සාමා­ජි­ක­ත්වය අහෝසි කළ අය­කුට අපේ­ක්ෂ­ක­ත්වය දෙන්න බැහැ | සිළුමිණ

සාමා­ජි­ක­ත්වය අහෝසි කළ අය­කුට අපේ­ක්ෂ­ක­ත්වය දෙන්න බැහැ

• එක්සත් ජාතික පක්ෂය මේ දින­වල සිරි­කොතේ පව­ත්වන මාධ්‍ය හමු­ව­ලදී නිතර නිතර ඔබ දක්නට ලැබෙ­නවා. ඊට විශේෂ හේතු­වක් තිබෙ­න­වාද?

අපට ආණ්ඩුව අහි­මි­වී­මෙන් පස්සේ අපේ පාක්ෂි­ක­යන් දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට ලක්ව තිබෙ­නවා. ඒ පාක්ෂි­ක­යන් ආර­ක්ෂා­කර ගැනී­මට අපි පිය­වර ගන්නවා. ඒ වගේ ම ආණ්ඩු­වට ජන­ප­ති­ව­ර­ණ­යේදී දුන් පොරොන්දු ඉටු­කර ගැනී­මට නොහැකි තත්ත්ව­යක් උදාවී තිබෙ­නවා. මේ කරුණු ජන­තාව හමුවේ ප්‍රකාශ කිරීම විප­ක්ෂයේ කාර්ය­භා­ර­යක්. ඒ සඳහා මා පෙනී සිටි­නවා.‍ මට පක්ෂය ගැන ආද­ර­යක්. කැක්කු­මක් තිය­නවා. ඒ නිසා මේ කාල පරි­ච්ඡේ­ද­යේදී ඒ වෙනු­වෙන් වැඩි බරක් යොදවා තිබෙ­නවා. අපේ පක්ෂය විවිධ අව­ස්ථා­ව­ලදී ප්‍රශ්න­ව­ලට මුහුණ දුන්නා. ඒ හැම අව­ස්ථා­ව­ක­දීම පක්ෂය වෙනු­වෙන් රංගේ බණ්ඩාර පෙනී හිටියා. ඒක තමයි මේ දින­වල වැඩි­යෙන් පෙනී සිටී­මට හේතුව.

 

• රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­පට මේ වන විට මුළු රටම ‍ආන්දෝල­න­යට පත් කර තිබෙ­නවා. මේ හඬ­පට නිසා එජා­පය තුළ දරුණු අභ්‍ය­න්තර අර්බුද මතුව ඇති බව­කුයි පේන්නේ‍. ඒ ගැන ඔබේ මතය කුමක්ද?

