යාවත්කාලීන කෙරුණු 'ත‍්‍රස්තවාදීන් සහ සංවිධාන' ලැයිස්තුව | සිළුමිණ

යාවත්කාලීන කෙරුණු 'ත‍්‍රස්තවාදීන් සහ සංවිධාන' ලැයිස්තුව

යුරෝපා සංගමය එල්. ටී. ටී. ඊ. සංවිධානයට පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ යුරෝපා කවුන්සිලය මගින් ත‍්‍රස්තවාදී සාමාජිකයන් සහ සංවිධාන පිළිබඳ සිය ලැයිස්තුව ඊයේ (13) යාවත්කාලීන කර ඇති බවයි.

එලෙස යාවත්කාලීන කෙරුණු ලැයිස්තුවට තනි පුද්ගලයන් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් ඇතුළත්.

ත‍්‍රස්තවාදීන් ලෙස නම් කෙරුණු පුද්ගලයන් වැඩි පිරිසක් ඉස්ලාමීය අන්තවාදී සංවිධානවල නායකයන් බවයි වාර්තා වන්නේ.

මේ අතර LTTE සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් ලෙස යළි නම් කරමින් යුරෝපා සංගමය පවසා ඇත්තේ මැලේසියාව, ඉන්දියාව සහ යුරෝපා රටවල  එල්. ටී. ටී. ඊ. සංවිධානයේ කි‍්‍රයාකාරකම් වැඩිවශයෙන් පවතින බවයි.  

මෙලෙස යුරෝපා සංගමයේ ත‍්‍රස්තවාදී ලයිස්තුවට ඇතුළත් වන පුද්ගලයන් සහ සංවිධානවල හා වත්කම් යුරෝපා සංගමය තුළ තහනම් වනවා. ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා වන යුරෝපා සංගමයේ ක‍්‍රියාමාර්ගවලට අනුකූලව මෙම කි‍්‍රයාමාර්ග ගත් බවයි යුරෝපා සංගමය ප‍්‍රකාශ කර ඇත්තේ.

 

Comments