අපි රන්ජන් විකු­ණන්න තරම් බංකො­ලොත් වෙලා නැහැ | සිළුමිණ

අපි රන්ජන් විකු­ණන්න තරම් බංකො­ලොත් වෙලා නැහැ

• ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා පත්වී දෙමසක් ගත­වෙලා තියෙ­නවා. ඒව­ගේම ඔ‍බේ ‍දේශපා­ලන ගමනේ පළමු පාර්ලි­මේන්තු ඇමැති ධූර­යට පත්වී දෙමසක් ගතවී තියෙ­නවා. පසු­ගිය ආණ්ඩුව සමයේ වඩාත් ආන්දෝ­ල­න­යට ලක් වුණ සංචා­රක කේෂ­ත්‍රය ඇතුළු වග­කිව යුතු අමා­ත්‍යාංශ රැසක් භාර ඇමැ­ති­ව­රයා ලෙස අදාළ කේෂ­ත්‍ර­වල විශාල කාර්යය භාර­යක් පැවරී තියෙ­නවා. මේ ආය­තන ප්‍රව­ර්ධ­නය කිරී­මට ගෙන ඇති ඉදිරි පිය­වර සම්බ­න්ධ­යෙන් කතා කළොත්?

මේ රටේ ප්‍රධාන අමා­ත්‍යංශ සහ ප්‍රධාන වග­කි­මක් ඇති අමා­ත්‍යාංශ සහ මේ රටේ ආර්ථි­ක­යට ඍජු­වම බල­පාන අමා­ත්‍යාංශ මගේ විෂය පථ­යට අයත් වෙලා තියෙ­නවා. එවැනි ප්‍රධාන වග­කීම් ඇති අමා­ත්‍යාංශ රැසක් මා කෙරෙහි විස්වා­ස­යෙන් ලබා දීම සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති තුමාට, අග­මැ­ති­තු­මාට සහ ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ජන­තා­වට වි‍ශේෂ­යෙන් මා ස්තුති­යි­වන්ත වෙනවා. ම‍ගේ වග­කීම තියෙන්නේ ගෝඨා­භය රා‍ජපක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ. මැති­ව­ර­ණ­යේදී ජන­තා­වට මැති­ව­රණ ප්‍රකා­ශයේ පරිදි ලබා දුන් ජනතා පොරොන්දු ඉටු­කි­රී­මයි මගේ අපේ­ක්ෂාව.

• ජනතා අපේක්ෂා ඉටු­කි­රී­මට නම් රටේ ආර්ථි­ක­යට ඍජු­වම බල­පාන මේ ආය­තන වලට සභා­ප­ති­ව­රුන් සහ අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් පත් කිරීම් කර තිබෙ­න­වාද?

මේ කෙ‍ටි කාලය තුළ ආය­ත­න­වල අධ්‍ය­ක්ෂ­ව­රුන්, සභා­ප­ති­ව­රුන් පත් කරලා ඒ කට­යුතු ඉදි­රි­යට කර­ගෙන යෑමට කට­යුතු කර­නවා. සිය­යට අසු­වක් අනු­වක් මේ වන­විට පත්ක­රලා තියෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධාන ඉල­ක්ක­යක් තමයි සංචා­රක ව්‍යාපා­රය. එය ඉතා ඉක්ම­නින් රටේ විදේශ විනි­මය උප­යන්න පුළු­වන්, වැඩි කර­ගන්න පුළු­වන් විෂ­යක්. ඒ නිසා මට පැවරී ඇති අමා­ත්‍යාං­ශ­යෙන් සහ ආය­තන වලින් ප්‍රධාන අංශ ලෙස ශ්‍රීලං­කන් ගුවන් සමා­ගම, සංචා­රක අමා­ත්‍යාං­ශය, සංචා­රක අධි­කා­රිය ඇතුළු මේ සියල්ල ඔස්සේ සංචා­රක කර්මා­න්තය ප්‍රව­ර්ධ­නය කරන්න වැඩ­පි­ළි­වෙ­ලක් හදන්න සැල­සුම් කරලා තිය­නවා.

• පසු­ගිය යහ­පා­ලන රජය සමයේ දි සිදුවු මුස්ලිම් අන්ත­වා­දීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහා­ර­යත් සමඟ සංචා­රක කර්මා­න්තය බිද­වැ­ටුණා. එය යළි ගොඩ ගන්නට යම් පිය­ව­රක් ගෙන තියෙ­න­වාද?

