මහ මැතිවරණයට අපි යන්නේ අලුත් ම විදියකටයි | සිළුමිණ

මහ මැතිවරණයට අපි යන්නේ අලුත් ම විදියකටයි

 

 

 

මේ රටේ 2015 ජන­වාරි මාසේ දේශ­පා­ලන ඉති­හා­සයේ මුල්ව­රට ඊනියා යහ­පා­ල­නය ආරම්භ වුණා. ඒ ඊනියා යථා­ර්ථය පසු­ගිය කාර්තුව පුරාම මේ රටේ ජන­තා­වට පැහැ­දිලි වුණා. මේ යහ­පා­ල­නයේ සැබෑ ස්වරූ­පය පැහැ­දිලි කිරීමේ දී විශේ­ෂ­යෙන් ම 'විය­ත්මග', 'එළිය', 'යුතු­කම' වැනි මේ රටේ බුද්ධි­ම­තු­න්ගෙන් සැදුම් ලත් සංවි­ධාන කිහි­ප­යක් මේ ක්‍රියා­දා­ම­යෙදි එකතු වුණා.

මේ රටේ යහ­පා­ල­නය කියන ව්‍යාපෘ­තිය එක් පැත්ත­කින් පුස්සක්; අනෙක් පැත්තෙන් මුලා­වක් රැව­ටී­මක්; බොරු­කා­ර­යන්ගේ වංචා­කා­ර­යන්ගෙ එක­තු­වක් කියලා අපි මුල­සිට ම පැහැ­දිලි කළා. මේ කාර­ණය තමයි පසු­ගිය ජනා­ධි­පති මැති­ව­ර­ණ‍යේදී මතු­ ක­රපු ප්‍රධා­න­තම කාර­ණාව. පසු­ගිය රජයේ ඇති මේ බොරුව ඉතාම නිශ්චි­තව අපි දැන­ගෙන හිටියා.

මෙහි ඇති මුලාව පිළි­බඳ ව සමා­ජ­යට මතු කරන ලද කාර­ණාව සහ මතය ජන­තා­වට අද අත්වි­ඳී­මට සැලසී තියෙ­නවා. අපි ඒ මතු කරපු මේ මතය අපේ රටෙ බුද්ධි­මත් ජන­තාව පිළි­ගත්තා. ඇත්ත වශ­යෙන් ම නාස්ති­කාර සහ බොරු­කාර කිසිදු ධනා­ත්මක දෙයක් සමා­ජ­යට නොක­රන ආකාර‍යේ දේශ­පා­ල­න­යක් තමයි යහ­පා­ල­නය කියන බොරු ක්‍රියා­දා­ම­යෙන් සිද්ධ වුණේ. ඒ නිසා එ් බොරුව පරාද කර­න්නට ලැබීම අප පම­ණක් නොවෙයි; මේ රටේ සියලු ප්‍රග­ති­ගීලි ජන­තාව ලද ජය­ග්‍ර­හ­ණ­යක් කියා මා විශ්වාස කර­නවා.

ඉන්පසු අපි පසු­ගිය ජනා­ධි­පති මැති­ව­ර­ණ­යේදී මතු කළ දෙවැනි කාර­ණාව: ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අපේ රටේ කාලා­න්ත­ර­යක් මුළුල්ලේ පීඩා විඳි ජන­තා­වගෙ ගැට­ලු­ව­ලට මෙන්ම මේ රටේ සමස්ත ක්‍රියා­ව­ලි­යට ම පැහැ­දිලි සහ අලුත් වෙනස් විස­ඳු­මක් කියල අපි විස්වාස කළා.

