ලංකාවට එන්නැයි රජිනි ඛාන්ට ආරාධනා | සිළුමිණ

ලංකාවට එන්නැයි රජිනි ඛාන්ට ආරාධනා

දකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් ආරාධනා කර තිබේ.

ඉන්දියාවේ සංචාරයකට එක්ව සිටි උතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන්ගේ අවශ්‍යතාවක් අනුව ඔහු රජිනිකාන්ත්ව ඔහුගේ නිවසේදී හමුව තිබේ.

මෙහිදී දෙදෙනා අතර තමිල්නාඩු හා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා වී තිබේ.

 

Comments