ඇත්ත වශ­යෙන් ම නැවත සංචා­රක ව්‍යාපා­රය දියුණු කරන්න ඒකා­බද්ධ සැලැ­ස්මක් හදන්න කට­යුතු කර­මින් යනවා. නමුත් ‍සහරාන්ගේ අන්ත­වාදි බෝම්බ ප්‍රහා­ර­යත් සමඟ ම සංචා­රක ව්‍යාපා­රය කඩා වැටුණා. ‍සංචාරක කේෂ්ත්‍රයේ මිනි­සුන් විශාල සංඛ්‍යා­ව­කට ඍජු සහ වක්‍ර අකා­ර­යෙන් රැකියා අහිමි වුණා. ජීවත් වීමේ මාර්ගය අහිමි වෙලා ගිහිල්ලා තියෙ­නවා. හෝටල් ගොඩ­නැ­ගීම සඳහා බැංකු ණය අරන් තිබුණු අයට ණය ගෙවා ගැනීම‍ට නොහැකි වුණා. සංචා­රක ව්‍යාපා­රය සඳහා, සංචා­රයේ යෙදෙ­න්නන් සඳහා ‍යොදාගත් බස් රථ හිමි­යන්ට ඒවායේ ලීසින් ගෙවා ගැනී­මට නොහැකි වෙලා. ඒ වගේම සංචා­ර­ක­යන් සඳහා මඟ පෙන්ව­න්නන්ට ගැටලු මතුවුණා. ලොකු අවු­ලක් රටේ ආර්ථි­ක­යට බල­පාන ආකා­ර­යට සිදු වුණා. ඒ ඉල­ක්කය සපු­රන්න අවශ්‍ය කරන යටි­තල පහ­සු­කම් නඟා සිටු­වන්න අපි කට­යුතු කර­නවා. ඒව­ගේම මේ ක්ෂේත්‍රය තුළ ඇති අපේ ස්වභා­වික සම්පත් සහ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­න්නත් මේ සඳහා පහ­සු­කම් ලබා­දී­මට කට­යුතු කර­නවා. එය ලොකු අභි­යෝ­ග­යක්. අපි ඒ අභි­යෝ­ග­යට මුහුණ දෙන්න ඉදිරි කාලයේ කට­යුතු කර­නවා.

• රන්ජන් රාම­නා­යක මන්ත්‍රී­ව­ර­යාගේ හඬ­පට සිදු­වී­මත් සමඟ මේ රටේ සදා­චා­රය පිරි­හීම සහ නීති ක්ෂේත්‍ර­වල ස්වාධී­න­ත්ව­යට සිදු වී ඇති හානිය ඉතා බර­ප­ත­ළයි. මේ හඬ­පට සිදු­වී­මත් සමඟ ජන­තාව තුළ නීතිය, ස්වාධී­න­ත්වය පිළි­බඳ ව විශ්වා­සය බිඳ වැටී තියෙ­නවා. එය නැවත ගොඩ­නඟා ගැනී­මට රජ­යක් ලෙස ඉදි­රි­යේදී ගනු ලබන ක්‍රියා­මාර්ග මොන­වාද.?

