ඉගෙන ගන්න රට යන්නේ ජීවි­ත­යට අඩ තිය­න්නද? | Page 2 | සිළුමිණ

ඉගෙන ගන්න රට යන්නේ ජීවි­ත­යට අඩ තිය­න්නද?

ධ්‍යා­ප­නය යනු සෑම ජාති­ය­කම අනා­ග­ත­යයි. මේ සඳහා ඕනැම රටක පාසල් පද්ධ­ති­යක් හා ජාතික විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යක් තිබු­ණද විවිධ කරුණු කාරණා මුල්ක­ර­ග­නි­මින් වර්ෂ­ය­කට විදෙස් අධ්‍යා­ප­නය පතා විශාල පිරි­සක් රට හැර යති. ශක්ති­මත් ජාතික විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යක් අප සතු වුවද ලංකාවේ පම­ණක් වාර්තා වන පරිදි වස­ර­කට විදෙස් අධ්‍යා­ප­නය ලැබී­මට විදෙස් රට­ව­ලට 20,000 ක් පමණ යන බව වාර්තා වෙයි. මේ සඳහා වස­ර­කට බිලි­යන 20 ක විදේශ විනි­ම­යක් යැවෙන බවත් වාර්තා වෙයි.

නිද­හස් අධ්‍යා­ප­න­යක් හිමි අපේ සිසුන් මෙවැනි ශෝච­නිය තත්ත්ව­ය­කට පත්වූයේ ඇයි? අපේ අධ්‍යා­පන පද්ධ­තියේ නොවි­ස­ඳෙන ගැටලු රැසක් ඇත්තේය. ජාතික විශ්ව­වි­ද්‍යාල පද්ධ­තියේ අධ්‍යා­ප­නය ලැබී­මට සුදු­සු­කම් සපුරා ඒවාට ඇතු­ළත් වූ සිසුන් 2000 ක් පමණ මේ වන විට විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය හැර ගොස් ඇත්තේය. ඒ අමා­නු­ෂික නව­ක­ව­ද­යෙන් බේරෙ­න්න­ටය. තවත් පැත්ත­කින් බහු­ත­රක් උසස් පෙළ ඉහ­ළින් සමත් වුවද විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යට ඇතු­ළත් වීමේ අවස්ථා ගිලිහි ගොස් ඇත්තේය. ඉසෙඩ් අගය මත පැට­වුණ උසස් පෙළ විභා­ගය හා විශ්ව­වි­ද්‍යාල පද්ධ­තියේ ඉඩ අමිහි වීම් යන ප්‍රධාන කරුණු කරණා මේ ප්‍රශ්න හමුවේ ඇති නොවි­ස­ඳෙන අභි­යෝ­ගය. අපගේ අධ්‍යා­ප­නය වැඩි­දි­යුණු කිරී­ම­කින් තොරව මේ ගැටලු වලට මුහුණ දීම හෝ විස­ඳීම කළ නොහැ­කිය.

උසස් අධ්‍යා­පන වරම් ලැබී­මට විදෙස් රට­කට යාමේ කතා පුවතේ වඩාත්ම ‍ඛේදනීය තොර­තු­රක් වාර්තා වූයේ පසු­ගි­ය­දාය. අස­ර්බ­යි­ජා­නයේ විශ්ව­වි­ද්‍යා­ල­යක අධ්‍යා­ප­නය හැදෑ­රී­මට ගිය ශ්‍රී ලාංකික සිසු­වි­යන් තිදෙ­නකු එහිදී මර­ණ­යට පත්වූ අවා­ස­නා­වන්ත පුවත වාර්තා වූයේද පසු­ගිය දින­කය. මේ පුවත සැලවූ වහාම බොහෝ දෙනෙ­කුට මතුවූ පැන­යක් වූයේ මෙය කොහේ පිහිටි කුමන රටක්ද යන්නය. දෙවැන්න මෙවැනි රාජ්‍ය­යක උසස් අධ්‍යා­ප­නය ලබ­න්නට අපේ දරු­වන් යාමෙක් ගැන මින් පෙර අසා තිබුණේ නැත. එහෙත් අද අස­ර්බ­යි­ජා­නය වැනි නොදන්නා රට­කට යාමට තරම් අපේ දරු­වන්ට සිදු­වීම මේ විනා­ශ­කාරි රැල්ලේ තරම මාන­වට පෙන් වන්නකි.

