“සිරස සුපර්ස්ටාර්” කියන්නේ ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්රයට දක්ෂ තරු ගොන්නක් බිහිකළ රියැලිටි වැඩසටහනක්. ඒ තරු අතර බැබළුණු තවත් තරුවක් ගැනයි අප මේ කියන්නට යන්නේ.
රුවන් කුමාර රණසිංහ. ඓතිහාසික කන්දඋඩරටින් ගායන ක්ෂේත්රයට එකතු වුණු ඔහු මේ වන විට ගායකයෙකු වශයෙන් ස්ව නිර්මාණ කිහිපයක් කර තිබේ. සිරස සුපර්ස්ටාර් තුන්වන අදියරේ අන්තිම සියදෙනා අතරට විත් ඉන් අනතුරුව 2014 වසරේදි “පාට ගෑව ආදරේ” නමින් ඔහුගේම කියා ගීතයක් නිර්මාණය වෙනවා. රුවන් මීගස්වත්ත ගේය පද රචනා කර දුන් එම ගීතයට ඉතා හොඳ රසික ප්‍රතිචාර ලැබුණි. ඒ ලැබුණු රසික ප්‍රතිචාර මත රුවන් තම දෙවැනි ගීතය ද යුග ගීතයක් ලෙසින් එළිදැක්වුවා. 2015 කළ “නොලැබෙන ඔබේ” නම් වූ එම ගීතය ද රසිකයන් අතර ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරග කළ නිමන්ති චමෝදරී සමඟ ගැයූ ඒ යුග ගීතයට අන්තර්ජාලය හරහා ද විශාල ශ්‍රාවක පිරිසකගේ හොඳ ප්‍රතිචාර ලැබුණි. ඒ සඳහා නිර්මාණය වූ මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණයෙන් දායක වූයේ සත්සර කසුන් පතිරණය. සංගීත නිර්මාණයෙන් දායක වූයේ දුලිප් මිරැන්ඩෝය. දෙරණ මියුසික් සම්මාන උලෙළේ අවසන් 25 අතරට ද මේ ගීතය නිර්දේශ විය.
සංගීතයට ඇති ආශාව නිසා ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්නට පෙරුම් පුරනා රුවන් 2018 ගායනා කළ ‘සැනසුමක් පතා’ ගීතය ද කාගේත් කතාබහට ලක්විය. විවිධ ශෛලීන් වලට අනුව ගීත ගායනා කිරීමේ අපූරු හැකියාවක් ඇති ඔහුගේ නවතම ගීතය රැප් ගීතයක් ලෙසින් ගැයීමට සූදානමින් සිටියි.
කුඩා කල සිටම සංගීතයට ඇළුම් කළ රුවන් සංගීත විශාරද දක්වා හැදෑරීම් කර තිබේ. වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක සේවය කරන ඔහුට ගීත ගායනයට වගේම ගේය පද රචනයට ද ඇත්තේ අපූරු හැකියාවකි. මේ වන විට ඔහු විසින් රචිත ගීත 13ක් පමණ නුදුරේදි ඔහුගේ හඬින් අසන්නට ලැබේවි.
ඒ වගේම සියත නාළිකාව මෙවර ඉදිරිපත් කරන ලංකාෙව් වෙනස්ම රියැලිටි තරගයකට ඔහු ද සහභාගි වී සිටියි. ‘සියත වොයිස් ඔෆ් ඒෂියා’ එහි දෙවන වටය සඳහා රුවන් ද තේරීපත්වී තිබේ.
ජනප්‍රිය ගායන ශිල්පි රොමේෂ් සුගතපාලගේ පියාණන් වන කේ.එම්.සුගතපාලයන්ගෙන් සංගීතය පිළිබඳ හැදැරීම් කළ ඔහුගේ එකම සිහිනය සංගීත ක්ෂේත්රය තුළ ස්ථාවර ගමනක් යෑමයි. රුවන්ගේ එකී සිහිනය යථාර්ථයක් බවට පත්කර ගනිමින් ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්නට රසඳුන අප ඔහුට සුබ පතන්නෙමු.