තිදෙ­නෙකු එර­ටදී මිය යෑමේ ඛේද­වා­ච­ක­යත් සම­ඟය.

අස­ර්බ­යි­ජා­නයේ බකු අග­නු­වර පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යක් වන වෙස්ටන් කැස්පි­යන් විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙන ගනි­මින් සිටි පිළි­ය­න්දල බෝකු­න්දර මහ­වත්තෙ එකම පවුලේ අක්කා නඟෝ දෙදෙ­නෙකු වන 23 හැවි­රිදි මල්ෂා සංදී­පනී සහ 21 තාරූකි ආමායා සමඟ කඩු­වෙල පහළ බෝමි­රියේ, දහම් මාවතේ විසූ 25 හැවි­රිදි අමෝද්‍යා මධු­හංසි ජය­කොඩි යන තරු­ණි­යන් තිදෙනා අවා­ස­නා­වන්ත ලෙස එර­ටදී මිය­ගොස් තිබුණේ පසු­ගිය 09 වැනිදා රාත්‍රි­යේයි.

තරු­ණි­යන් තිදෙනා විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙන ගනි­මින් නවා­තැ­න්ගෙන සිටියේ විශ්ව­වි­ද්‍යා­ල­යට ආසන්න බකු අග­නු­වර, බෙයිලි ප්‍රදේ­ශයේ මහල් නිවෙ­ස­කයි. එම මහල් නිවෙස පහළ මහ­ලක ඇති වූ විදුලි කාන්දු­වක් නිසා හට­ගත් විෂ දුමක් ආඝ්‍රා­ණය වීමෙන් තිදෙනා මිය­ගො­ගස් ඇති බවට වාර්තා විය.

බෝකු­න්දර සොහො­යු­රි­යන් දෙදෙ­නාගේ ඛේද­වා­ච­කය 10 වැනිදා පෙර­ව­රුවේ කන වැකුණු මල්ෂා සහ තාරු­කිගේ නැන්ද­නිය වන (පියාගේ අක්කා) වන 50 හැවි­රිදි දෙ‍දරු මවක වන සුජීවා ප්‍රියංකා මහ­ත්මිය ඇති වූ වේද­නාව දර­ාගත නොහැ­කිව හට­ගත් හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් මිය ගියාය. මල්ෂ­ලාගේ නිවෙ­සට යාබද නිවෙසේ පදිංචි ප්‍රියංකා මහ­ත්මිය මල්ෂා සහ තාරුකී පුංචි සන්දියේ සිටම ඇති­දැඩි කිරී­මට මහත් සේ කැප­වූ­වාය.

ගිය වසරේ ජූලි 16 වැනිදා කැස්පි­යන් විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතුළු වී ඇති තරු­ණි­යන් තිදෙ­නා­ගෙන් බෝකු­න්දර සොහො­යු­රි­යන් දෙදෙ­නා­ගෙන් වැඩි­ම­හල් මල්ෂා තොර­තුරු තාක්ෂණ උපා­ධි­යක් සඳ­හාත් නැඟ­ණිය තාරුකි මෝස්තර නිරූ­පණ උපා­ධි­යක් සඳහා දෙදෙනා වසර පහ­කට විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වී ඇත. කඩු­වෙල අමෝද්‍යා, ඉංග්‍රීසි මාධ්‍ය පාඨ­මා­ලා­වක් හැදෑ­රීම සඳහා එම විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වී ඇත්තෙ වස­රක කාල­ය­කට බව සැලවේ.

නොර­ට­කදී සිදු වූ අකල් මරණ පිළි­බඳ සැල­වී­මත් සමඟ පිළි­ය­න්දල, බෝකු­න්දර මෙන්ම කඩු­වෙල පහළ බෝමි­රිය ප්‍රදේශ අවට සියලු වැසි­යන් කම්පා­වට පත් වූයේ ජීවි­තයේ දිගු ගම­නක් යෑමට සිටි තරු­ණි­යන් තිදෙ­නාට අත් වූ අකල් විප­ත්තිය ගැන ළතැ­වෙ­මිනි. එම ඛේද­වා­ච­ද­ක­යන් ගැන සොයා පසු­ගි­යදා අපි බෝකු­න්දර සොහො­යු­රි­යන් දෙදෙ­නාගේ නිවෙ­සට ගොඩු වූයෙමු. තරු­ණි­යන් දෙදෙ­නාගේ මව වන දීපා නිල්මිණි මහ­ත්මිය වවා­ගත නොහැකි දුකෙන් යුතුව සිය දිය­ණි­යන් දෙදෙ­නාගේ දේහ­යන් දෙස බලා සිටියේ මෙවන් විප­තක් සතු­රෙ­කු­ට­වත් සිදු වන්නට එපා යැයි හඬා වැටෙ­මිනි. ඇය හැඬු ක‍ඳුළෙන් යුතුව පව­ස­න්නට වූයේ,

