"රෝග බෝ කළ හැකි" නව මදුරු විශේෂයක් | සිළුමිණ

"රෝග බෝ කළ හැකි" නව මදුරු විශේෂයක්

රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

කියුලෙක්ස් (Culex) ගණයට අයත් 'near inful' ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

ජැපනීස් එන්සෙපලයීටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නැමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන Cx.sp near infula ලෙස හඳුන්වන නව මදුරු විශේෂය ද වෙනත් ජීවීන්ගේ රුධිරය බොති.

''1998 දී ඉන්දියාවේ කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා Culex infula මදුරුවා ජැපනීස් එන්සෙපලයීටීස් වාහකයෙක් බව. ඒක නිසා Cx.sp near infula කියන මදුරුවා ශ්‍රී ලංකාවේ ඉන්න බවට කළ සොයා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. මෙයත් බොහෝ දුරට ඉදිරියේ දී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා," යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ පවසන්නීය.

මෙම සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මදුරු විශේෂ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments