වස­ර­කදී අපේ මුහු­දට ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 326ක් | Page 2 | සිළුමිණ

වස­ර­කදී අපේ මුහු­දට ප්ලාස්ටික් කිලෝ ලක්ෂ 326ක්

අපේ රටේ වෙරළ තීරයේ පම­ණක් වස­ර­කට ප්ලාස්ටික්, පොලි­තීන් කිලෝ ග්රෑම් ලක්ෂ 326ක් පමණ එකතු වන බවත්, ඉන් 99%ක්ම මුහු­දට එක් වන බවත් ශ්‍රී ලංකා සමුද්‍ර දූෂණ ආර­ක්ෂණ අධි­කා­රියේ සාමා­න්‍යා­ධි­කාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැව­සීය.

පසු­ගිය වසරේ සමුද්‍ර දූෂණ ආර­ක්ෂණ අධි­කා­රිය කළ සමී­ක්ෂ­ණ­යක් අනුව වෙරළේ කි.මී. 98ක් ඇතු­ළත ප්ලාස්ටික් හා පොලි­තීන් කිලෝ ග්රෑම් 36,000ක් තිබුණු බවත්, ප්ලාස්ටික් බෝතල් 106,000ක් හා සිලි­සිලි බෑග 31000ක් මෙන්ම ප්ලාස්ටික් කැබලි 15,000ක් තිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මේ අධ්‍ය­ය­නය අනුව අපේ රටේ සියලු වෙරළ තීර­වල සති­ය­කට ප්ලාස්ටික් හා පොලි­තීන් කිලෝ ග්රෑම් ලක්ෂ 6ක් එකතු වන බවත් ඔහු පව­සයි. මේ අතර කොළඹ, ගාල්ල, මාතර, මහ­නු­වර වැනි ප්‍රදේ­ශ­වල ප්ලාස්ටික් හා පොලි­තීන් බහු­ලව බැහැර ලන නමුත් ඒවා නිර­න්ත­ර­යෙන්ම එකතු කරන නිසා අපට ඒවා දකි­න්නට නොලැ­බෙන බව පව­සන ආචාර්ය ටර්නි, එහෙත් අපේ වෙරළ තීරයේ එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණ එකතු කිරී­මට මානව සම්පත් නැති බැවින් මේ ප්ලාස්ටික් කිලෝ ග්රෑම් ලක්ෂ 366ම මහ­මු­හු­දට එකතු වන අව­දා­න­මක් ඇති බවද පෙන්වා දුන්නේය.


 

Comments