යහ­පා­ලන රජය කාලයේ රටේ ජන­තාව නොමග යවලා, දහ­නව වැනි ව්‍යාවස්ථා සංශෝ­ධ­නය ගෙනැල්ලා, ස්වාධීන කොමි­ෂන් පත්ක­රලා රාජ­පක්ෂ පවු­ලෙන් පළි­ගන්න නීති හදා ගත්තා. ස්වාධීන කොමි­සන් කියලා ඔවුන්ගේ හෙන්ච­යි­යොන්ට එහෙ­යියෝ ටික පත් කර­ගත්ත එක තමයි කළේ. මේ කොමි­සම් වලින් කරපු ඇති දෙයක් නැහැ. දඩ­යම් දේශ­පා­ල­න­යක් කිරීම තමයි මේ අය කළේ. අපේ රජය නීතිය ඒ ආකා­ර­යට හසු­රුවා නීති ආය­ත­න­ව­ලට මේ අාකා­ර­යට බල­පෑම් කරන තත්ත්ව­යට පත් නොවන බව මේ රටේ ජන­තා­වට අපි කෙරෙහි විශ්වා­ස­යක් තියෙ­නවා. රන්ජන් රාම­නා­ය­කලා වගේ වින­යක් නැති අය පත්ක­ර­ගෙන මේ අය දේශ­පා­ලන දඩ­ය­මක් කළා මිසක් වෙන දෙයක් කළේ නැහැ. පසු­ගිය රජය කාලයේ වින­යක් ඇති කළේ නැහැ. මෙය හරි­යට පිස්සු බල්ලෙක්ව මිනිස්සු හපා කන්න ලෙහලා දැම්මා වගේ වැඩක් මේ කරලා තියෙන්නේ. මේ විය­තුන් හැටි­යට අපි සල­කන අධි­ක­රණ ක්ෂේත්‍රය කඩා වැටිලා තියෙ­නවා. පොලි­සිය පිළි­බ­ඳව විශ්වා­ස­යක් නැහැ. විධා­ය­කය, ව්‍යව­ස්ථා­දා­ය­කය, අධි­ක­ර­ණය ගැන විශ්වා­ස­යක් ජන­තාව තුළ තිබුණේ නැහැ.‍ එසේ වුණාම රට අයාලේ යනවා. ඒ නිසා ජන­තාව බලන් හිටියා. මේ තත්ත්වය වෙනස් කරන්න. ජන­තාව ජනා­ධි­පති ගෝඨා­භය සම්බ­න්ධ­යෙන් විස්වා­ස­යක් තැබුවා. අග­මැති මහින්ද රාජ­පක්ෂ මහතා සම්බ­න්ධ­යෙන් විශ්වා­ස­යක් තබලා මේ පැවැති ක්‍රමය වෙන­සක් ඇති­කි­රී­මට බලා­ගෙන හිටියා. ඒ වෙනස ජන­තාව වත්මන් ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් දැක්කා. මිනි­ස්සුන්ට විශ්වා­ස­යක් නැති වුණාම; අධි­ක­ර­ණයේ ස්වාධීන බව නැති­ වු­ණාම; නීති හදන ආය­තන සම්බ­න්ධ­යෙන් විශ්වා­ස­යක් නැති වෙලා ගියාම රට අයාලේ යනවා. අද වන­විට ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් නව­ ර­ජ­යක් යට‍තේ වෙන­සක් ඇති­වෙයි කියලා විශ්වා­ස­යක් ඇති වෙලා තියෙ­නවා. ඒ අනුව අධි­ක­රණ ‍ක්ෂේත්‍රයේ වෙන­ස්කම් ඇති කර­මින් දේශ­පා­ලන අධි­කා­රිය අධි­ක­ර­ණ­යට බල­පෑම් නොක­රන තත්ත්ව­යක් ඇති­ ක­ර­න්නට ඕන. පොලී­සියේ ස්වාධී­න­ත්වය තහ­වුරු කර­න්නට ඕන. පොලී­සියේ වෙන­ස්කම් සිදු කර­න්නට ඕන. ඉහළ සිට පහළ දක්වා පොලිස් නිල­ධා­රීන්ගේ ගෞර­වය රැකෙන ආකා­ර­යට ක්‍රියා කර­න්නට ඕන. ඒ අය සමඟ සාකච්ඡා කරලා කට­යුතු කර­න්නට ඕන. දේශ­පා­ල­ඥ­යන් වන අපි විසින් නීති­යට අත නොත­බන ආකා­ර­ය­යට කට­යුතු කර­මින් රටේ ජන­තා­වගේ ගෞරව රැකෙන ආකා­ර­යට කට­යුතු කර­න්නට ඕන. ඒනිසා එයට අවශ්‍ය අඩි­තා­ලම පසු­ගිය ජනා­ධි­පති මැති­ව­ර­ණ­යත් සමඟ තබා තිබෙ­නවා.