ඒ හඬ­පට නිසා එක්සත් ජාතික පක්ෂය ඇතුළේ නම් අර්බුද ඇතිවී නෑ. නමුත් මේ හඬ­පට විවිධ ඉසව් ඔස්සේ ගමන් කරලා තිබෙ­නවා. එක පැත්තක් තමයි අපේ ර‍ටේ අධි­ක­රණ ක්ෂේත්‍රයේ විවිධ තරා­ති­ර­ම්වල අය ගනු­දෙනු කරලා තියන ආකා­රය පිළි­බ­ඳව රටට හෙළි­ද­රව් වෙලා තිය­නවා. ඒ නිසා රටේ අධි­ක­රණ පද්ධ­තිය පිළි­බඳ යම් සැක­යක් අවි­ශ්වා­ස­යක් කුකු­සක් මේ රටේ ජන­තා­වට ඇති වී තිබෙ­නවා. මේ තත්ත්වය රටක් විදි­යට ගත්තොත් ඉතාම නරක භයා­නක තත්ත්ව­යක්. මෙය නිවැ­රැදි කර ගැනී­මට අධි­ක­රණ ක්ෂේත්‍රය තුළින්ම කඩි­නම් ක්‍රියා­මාර්ග ගන්න ඕනෑ. ජන­තා­වට නීතිය ක්‍රියා­ත්මක කරන තැන් පිළි­බ­ඳව අවි­ශ්වා­ස­යක් ඇති වුණොත් එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට හානි­ක­රයි. දැන් සුරා­බදු වන සංර­ක්ෂණ, පොලි­සිය වගේ ආය­තන පිළි­බ­ඳව ජන­තා­වට එත­රම් විශ්වා­ස­යක් නෑ. ඒත් යුක්තිය පසි­ඳ­ලන ආය­ත­න­යක් විදි­යට අධි­ක­ර­ණය පිළි­බඳ ජන­තා­වට විශ්වා­ස­යක් ප්‍රසා­ද­යක් ගෞර­ව­යක් තිබෙ­නවා. මෙත­නදී ඒ විශ්වා­ස­යට හානි­දා­යක තත්ත්ව­යක් සිදුව තිබෙ­නවා. ඒ නිසා මේ තත්ත්වය නිවැ­රැදි කර ගැනී­මට අධි­ක­රණ සේවා කොමි­සම කට­යුතු කරන්න ඕනෑ. ඒ වගේ ම අග­වි­නි­සුරු නීති­පති ප්‍රධාන අධි­ක­රණ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ අය අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කර ගැනී­මට කඩි­න­මින් ක්‍රියා­මාර්ග ගන්න ඕනෑ.

 

• මේ හඬ­පට ගැන අධි­ක­රණ සේවා කොමි­සමේ අව­ධා­නය දැන­ට­මත් යොමු වී තිබෙ­නවා නේද?

අධි­ක­රණ ක්ෂේත්‍රයේ ඉහළ නිල­ධා­රීන්ගේ අව­ධා­නය මේ පිළි­බ­ඳව යොමුව ඇත්නම් ඒ පිළි­බ­ඳව ස්තුතිය පිරි­නැ­මිය යුතු යි. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පව­තින්නේ කාරණා තුනක් මතයි. ඒ තමයි ව්‍යව­ස්ථා­දා­ය­කය, විධා­ය­කය, අධි­ක­ර­ණය කියන ලිප්ගල් තුන මත තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පව­තින්නේ. මේ එක ලිප්ග­ල­කට හ‍රි හානි වුණොත් ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට හානි වෙනවා. මේ වැරදි නිවැ­රැදි කරන්න කට­යුතු කරන අධි­ක­රණ ක්ෂේත්‍රයේ කාටත් මගේ පෞද්ග­ලික ප්‍රශං­සාව හිමි­වෙ­නවා.

 

• රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා පොලී­සියේ ඉහළ නිල­ධා­රීන් කිහි­ප­දෙ­නකු සම­ඟත් කතා කළ හඬ­පට සමාජ මාධ්‍ය­වල සැරි­ස­ර­නවා. එත­කොට පොලී­සිය සාධා­ර­ණව කට­යුතු කළ යුතු බව­ටත් මත­වාද නැඟෙ­නවා?

මහ­ජන නියෝ­ජි­ත­යෙ­කුට ඕනෑම නිල­ධා­රි­යකු හා කතා කිරීමේ හැකි­යාව තිබෙ­නවා. තොර­තුරු දැන ගැනී­මට මහ­ජන නියෝ­ජි­ත­යෙ­කුට ඉඩ ප්‍රස්ථාව තියෙන්න ඕනෑ. හැබැයි එහි සීමා­වන් තිබෙ­නවා. උදා­හ­ර­ණ­යක් ගත්තොත් ගෙදර කැත්ත පිහිය වගේ ආයුධ තිය­නවා. ඒ ආයු­ධ­ව­ලින් සිදු­ක­රන කට­යුතු තිබෙ­නවා. යමෙක් ඒ ආයුධ අවශ්‍ය දේට නැතිව අන­වශ්‍ය දේ සඳහා භාවිත කළොත් එතැන අප­රා­ධ­යක් සිදු­වෙ­නවා. මේ හඬ­ප­ට­ව­ල­දිත් සිදුව තිබෙන්නේ එවැනි තත්ත්ව­යක් මහ­ජන නියෝ­ජි­ත­යෙ­කුට යායුතු සීමා තිය­නවා. ඉන් ඔබ්බට ගියොත් එය බල­ප‍ෑ­මක් වෙනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගෙනත් කොමි­සන් සභා පිහි­ටු­වී­මට අපි පිය­වර ගත්තේ මේ ආය­ත­න­වල ස්වාධී­න­ත්වය ආරක්ෂා කරන්න තමයි.

