පුටින් රුසි­යාවේ ව්‍යව­ස්ථාව අලු­තෙන් ලියයි | සිළුමිණ

පුටින් රුසි­යාවේ ව්‍යව­ස්ථාව අලු­තෙන් ලියයි

ව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වක් ඇති කිරීම වෙනු­වෙන් ජනා­ධි­ප­ති­ව­ර­යාට ඉඩ සල­ස­මින් රුසි­යාවේ අග­මැති ඇතුළු කැබි­නට් මණ්ඩ­ලය පසු­ගි­යදා ඉල්ලා අස්විය. මේ වන විට භාර­කාර රජ­යක් ස්ථාපිත කර ඇති අතර නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව ස්ථාපිත කරන තෙක් පාල­නය එසේ වනු ඇති බව සඳ­හන්ය. රුසි­යාවේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනුව එරට ජනා­ධි­ප­ති­ව­රයා සෑම වස­ර­ක­දීම එරට පාර්ලි­මේ­න්තුව අමතා කථා කළ යුතු අතර එහිදී ගත වූ වර්ෂ­යේදී රටක් ලෙස ලැබූ ප්‍රග­තිය මෙන්ම ඉදිරි වර්ෂයේ බලා­පො­රො­ත්තුද ඔහු පාර්ලි­මේ­න්තුව හමුවේ පැව­සිය යුතුය. ඒ අනුව මෙවර පාර්ලි­මේ­න්තුව අම­ත­මින් සිදු කළ කථා­වේදී රුසි­යා ජනා­ධි­පති පුටින් තමන් සිදු­කි­රී­මට බලා­පො­රොත්තු වන සංශෝ­ධන සම්බ­න්ධව අද­හස් පළ කර ඇති අතර එම කථා­වෙන් පසුව මෙලෙස අග­මැති ඇතුලු පිරිස ඉල්ලා අස්වී තිබේ.

අග­මැති මෙද්වෙ­දෙව් පුටින් ජනා­ධි­ප­ති­ව­ර­යාට සෑම අව­ස්ථා­ව­ක­දීම සහාය පළ කර ඇති බව ඉති­හා­සය පුරා සඳ­හන්ය. අඛ­ණ්ඩව දෙව­තා­ව­කට වඩා ජනා­ධි­ප­ති­ධූ­රය හෙබ­වී­මට ව්‍යව­ස්ථා­වෙන් ඉඩක් නොවුණු කල 2008 දී පුටි­න්ගෙන් ජනා­ධි­ප­ති ­ධූ­රය මාරු­වූයේ දිමිත්‍රි මෙද්වෙ­දවේ වෙතය. ඔහු ධූර කාල දෙකක් දැරූ අතර එතෙක් පුටින් අග­මැති ධූරය හෙබ­වූ­යේය. ඉන්පසු යළිත් ජනා­ධි­පති ලෙස කට­යුතු කිරීම ඇරඹූ ව්ලැදිමිර් පුටින් මේ දක්වා එම ධූරය හොබ­ව­මින් සිටි­න්නේය. එහෙත් 2024න් පසු ඔහුට බලයේ සිටී­මට ව්‍යව­ස්ථා­වෙන් ඉඩක් නොමැති අතර ඔහු මේ සූදා­නම් වන්නේ ව්‍යව­ස්ථාව වෙනස් කර­මින් යළිත් ධූරය දැරී­මට හැකි වන සේ කට­යුතු සම්පා­ද­නය කර ගැනී­මට බව විචා­ර­ක­යන්ගේ අද­හස වී තිබේ.

කෙසේ වුවද ව්ලැදි­මිර් පුටින් ජනා­ධි­ප­ති­ව­ර­යාට රුසි­යානු ජන­තා­වගේ අඛණ්ඩ ආද­රය හිමිවි තිබේ. 2000 වස­රේදී ඔහු රුසි­යාව බාර ගන්නා විට රටක් ලෙස එහි තත්ත්වය ශෝකා­කූල විය. කලක් වාමාං­ශ­යට නාය­ක­ත්වය දුන් යෝධයා එදා වේල සොයා ගත නොහැකි ලෙස අස­රණ වී සිටි­යේය. එහෙත් පුටින් යටතේ රුසි­යාව යළිත් ඉතා ශීඝ්‍ර පෙර ගම­නක නිරත විය.

රාජ්‍ය නාය­කයා ලෙස පත්වීම් ලබන විට රාජ්‍ය සේව­ක­යකු වශ­යෙන් මිස දේශ­පා­ල­න­ඥ­යකු වශ­යෙන් පුටින් සතුව කිසිදු අත්දැ­කී­මක් තිබුණේ නැත. එහෙත් ඔහු පළමු අදි­යරේ සිට රාජ්‍ය නාය­ක­යකු ලෙස සාර්ථක විය. බිඳ වැටී තිබුණු රුසි­යාව යළිත් ලෝක බල­ව­ත­කුගේ මට්ට­මට ගෙන ආවේ ඔහුය. ඔහු ධූර කාල අව­සන නොයෙක් උප­ක්‍රම මතින් යළි යළිත් රාජ්‍ය නාය­ක­ත්ව­යට පැමි­ණි­යද එරට ජන­තාව ඔහුට එරෙ­හිව නැගී සිටියේ නැත. ඒ ඔහු රුසි­යා­වට සාධා­ර­ණය ඉෂ්ඨ කළ නිසා­මය. මේ වන විට 67 වැනි වියේ පසු­වන පුටින් ඉදි­රි­ය­ටත් රුසි­යාවේ රාජ්‍ය නාය­ක­ත්වයේ රැඳී සිටී­මට ඉඩ­කඩ සලසාගැනී­මට කට­යුතු කරන බවට සැක නැත.

ඒ අනුව ඉදි­රි­යේදී රුසි­යාවේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව වෙනස් කෙරෙනු ඇත. ඇතැම් විචා­ර­ක­යන් අනු­මාන කරන්නේ පුටින් ජනා­ධි­ප­ති ­ධූ­ර­යෙන් බැහැ­රව පාර්ලි­මේ­න්තු­වට වැඩි බල­තල පවරා දීමට අද­හස් කරනු ඇති බවයි. ඒ අත­රම පුටින් අග­මැති හෝ ජනා­ධි­ප­ති­ධූ­ර­යන් බාර නොග­නි­මින් ඒ වෙනු­වට එරට ප්‍රධාන දේශ­පා­ල­න­ඥයා ලෙස කට­යුතු කිරී­ම­ටත් එවැනි ධූර­යක් ස්ථාපිත කරනු ඇති බව­ටත් වන වාර්තාද හමුවේ. ඒ කෙසේ වුවද පුටින් ජනා­ධි­ප­ති­ව­රයා යටතේ සිදු කිරී­මට නිය­මිත ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා සංශෝ­ධ­නය ප්‍රසිද්ධ කෙරෙන තෙක් මේ කිසි­වක් ස්ථිරව පැව­සීම දුෂ්කර වනු ඇත. ඒ මන්ද යත් පුටින් යනු මෙතෙක් මෙලොව බිහි වූ අස­හාය රාජ්‍ය නාය­ක­ය­කුම වන බැවිනි.

Comments