මෙහිදි අපි පැහැ­දිලි කර­ගත යුතු කාර­ණාව වන්නේ ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ දේශපා­ලන මැදි­හත් වීම එතුමා විසින් මතු කර­ගන්නේ පිළි­තුරු මත පද­නම් වෙමින් ඉදි­රි­යට යන ගම­නක් ලෙසයි. එ් කියන්නෙ මේ රටේ දේශ­පා­ලන ක්‍රියා­ව­ලියේදි මතු­වන ගැටලු වලට පිළි­තු­රු­ව­ලට විස­දුම් ලබා දෙමින් ඊළඟ පිය­ව­රට යන එනම් ගැට­ලු­ව­ලට පිළි­තුර දක්වා යන වැඩ­ක­රන දේශ­පා­ලන ගම­නක් ඔහු තුළ වුණා. එයට සරල ම සහ හොඳම උදා­හ­ර­ණය සප­යන්නේ මේ රටේ වසර තිහක් පුරා පැවැති කුරිරු ත්‍රස්ත­වා­දය නිමා­කි­රීමේ ගම­නේ දි ඔහු ක්‍රියා­කළ සුවි­ශේෂි ආකා­ර­යයි.

එහිදි ඉතා පැහැ­දි­ලිව පෙනෙන කාර­ණා­වක් වන්නේ ප්‍රති­ඵ­ල­දා­යක මැදි­හ­ත්වී­මක් ඔහු තුළ වීමයි. උතුරේ සහ දකුණේ සංව­ර්ධ­නය පිළි­බඳ ව සලකා බැලීමේදි ඉතා පැහැ­දිලි කාර­ණා­වක් තමයි, එතුමා මතු කර­ගත් මේ ප්‍රති­ඵල පෙන්වන සුළු මැදි­හත් වීම. එමෙන්ම කොළඹ නාග­රික සංව­ර්ධ­නය සහ උතුරේ සංව­ර්ධ­නය පිළි­බ­ඳව සලකා බැලිමේ දී ඉතා පැහැ­දිලි ව එ් ප්‍රති­ඵල පෙන්වන සුළු මැදි­හත් වීම අපි දැක්කා. නිවාස සංව­ර්ධ­නය සම්බ­න්ධ­යෙන් සහ උතුර නැවත ගොඩ­නැ­ගී­මෙදී අපි ඒ සැල­සුම් සහ­ගත ප්‍රති­ඵ­ල­දා­යක නව වෙනස දැක්කා.

එ් නිසා ගෝඨා­භය මහතා කියන්නේ මේ රටේ දෙශ­පා­ල­න­යට අලුත් බ්‍රෑන්ඩ් එකක්. එසේ නොමැති නම් ගෝඨා­භය මහතා කියන්නෙ අපෙ රටේ දේශ­පා­ල­නයේ නව සන්නා­ම­යක්. මේ නව සන්නා­මය අලු­තින් අපිට ගොඩ­න­ග­න්නට හැකි වුණේ මේ ‍රටේ දේශ­පා­ලන ඉති­හා­සයේ පළමු වර­ටයි. මෙයයි අපි මතු කළ දෙවැනි කාර­ණාව. තුන්වැනි කාර­ණාව ලෙස මම දකින්නෙ; මේ දේශපා­ලන ප්‍රවා­හ­යට ගැළ­පෙන නව වැඩ පිළි­වෙ­ලක් 'සෞභා­ග්‍යයේ දැක්ම' නමින් මෙතුමා විසින් ඉදි­රි­පත් කළා. මේ සෞභා­ග්‍යයේ දැක්ම මාස ගණ­නා­වක් තිස්සේ විද්ව­තුන්, බුද්ධි­ම­තුන් විසින් මේ රටට ගැළ­පෙන මේ රටේ දේශපා­ලන ප්‍රවා­හ­යට ගැළ­පෙන ආකා­ර­යට සකස් කරන ලද්දක්. ඒනිසා තව පැත්ත­කින් බර­ප­තල වෙනස් වීමක් අපි දැක්කා.