“මට මේ ලෝකෙ තිබුණ වස්තු දෙක මෙච්ච­රයි. මල් දෙකක් වගේ හැදුවේ. හරි­යට නිකන් හොරු අරන් ගියා වගේ. මට වාව­ගන්න බැරි අපේ මුළු පවු­ල­ටම ක්ෂණ­ය­කින් සිදු වූයේ කුමක්ද යන්නයි. මගේ දූලා දෙන්නා ලංකාවේ රැකියා කර­මින් හිටියේ. ලොකු දූ නුගේ­ගොඩ බැංකු­වක වැඩ කළේ. පොඩි දුව නර්සරි ටිචර් කෙනෙක්. මගේ ළමයි දෙන්න ඔය රටට ගියේ මීට මාස හය­කට පමණ පෙරදී. ඒ දෙන්න ගියේ උපාධි ගන්න. ලොකු දුව තොර­තුරු තාක්ෂණ උපා­ධි­ය­කට, පොඩි දුව ෆැෂන් ඩිස­යි­නින් උපා­ධි­යක් ලබා­ගැ­නී­මට. දෙන්නම වසර පහ­කට ගියේ. මායි මහ­ත්ත­යයි තියෙන සේස­තම විය­දම් කරලා මේ දෙන්න යැව්වෙ වැඩි­දුර ඉගෙන ගනි­මින් උපා­ධි­යක් ලබා­ගැ­නී­මට තිබූ ආශාව නිසා. දෙන්නා­ටම හොඳ­ටම ඉංග්‍රීසි කතා කරන්න පුළු­වන්.

මේ දෙන්නා සාමාන්‍ය පෙළ කළේ කැස්බෑවේ ධර්ම­සේන ආටි­ගල විදු­හ­ලෙන්. ලොකු දුව උසස් පෙළ කරන්න ලුම්බිණි විදු­හ­ලට ගියා. පොඩි දුවට එයාගේ සාමාන්‍ය පෙළ ප්‍රති­ඵල මත ලංකා­වේදී ෆැෂන් ඩිස­යි­නින් උපා­ධි­යක් ගන්න බැරි තත්ත්ව­යක් තිබුණේ. ඒ නිසා අන්ත­ර්ජා­ල­යෙන් සොයා බලද්දි මේ විශ්ව­වි­ද්‍යා­ලය හම්බ වුණේ. ඒ විශ්ව­වි­ද්‍යා­ලයේ රේටින්ස් හොඳ නිසාත්, අපේ ආර්ථික මට්ට­මට සරි­ලන නිසාත් දෙන්නම යන්න තීන්දු කළා. ලොකු දුව ඉගෙන ගන්න ගියේ නංගිගේ තනි­ය­ටත් එක්ක­මයි.

කිසිම ප්‍රශ්න­යක් තිබුණේ නෑ. ගිය දවසේ ඉඳන් හැම­දාම වීඩියෝ කෝල් පවා අරන් කතා කළා. අන්ති­මට මට කතා කළේ පහු­ගිය 9 වැනිදා. ඒ කතා කරපු වේලා­වෙත් ඔළුව කැක්කු­මයි කිව්වා. එදා රෑ අට­හ­මා­රට නිදා­ගන්න යනවා කියලා කෙටි පණි­වි­ඩ­යක් එවලා තිබුණා. මං රෑ දහ­යට විතර බල­න­කොට එයාලා ඔෆ් ලයින් හිටියේ. මං හිතුවා නිදි ඇති කියලා. දහ­වැ­නිදා උදේ බැලුවා. එත­කො­ටත් ඔෆ් ලයින්. මට හිතුණා නින්ද ගිහින් ඇති කියලා. පස්සෙ ටික වෙලා­ව­කින් තමයි මගේ මහ­ත්ත­යට ඒජ­න්සි­යෙන් කතා කරලා කියලා තිබුණේ මේ විපත ගැන.“

තරු­ණි­යන් තිදෙනා එම මහල් නිවෙ­සට ඇතුළු වන විටත් ගෑස් කාන්දුව හේතු­වෙන් යම් විෂක් එම මහල් නිවෙස තුළ තිබෙ­න්නට ඇතැයි සැක කෙරේ. එම රට­වල තිබෙන අධික ශීතල නිසා තිදෙ­නාද පැමිණි විගස දොර­වල් ජනෙල් වසා දමා මහල් නිවෙසේ සිටි­න්නට ඇති බවත් ඒ හේතු­වෙන් එකී අවා­ස­නා­වන්ත සිදු වීම වන්නට ඇතැයි සැක කෙරේ.