තානා­පති සබ­ඳතා නැති රටක්

අස­ර්බ­යි­ජා­නය යනු පැරණි සෝවි­යට් සමූ­හා­ණ්ඩු­වට අයත් රටකි. 1991 වසරේ සිට ස්වාධීන රාජ්‍ය­යක් බවට පත්ව ඇති මේ රට සමඟ ශ්‍රී ලංකාව තව­මත් තානා­පති සබ­ඳතා හෝ ආරම්භ කර නැත. ශ්‍රී ලාංකික සිසු­වි­යන් තිදෙ­නාගේ මරණ සම්බ­න්ධ­යෙන් තව­මත් පැහැ­දිලි තොර­තු­රක් වාර්තා නොවී­මට මෙයද එක් හේතු­වකි. මේ සිසු­වි­යන් ඉගෙ­නුම ලැබූ විශ්ව­වි­ද්‍යා­ලය 1991 තරම් මෑත­කදී ආරම්භ කරන ලද පෞද්ග­ලික විශ්ව­වි­ද්‍යා­ල­යකි. විදෙස් සිසුන්ට නේවා­සික පහ­සු­ක­ම්වත් සැප­යී­මට නොහැකි විශ්ව­වි­ද්‍යා­ල­යකි. එහෙත් අස­ර්බ­යි­ජා­නය අලු­තින් පිහි­ටු­වන ලද රටක් වුවද එයට ශක්ති­මත් අධ්‍යා­පන ක්‍රම­යක් ඇති බව වාර්තා වෙයි. එයට ප්‍රධාන හේතුව අස­ර්බ­යි­ජා­නයේ අධ්‍යා­පන ක්‍රමය ගොඩ­නැ­ගී­මේදී හිටපු සෝවි­යට් සංග­මයේ වැද­ගත් භූමි­කා­වයි. සෝවි­යට් සමූ­හා­ණ්ඩුවේ සාමා­ජි­ක­යෙකු ලෙස සිටි­යදී ලොව පුරා බොහෝ විදේ­ශීය සිසුන් අස­ර්බ­යි­ජා­නයේ අධ්‍යා­ප­නය ලැබූ අතර ඔවුන්ගේ මව් රටෙහි හොඳ තන­තුරු ලබා දෙන ලදී. නිද­හස ලබා ගැනී­මෙන් පසු අස­ර්බ­යි­ජා­නය එහි පෙර අධ්‍යා­පන සම්ප්‍ර­දාය හා අධ්‍යා­පන ක්‍රමයේ විද්‍යා­ත්මක විභ­ව­යන් යුරෝ­පීය හා ලෝක අධ්‍යා­පන ක්‍රම­යට ඒකා­බද්ධ කර ඇත. අන්ත­ර්ජාල තොර­තුරු වාර්තා කරන අන්ද­මට මැත කාලයේ ලොව පුරා රට­වල් 70 කට වැඩි සංඛ්‍යා­වක් අස­ර්බ­යි­ජාන් විශ්ව­වි­ද්‍යාල තෝරා ගෙන ඇත්තේ කරුණු කාරණ කිහි­ප­යක් හේතු­වෙ­නැයි සඳ­හන් වෙයි. ඒ තුර්කි, රුසි­යානු හා ඉංග්‍රීසි භාෂා­වෙන් අධ්‍යා­ප­නය ලැබී­මට හැකි විම, මෙහි ජීවන මිල ඉහළ නොවීම නිසා අනෙ­කුත් විශ්ව­වි­ද්‍යාල වලට වඩා ලාභ­දායි විම, එ රටේ අධ්‍යා­පන මට්ටම උසස් විම නිසා රැකියා සොයා ගැනීමේ පහ­සුව මෙන්ම අවම අප­රාධ අනු­පා­ත­යක් ඇති රටක් වීම නිසා බව කියති. එසේම අස­ර්බ­යි­ජා­නයේ ඉගෙ­නී­මෙන් පහ­සු­වෙන් එහි පුර­වැ­සි­භා­වය ලබා ගත හැකි අතර මේ නිසා වීසා බල­ප­ත්‍ර­යක් නොමැ­තිව යුරෝ­පීය රට­වල් ඇතුළු බොහෝ රට­වල් සංචා­රය කිරීම වඩාත් පහ­සු­වීම යන කරුණු කාර­ණාය. අස­ර්බ­යි­ජා­නයේ විශ්ව විද්‍යාල 51 ක්, රජය විසින් පව­ත්වා­ගෙන යනු ලබන 36 ක් සහ පෞද්ග­ලික ආය­තන 15 ක් ඇත.