එ් නිසා නාය­ක­ත්වය සහ ඔහුගේ මේ නව වැඩ­පි­ළි­වෙල කියන දෙකම සමා­ජය තුළ ඉතා හොඳින් මතු­වෙ­මින් පව­ති­නවා. විශේෂ­යෙන් මේ වෙනස එතුමා ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තම කට­යුතු ආරම්භ කරන අව­ස්ථාවේ සිටම අපි දැක්කා. ඒ වගේම එතුමා මාස­ය­කට අධික කාල­යක් පුරා ගත්ත සියලු තීන්දු තීරණ ඉතාම වෙනස්. ජන­තාව අතර සිටි­මින් මේ කරන ලද ක්‍රියා­දා­මය ජනතා ඇගැ­යී­මට ලක්වුණා. එයින් සට­හන් වෙන්නේ ජන­තා­වාදි දේශපා­ල­න­යක මූලා­ර­ම්භ­යයි.

සේවක පිරිස් අඩු­කි­රීම, තමාගේ ‍පෞද්ගලික ආර­ක්ෂ­ක­යන් අඩු කිරීමේ ක්‍රියා­දාම සහ බොරු අලං­කාර නැතිව යථා­ර්ථය මතු කර­මින් වැඩ කිරීමේ කලාව එතුමා විසින් ඇතිකළා. ආර­ම්භයේ සිට ම සියලු රාජ්‍ය අාය­ත­න­ව­ලට ඍජු ව ම මැදි­හත් වෙමින් නාස්තිය සහ දුෂ­ණය අවම කිරීමේ විශාල වැඩ­පි­ළි­වෙ­ල­කට මුල පුරා ඇති බව අපි දුටුවා.

මෙහිදී අපේ දෘෂ්ටි­වා­දය එල්ල විය යුතුව තියෙන්නේ මේ වැඩ පිළි­වෙල ප්‍රති­පත්ති සමු­දා­යක්, අලුත් ව්‍යාපෘති සමු­දා­යක්, අලුත් වැඩ­ස­ට­හන් සමු­දා­යක් බවට පත්කර ගත යුතු වන්නෙ කෙබදු ආකා­ර­යට ද කියන කාර­ණා­ව­ටයි. එමෙන්ම හොඳින් නීති හදන්න, හොඳින් ප්‍රති­පත්ති හදන්න ප්‍රජා­තා­න්ත්‍රික ලක්ෂණ මතු කර­ග­න්නට පුළු­වන් පාර්ලි­මේ­න්තු­වක් බවට පත් කර­ගන්නෙ කෙසේද කියන කාර­ණා­වයි; අපි ඉදි­රියේ අැති ඊළඟ අභි­යෝගය.

ඒ නිසා තියන තත්ත්වය පිළි­බ­ඳව අපිට මෙන්ම මේ රටේ සියලු ම ප්‍රග­ති­ශීලි ජන­තා­වට ගැට­ලු­වක් තියෙ­නවා. ඒ තත්ත්වය නිවැ­රදි කර­මින් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නව ප්‍රවා­හ­යක් සඳහා මේ රට නැවත හැර­විය යුතු­වන්නේ කුමන දිශා­න­ති­ය­කට යන්න අපිට නිවැ­රදි දැක්මක් තියෙ­නවා. ඒ සඳහා අපිට නිශ්චිත වැඩ­පි­ළි­වෙ­ලක් සහ ඒ වැඩ­පි­ළි­වෙල ඉදි­රි­යට ගෙන යන්න සුදුසු කණ්ඩා­ය­මක් තෝරා ගැනීමේ ව්‍යායා­ම­යයි ඉදි­රි­යේදි එළැ­ඹෙන්නේ.

පසු­ගිය ආණ්ඩුවේ බොරු අලං­කාර අටෝ­පය හැර කිසි­වක් නැති බව අපිට ඉතා පැහැ­දි­ලියි. රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගෙ හඬ­ප­ට­ව­ලින් ගම්‍ය­මාන වන කාර­ණාව ඉහ­තින් අපි ඉදි­රි­පත් කළ පසු­ගිය රජය සම්බන්ධ මත­වා­දය නිට්ටා­ව­ටම නිවැ­රදි ව තහ­වුරු කර­නවා. මේ අය යහ­පා­ල­න­යට මුවා වෙලා සාධා­රණ සමා­ජ­යක් ගැන දෙසු­වාට කිසිදු සාධා­ර­ණ­යක් නොති­බුණ බව ඉතා පැහැ­දි­ලියි.