මල්ෂාට සහ තාරු­කිට අස­ර්බ­යි­ජා­න­යේදී මුණ­ගැසී කුලු­පග මිතු­රි­යන් ලෙස එරට ගත කළ කඩු­වෙල, අමෝද්‍යා මධු­හංසි තරු­ණි­යද එම පවුලේ එකම දිය­ණි­යයි. ඇයට සිටින එකම සොහො­යුරා බැංකු නිල­ධා­රි­යෙකි. පෙර පාසල් ගුරු­ව­රි­ය­කද වන අමෝ­ද්‍යාගේ මව වන උහ­න්ඕ­වි­ටගේ දයා කාන්ති මහ­ත්මිය වාවා­ගත නොහැකි දුකෙන් යුතුව විලාප දුන් ආකා­රය දුටු­වන්ගේ නෙත­ඟට කඳුළු එක් කළේ නිරා­යා­ස­යෙනි.

“මට හිටිය එකම දිය­ණිය මෙච්ච­රයි. මං හැදුවේ රෝස මලක්... ඒක නිසානේ මෙච්චර ඉක්ම­නට පෙති හැලිලා පර­වෙලා ගියේ. අපට මොන තරම් බලා­පො­රොත්තු තිබුණ ද? ඇත්ත­ටම එයා හරිම ආසා­වෙන් ඔය රටට ගියේ. ඉගෙ­න­ගන්න පුදුම ආසයි. හරිම සැහැ­ල්ලු­වෙන් ජීවි­ත­යට මුහුණ දුන්නෙ. යාළුවෝ පුදුම විදි­හට හිටියේ. මෙවැනි විප­තක් හතු­රෙ­කු­ට­වත් වෙන්න එපා... දුවගේ එරට සිටින යාළු­වන් පවා අපට කතා කළා. ඔවුන් සියලු දෙනාම පැවැ­සුවේ ඒ අයට හිටිය හොඳම යාළු­වෙක් නැති වුණා කියලා. අපට හිතා­ගන්න බැහැ මේ මොකක්ද වුණේ කියලා..“

මල්ෂා සහ තාරුකී කැස්බෑව ආටි­ගල විදු­හ­ලෙන් සිප්ස­තර හදා­ර­මින් ක්‍රීඩා­වෙන්ද හප­න්කම් පෑ දෙදෙ­නෙකි. ඒ චෙස් ක්‍රීඩා­වෙනි. අමෝද්‍යා කඩු­වෙල, බෝමි­රිය මහා විද්‍යා­ල­යෙන් සිප්ස­තර හදාරා ඇත. ඇය පාසල් සමයේ බොහෝ හප­න්කම් පෑ සිසු­වි­යකි. පාසලේ ශිෂ්‍ය නායි­කා­වක ලෙසද කට­යුතු කළාය. බෝකු­න්දර තරු­ණි­යන් දෙදෙනා උස් මහත් කිරී­මට දිවා රෑ නොබලා වෙහෙ­සුණු දෙදෙ­නාගේ පියා­ණන් වන නිශාන් සංජීව පව­සන්නෙ කිසිදා නොලැ­බෙන ලෙස සියල්ල නැති වූ බවයි.

“මායි බිරි­යයි අප­මණ වෙහෙ­සිලා මේ දෙන්න උස් මහත් කළේ. අන්ති­මට තියෙන සේස­තම එකතු කරලා දෙන්න වැඩි­දුර අධ්‍යා­ප­න­යට රට යැව්වෙ... දහ­වැ­නිදා උදේ හතට විතර මට කෝල් එකක් ආවා... ඒජ­න්සි­යෙන්... දරු­වන් නතර වී සිටි නිවෙසේ ගින්නක් කියා... මට හිතුණා මොක­ක්හරි අන­තු­රක් දරුවෝ දෙන්නට වෙලා ඇති කියලා... පස්සෙ තමයි දැන­ගත්තෙ මගේ දරුවෝ දෙන්න සහ තවත් දරු­වෙක් මිය­ගොස් ඇති බව.... මං දූලා දෙන්නට වෙච්ච විපත ඒ මොහො­තේම ගිහින් අක්කට කිව්වා. ඒත් එක්කම අක්කත් අස­නීප වුණා. පස්සෙ අක්කව වේර­හැර කොත­ලා­වල ආර­ක්ෂක රෝහ­ලට ගෙනිච්චා. අන්ති­මට එයත් අපිව දාලා ගියා... අක්ක තමයි මට හිටිය ලොකුම ශක්තිය...