විදෙස් අධ්‍යා­ප­නය ලබා දෙන ආය­තන අධී­ක්ෂ­ණය කර­නවා

උසස් අධ්‍යා­පන ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන

“ශ්‍රී ලාංකික සිසුන් විදෙස් අධ්‍යා­ප­න­යට නොයැ­වී­මට නම් ලංකාව තුළ අධ්‍යා­පන පද්ධ­තියේ සංව­ර්ධ­න­යක් සිදු විය යුතුයි. කාරණා දෙකක් හේතු­වෙන් තමයි අපේ සිසුන් උසස් අධ්‍යා­ප­නය ලබන්න විදෙ­ස්ගත වන්නේ. එකක් තමයි: විශ්ව­වි­ද්‍යා­ල­වල පවත්නා නව­ක­ව­ධය. දෙවැන්න: ඉසෙඩ් ස්කෝර් ක්‍රමය. අද ජාතික විශ්ව­වි­ද්‍යාල පද්ධ­ති­යට වස­ර­කට ඇතුළු කළ හැක්කේ උප­රිම සිසුන් 30,000 දෙනකු පම­ණයි. වස­ර­කට ලක්ෂ එක­හා­මා­ර­කට වඩා වැඩි සිසු පිරි­සක් ඉසෙඩ් අගය නිසා අත­රමං වනවා. මේ නිසා මේ කරුණු දෙක අප වෙනස් කළ යුතු­මයි. ඒ සඳහා රාජ්‍ය, පෞද්ග­ලික හා සමු­ප­කාර අංශ­වල සහ­යෝ­ගය ගත යුතුයි. ඉදි­රි­යේදී උසස් පෙළ සමත් බහු­ත­ර­යක් විශ්ව­වි­ද්‍යා­ල­ව­ලට ඇතු­ළත් කිරී­මෙන් මේ ප්‍රශ්න­යට විස­ඳුම් ගේනවා. ඒ සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව සමඟ සාකච්ඡා කර, විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය සඳහා විදේශ රට­ව­ලට සිසුන් යවන ආය­තන නියා­ම­නය සඳහා ක්‍රම­වේ­ද­යක් සකස් කර­නවා. මේ වසරේ සිට සියලු සිසුන්ට මෙර­ට­දීම උසස් අධ්‍යා­පන වරම් ලැබීමේ වැඩ­පි­ළි­වෙ­ළක් නව රජය ක්‍රියා­ත්මක කර­නවා.

නව­ක­වධ හේතු­වෙන් සර­සවි හැර ගිය සිය­ලු දෙනාට යළි සර­සවි වරම්

නව­ක­ව­ධය නිසා විශ්ව­වි­ද්‍යා­ලය හැර­දමා ගිය විද්‍යා­ථීන්ට උපා­ධිය ලබා­ගැ­නී­මට අව­ස්ථාව සැල­සී­මට රජය තීර­ණය කර තියෙවා. ඒ සඳහා නව පනත් කෙටු­ම්ප­තක් ගෙන ඒමට අපි සූදා­නම් . විශ්ව­වි­ද්‍යා­ල­වල පවත්නා දරුණු නව­ක­වධ දීම් දරා­ගත නොහැ­කිව මේ වන විට විශ්ව­වි­ද්‍යාල සිසුන් 2000 දෙනකු පමණ සර­සවි හැර ගොස් තිබීම් ශෝච­නීය කරු­ණක්. මේ නිසා නව­ක­ව­ධ­යට මුහු­ණ­දී­මට නොහැ­කිව සර­සවි අධ්‍යා­ප­නය හැර­ගිය හා නව­ක­ව­ධයේ වින්දි­ත­යන් බවට පත් වී උපා­ධිය ලැබී­මට නොහැකි වූ අයට මේ අව­ස්ථාව උදා කර­නවා.

