‘මහේල - සංගා අභි­යෝග කුස­ලාන’ තර­ගය 20 - 21 මහ­නු­ව­රදී | Page 2 | සිළුමිණ

‘මහේල - සංගා අභි­යෝග කුස­ලාන’ තර­ගය 20 - 21 මහ­නු­ව­රදී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රධා­න­තම පාසල් දෙකක් වන කොළඹ නාලන්ද විදු­හල සහ මහ­නු­වර ත්‍රිත්ව විදු­හල අතර වයස 19න් පහළ ක්‍රිකට් කණ්ඩා­යම් අතර වාර්ෂික ක්‍රිකට් තර­ගය එම විදු­හල් දෙකෙන් බිහිවූ විශි­ෂ්ට­තම ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් දෙප­ළක් වන මහේල ජය­ව­ර්ධන සහ කුමාර් සංග­ක්කාර යන මහ­ත්ව­රුන් ඇගැ­යී­මක් ලෙස ‘මහේල - සංගා අභි­යෝග කුස­ලා­නය’ ලෙස නම් කිරී­මට පිය­වර ගෙන ඇත. මහේල සහ සංග­ක්කාර යන දෙපළ ශ්‍රී ලංකා සහ ලෝක ක්‍රිකට් පිටි­යට ක්‍රීඩා කළ කාලයේ මෙන්ම ක්‍රීඩා­වෙන් සමු­ගැ­නී­මෙන් පසුව ද ලබා දුන් ආද­ර්ශය අනා­ගත පර­පු­රට උක­හා­ගැ­නීම සඳහා එම කුස­ලා­න­යට ‘Sprit of cricket legacy for future generation’ පාඨ­යක් ද එකතු කර තිබේ. මෙවර මෙම තර­ගය මහ­නු­වර ත්‍රිත්ව විදු­හල සහ කොළඹ නාලන්දා විදු­හල් ආදි ශිෂ්‍ය 88 කණ්ඩා­යම, එම විදු­හල් ආදි ශිෂ්‍ය සංග­මයේ සහ ආදි නාලන්දා ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ සංග­මයේ සහ­යෝ­ගය ඇතිව සංවි­ධා­නය කරයි.

නාලන්දා විදු­හල සහ ත්‍රිත්ව විදු­හල අතර වයස 19න් පහළ ක්‍රිකට් තර­ගය 1978 වසරේ සිට වසර 42කට අධික කාල­යක් පවත්වා ඇති අතර මෙවර එම තර­ගය මහේල - සංගා අභි­යෝග කුස­ලා­නය සඳහා මහ­නු­වර අස්ගි­රිය ක්‍රීඩාං­ග­ණ­යේදී මෙම මස 20 සහ 21 දෙදින පැවැත්වේ.

Comments