 

• මේ වන විට රන්ජන් රාම­නා­යක මහ­තාගේ පක්ෂ සාමා­ජි­ක­ත්වය අත්හි­ටුවා තිබෙ­නවා. මේ පසු­බිම මත ඔහුට ඉදිරි මහ මැති­ව­ර­ණ­යට තරග කිරීමේ හැකි­යා­වක් නෑ නේද?

පක්ෂ සාමා­ජි­ක­ත්වය තහ­නම් කළ අයෙ­කුට අපේ­ක්ෂ­ක­ත්ව­යක් ලබා දෙන්න බැහැනේ. අපේ­ක්ෂ­ක­ත්වය දෙන්නේ පක්ෂ සාමා­ජි­ක­යෙ­කු­ටනේ. එක්සත් ජාතික පක්ෂය හැම විටම නීතිය සදා­චා­රය ආරක්ෂා කරන පක්ෂ­යක් නිසයි මේ පක්ෂ තහ­නම රන්ජන්ට දමා තිබෙන්නේ. එය ඉදිරි කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය රැස්වන තුරු ක්‍රියා­ත්ම­කයි‍. ඉදි­රි­යේදී රැස්වන කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යේදී මේ ප්‍රශ්නය පිළි­බඳ ඉදිරි ක්‍රියා­මාර්ග ගනීවි. එවැනි පූර්වා­දර්ශ අපේ පක්ෂ­යට තිය­නවා. රවී කරු­ණා­නා­යක, තිලක් මාර­පන වැනි හිටපු ඇමැ­ති­ව­රු­න්ටත් චෝදනා ආපු­ව­හම ඒ අය හිටපු ඇමැති ධූර­ව­ලින් ඉවත් වෙලා පරී­ක්ෂණ කට­යුතු සාධා­රණ සිදු කරන්න ඉඩ ලබා­දුන්නා.

• රන්ජන් සමඟ එක්ව පොදු­ජන පෙර­මුණේ හිටපු මන්ත්‍රී­ව­ර­යකු වත්මන් ඇමැ­ති­ව­ර­යකු ඝාත­නය කිරී­මට සැල­සුම් කළැයි එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහ­තා­ටත් ප්‍රබල චෝද­නා­වක් එල්ල වෙනවා. මේ ගැන මොකද කියන්නේ?

ඒ හඬ­ප­ටය ඇහු­වොත් එහි ඇත්ත ඔබ­ටම තේරේවි. රනිල් වික්‍ර­ම­සිංහ මහ­ත්තයා නිය­ම­යෙන් හෝ අනි­ය­මින් එවැනි සිද්ධි­ය­කට උද­ව්වක් බල­පෑ­මක් කරලා නෑ. අනු­බ­ල­දී­ම­ක්වත් කරලා නෑ.

 

• එජා­පය තමා වෙනු­වෙන් පෙනී නොසි­ටීම කන­ගා­ටු­වට කරු­ණක් බව රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­රයා පවසා තිබෙ­නවා. ඇයි එජා­පය රන්ජන් වෙනු­වෙන් පෙනී නොසි­ටින්නේ?