මේ බව දැනු­ම්වත් කර­මින් ඉදිරි සතියේ පුව­ත්පත් දැන්වීම් පළ කර­නවා. තමන් මුහුණ දුන් නව­ක­ව­ධයේ ස්වරූ­පය, විශ්ව­වි­ද්‍යා­ලය, ලබා­ගැ­නී­මට සූදා­නම් වූ උපාධි පාඨ­මා­ලාව ආදි තොර­තුරු මේ සඳහා ඉදි­රි­පත් කළ යුතුයි.

ඉදි­රි­පත් වන තොර­තු­රු­වල සත්‍ය-අස­ත්‍ය­තාව පරීක්ෂා කිරීම සඳහා උප­කු­ල­ප­ති­ව­රයා සහ ආචාර්ය මහා­චා­ර්ය­ව­රු­න්ගෙන් සම­න්විත කමි­ටු­වක් පත් කර­නවා. ඉන් පසු සාධා­රණ පරී­ක්ෂ­ණ­ය­කින් පසු තමන් කැමැති විශ්ව­වි­ද්‍යා­ල­ය­කට ඇතුළු වී උපා­ධිය සම්පූර්ණ කිරීමේ අව­ස්ථාව වින්දිත සිසු­වාට හිමි වනවා. එසේම ඉදි­රි­යේදි කිසිදු ආකා­ර­යක නව­ක­ව­ධ­යක් ලබා දිය නොහැකි පරිදි නව­ක­ව­ධ‍ ­ප­නතේ විධි­වි­ධාන අකු­රට ක්‍රියා­ත්මක කිරී­මට බලා­පො­රොත්තු වනවා.

තාක්ෂ­ණ­යෙන් දියුණු අපේ රටේ සිසුන්ට නව තාක්ෂ­ණය හරහා දැන් මෙවැනි අවස්ථා සොයා ගැනී­මට හැකිය. එහෙත් අස­ර්බ­යි­ජා­නය වැනි අප රට තානා­පති සබ­ඳතා හෝ නොප­ව­ත්වන රටක මෙවැනි විශ්ව­වි­ද්‍යා­ල­ය­කට අපේ දරු­වන් යව­න්නට අව­සර දී තිබෙන්නේ කවුද? අපේ දරු­වන් විදෙස් අධ්‍යා­පන වලට යැවී­මේදී ඒ සඳහා අව­සර හා උප­දෙස් දෙන ආය­තන සතු වග­කීම කෙබ­ඳු­වේද?

අධ්‍යා­ප­නය නිසා පහ­සු­වෙන් වීසා

අද ලංකාවේ නග­රා­ස­න්නව මෙබදු විදේශ උපාධි පිරි­න­මන ආය­ත­නය නැති­නම් ඒ සඳහා සිසුන් යොමු කර­වන ආය­ත­නය දහස් ගණ­නින්ය. එහෙත් ඒ කොත­රම් ප්‍රමා­න­යක්ද, ඒවායේ කරන්නේ කුමක්ද යන්න පිළි­බඳ කිසි­වක් නැත්තේ ඒවා කිසි­වක් ලියා­ප­දිං­චි­නො­මැති නිසාය. මෙවා­යින් සම­හ­රක් රජ­යට ආදා­යම් බදු ගෙවන්නේ නැත. අධ්‍යා­පන හෝ උසස් අධ්‍යා­පන ආය­ත­න­යෙන් හෝ මේ පිළි­බඳ ලියා­ප­දිංචි විමක්ද නොක­රයි. මේ නිසා­වෙන් විධි­මත් හා අවි­ධි­මත් ආකා­ර­යෙන් කර­ගෙන යන්නාවූ විදෙස් අධ්‍යා­පන ආය­තන හරහා විවිධ අර­මුණු අපේ­ක්ෂා­වෙන් බොහෝ පිරි­සක් රට හැර යති.( මේ කට­යුතු විධි­මත් ආකා­ර­යෙන් කර ගෙන යන ආය­තන ඇති බව සිහි­පත් කළ යුතුය)ලංකාවේ මේ අව­ස්ථාද මුදල් ගෙවා හෝ ඒ ආකා­ර­යෙන් ලබා ගත හැකි වුවද බොහෝ දෙනා මුදල් ගෙව­මින් විදෙස් අධ්‍යා­ප­නය ලබන්නේ ඒ හරහා විදෙස් ගත වූමේ අපේ­ක්ෂා­වෙනි.