ලිච්ඡවී ධර්ම ගැන කතා කළාට නාය­ක­යන් දෙදෙනා අත­ර­වත් සම­ඟිව සාක­ච්­ඡා­වක් තිබුණේ නැහැ. සම­හ­රුන් අපි කියන දේවල් පිලි­ගත්තෙ නැහැ. අද­වන විට පෙනි ගිහින් තිය­නවා මේ අය ­ගැන අපි කියපු දෙවල් සිය­යට සිය­යක් ම නිවැ­රදි බව. සම්පූර්ණ මුලාව බොරුව පම­ණයි කියන කාර­ණාව තහ­වු­රු­වෙලා තිය­නවා. මෙ රටේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වල­ප­ල්ල­ටම අැද දමා ඇති ආණ්ඩු­වක් කියලා අපි කියන්නෙ එ් නිසයි.

ඉතා­මත් ප්‍රාථ­මික මට්ට­මට සමස්ත සමා­ජ­යට ම අගෞ­ර­ව­යක් වන අසං­ස්කෘති ප්‍රාථ­මික තත්ත්ව­ය­කට මහ­ජන නියෝ­ජි­ත­යන්, දේශ­පා­ල­ඥ­යන් පත් වෙලා. මෙය ලැජ්ජා සහ­ගත ක්‍රියා­ව­ලි­යක්. මේ තත්ත්වය ඉතා ඉක්ම­නින් වෙනස් විය යුතුයි කියලා අපි දැන සිටියා. මේ රටේ සදා­චා­රය පිරි­හෙ­මින් ආර්ථික අගා­ධ­ය­කට වැටෙ­මින් පැවැති ආකා­රය අපි දුටුවා.

පසු­ගිය වසර කිහි­පය පුරාම මේ රජ­යට කරපු චෝද­නා­වක් තමයි නීතිය නැමුවා; නීතියේ අාදි­පත්‍ය නැති කළා කියන එක. ඒක එහෙම නොවෙයි; ඔවු­නුයි එහෙම කළේ කියන එකට හොඳම උදා­හ­ර­ණය අපිට සැපැ­යුවේ රන්ජන් මන්ත්‍රී­ව­රයා. ඔහුගේ හඬ­පට වලින් සඳ­හන් කර ඇති ආකා­ර­යට තරම් පහත් විදි­හට නීතිය හසු­රුවා අැති අාණ්ඩු­වක් අපි දැකලා නැහැ.

අපි බල­යට පත් වුණ වෙලාවෙ හුඟාක් පිරිස් අපෙන් අහන්න පටන් ගත්තා අැයි වැරදි කාර­යන්ව අත්අ­ඩං­ගු­වට ගත්තෙ නැත්තේ කියලා; කූඩු­වට දැම්මෙ නැත්තෙ අැයි කියලා. අපේ ක්‍රමය වෙනස්. අපේ තියෙන්නෙ ඊනියා යහ­පා­ල­නය නොවෙයි.

එ් අය නම් 2015 සිට දඩ­යම් සහ වෛරී පාල­න­යක් ගෙන ගියා. එ් අයගේ දඩ­යම් කමි­ටු­වක් තිබුණා. එ් කමි­ටුව මගින් කාවද අත්අ­ඩං­ගු­වට ගන්නේ කියලා කතා වෙලා අත්අ­ඩං­ගු­වට ගත්තා. එ් දඩ­යම් කමි­ටු­වට ඕන විදි­හට නීතිය හැසි­රුණ අාකා­රය අපි හඬ­ප­ට­ව­ලින් දැක්කා. එක එක පුද්ග­ල­යන් මාස තුනක් තියා­ගන්න පුළු­වන් නේද කියලා අහ­නවා.