• මේ ආණ්ඩු­වත් පරණ ආණ්ඩු­වෙම කොපි­යක් බවත් අලුත් පිට­ප­තක් කියලා කිව්වත් පරණ ආණ්ඩුව කරපු දේවල් එලෙ­සින්ම සිදු­ක­රන බවත්; විප­ක්ෂයේ මන්ත්‍රී­ව­රුන් ප්‍රකාශ කර­නවා. ඒ අනුව බල­යට පත්වී­මට පෙර කියූ පරිදි හම්බ­න්තොට වරාය ඉඩම් විකු­ණන්නේ නැහැ කිව්වත් ඒ සම්බ­න්‍ධ­යෙන් කිසිදු පිය­ව­රක් අර­ගෙන නැති බව සඳ­හන් කර­නවා?

ඔය චෝදනා කරන ඇතැම් විප­ක්ෂයේ අයගේ දේශපා­ලන ස්ථාව­රය ඉතා පැහැ­දි­ලියි. සිය­යට තුනක් වගේ සුළු ඡන්ද ප්‍රමා­ණ­යක් අර‍ගෙන ඒ අය එජා­ප­යට කඩේ ගිය බව ඉතා පැහැ­දි­ලියි. අද යුඑ­න්පිය, ජවිපෙ කියන්නේ ‍දෙකක් නොවෙයි එකක් බව ඉතා පැහැ­දි­ලියි. ජන­තා­වට සුබ­වාදි ආණ්ඩු­වක් ඇති කරලා රටේ යළි ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ගොඩ­න­ඟ­න්නට උත්සාහ කරද්දි එය කඩා­ක­ප්පල් කරන්න ඒ අයගේ භාෂා ස්වරූ­පය පාවිච්චි කරලා ලස්සන වචන කියලා ජන­තාව මුලා­ක­රන්න උත්සහ කර­නවා. නමුත් එය සාර්ථක වෙන්නේ නැහැ. ජන­තාව දන්නවා ඇත්ත තත්ත්වය. ඒ අය යුඑ­න්පි­යට කඩේ ගිය බව ඉතා හොඳින් දන්නවා; හඬ­ප­ට­ව­ලින් පවා පැහැ­දිලි වන අවස්ථා තියෙ­නවා. හොර රහසේ යහ­න්ගත වෙච්ච හැටි අපිට බලා­ගන්න පුළු­වන්. සිතපු නැති දේවල් දන්වන විට අපිට හෙළි­ද­ර­ව්වෙ­මින් පව­ති­නවා. යහ­පා­ලන රජයේ නිරු­වත එළි­යට එන්න පටන් අරන්. ඒ අයට හිතේ දුකක් ඇති සිය­යට තුනක ඡන්ද­යක් ලැබීම ගැන. ඒ සිය­යට තුනත් නැත‍ි­වෙලා යනවා මහ­මැ­ති­ව­ර­ණය වන විට. ඒ අයට හිත්වේ­ද­නාව තියෙන්නේ. මේ වන­විට යුඑ­න්පි­ය­ටත් බනි­නවා; අපි­ටත් බනි­නවා; ඒ අයගේ සිය­යට තුනත් නැති­වෙයි කියලා.

• මේ රජය හඬ­පට හරහා ආන්දෝල­න­යක් ඇති කර­මින් ජනතා පොරොන්දු ඉටු නොක­රන තත්ත්ව­ය­කට පත්වී ඇති බවත් හඬ පට­ව­ලින් එදා වේල හම්බ­ක­ර­ගන්න තත්ත්ව­යට පත්වෙලා කියලා චෝද­නා­වක් තියෙ­නවා ?