ඉගෙ­නු­මට අම­ත­රව පාට් ටයිම් රැකියා

“ඇත්තෙන්ම අධ්‍යා­ප­නය ලැබීමේ අපේ­ක්ෂා­වෙන් යන පිරිස් ඉන්නවා. ඒ වගේම මේ හරහා විදෙස් රට­වල පදිං­චිය ලබා ගැනීමේ අපේ­ක්ෂා­වෙන් යන පිරි­සුත් ඉන්නවා. සම­හ­රක් රට­වල තම ජන­ග­හ­නය පවත්වා ගැනි­මට විවිධ පාඨ­මාලා තබා සිසුන් ඇතු­ළත් කර ගන්නවා. ඔවුන්ට පසුව ඒ රට­වල රැකියා දෙන බවත් පව­ස­නවා. ඒත් ඒවා වන­වාද යන්න කිට­වත් කියන්න බැහැ. සම­හ­රක් අය ඉන්නවා පාට් ටයිම් රැකි­යා­වක් කර­මින් ඉගෙන ගන්නට යන පිරිස්.....මේ ප්‍රශ්නය හරිම සංකීර්ණ වෙන්නේ ලංකාවේ මේ පිළි­බ­ඳව කිසිම නියා­ම­න­යක් නොමැති වීමයි. ඒ වගේම ලංකාවේ ක්‍රියා­ත්මක ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යාල පිළි­බ­ඳ­වත් නියා­ම­න­යක් කරන්නේ නැහැ. මේ නිසා විදේශ රට­වල අය­ටත් ලංකා­වට පැමිණ තම රටේ විශේෂ වැඩ සට­හන් පිළි­බඳ වෙළෙඳ ප්‍රචා­ර­යක් දිය හැකියි. බොහෝ­ම­යක් සිසුන් විදේශ රට­වල අධ්‍යා­ප­න­යට යොමු වෙන්නේ වීසා මෙන්ම ස්ථීර පදිං­චිය ලබා ගත හැකි නිසා. මුදල් ඇති දෙම­වු­පි­යන්ගේ දරු­වන් පම­ණයි ගිහින් නැව­තත් එන්නනේ. සිසුන් ඉල්ලිම් කිරී­මේදි මේ ආය­තන සොයා බැලිය යුතුයි, මේ දරු­වන්ගේ අව­ශ්‍ය­තාව, සුදු­සු­කම්,අධ්‍යා­ප­නය ලැබිය හැකිද නැද්ද යන වග. මේ සම්බන්ධ ආය­තන මුදල් ඉපැ­යීමේ අර­මු­ණින් මේවා කර­නවා මිසක් දරු­වන්ගේ අව­ශ්‍ය­තාව අවං­ක­වම සොයා බලන්නේ නැහැ. අද සිසුන් වැඩි­පු­රම යන්නේ ඔස්ට්‍රේ­ලි­යාව, එංග­ල­න්තය, මැලේ­සි­යාව, ජර්ම­නිය, ප්‍රංශය, සිංග­ප්පූ­රුව කැන­ඩාව වගේ රට­ව­ලට. මේ රට­වල අධ්‍යා­ප­නයේ වගේම නවැ­තැ­න්ව­ලත් ආර­ක්ෂා­වෙත් හොඳ ප්‍රමි­ති­යක් තියෙ­නවා. ඒත් විය­දම වැඩියි. ඔස්ට්‍රේ­ලි­යාවේ මාස 6 ක පාඨ­මාලා විය­දම පම­ණක් රුපි­යල් මිලි­යන 2.5 ක් පමණ වෙනවා. ඒ වගේම බැංකු ගිණුවේ රුපි­යල් මිලි­යන 5-6 ක් පමණ පෙන්විය යුතුයි. මේ නිසා විදේශ ගත වීමේ අපේ­ක්ෂා­වෙන් සිටින අය මුද­ලත් අඩු නිසා වීසා පහ­සු­කම් පවා පහ­සු­වෙන් ලබා ගත හැකි අස­ර්බ­යි­ජාන් වැනි නොදන්නා රට­ව­ලට යනවා, ජීවිත අව­දා­නම ගැන හිතන්නේ නැතුව. ගොඩාක් රට­ව­ලට යාමේදි අපි විසින් රක්ෂ­ණ­යක් කර­නවා. ඒත් සම­හර රට­වල එහෙම නැහැ. සිසුන් විසින් ගිහින්ම රක්ෂ­ණ­යක් සොයා ගත යුතුයි. මැලේ­සි­යාව වැනි රට­වල නීති තදයි. ඒ වගේම ඉගෙන ගන්නා ගමන් පාට් ටයිම් රුකි­යා­වක් කරන්න බැහැ. මේ නිසා මේ රට­ව­ලට යාම­ටත් සම­හර අය අක­මැ­තියි. ඒ වගේම හොඳ රට­කට ගිහින් ඉගෙන ගැනීම තර­මක් අප­හ­සුයි. මන්ද හොඳ රට­කට යාමට වීසා ලබා ගැනීම අප­හ­සුයි. කොන්දේසි රාශි­යක් සැපි­රිය යුතුයි. විවිධ ප්‍රශ්න කිරීම් වලට ලක් වෙනවා......“ එසේ පැවැ­සූයේ විධි­මත් ආකා­ර­යෙන් එවැනි විදෙස් උසස් අධ්‍යා­පන අවස්ථා ලබා දෙන නම් හෙළි කිරී­මට අක­මැති වූ කොල්ලු­පි­ටියේ අය­ත­න­යක ප්‍රධා­නි­යෙකි.