අපි හිතු­ව­ටත් වැඩිය ලොකු සහා­යක් රජ­යෙන් ලැබුණා. අපි කිසිම දෙයක් බලා­පො­රොත්තු වුණේ නැහැ. ඒත් හිතපු නැති විදි­හට රජ­යෙන් අපට සහ­යෝ­ගය දුන්නා. අපිට මේ දරු­වන්ගේ මුහුණු මෙහෙම හරි ඉක්ම­නින් බලන්න ලැබුණේ රජ­යෙන් ලැබුණ සහාය නිසා. විශේ­ෂ­යෙන්ම දිනේෂ් ගුණ­ව­ර්ධන ඇමැ­ති­තු­මාගේ සිට බන්දුල ගුණ­ව­ර්ධන, ගාමිණි ලොකුගේ ඇමැ­ති­තු­මාලා අපි ගැන සොයා බැලුවා. තිලංග සුම­ති­පාල මහ­ත්තයා දරු­වන්ගේ අව­සන් කට­යුතු කරන්න අවශ්‍ය සියලු සහාය ලබා දුන්නා. “

තරු­ණි­යන් තිදෙ­නාගේ ඛේද­වා­ච­කය සැලවූ මොහොතේ සිටම විදේශ අමා­ත්‍යාං­ශය අස­ර්බ­යි­ජා­නයේ මෙරට තානා­පති කාර්යා­ල­යක් නැති වුවත් ඊට යාබද ඉරා­නයේ ටෙහෙ­රා­නයේ පිහිටි තානා­පති කාර්යා­ලය සහ අස්ර්බ­යි­ජාන රාජ්‍යයේ ඉන්දි­යාවේ, නව­දිල්ල නග­රයේ පිහිටි තානා­පති කාර්යාල හා එක්ව මනා සම්බ­න්ධී­ක­ර­ණ­යක් සිදු කොට තිදෙ­නාගේ සිරුරු මෙර­ටට ගෙන්වී­මට කට­යුතු කෙළේය. එහිදී තිදෙ­නාගේ සිරුරු මෙර­ටට ගෙන්වී­මට විදේශ අමා­ත්‍යාං­ශය සියලු බර­පැන දරා තිබුණේ රුපි­යල් ලක්ෂ පහ­ළො­ව­කට අධික මුද­ලක් වැය කර­මිනි.

නිශාන්ගේ සොහො­යු­රිය සුජීවා මහ­ත්මිය මිය යෑම එම පවු­ලට සිදුවූ ඛේද­වා­ච­කය තීව්‍ර කර­ව­න්නකි. ඒ සුජිවා මහ­ත්මි­යගේ එක් දිය­ණි­යක ආබා­ධිත තත්ත්ව­යෙන් පෙළෙන හෙයිනි. එසේම ඇයගේ ස්වාමි­යාද ලෙඩ දුක්ව­ලින් පෙළෙන තැනැ­ත්තෙකි. ඔවුන් සියලු දෙනාට ආව­තේව කර­මින් නිශා­න්ලා­ටද ලොකුම ශක්ති­යක් වී තිබුණේ සුජීවා ප්‍රියංකා මහ­ත්මි­යයි.

ජීවි­තයේ බලා­පො­රොත්තු ගොන්නක් වෙනු­වෙන් සැතැ­පුම් දහස් ගණ­නක් දුරු කතර ගෙවා ගොස් අව­සා­නයේ ජීවි­තයේ අව­සන් ගමන් ගිය තරු­ණි­යන් තිදෙ­නාට මෙන්ම සුජීවා මහ­ත්මි­ය­ටද මෙවන් අකල් මර­ණ­යක් මතු භවයේ සිදු නොවේ­වායි ප්‍රාර්ථනා කරමු

ඡායාරූප - කැස්බෑව සංචාරක / එස්. ධර්මසිරි

Comments