තීන්දු වෙනස් වෙලා නම් විනි­සු­රන් අත්අ­ඩං­ගු­වට | සිළුමිණ

තීන්දු වෙනස් වෙලා නම් විනි­සු­රන් අත්අ­ඩං­ගු­වට

 

න්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ­ප­ට­ව­ලින් අනා­ව­ර­ණය වන අධි­ක­රණ විනි­සු­රන්, බල­පෑ­ම්ව­ලට නතු වී නඩු තීන්දු වෙනස් කර ඇති බව විම­ර්ශ­න­ව­ලින් තහ­වුරු වුව හොත් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන නඩු පැව­රී­මට තීර­ණය වී තිබේ.

 

ඒ අනුව ඉදිරි දින කිහි­පය තුළ විනි­සු­රන් තිදෙ­නකු කොළඹ අප­රාධ කොට්ඨා­ස­යට කැඳවා මේ සම්බ­න්ධ­යෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරී­මට නිය­මි­තය. එසේ ප්‍රශ්න කිරී­මට නිය­මි­තව සිටින්නේ විශ්‍රා­මික මහා­ධි­ක­රණ විනි­සුරු පද්මිණි එන්. රණ­වක, මන්ත්‍රීවරයාගේ හඬ­පට නිසාම වැඩ තහ­න­මට ලක් වුණු බද්දේ­ගම ප්‍රධාන මහේ­ස්ත්‍රාත් ධම්මික හේම­පාල සහ ඇඹි­ලි­පි­ටිය මහා­ධි­ක­රණ විනි­සුරු ගිහාන් පිල­පි­ටිය යන මහ­ත්ව­රු­න්ගෙනි. ඒ විනි­සු­ර­න්ගෙන් ප්‍රශ්න කිරී­මෙන් පසු විම­ර්ශන උද්ධෘ­ත­යන් නීති­ප­ති­ව­ර­යාට යොමු කිරී­මට නිය­මිත අතර, එයින් පසු ලැබෙන උප­දෙ­ස්ව­ලට අනුව ඉදිරි නෛතික පිය­වර ගන්නා බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

 

රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා තවත් විනි­සු­රන් රැසක් සමඟ මේ ආකා­ර­යට සංවා­ද­වල නිර­තව ඇති බවට තොර­තු­රුද මේ වන විට සමා­ජ­ග­තව තිබේ. ඒ ගැන කළ විම­සු­මේදී ඒ පොලිස් නිල­ධා­රියා සඳ­හන් කර සිටියේ රන්ජන් රාම­නා­යක මහ­තාගේ ලක්ෂ­ය­කට අධික හඬ­පට සිය­ල්ලට මෙතෙක් පොලී­සිය සවන් දී නැති බවය. රජයේ රස පරී­ක්ෂ­ක­ව­ර­යාට ඒ හඬ­පට ඇතු­ළත් තැටි යොමු කර ඇති බවත්, රස පරී­ක්ෂ­ක­ව­රයා විසින් ඒ තැටි­වල සහ­තික කරන ලද පිට­පත් අප­රාධ කොට්ඨා­ස­යට ලබා දීමෙන් අන­තු­රුව ඒවාට සවන් දී, ඒ කියන විනි­සු­රන් කවු­රු­න්දැයි හඳු­නා­ගත යුතුව ඇති බවත් ඒ නිල­ධා­රියා පැව­සීය. ඒ හඬ­ප­ට­ව­ලට සවන් දී විශ්ලේ­ෂ­ණය කිරී­මට පොලිස් කණ්ඩා­යම් කිහි­ප­යක්ම සූදා­න­මින් සිටින බවද ඔහු සඳ­හන් කළේය. විනි­සු­රන් තිදෙ­නකු සම්බ­න්ධ­යෙන් නීති­පති උප­දෙ­සින් මේ වන විට විම­ර්ශ­න­යක් සිදු කෙරෙන්නේ පොලිස් භාර­යට ගත් රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඩ­ප­ට­ව­ලින් හෙළි­ද­රවු වන කරුණු මුල් කර­ගෙන නොවන බවත්, මාධ්‍ය ඔස්සේ ප්‍රසි­ද්ධි­යට පත් හඬ­පට ඔස්සේ බවත් ඒ නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැව­සීය.

Comments