මේ රටේ නීතිය කොත­නද තිබුණේ කියලා ජන­තා­වට පැහැ­දිලි වුණා. අපි කියන කාරණා සත්‍ය බවට සාක්ෂි රන්ජන් මන්ත්‍රි­ව­රයා විසින් ම ලබා දුන්නා. නියම දඩ­යම තමයි සැල­සුම වුණේ. අපි එහෙම කරන්නේ නැහැ. අපි දැන් නීතිය ක්‍රියා­ත්මක කළ­ යුතු අංශ­ව­ලට බාර­දිලා තිය­නවා.

එ් අය එ් දේ කර­ගෙන යනවා. අපි ඒ සඳහා මැදි­හත් වන්නේ නැහැ.තවත් වැද­ගත් කමක් අපි මෙහිදී හඳුනා ගන්නට ඕන. යහ­පා­ල­නය කියන කණ්ඩා­යම කොත­රම් අර්බු­ද­ය­කට ගියාද කිය­නවා නම් මිනි­සුන් කූඩු කරලා කූඩු කරලා අව­සා­නයේ අාර­ක්ෂක ලේකම් සහ පොලි­ස්ප­ති­ව­ර­යාත් කූඩු කළා. තම­න්ගේම අාණ්ඩුවේ අනිත් අය කූඩු­වට දැමීමේ වේගය කොත­රම් ද කිය­නවා නම් එ් අය­ටත් අව­සා­නයේ කූඩු­වට පනින්න වුණා.

එ් තර­ම­ටම මේ යහ­පා­ල­නය නාඩ­ග­මක් සහ විකා­ර­යක් වුණා. එ් නිසා නීතිය පිළි­බඳ ප්‍රශ්නය බලන්නේ වෙන විදි­හ­කට. අපි නීතිය යුක්ති­යට අනුව විස­දී­මට ඉඩ ලබා දීලා තියෙන්නේ.‍ මෙතැන තව ප්‍රශ්න­යක් තිය­නවා. පසු­ගිය අාණ්ඩුවෙ සිටපු සම­හරු රටේ සම්පත් තමන්ගේ දේපළ වගේ නැති නාස්ති කරලා. මේවා සොය­න්නට ඕන.

මේවා සෙවී­මෙන් පම­ණයි එ් සම­හර දේවල් අපිට විස­ඳන්න පුළු­වන් වෙන්නේ. මම හිටපු ජන­මාධ්‍ය අමා­ත්‍යංශ ලේකම්. අපි වාර්ෂි­කව ආණ්ඩු­වට ලාභාං­ශත් ගෙව්වා. එහෙම ගෙවපු අාය­ත­නය මිලි­යන ගණ­නක් ණය කරලා ගිහින් තියෙන්නේ. ‍තවත් අාය­ත­න­යක් තිබුණා; මිලි­යන දෙසී­ය­යක ස්ථාවර තැන්පතු තිබුණු. එ් සිය­ල්ලම විය­දම් කරලා මිලි­යන අට­සි­ය­යක ණය බර­කුත්ට තියලා ගිහින් තියෙන්න‍ෙ. ලේක්හ­වුස් අාය­ත­න­යත් එ් වගේ. අපි බාර­දෙන විට ලාබ ලබන අාය­ත­න­යක්. ‍අද වන­විට විශාල අර්බු­ද­ය­කට මුහුණ දීලා.

මේ දේවල් සිද්ධ වුණේ ‍ කොහො­මද කියලා අපි හොයන්න ඕන. හේතුව ජන­තා‍වගේ මුදල් නිසා. එ් වගේ දේවල් හොයන එකේ වර­දක් නැහැ. යහ­පා­ල­නය කියන බෝඩ් ලෑල්ලට සීමා වුණ බොරු පාට රෙද්දක් දමා­ගෙන අන්ත දූෂිත කැත පාල­න­යක් තමයි මේ අය ගෙන ගියේ. මේ කාරණා අපි මතු මැති­ව­රණ සමයේ ඉතා හොඳින් මතු කරපු කාරණා. අද එය වඩා තහ­වුරු වීමක් සහ උෟන පූර්ණ­යක් තමයි මන්ත්‍රි­ව­ර­යාගේ හඬ­පට වලින් තහ­වුරු වුණේ.

