බැංකොක් පිහිනුම් තරගාවලියේදී අපේ හතකට ජය | සිළුමිණ

බැංකොක් පිහිනුම් තරගාවලියේදී අපේ හතකට ජය

පුහුණුකරු නන්දන මහතා

තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති ආසියානු විවාත පාසල් ආරාධිත පිහිනුම් සහ කිමිඳුම් ශූරතා තරගාවලියේදී මහනුවර ඇක්වාලයිෆ් පිහිනුම් සමාජය නියෝජනය කළ සිසු සිසුවියන් සත් දෙනෙක් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූහ. ඔවුන් නිදහස් ආර, ළය ආර. පසුපස ආර සහ සමනළ ආර යන ඉසව්වලට සහභාගී වූ අතර මහනුවර ග්‍රීන් හිල් ජාත්‍යන්තර පාසලේ පසිඳු රත්නායක රන් පදක්කමක් සහ රිදී පදක්කම් තුනක් හිමි කර ගත් අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හේලිත හේරත් රිදී පදක්කම් හතරක් දිනා ගත්තේය.ඊට අමතරව ග්‍රීන් හිල් ජාත්‍යන්තර පාසලේ පාසලේ දිනුගා අත්තනායක සහ දිනුල් අත්තනායක සහ තිනුලි රත්නායක පිළිවෙලින් ලෝකඩ පදක්කම් හතරක්, තුනක් සහ එක බැගින් දිනා ගත්හ. මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ දෙව්සර අබේරත්නට එම තරග ඉසව්වකින් ලෝකඩ පදක්කමක් හිමි විය. ඔවුන්ගේ පුහුණුකරු ලෙස නන්දන (එන් . නිත්‍යානන්දන්) මහතා කටයුතු කළේය.

Comments