අපි ගෙන යන වැඩ­පි­ළි­වෙල ඉතා පැහැ­දි­ලිව ජන­තාව ‍තේරුම් අරන් තිය­නවා. ජන­තාව හිතු­ව­ටත් වඩා හොඳින් මේ රට ඉදි­රි­යට යනවා. ඔය වගේ හඩ පටි­යක් රජ­පක්ෂ පවු­ලෙන් හෝ අපේ කාගෙන් හරි එළි­යට ආවා නම් ඒ අය තමයි උඩ දදා කෑග­හන්නේ. නමුත් රන්ජන්ගේ හඬ­පට ගැන වච­න­ය­ක්වත් කියන්නෙ නැහැ. අද ජවිපෙ නිහඬ වෙලා ඉන්නේ රන්ජන් රාම­නා­යක ආරක්ෂා කරන්න. අපි රන්ජන් විකු­ණන්න තරම් බංකො­ලොත් වෙලා නැහැ. ඒ අය වගේ. රන්ජන් ළඟ හිටිය අය­ගෙ­න්මයි හඬ­පට එළි­යට එන්නේ. අපිට ඒ දේවල් විකු­ණන්න අවශ්‍ය නැහැ. අපි වැඩ කරපු ආණ්ඩු­වක්; වැඩ කරලා පෙන්නපු ආණ්ඩු­වක්. රන්ජන් රාම­නා­යක එක්ක ඒ අයගේ කතා බහත් ඇති. එයාට තියෙන ජන­තා‍වගේ අව­ධා­නය නැති­ක­රන්න ඒ අය කට­යුතු කර­නවා ඇති. අපිට ඒ සඳහා දොස් කියලා වැඩක් නැහැ. හඬ­පට එළි­යට දාන අයට කියන්න ඕන ඔය කතා අපි ආණ්ඩු­වක් විදි­හට එළි­යට දාන්නේ නැහැ. රටේ අධි­ක­ර­ණය සහ පොලී­සිය සම්බන්ධ ව හඬ­පට අනුව නීතියේ ආධි­පත්‍ය ආරක්ෂා කිරීම වෙනු­වෙන්; අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය රැකීම වෙනු­වෙන්; ඉහළ නීති ක්ෂේත්‍රයේ අයත් සමඟ කතා බහ සම්බ­න්ධ­යෙන් කට­යුතු කර­න්නට ඕන. වල්පල් කතා කරන දේවල් අපිට අවශ්‍ය නැහැ. හිරු­ණිකා නෝන­ලාගේ සදා­චා­රය, හැදි­යාව අපිට වැඩක් නැහැ. ඒ අය‍ගේ කුණු­හ­රුප එක් කාණ්ඩ­යක් බල­නවා ඇති; ඒවා අපිට වැද­ගත් නැහැ. පත්තිනි අම්මලා වගේ කතා කරපු අය කෙරෙහි රටේ ජන­තා­වට හොඳ අව­බෝ­ධ­යක් ඇවිත් තිය­නවා; දැන් රටම දන්නවා හැදි­යාව. ඒ නිසා මේ වගේ අයව පාර්ලි­මේ­න්තු­වට එවන එක ගැන කල්පනා කරන්න ඕන. රටේ ජන­තාව හැමෝ­ටම දොස් කියන, විවේ­ච­නය කරන අය අද කවුද කියලා අපි දන්නවා. එදා කියපු දේවල් බොරු කියලා කවු­රුත් කිව්වේ නැහැ; එදා අපිට අභූත චෝදනා කරද්දි අපි සද්ද නැතිව හිටියා. මිනි­සුන් අව­බෝ­ධ­ය­කින් ඉන්නවා පාර්ලි­මේන්තු නියෝ­ජ­නය කරන මෙවැනි අය නිසා. අනෙක් මන්ත්‍රී­ව­රි­ය­න්ටත් චෝදනා කර­නවා. අපි මේ දේවල් වලට පිය­වර ගත්තාම කියන්නේ දේශ­පා­ලන පලි­ගැ­නීම් කියලා. ගෝඨා­භය මහතා පොලී­සි­යට කියලා තිබුණා පසු­බි­මක් තුළ අත්අ­ඩං­ගු­වට ගන්න කියලා. නිකන් හිරේට ගන්න එපා කියලා; රන්ජන් අත්අ­ඩං­ගු­වට ගත්තාම කිය­නවා. දොස් කියපු මිනි­සුන් අද කිය­නවා; මේ අයව පිස්සන් කොටු යවන්න ඕන කියලා.

• අද­ ව­න­ විට මේ සිදු­විම් හරහා දේශ­පා­ලන අදි­කා­රය සම්බ­න්ධ­යෙන්ද විස්වා­සය පලු­දු­වි­මක් සිදු­වෙලා තිය­නවා නේද?

මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියල හොද දේශ­පා­ල­ඥ­යන් ගැන කිරා­මැ­නලා කට­යුතු කරන්න දන්නවා හොදින් කිරා­මැ­නලා තෝර­ගන්න ජන­තාව දන්නවා. එය හොද දේශ­පා­ල­න­යක් කරන අයට හොද ප්‍රති­චා­ර­යක් ලැබෙ­නවා එ‍වගේම මේ අය ඉවත් කරන්න ජන­තාව කට­යුතු කරයි.

Comments