චමීෂාට වඩා දැන් ‘දසුනි’ ජනප්‍රියයි | සිළුමිණ

චමීෂාට වඩා දැන් ‘දසුනි’ ජනප්‍රියයි

‘රැස්’ ටෙලි නාට්‍යයේ නවක නිළිය චමිෂා දිසානායක

චමිෂා දිසානායක. මව පියා වැඩිමහලු සොහොයුරියට මැදිව හැදි වැඩෙන ඇය වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් කන්‍යාරාම‍යෙන් සිප් සතර හදාරා ‍මේ වන විට මෝස්තර නිර්මාණකරණය පිළිබඳ උ‍පාධිය හදාරන්නීය.. ඒ කුඩා කල සිට විලාසිතා නිර්මාණකරණ ශිල්පිනියක් වීමට හීන දුටු චමල්ෂා‍ට 12වන වියට පා තබත්ම ‍වෙ‍ළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පිනියක් ‍වෙන්න ලැ‍බෙන්නේ අහම්බෙනි. එතැන් සිට ‍‍මේ දක්වා ‍වෙ‍ළෙඳ දැන්වීම් 40කට ආසන්න ප්‍රමාණයකට දායක වී ඇති චමල්ෂා ‍‍මේ වනවිට ටෙලි නාට්‍ය රංගනයටද පිවි‍සෙමින් කලා‍වේ දිගු ගමනක් යන්න සැලැසුම් කරන්නීය. ‍මේ දිනවල ඇයව අපට දකින්න ලැ‍බෙන් ‍නේ සිරස නාළිකා‍වේ විකාශනය වන‘ රැස්‘ ‍ටෙලි නාට්‍යයෙනි..

දසුනි රන්දෙණිය දැන් හරි ජනප්‍රියයි ‍නේද?

ඔව්. දසුනි නිසා ‍බො‍හෝ ‍දෙ‍නෙක් මා හඳුනා ගන්නවා. ඇයට දැනට ලැබෙන ප්‍රතිචාර බොහොම හොඳයි. රැස් කියන්නෙත් අනෙක් නාට්‍යයවලට වඩා වෙනස් ආරක ආදර කතාවක්..සමහරවිට ඒ වෙනසටත් ප්‍රේක්ෂකයින් කැමැති ඇති. මට ලැබෙන හොඳ ප්‍රතිචාරවලට ඒ කැමැත්තත් අනිවාර්යෙන් බලපානවා ඇති.

චමීෂාට දසුනි වෙන්න මඟ පෑදෙන්නේ කොහොමද කිව්වොත්?

මේ නාට්‍යය‍යේ අධ්‍යක්ෂ අකිල අභයරත්න ‍මේ චරිතයට කර්ල් ‍කොණ්ඩයක් ති‍යෙන තරුණියක් තමයි ‍හොයමින් ඉඳලා ති‍යෙන්නේ. මම හඳුනන අයියා ‍කෙ‍නෙක් තමයි මම රඟපාපු සන්ලයිට් ‍වෙ‍ළෙඳ දැන්වීම ඔහුට ‍පෙන්නලා ති‍යෙන්නේ. එහෙම තමයි ඔහු මාව හඳුනා ‍ගෙන ‍මේ නාට්‍යයට සම්බන්ධ වු‍ණේ.

පළමු ‍ටෙලි නාට්‍යය රංගනය නිසා චකිතයක් අනිවාර්ය‍යෙන් ති‍යෙන්න ඇති?

ඔව්. නමුත් අධ්‍යක්ෂවරයා‍ගෙන් පුදුම සහායක් ලැබුණා. ඔහු පුදුම විදිහට මට මඟ‍පෙන්වමින් මාව හරි ලස්සනට හැසිරුවා. රැස් කණ්ඩාය‍මේ සහයත් අඩුවක් නැතිව ලැබුණු නිසා මුලින් තිබුණු චකිතය ඉ‍බේම අඩු ‍වෙලා ගියා.

‍මේ ලැ‍බෙන ප්‍රතිචාර එක්ක රංගනයට තවත් ආරාධනා ලැ‍බෙන්න ඇති?

චිත්‍රපට කිහිපයකටම කතා කළා. නමුත් ‍මේ ම‍ගේ මගේ පළමු නාට්‍යය නිසා දැනට මගේ අවධානය මුළුමනින්ම යොදලා තියෙන්නේ දසුනිට. ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිනමාවේ මාව දකින්න ලැබේවි.

චමීෂා කලාවට ‍යොමු ‍වෙන්නේ අහම්බෙන්?

පොඩි කාලේ ඉඳන් රංගනයට එතරම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. දින දර්ශනයකට ම‍ගේ පින්තූරයක් අරන් ති‍යෙන්නේ මට මාස හ‍තේදී. ඊට පස්සේ අවුරුදු 12 ඉඳන් වෙ‍ළෙඳ දැන්වීම්වලට එකතු ‍වෙන්න අවස්ථාව ලැ‍බෙන්නේ මගේ මාමා කෙනකුගේ මාර්ගයෙන්. නමුත් ඒ වෙද්දි මට මේ ක්ෂේත්‍රය ගැන කිසිම දැනුමක් තිබුණෙත් නැහැ.

එ‍තෙක් කාලයක් ඔබ වෙළෙඳ දැන්වීම්වලට පමණද සීමා වුණේ?

නැහැ. ඒ අතර මම විලාසිතා නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කළා.

ඉදිරි‍යේදී ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් ‍වේවිද?

මෝස්තර නිර්මාණකරණ‍යෙන් ම‍ගේ වෘත්තීය ගමන හදා ගන්නයි ම‍ගේ බලා‍පො‍රොත්තුව... ඒ ගම‍නේ නියැළෙන ගමන් කලාවේ නිරත වේවි.

රංගන ශිල්පිනියක් ‍ලෙස ‍ගොඩනැ‍‍ගෙන ඔබට ‍මේ ක්‍ෂේත්‍රයෙත් ඉදිරි බලා‍පො‍රොත්තු ඇති?

කලාවේ දැනට මට ලොකු ඉලක්ක හෝ අරමුණු නැහැ. මම හරි කැමැතියි අධ්‍යක්ෂණයට. නමුත් එය බොහොම සංකීර්ණ කාර්යයක්. ඉතින් ටෙලි නාට්‍ය, සිනමාව, දැන්වීම් කලාව ගැන හදාරන්න ‍බො‍හෝ ‍දේවල් ති‍යෙනවා. මේ ගෙවන්නේ නවමු අත්දැකීම් එකතු කරගන්න කාලයයි.

අත්දැකීම් එකතු කරගත් පමණින්ම කලාවේ රැඳීම පහසු නැහැ?

මට තව වයස තියෙනවා. මට ලැ‍බෙන ‍හොඳ අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් රැඳෙන්න පුළුවන් තාක් මම කලාවේ රැඳෙනවා.

චමීෂා ටිකක් ආඩම්බරකාර චරිතයක් කියන්නේ ඇත්තද?

මම හොඳ කෙනෙක්. ඒ වුණාට මිනිස්සු සමහර වෙලාවට මං අලි ඔළු‍වෙන් ඉන්නේ කියලා මං ගැන වැරැදියට හිතනවා. ඇත්ත මම එයට හාත්පසින් ‍වෙනස්. පුළුවන් තරම්

‍හොඳ ‍දේවල් කරමින් ම‍ගේ පාඩු‍වේ පැත්තකට ‍වෙලා ඉන්නයි මම කැමැති. මාව ළඟින් ඇසුරු කරන අය මම ‍කොයි ව‍ගේද කියලා ‍හොඳින් දන්නවා.

 

Comments