අපි ජනා­ධි­ප­ති­ව­ර­ණයේදී මතු කළේ මේ අයගේ මේ දූෂිත ක්‍රියා­දා­මය ම තමයි. සර­ලව සඳ­හන් කළොත් විශ්ව­වි­ද්‍යා­ල­යේදි මෙවැනි කරුණු සම්බ­න්ධ­යෙන් භාවිත කරන වච­න­යක් තියෙ­නවා.

එනම් 'තියරි එකට ඩේටා'; එනම් 'න්‍යායට දත්ත එකතු කිරීම. රන්ජන් රාම­නා­යක මහතා අපි ඉදි­රි­පත් කළ තිය­රි­යට ඩේටා එකතු කිරී­මක් කළා. එසේ නම් රන්ජන් රාම­නා­යක කියන්නේ පසු­ගිය රජය සම්බ­න්ධ­යෙන් අපි ඉදි­රි­පත් කළ න්‍යායික කාර­ණා­ව­ලට ඉතා හොඳ දත්ත සට­හ­නක්. යහ­පා­ල­නය කියා මේ අය කියන්නේ පට්ට­පල් බොරු­වක්, මුලා­වක් කියලා හොඳම දත්ත සප­යන්නා රන්ජන් රාම­නා­යක. හොඳම සහ­භා­ගීත්ව නිරී­ක්ෂ­ණය සප­ය­න්නාද ඔහු බව අපිට තහ­වුරු වෙලා අව­සන්.

තවම අපිට මේ පාර්ලි­මේ­න්තුවෙ බහු­තර බල­යක් නැහැ. අපි ඒනිසා උත්සාහ කරන්නේ එළැ­ඹෙන මහ­මැ­ති­ව­ර­ණ­යේදී පාර්ලි­මේ­න්තුවෙ හොඳ බල­යක් ලබා ගෙන එයට නෛතික බල­යක් ලබා­ගන්න.

ඒ නිසා මේ අව­ස්ථාවෙ අපේ උත්සාහ වන්නේ දැනට ලැබී අැති තත්ත්වය කළ­ම­නා­ක­ර­ණය කර­මින් ඉදි­රි­යට යෑම. අපි දුන් පොරොන්දු ක්‍රියා­ත්මක කිරීම වැනි අභියෝග ගණ­නා­වක් අපි ඉදි­රියේ තියෙ­නවා. ඒ වගේම විශේ­ෂ­යෙන් ම තවත් අභි­යෝග ගණ­නා­වක් තියෙ­නවා. මේ රටේ පාවෙන ඡන්ද ප්‍රති­ශ­තය පක්ෂ­වල ඉන්න ඡන්ද ප්‍රති­ශ­ත­යට සමාන තත්ත්ව­ය­කට පත්වෙලා තියෙ­නවා.

උදා­හ­රණ ලෙස අසුව දශ­කයේ ලංකාවෙ ඡන්ද දාය­ක­යන්ගෙ ප්‍රති­ශ­තය මිලි­යන අටක් වෙනවා නම් මේ ලක්ෂ අසූ­වක් ලංකාවේ පක්ෂ­ව­ලට අය­ත්වෙලා ඉන්නේ. නමුත් අද වන විට ඡන්ද දාය­ක­යන් සංඛ්‍යාව මිලි­යන පහ­ළො­වයි. මෙයින් ලක්ෂ හැත්තෑ­ප­හක් පමණ පක්ෂ වටා ඉන්නේ. අනෙක් ලක්ෂ හැත්තෑ­ප­හම පක්ෂ­ව­ලින් එළියේ. එ් නිසා අපේ රටේ පාවෙන ඡන්ද දාය­ක­යන්ගේ සංඛ්‍යාව ප්‍රබල වීම සහ විශාල වීමක් තියෙ­නවා.