මේ හඬ­පට ක්‍රියා­ව­ලිය පක්ෂයේ ක්‍රියා­ව­ලි­යක් නොවේ. එය ඔහුගේ හුදෙ­කලා කට­යු­ත්තක්. එවැනි හුද­කලා කට­යු­ත්ත­කදී පක්ෂ­යක් ලෙස පෙනී සිටිය යුතු නෑ. ඊට මුහුණ දිය යුත්තේ ඒ ක්‍රියාව සිදු­කළ පුද්ග­ල­යායි. පක්ෂ­යෙන් කියලා පක්ෂ­යෙන් සංවි­ධා­නය කරලා කරපු වැඩක් නම් පක්ෂ­යට පෙනී සිටිය හැකියි. මේ කට­යුත්ත එවැ­න්නක් නොවේ.

 

• පාඨලී චම්පික රණ­වක මන්ත්‍රී­ව­ර­යාට එජා­පයේ ඉහළ තන­තු­රක් දෙන බව සජිත් ප්‍රේම­දාස විප­ක්ෂ­නා­ය­ක­ව­රයා පසු­ගි­යදා පැව­සුවා. චම්පි­කට දෙන්න යන තන­තුර මොකක්ද?

මා නම් දන්නේ නෑ. ඒක අහන්න ‍ඕනෑ සජිත් මහ­ත්තයා ගෙන්මයි. මොකද පක්ෂ­යෙන් පිට කෙනෙ­කුට පක්ෂයේ තන­තුරු දෙන්න විදි­යක් නෑ. එහෙම නම් එයා පළ­මුව එජා­ප­යට ඇවිත් ඉන්න ඕනෑ. පාඨ­ලී‍ හෝ වෙනත් ඕනෑම අයෙක් පළ­මුව පක්ෂයේ සාමා­ජි­ක­ත්වය ලබා ගන්න ඕනෑ. දෙව­නුව කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලයේ අනු­මැ­තිය ගන්න ඕනෑ පක්ෂ­නා­ය­කයා පත්වීම කරන්න ඕනෑ. ඔය තත්ත්වය යට­තේයි පත්වීම් දීම සිදු කරන්නේ. ඒ ක්‍රියා­මා­ර්ගයේ යනවා නම් ගැට­ලු­වක් නෑ.

 

• සජිත් ප්‍රේම­දාස මහතා කීවේ පාඨලී එජා­ප­යට බඳ­වා­ගෙන ඉහළ තන­තු­රක් දෙන බවයි...

එහෙම නම් මා කියපු දේමනේ කියලා තියෙන්නේ. එත­කොට නම් ගැට­ලු­වක් නෑ.

 

• චම්පි­කට ලබා­දෙන ඉහළ තන­තු­රට එජා­පයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී­ව­රුන් විරු­ද්ධයි කියන්නේ ඇත්තද?

ඔය ප්‍රකා­ශ­යෙන් පස්සේ අපි කණ්ඩා­යම් රැස්වීම පව­ත්ව­ලත් නෑ. රැස්වී­මට යෝජ­නාව ගෙන­ල්ලත් නෑ. විරුද්ධ වෙන්න කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ල­යට මේ යෝජ­නාව ගෙන­ල්ලත් නෑ. විරුද්ධ වෙන­වද පක්ෂ වෙන­වද කියලා දැන­ගන්න පුළු­වන් යෝජ­නාව ගෙනා­වට පස්සේයි‍. තාම බබා හම්බ වෙලා නෑ නේ. ඔබ මගෙන් අහන්නේ කුසේ සිටින දරු­වට කේන්දරේ හදන හැටි නේ!

 

• රනිල් පක්ෂ නායක, සජිත් විප­ක්ෂ­නා­යක, කරු සන්ධාන නායක ලෙස පත්වීම් කර එක්සත් ජාතික පක්ෂය ශක්ති­මත් තල­ය­කට ගෙනෙන බවට ආශු මාර­සිංහ මන්ත්‍රී­ව­රයා පසු­ගි­යදා මාධ්‍ය­යට පැව­සුවා. ඒ ගැන ඔබේ අද­හස මොකක්ද?

