සඳට යන්න කැමති සහකාරියක් සොයන බිලියනපතියා | සිළුමිණ

සඳට යන්න කැමති සහකාරියක් සොයන බිලියනපතියා

ජපානයේ සුප්‍රකට බිලියනපතියෙකු වන යසාකු මසාවා සිය ස්පේස් එක්ස් නමැති සඳගමන සඳහා ජීවන සහකාරියක සොයන බව විදෙස් වාර්තා පවසයි.

එළඹෙන ජනවාරි 17 වනදාට පෙර මීට අදාළ අයදුම්පත් භාරගන්නා අතර මාර්තු මස අවසානයේදී ඔහු සිය සහකාරිය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි. 

අභ්‍යවකාශ ගමනකට ඇළුම් කරන වයස අවුරුදු 20 ට වැඩි, ධනාත්මක සිතිවිලිවලින් පූර්ණ, අවිවාහක කාන්තාවන් හට යසාකු මසාවාගේ සහකාරිය වීම සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට අවස්ථාව සැලසා ඇත.

මේවනවිට 44 වන වියේ පසුවන බිලියනපති යසාකු මසාවාගේ සඳගමන පිළිබඳ අපේක්ෂාව ඉටුවුවහොත් ඔහු සඳ ගමනකට එක්වන පළමු සිවිල් පුරවැසියා වනු ඇති.

එසේම 2023 වසරේදී සිදුකිරීමට නියමිත මෙම සඳගමන 1972 වසරින් පසු මිනිසා විසින් සිදුකරන පළමු සඳගමන ද වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

 

Comments