ඒ නිසා අපිට සිද්ධ වෙනවා අලුත් විදි­හ­කට මහ ඡන්දය ගැන හිතන්න. මහ­ඡ­න්දය ගැන පරණ විදි­හට හිතලා ඉන්න පිරිස ම ලැයිස්තු ගත කළොත් මේ තරුණ තරු­ණි­යන් ඡන්දය නොදී ඉන්න ඉඩ කඩ තිය­නවා. ඉන්න අයට වඩා එහා ගිය අලුත් බුද්ධි­මත් උගත් සමාජ කණ්ඩා­ය­මක් මහ මැති­ව­ර­ණයේදී ඉදි­රි­පත් කළ යුතුයි කියලා ගෝඨාභය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාත් විශ්වාස කර­නවා.

ඒ සම්බ­න්ධ­යෙන් දැන­ට­මත් විශාල වැඩ­පි­ළි­වෙ­ලක් ඇති කර­මින් පව­ති­නවා. එය ඉතා වැද­ගත්. මේ රටේ ඇතැම් පිරිස් වල මතය මේ දෙසිය විසි­ප­හම එපා කියන අද­හ­සයි. ඒ ජන­තාව අලු­තින් පිරි­සක් ඉල්ල­නවා. මෙයින් අද­හස් වෙන්නෙ දැනට ඉන්න බහු­ත­ර­යක් මේ වෘත්ති­යට ගැළ­පෙන්නෙ නැහැ කියන කාර­ණා­වයි. එයයි මේ ජන­තා­ව­ගෙන් මේ මතු වෙන්නේ. රන්ජන් රාම­නා­යක පන්නයේ මන්ත්‍රි­වරු එපා කියලා එක් පැත්තක් කියන්නේ. ‍

අනෙක් පැත්තේ අද­හස මේ රටේ ප්‍රග­ත­ශිලි ජන­තාව අපේක්ෂා කළ නාය­ක­ත්වය ගෝඨා­භය මහතා හරහා අද මේ රටේ ගොඩ­නැගෙ මින් පව­ති­නවා. උදා­හ­ර­ණ­යක් ලෙස කිව්වොත් සිංග­ප්පූ­රුව අපිට වඩා පහ­ළින් හිටිය රටක්. නම­සිය පනස් ගණ­න්වල එහි ජනා­ධි­ප­ති­ව­රයා ලංකා­වට අැවිත් ලංකාව දෙස බලලා ඔහුගේ තුන්වැනි ලෝක‍ේ සිට පළමු වැනි ලෝකය දක්වා ‍පොතේ සඳ­හන් කර­නවා: ලංකා‍‍වේ හොඳ වරා­යක් තිබුණා, ඔහුට ‍පෙණුනා ලංකාවේ ගුව­න්‍‍ ­තො­ටු­ප­ලක් හැදු­ණොත් ආසි‍යාවේ පැසි­පික් කලාප‍ෙ සියලු රට­වල් ලංකාව හරහා යයි කියලා.

එ් ජනා­ධි­ප­ති­ව­රයා වහාම ගිහින් ඔවුන්ගේ රටේ ගුවන් තොටු­පල හැදුවා කියලා කිය­නවා. එ් නිසා මේ කලා­පයේ ශක්ති­මත් ම ගුවන් සේව­යයි ගුව­න්තො­ටු­ප­ලයි හදන්න ඔවුන්ට හැකි වුණා. අපිට වඩා පහ­ළින් හිටපු සිංග­ප්පු­රුව අද කොතැ­නද? එසේ සිංග­ප්පු­රුවේ ඇති විශේෂ ගුණ­යක් නිසා නොවෙයි එසේ වුණේ. ඒ අයගේ ප්‍රති­පත්ති සම්ප්‍ර­දායේ ඇති වැද­ග­ත්කම නිසා. අපේ ප්‍රති­ප­ත්ති­වල ඇති අඩුව නිසා අපිට අද මෙහෙම වුණේ.