හුඟක් මන්ත්‍රී­ව­රුන් ඒ අද­හ­සට එක­ඟයි. මොකද හේතුව පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී­ව­රුන් පම­ණක් නෙවෙයි. ඉන් පරි­බා­හි­රව සිටින අයත් කියන්නේ ‍ඔක්කෝම එකට එක­තු­වෙලා මේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට එ‍රෙහිව යන පාලන තන්ත්‍රය එළවා දාන්න කිය­ලයි. රනිල් මහ­ත්ත­යාට කැමැති පිරි­ස­කුත් එජා­පයේ සිටි­නවා. ඒ වගේ ම සජිත් මහ­ත්ත­යාට කැමැති පිරි­ස­කුත් එජා­පයේ සිටි­නවා. තවත් කරු ජය­සූ­රි­යට කැමැති පිරි­ස­කුත් එජා­පයේ ඉන්නවා. මේ සිය­ලුම දෙනා එකට එකතු කර­ගෙන තමයි ජය­ග්‍ර­හ­ණය උදෙසා යා යුතු වෙන්නේ. වටු­වන්ට දැල උස්ස­ගෙන යන්න පුළු­වන් වුණේ එකට එකතු වෙච්ච නිසානේ. ගෝඨා­භය මහ­ත්ත­යාගේ දැලට කොටු­වෙලා. අපි ඔක්කෝම විනාශ වෙන­වද එහෙම නැති­නම් අපි ඔක්කොම එක­තු­වෙලා පාක්ෂි­ක­යන් ආරක්ෂා කර­ගෙන රටත් රැක­ගෙන සාමූ­හි­කව ජය­ග්‍ර­හ­ණය උදෙසා ගම­නක් යන­වද කියල තීර­ණය කළ යුතුයි. ඒකට හොඳම ක්‍රමය තමයි රනිල්, සජිත්, කරු මේ තුන්දෙ­නාම එකට එක­තු­වෙලා සාමූ­හි­කව වැඩ කරන එක.

 

• සජිත්ට පක්ෂ නාය­ක­ත්වය නොලැ­බු­ණොත් අලුත් පක්ෂ­යක් හදන බව අශෝක අබේ­සිංහ මන්ත්‍රී­ව­රයා පසු­ගි­යදා පවසා තිබුණා. නලින් බණ්ඩාර, හර්ෂණ රාජ­ක­රුණා වැනි මන්ත්‍රී­ව­රුන් සිටි­න්නෙත් මෙවැනි ස්ථාව­ර­යක. මේ ගැන කිව හැක්කේ කුමක්ද?

මං මේ ගමන ඇවිත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය නිසයි. එජා­ප­යට අසීරු අමාරු හැම අව­ස්ථා­වක මං පක්ෂය සමඟ සිටියා. මගේ තන­තුරු තානා­න්තර පක්ෂය නිසා මං නැති කර­ගෙන තිබෙ­නවා. කැබි­නට් ඇමැ­ති­කම් ඩොල­ර්ව­ලින් රුපි­ය­ල්ව­ලින් මට දෙන්න හදපු ඒවා මං ප්‍රති­ක්ෂේප කළා. තිබුණ ඇමැති ධූර­යත් මං නැති කර­ගත්තා. ඒ නිසා මං නම් ඔය කියන කිසිම තැන­කට යන්නේ නෑ. ලන්ච් පාටි­ව­ලට යන්නෙත් නෑ. ඩිනර් පාටි­ව­ලට යන්නෙත් නෑ. ලිකර් පාටි­ව­ලට යන්නෙත් නෑ. මගේ පාක්ෂි­කයා වෙනු­වෙන් මට කළ හැකි දේ කර­ගෙන මං පක්ෂ­යත් සමඟ ඉන්නවා.

 

සංවා­දය ගාමිණී බණ්ඩා­ර­නා­යක

Comments