රක්ෂ­ණය කිරීම්

බොහෝ­ම­යක් මෙවැනි ආය­තන වලින් සිසුන් විදේශ අධ්‍යා­ප­න­යට යොමු කරන්නේ මනා සෝදිසි කිරී­මෙන් අන­තු­රු­වය. ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යාල වර්ග කීරීම් මෙන්ම ඒ අය විසින් වස­රක් පාසා ඒ විශ්ව­වි­ද්‍යාල නිරී­ක්ෂ­ණය කිරී­ම­කින් අන­තු­රුව එහි තත්ත්වය පිරි­ක්සී­මෙනි.

“අපි නර­න්ත­ර­යෙන් අපේ ළම­යින් යවන විශ්ව­වි­ද්‍යාල නිරී­ක්ෂ­ණය කර­නවා. ඒ අයගේ අධ්‍යා­පන මට්ටම්, වස­රින් වසර ඒ අයගේ ඉගෙ­නීම් මට්ටම වගේම අදාල තානා­ති­පති කාර්යාල හර­හාත් සොයා බල­නවා. ඒ වගේම අපේ අයත් නිතර ගිහින් පරීක්ෂා කර­නවා. සම­හර ආය­තන විශ්ව­වි­ද්‍යාල මට්ට­මට දියුණු නැහැ. සම­හර රට­ව­ලට ගියොත් ඒ රජ­යෙන්ම සිසුවා රක්ෂ­ණය කර­නවා. නැති­නම් තමන්ම විසින්ම රක්ෂ­ණය කර ගත යුතුයි. මේ සඳහා අම­තර විය­ද­මක් දරන්න සිදු­වෙ­නවා. සම­හ­රක් විට ඒ ඒ විශ්ව­වි­ද්‍යාල වල සිටින නියෝ­ජි­ත­යින් හර­හාත් රක්ෂ­ණය කිරීම් අප කර­නවා.අපි සම­හර රට­වල අධ්‍යා­ප­නය ගැන වග­කි­යන්නේ නැහැ. අස­ර්බ­යි­ජාන, ඉන්දි­යාවේ අධ්‍යා­පන අවස්ථා අපි කරන්නේ නැත්තේ ඒ රට­වල අධ්‍යා­ප­නය හා ආර­ක්ෂාව සම්බ­න්ධව වග­කීම් දරන්න අප­හසු නිසා...“ ඒ තවත් ආය­ත­න­යක අද­හ­සකි.