ජපා­න­යෙන් උදා­හ­ර­ණ­යක් ගත්තොත් එ් රට ‍බෝම්බ ගහලා විනාශ කළාට පස්සෙ නව­සිය පනස් තු‍නේදි පමණ අපේ රටේ හිටපු මුදල් අැමැ­ති­ව­ර‍යෙක් විසින් ‍සැන්ප්‍රැ­න්සිස්කෝ වල දි කතා­වක් කළා; එහිදි ඔහු මතු කරපු කාර­ණා­වක් තමයි ජපා­න­යට ගහලා පොඩි පට්ටම් කරලා ති‍‍යෙන්නේ; ජපා­න­යට අපිට වගේ දියුණු වෙන්න අව­ස්ථාව ‍‍දෙන්න කියලා. මොකද වු‍‍ණේ; ජපා­නය අපිට වඩා දස­ද­හස් ගණ­නින් ඉදි­රි­යට ආවා.

පසේ­වත් වායු‍වේ­වත් ‍වතුරෙ­වත් නොවෙයි රට­වල් ‍‍දෙකේ වෙනස තිබුණේ. ප්‍රති­පත්ති හදන ක්‍රම‍වේ­ද­යන්ගේ ගැට­ලු­වයි ති‍‍‍යෙන්නේ. අපිට සිද්ධ වෙලා තියෙ­නවා අලුත් ප්‍රති­පත්ති හදන, අලුත් නීති හදන, පාර්ලි‍මේ­න්තු­වක් අලු­තින් ගොඩ­න­ඟන්න. අලුත් ප්‍රති­පත්ති හදන්න අලුත් පාර්ලි‍ෙ­ම්න්තු­වක් හද­නවා කියන කාර­ණා‍‍වෙන් ගම්‍ය ‍වෙන්නේ; මේ පාර්ලි‍මේ­න්තුව යම් වෘත්තී­මය භාව­ය­කට නතු කර­නවා කියන කාර­ණා­වයි‍. වෘත්තීය තත්ත්ව­යක් පාර්ලි‍මේන්තු‍වේ සිටින කෙන­කුට තිබිය යුතුයි.

එවි­ටයි ඔහුට හැ‍කිවෙන්නේ ශක්ති­මත් නීති ‍රෙගුලාසි සහ හොඳ ප්‍රති­පත්ති හද­න්නට. අපි දන්නවා, අපේ වත්මන් ඡන්ද ක්‍රමය අනුව පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන මන්ත්‍රී ධූරය කියන තන­තුර එක්තරා පිරි­ස­කට සින්න වෙච්ච නින්ද ගමක් කියලා. මන්ත්‍රී ධූරය කියන එකට අලුත් කෙනෙක් ඉල්ලු­වොත් තමන්ගේ රස්සාව නැති­ක­රන්න කවුරු හරි එනවා කියලා සිතිය යුතු නැහැ. ‍‍

මෙයත් සුදු­සු­කම් ඇති අය යා යුතු වෘත්ති­යක්. වෘත්තී­ය­මය තැනක්. මෙය පුද්ග­ලික දෙයක් නොවෙයි; කාට­වත් නියම වුණ පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට එන දෙයක් නොවෙයි. මේ තන­තුර මේ ර‍‍‍‍ටේ ජන­තා­වගේ කැමැ­ත්ත‍ෙන් තෝරන දෙයක්. මේ තන­තු­රට හිමි වැඩ කොට­සක් තියෙ­නවා. ජන­තා­වගේ පැත්තෙන් මේ අය කල්පනා කරන්න ඕන.

මේ සාම්ප්‍ර­දා­යික රාමු­වෙන් පිට පැනලා වෙන­සක් අැති කරන්න පුළු­වන් ‍අලුත් කෙනෙක් පත් කරන්න. වි‍‍ශේෂ­යෙන් උගත් බුද්ධි­මත් ඉහත කාරණා සම්බ­න්ධ­යෙන් පරි­ඥා­න­යක් අැති ‍කෙනෙක් පත් කරන්න අවශ්‍යයි. එහි ප්‍රතිඵලය රටට යහ­ප­තක් වීමයි.

Comments