අගමැති ත්‍රිකු­ණා­ම­ලයේදී ගු වන් නිය­මු­වන්ට පියා­සර ලාංඡන පලඳවයි­... | සිළුමිණ

අගමැති ත්‍රිකු­ණා­ම­ලයේදී ගු වන් නිය­මු­වන්ට පියා­සර ලාංඡන පලඳවයි­...

ගුවන් හමුදා නිල­ධා­රීන් අධි­කා­රි­යට පත්කි­රීමේ හා පියා­සර කැඩෙට් නිල­ධාරී පාඨ­මාලා හැදෑරූ ගුවන් නිය­මු­වන්ට පියා­සර ලාංඡන පැලැ­ඳ­වීම අග්‍රා­මාත්‍ය මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ත්‍රිකු­ණා­ම­ලය චීන වරා­යේදී සිදු කෙරිණි.

සුර­කිමු ලක­ඹර පාඨය තේමා කර ගනි­මින් ශ්‍රී ලංකා ගුවන සුර­කි­මින්, ශ්‍රී ලංකා ගුවන් හමුදා සේව­යට එක්වී­මට අංක 59 හා අංක 60 යන කෙඩෙට් නිල­ධාරී පාඨ­මා­ලා­වන් හැදෑරූ සහ අංක 11 හා අංක 12 යන කෙඩෙට් නිල­ධා­රිනී පාඨ­මා­ලා­වන් හැදෑරූ කෙඩෙට් නිල­ධා­රීන් සහ නිල­ධා­රි­ණි­යන් අධි­කා­රි­යට පත්කි­රීම මෙහිදී සිදුවූ අතර මෙම විසි­ර­යාමේ පෙළ­පාළියේ අණ­දෙන්නා ලෙස ගෲප් කපිතාන් නිලන්ත පිය­සේන කට­යුතු කළේය.

පියා­සර කෙඩෙට් නිල­ධාරී පාඨ­මා­ලාව හැදෑරූ ගුවන් නිය­මු­වන් 10ට පියා­සර ලාංඡන පැලැ­ඳ­වී­මද මෙහිදී සිදුවූ අතර අංක 59 කැඩෙට් නිල­ධාරී පාඨ­මා­ලාවේ දක්ෂ­තම කැඩෙට් නිල­ධාරී ලෙස පයි­ලට් ඔෆි­සර් එන්. ජී. බී. අයි පති­රාජ සහ අංක 60 කෙඩෙට් නිල­ධාරී පාඨ­මා­ලාවේ දක්ෂ­තම කෙඩෙට් නිල­ධාරී ලෙස පයි­ලට් ඔෆි­සර් ආර්. එම්. ජී. කේ. ඩී. රත්නා­යක යන නිල­ධා­රීන්ට විශේෂ සම්මාන ප්‍රදා­නය කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමු­දාව PT -6 වර්ගයේ ගුවන් යානා යොදා­ග­නි­මින් ගුවන් කර­නම් සංද­ර්ශ­න­යක්ද, ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩා­යම සමඟ එක්ව විචි­ත්‍ර­වත් සරඹ සංද­ර්ශ­න­යක්ද මෙහිදී ඉදි­රි­පත් කළේය.

මෙම අව­ස්ථා­වට නැගෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර අනු­රාධා යහ­ම්පත්, ශ්‍රී ලංකා ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් සුමං­ගල ඩයස්, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩ­ලයේ නිල­ධා­රීන්, ගුවන් හමුදා චීන වරාය විද්‍යා­පී­ඨයේ පීඨා­ධි­පති එයාර් කොම­ඩෝර් උදේනි රාජ­පක්ෂ මහතා ඇතුළු අනෙ­කුත් නිල­ධා­රීන් හා සෙසු නිල­යන් ද ආධු­නික කෙඩෙට් නිල­ධා­රීන්, නිල­ධා­රි­නි­යන්, අධි­කා­රි­යට පත් නිල­ධා­රීන්ගේ දෙමා­පි­යන් ඇතුළු විශාල පිරි­සක් එක්වූහ.

Comments