මේ පිළි­බඳ විවිධ අද­හස් ඇත. තවත් පිරි­සක් පව­සන්නේ ලංකාවේ අධ්‍යා­ප­නයේ පවත්නා විය­වුල් හේතු­වෙන් ඔවුන් විදෙස් අධ්‍යා­පන ලැබීමේ අපේ­ක්ෂා­වෙන් පැමි­ණෙන බවකි. ඒ තම අත්දැ­කී­මෙනි.

“අපේ ජාතික විශ්ව­වි­ද්‍යාල පද­ධ­තියේ ප්‍රශ්න නිසා යන පිරි­ස­කුත් ඉන්නවා. මේ අතර සාමාන්‍ය පෙළ ගොඩ­දාන්න බැරි වූ පිරි­ස­කුත් ඉන්නවා. උසස් පෙළ කරන්න පුළු­වන් අයත් නොකර යනවා. නමුත් මේ පාඨ­මාලා ලංකාවේ තියෙ­නවා. නැති කොට­ස­කුත් තියෙ­නවා. විදෙස් රැකියා අධී­ක්ෂ­ණය කරන්න විදෙස් රැකියා නියුක්ති කාර්යං­ශය තියෙ­නවා වගේම විදෙස් අධ්‍යා­ප­නය අධී­ක්ෂ­ණය කරන්න ආය­ත­න­යක් ආය­ත­න­යක් තිබිය යුතුයි..“ ඒ තවත් එක් අද­හ­සකි.

දරු­වන් තිදෙ­නෙක් අකා­ලයේ ජීවි­ත­යෙන් වන්දි ගෙවා ඇත්තේ අධ්‍යා­ප­නයේ පවත්නා මෙවැනි ප්‍රශ්න හේතු­වෙනි. මේ නිසා­වෙන් මෙවැනි ප්‍රශ්න කෙසේ හෝ විස­ඳීමේ අපේ­ක්ෂා­වෙන් රජය යම් යම් ක්‍රියා­මාර්ග ගනි­මින් පව­තියි.

මේ සඳහා රජය ඉදිරියේදී ගන්නා ප්‍රවේ­ශය අප අගය කළ යුතු අතර ඒ කට­යුත්ත කිරිම එත­රම් පහසු නැති බවද සිහි­පත් කළ යුතුයි. නියා­ම­නය කිරීම කෙසේ වෙතත් මූලික පිය­ව­රක් ලෙස රට­පුරා ආක­ර්ෂ­ණීය නම්ව­ලින් පව­ත්වා­ගෙන යන විදේශ උපාධි පිරි­න­මන ආය­තන ලේඛ­න­යක් හෝ සකස් කළ හැකි නම් එය වැද­ගත් පිය­ව­රක් වනු ඇත. එසේම තම රටේ අධ්‍යා­ප­නය පිළි­බඳ සෑහී­ම­කට පත් නොවෙන දෙම­වු­පි­යන් තම දරු­වන්ව විදෙස් අධ්‍යා­ප­න­ය­කට යොමු කරන්නේ නම් මීට වඩා සිතිය යුතු රුණු කාරණා බොහෝ­මය. දෙම­වු­පි­යන් එම වග­කීම පැහැර හරින්නේ නම්, දරු­වන්ගේ ආර­ක්ෂාව හා වග­කීම මුදල් මත තීර­ණය කරන්නේ නම් මෙවැනි අන­තුරු විපත් ඇති වීම සුළු දෙයකි. එසේම ඉදි­රි­යේදී මෙරට ළමුන් යැවෙන්නේ අප රට සමඟ තානා­පති සබ­ඳතා පව­ත්වන රට­ව­ලට පම­ණක් බවට නිය­ම­යක් පැන­වීම පිළි­බ­දව රජය දෙව­රක් සිතිය යුතුය. මේ ආය­තන සඳහා අව­සර දිය යුත්තේ එම විශ්ව­වි­ද්‍යා­ල­වල පහ­සු­කම් ගැන සොයා බලා සෑහී­ම­කට පත්වන්නේ නම් පම­ණකි.

Comments